පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් මුදල් සපයාගැනීමේ දී රජයේ කාර්යභාරය

Posted by

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් මුදල් සපයාගැනීමේ දී රජයේ කාර්යභාරය

පසුගිය වසරේ දී ලෝකය පෙර කිසිමදාකට  වඩා ඩොලර් බිලියන 257කට වඩා වැඩි මුදලක් පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කර තිබේ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමට සහ වාණිජකරණයට මුල්‍ය පහසුව අවශ්‍ය බවට විවාදයක් නැත. ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයට (International Energy Agency- IEA) අනුව, 2012-2035 කාලය තුළ ලෝකයේ බලශක්ති සැපයුම් පද්ධතිය සඳහා ඩොලර් ට්‍රිලියන 37ක ආයෝජනයක් අවශ්‍ය වනු ඇති අතර, ඒවා අතුරෙන් වර්ධනය වන අංගයක් වන්නේ පුනර්ජනනීය බලශක්තිය වේ. එනමුත් මෙම මුදල් ලබා ගත යුත්තේ කොයිබින්ද? එමෙන්ම, මේ සම්බන්ධයෙන් රජය සතුවෙන කාර්යභාරය කුමක්ද?

පුනර්ජනනීය බලශක්තියට මුල්‍ය සම්පාදනය කිරීමේ කටයුත්තේ රජය නිරත් විය යුතුද නැද්ද යන්න පිළිබඳ අධිෂ්ඨානශීලී සාකච්ඡාවේ දී  අපේක්ෂකයින් පැති ගත් හෙයින්, බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන මතයේ බෙදීම පසුගිය එක්සත් ජනපද ජනාධිපති විවාදය මගින් ඉස්මතු කෙරිණ. මෙම ලිපියෙන් පුනර්ජනනීය බලශක්ති මූල්‍යකරණය පිළිබඳ මාතෘකාව දෙස විමසුම් ඇස යොමු කෙරේ. විශේෂයෙන්ම, රජයේ මැදිහත්වීම සාධාරණීය කරනු කරනු ලබන්නේ කුමන තත්වයන් යටතේද, සහ එවැනි මැදිහත්වීමක් කුමන ආකාරයෙන් ගත හැකිද යන්නයි.

රජය පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කළ යුත්තේ ඇයි?

බලශක්ති සුරක්ෂිතභාවය සහ දැරිය හැකි මිල, රැකියා උත්පාදනය සඳහා ඇති හැකියාව, අනාගත ආර්ථික උපායමාර්ගික ස්ථානගත කිරීම සහ පාරිසරික සහ අනෙකුත් බාහිර කරුණු ආමන්ත්‍රණය කිරීම ඇතුළු පුනර්ජනනීය බලශක්ති ආයෝජනයෙහි ලා රජයේ කාර්යභාරය සාධාරණීකරණය කිරීමට පොදු හේතු කිහිපයක් භාවිතා වේ. එහෙත් මෙම ගැටළු සහ ඒවාට අදාළ ප්‍රතිපත්ති ප්‍රවේශයන් පැහැදිලි කර ගැනීම අවශ්‍ය වේ. ඔව්, පුනර්ජනනීය බලශක්තිය ඉහත සියලු අරමුණු සඳහා දායක විය හැකි නමුත්, එය මෙම අරමුණු සපුරා ගැනීම සඳහා හොඳම ප්‍රතිපත්තිය බවට පත් වෙයිද?

