
ප්ලාස්ටික් නිෂ්පාදනයට සීමා පැනවිය යුතු යයි ලොව විද්‍යාඥයෝ කියාසිටිති.
ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීම සඳහා 2024 වන විට නීත්‍යානුකූලව බැඳී ඇති එමෙන්ම ගෝලීය මට්ටමේ පවතින ගිවිසුමක් සම්මත කිරීමට (මේ පිළිබඳ විස්තරයක් ලිපිය අග දැක්වේ) එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාසයේ තීරණය කළ අතර එම ගිවිසුම පිළිබඳ ලොව ආන්ඩුවල සාකච්ඡා නුදුරේදීම ආරම්භ වීමට නියමිතය. මේ පසුබිම යටතේ ජාත්‍යන්තර විද්‍යාත්මක විශේෂඥයින් කණ්ඩායමක් කියා සිටින්නේ එවැනි ගිවිසුමක් මගින් නැවුම් අමු ද්‍රව්‍ය(ප්‍රතිචක්‍රීකරණ නොකරන ලද) වලින් නව ප්ලාස්ටික් නිෂ්පාදනය සීමා කළ යුතු යයි සහ දිගු කාලීනව ඒවා ඉවත් කරන්නට පියවර ගත යුතු යයි ද යනුවෙනි.
“ආදේශ කිරීම, වැඩිදියුණු කළ ප්‍රතිචක්‍රීකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ වක්‍රතාව(circularity) ඇතුළුව අද පවතින සියලුම දේශපාලන හා තාක්‍ෂණික විසඳුම් ක්‍රියාත්මක යොදගනිමින් පවතිද් දී පවා, පරිසරයට වාර්ෂිකව එක්වන ප්ලාස්ටික් විමෝචන වසර 20 ක් තුළ කපා හැරිය හැක්කේ 79% කින් පමණක් බව එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඉන්දියාව, නෝර්වේ, ස්වීඩනය සහ තුර්කිය යන රටවල විද්‍යාඥයෝ Science සඟරාවට සැපයූ ලිපියක් මගින් කියා සිටිති.


2040 න් පසු සෑම වසරකම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 17.3 ක් පරිසරයට මුදා හරිනු ඇති බව ඔවුහු සඳහන් කරති. ‘ප්ලාස්ටික් දූෂණය සම්පූර්ණයෙන්ම වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි ඉදිරි පියවර අතරට 2040 වන විට නැවුම් ප්ලාස්ටික් නිෂ්පාදනයේ අදියරගතව ඉවත් කිරීම ඇතුළත් වීම වදගත’ යයි විශේෂඥයෝ නිගමනය කරති. ඔවුන් පවසන අන්දමට කෙළින්ම සම්බන්දයක් නොමැති වාසියක් වන්නේ මේ හේතුව නිසාවෙන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්වල වටිනාකම වැඩිවීමයි.
Science සඟරාවේ පළවූ ලිපියට පාදකවූ යේ මෙම ගිවිසුම මෙන්ම ලොව පුරා ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමට සැබවින්ම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විද්‍යාඥ සගයන් විසින් ට්විටර් මගින් සිදු කරන ලද සාකච්ඡාවකින් යයි නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිසරධූලක විද්‍යාඥයෙකු මෙන්ම එම ලිපියට අත්සන් කළ අයෙකු වන මාර්ටින් වැග්නර් හෙළිකරයි. ඔහු පවසන්නේ මාර්ගගත සංවාදයට සම්බන්ධ වූවන් විද්‍යාත්මක සාහිත්‍යයේ ආකෘති නිර්මාණ අවස්ථා පරීක්ෂා කළ අතර, ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීම සඳහා සැපයුම් පැත්තෙන් විශාල වෙනසක් අවශ්‍ය බව ඔවුන් සොයා ගත් බවයි.
‘බරපතල මට්ටමින් සාකච්ඡා පවත්වන්න සිදුවේවි. රුචිකම් දක්වන, උනන්දුවක් දක්වන කණ්ඩායම් බොහොමයක් ඉන්නවා — පාරිසරික ක්‍රියාකාරීන්ගෙන් වුනත් පීඩනයක් එල්ලවේවි, එනමුත් ඊටත් වඩා විරෝධතා එල්ලවෙන්නේ ප්ලාස්ටික් කර්මාන්තයෙන්,’ ඔහු Chemistry World වෙත කියාසිටියි, ‘අපට අවශ්‍ය වන්නේ මෙම ගිවිසුම පිළිබඳ පවත්වන සාකච්ඡාවලට ප්ලාස්ටික් දූෂණය පිළිබඳව විද්‍යාවෙන් කියැවෙන දේ එකතු කරන්නයි.’

