නින්ද නොයන රෑ යාමේ …

Posted by

මනුෂ්‍යන් වන අපට නින්දෙ හි ඇති වැදගත්කම පිළිබඳ  විද්‍යාත්මක විග්‍රහයක්

ශතවර්ෂ ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් මිනිස් ක්‍රියාකාරකම්වල කුඩා කුඩා අංශ පරීක්ෂාවට ලක් කළ නමුත් මනුෂ්‍යන් නින්දේ ගත කරන කාලය ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. නින්ද, වෛද්‍ය පරීක්‍ෂණයන්ට ප්‍රවේශ විය නොහැකි ක්ෂේත්‍රයක් වන බවක් පෙණී ගිය අතර අතර නින්දේ පසුවන කාලය වෙනස් නොවන අක්‍රිය කාල පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබීය – නින්ද යනු වඩත් ආකර්ෂණීය වන්නේ ශූන්‍යභාවයෙන් හෙවත් රික්තයකින් වුව අර්ථයක් මැවිය හැකි කවියන්ට සහ සිහින අර්ථ දක්වන්නන්ට වඩාත් සුදුසු විෂයයක් ලෙස සැලකිණ. 1930 ගණන් වලදී, සියල්ල වෙනස් විය. ඒ  විද්‍යාඥයින් හිස මත සංවේදී ඉලෙක්ට්‍රෝඩ තබා මොළයේ විද්‍යුත් ක්‍රියාකාරකම් මගින් නිපදවන සංඥා වාර්තා කිරීමට ඉගෙන ගත් අවස්ථාවෙයි. මෙම මොළයේ තරංග  විද්‍යුත් එන්සෙෆලෝග්‍රෑම් හෙවත් EEG (රූපය 1 බලන්න) ලෙස දැකිය හැකි අතර එය අද පරිගණක තිරයක ග්‍රහණය කර දකීමට හැකිවී තිබේ. එතැන් පටන් පර්යේෂකයන්, ක්‍රම ක්‍රමයෙන් නින්ද යනු අතිශය සංකීර්ණ ක්‍රියාකාරකමක් බව තේරුම් ගැනීමට පටන් ගෙන ඇත.

ඔබ උදෑසන අවදි වන විට ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබ ප්‍රබෝධමත්ව, දිනය පටන්ගැනීමට  සූදානමින් සිටින්නේ ද? නැතිනම් අන්දමන්දව, කෝපත්වෙන සුලු ගතියෙන් පසුවන්නේ ද?  අප අතරේ බොහෝ දෙනෙකු ගතහොත්  දෙවනියට කිව් තත්ත්වය ඕනෑ තරම් දැකිය හැකිය.

සියලුම වයස්වල ඇමරිකානුවන් අතරේ මිලියන 50 සිට මිලියන 70 දක්වා පිරිසකට නින්ද සම්බන්ධ ගැටළු බලපායි. නින්ද නොයාම(Insomnia) – නින්දට වැටීම හෝ දිගටම නින්දේ පසුවීමට අපහසුවීම – වඩාත් පොදුවේ දැක ගැනීමට ඇති ගැටළුව වේ. එනමුත් sleep apnea, restless legs syndrome, හෝ නිද්‍රාලුව(narcolepsy) ඇතුළු අනෙකුත් නිදන්ගත ආබාධ ද නින්ද අඩුවීමට දායක විය හැක. වැඩිහිටියන් 21,000කට වඩා වැඩි පිරිසක් සම්බන්ධකරගෙන සිදුකෙරුණු ජාතික කාල පරිහරණ සමීක්ෂණයකට අනුව,  (රෑ ගතවන තුරු  රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටින නිසාවෙන්) ඇතම්මු රාත්‍රියේ බොහෝ වේලාවක් නිදි වරමින් සිටිති.. පරිගණකය භාවිත කරමින් රාත්‍රියේ දිගු වේලාවක් ගතකිරීම ද  නින්ද නැති වීමට බහුලව බලපාන තවත් පොදු හේතුවකි.

හේතු සාධක කුමක් වුවත්, සංඛ්‍යාලේඛන දක්වන අන්දමට ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රාත්‍රියකට නිදා ගන්නේ පැය හයකට වඩා අඩුවෙනි — මෙය බරපතල පුද්ගලික සහ මහජන සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇති කළ හැකි ප්‍රවණතාවකි. ප්‍රමාණවත් නින්දක් නොමැතිකම,  කාර්යක්ෂමව වැඩ කිරීමට, ව්‍යායාම කිරීමට හෝ සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමට අසීරුවන තරමට ඔබව වෙහෙසට පත් කරයි. කාලයාගේ ඇවෑමෙන්, නින්ද නොලැබීම තරබාරුකම, දියවැඩියාව සහ හෘද රෝග ඇතුළු නිදන්ගත සෞඛ්‍ය ගැටලු ගණනාවකට අදාල අවදානම වැඩි කරයි ( නින්ද අහිමි වීමේ අන්තරායන් ගැන විස්තර කෙරෙන විශේෂ ලිපියක් පසුව පළවේ. දිගටම thathu.com වෙත පිවිසෙන්න).

එපමණක් ද නොව ඇමරිකානු වැඩිහිටියන්ගෙන් 54% – ඒ කියන්නේ බලපත්‍රලාභී රියදුරන් මිලියන 110 ක් පමණදෙනා – පසුගිය වසර තුළ අවම වශයෙන් එක් වරක්වත් නිදිමත තිබෙනවිට නැතිනම් නිදිමතින් රිය ධාවනය කර ඇත. සෑම වසරකම 8,000ක් මරණයට පත්කරමින් ද, 60,000ක් බෙලහීන කරවන සුළු තුවාල ආබාධ ඇති කරමින් ද සෑම ප්‍රවාහන මාදිලියකින්ම සිදුවන අනතුරු සඳහා වඩාත් පොදු හේතුව වන්නේ නිදිමතින් රිය පැදවීමයි.

නින්ද වැදගත් බව අප අතරේ වැඩිදෙනා පිළිගත්තත්,   නින්දට අදාල තම ගැටලු සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹෙන්නේ ඉන් ස්වල්ප දෙනෙකි. ඔබට නිදාගැනීමේ අපහසුවක් ඇත්නම් ඊට සම්බන්ධ ගටළු ඇතනම් නිහඩව කරද විඳිමින් කළයුත්තේ කුමක්දැයි නොදැන තැවෙමින් සිටිය යුතු නැත.

නවතම පර්යේෂණ, නින්දේ සංකීර්ණ ස්වභාවය සහ නින්දේ කාලසීමාව පාලනය කරන ජාන විකෘතියක් සොයා ගැනීම ඇතුළුව නින්ද පිළිබඳ  වඩාත් පුළුල් විග්‍රහයන් ඉදිරිපත් කිරීමට සමත්ය.  එමෙන්ම,  සාමාන්‍ය නින්දට බාධා කළ හැකි බොහෝ සෞඛ්‍ය තත්වයන් සහ ඖෂධ මෙන්ම නින්ද නිසාවෙන් ඇතිවන ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම උදෙසා භාවිතා කරන වෛද්‍ය නිර්දිෂ්ට බෙහෙත් වට්ටෝරු මෙන්ම එවැනි බෙහෙත් වට්ටෝරු නොමැතිව ඖෂධ හලකින් පහසුවෙන් ලබා ගත හැකි ඖෂධ පිළ්Iබඳ  විස්තර ද ඒවායි දැන උගෙන ගත හැකිය. අඩු හඳුනාගෙන ඇති නමුත් ජීවිතයට තර්ජනයක් විය හැකි නින්දේ ආබාධයක් වන sleep apneaඇප්නියා රෝග විනිශ්චය සහ ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ද ඒවායේ ඇතුළත් වේ. වඩාත්ම වැදගත් දෙය නම්, ප්‍රශස්ත සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහ පැවැත්ම සඳහා ඔබට අවශ්‍ය නින්ද ලබා ගැනීමට ඔබට කළ හැකි දේ ඔබට ඉගෙන ගැනීමට එම පර්යේෂණ මග පාදයි. 

Improving Sleep A guide to a good night’s rest: A Harvard Medical School Special Health Report ඇසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.