ප්ලාස්ටික් හා රසායනික දූෂණය පාලනය කිරීමේ ගෝලීය ගිවිසුමකට එකඟතාව පළවේ
ගොඩබිම සහ මුහුදේ ප්ලාස්ටික් දූෂණය මැඩලීම සඳහා නීත්‍යානුකූලව බැඳීමක් ඇති ගිවිසුමකට (මේ ලිපිය ආරම්භයේ සඳහන් කෙරුණු) එකඟතාවකට එළඹුණේ මාර්තු මුල කෙන්යාවේ, නයිරෝබි හි පැවති එක්සත් ජාතින්ගේ පරිසර පර්ෂදයේ(United Nations Environment Assembly – UNEA) රැස්වීමකදීය. සියල්ල අඩංඟු වෙන මාදිලියේ ගිවිසුමක් ගැන දැඩි උනඳුවකින් මුල් වී ක්‍රියා කළ රටවල් අතර පේරු රාජ්‍යය, රුවන්ඩාව,නෝර්වේ, සහ යුරෝපියානු සංගමය දැක්විය හැකියි. මුලදී වෙනත් අදහසක සිටි රටවල් — ජපානය සහ ඉන්දියාව පවා එකඟත්වයකට එළඹීමවිශේෂ ජයග්‍රහනයක් ලෙස සැලකිය හැකිය. නිෂ්පාදනයේ සිට බැහර කිරීම දක්වා ප්ලාස්ටික් නියාමනය අරමුණු කර ගත් ගෝලීය නීතිරීති, මුදල්යෙදීම, සහ ක්‍රියාවට නැංවීමේ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම ගිවිසුමෙහි ප්‍රමුඛ යෝජනාවයි. විශේෂයෙන්ම නැවුම් අමුද්‍රවය යොදා ගනිමින් ප්ලාස්ටික් නිපදවීම සීමා කිරීමෙන්, ප්ලස්ටික් ප්‍රතිචක්‍රීකරණය් උනන්දු කරවෙන අතර, එය ප්ලාස්ටික් ප්‍රිසරයට බැහරකිරීම අඩු කරයි.
කෙන්යා රැස්වීමේ උණුසුම තිබියදීම, ප්ලාස්ටිච් දූෂණය පිළිබඳ අන්තර්-ආණ්ඩු සාකචා කමිටුවක් සඳහා සූදානම් වීමේ අරමුණින් තත්කාර්ය විවෘතාශ්‍ර ක්‍රියාකාරී කණ්ඩායමෙහි(Ad hoc open‑ended working group (OEWG)) රැස්වීම මැයි 30 ආරම්භ වූ අතර අද(ජූනි 1දා) අවසන්වීමට නියමිතයි.
වක්‍රතා ආර්ථිකයක්(circular economy) කරා යන ගමනේ ප්‍රගතිය වේගවත් කිරීම සහ ස්වාභාවික ලෝකයට ප්ලාස්ටික් ඇතුළු වීම නැවැත්වීම සඳහා, ප්ලාස්ටික් දූෂණය පිළිබඳ නීත්‍යානුකූලව බැඳීමක් ඇති එක්සත් ජාතීන්ගේ ගිවිසුමක් සඳහා ගෝලීය අනුග්‍රහය දක්වන ලෝක වනජීවී අරමුදල(WWF), “ස්වභාවික ලෝකයට ප්ලාස්ටික් එපා”(No Plastic In Nature) යනුවෙන් මුලපිරීමක් ක්‍රියාවට නංවයි.

Chemistry World, wwf.panda.org, http://www.unep.org සහ වෙනත් වෙබ් අඩවි අසුරෙන් සැකසිණ.