බලශක්ති ආරක්ෂණයෙන්  නගන තර්කයෙන් ප්‍රකාශ කෙරන්නේ වැඩි ආරක්ෂාවක් සහ දැරිය හැකි මිලක් ලබා ගැනීම සඳහා මාර්ගය වන්නේ විදේශ රටවල ෆොසිල ඉන්ධන වෙළඳපොලේ අභිමතයන් හා ක්‍රියාකාරකම් මත රඳා නොසිට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය කිරීමයි. එහෙත් සාමාන්‍යයෙන් නැතිනම් පොදුවේ ගත් කල එක්සත් ජනපදයේ බලශක්ති නිෂ්පාදනය සඳහා එරටේම ෆොසිල ඉන්ධන යොදා ගැනීම, පිරිවැය-ඵලදායීතාවය(cost-effectiveness ) අනුව සලකා බලන විට පුනර්ජනනීය ද්‍රව්‍ය යොදාගන්නවාට වඩා වාසිදයක සේ පෙණී යා හැක. දේශීය ගල් අඟුරු බහුලව එමෙන්ම ලාභදායීව සපයා ගත හැකි වන අතර, මෑත වසරවලදී ස්වභාවික ගෑස් ලබා ගැනීමේ හැකියාව ද බෙහෙවින් ඉහළ ගියේ මිල පහත හෙළමිනි. මෙය,  මධ්‍ය කාලීනව මෙම විකල්පය දැරිය හැකි මිලකට ලබා දීමට ඇති හැකියාව ද වැඩි කළේය. පුනර්ජනනීය තාක්ෂණයන්ගේ පිරිවැය ඵලදායීතාව, කාලයත් සමඟම වැඩි වී ඇති බව සත්‍යයකි, එනමුත් ෆොසිල ඉන්ධන තාක්ෂණයේ ඒ හා සමාන්තර වැඩිදියුණු කිරීම් පුනර්ජනනීය ද්‍රව්‍යවල ආර්ථිකය තනිවම ගොඩනගා ගැනීම අපහසු කරයි.

ඒ හා සමානව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන රජයේ ආයෝජන මාර්ගයෙන්, රැකියා උත්පාදනය දිරිගන්වනු ලැබිය හැකිය යන අදහස දිගු කාලීනව වලංගුවන්නක් නොවන්නේය. ආර්ථික අවපාතයක දී රජය විශේෂිත කර්මාන්ත ඉලක්ක කරගත් රජයේ වියදම් හරහා රැකියා උත්පාදනය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු විය හැකි නමුත් දිගුකාලීනව කර්මාන්ත වඩාත් පිරිවය-ලාභදායී(cost-effectively) ලෙස ක්‍රියාත්මක වන විට ආර්ථිකය එහි ප්‍රශස්ත මට්ටමක පවතී. තවද, ෆොසිල ඉන්ධන මත පදනම් වූ බලශක්තිය වඩා ලාභදායී නම්, එයින් අදහස් කරන්නේ කාබන් මත පදනම් වූ ඉන්ධන සහ ඒවාට අදාළ රැකියා අවස්ථා වෙනුවෙන් ආයෝජනය කිරීමයි.

පුනර්ජනනීය සම්පත් මත ආයෝජනය පිළිබඳ දිගුකාලීන දැක්මක් නම්, අනාගත පිරිසිදු බලශක්ති තාක්‍ෂණ වෙලඳපොලවල් සහ කර්මාන්තය තුළ තරඟකාරී ලෙස එක්සත් ජනපදය ස්ථානගත කිරීමේ හැකියාව එයට ඇති බවයි. නමුත් මෙම උපායමාර්ගයෙහි වල්ංගුබව සහතික කරනු වස් දැනට ඇති සාක්ෂි අපැහැදිලි ය – ජර්මනිය සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (solar photovoltaic – PV) තාක්‍ෂණයන් සඳහා සැලකිය යුතු ආයෝජනයක් කළ විට ඔවුන්ගේ මෙම පද්ධති නිෂ්පාදනය ඉහළ ගිය නමුත් චීනය මෙම පද්ධති වෙළඳපොළට ඇතුළු වූ පසු ගෝලීය PV වෙළඳපොලේ ජර්මානු සමාගම්වල කොටස 2004 හි 69% සිට  2010 දී 21% අඩු විය.

මෙය රජයට පුනර්ජනනීය ද්‍රව්‍ය සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය විය හැකි එක් ප්‍රබල හේතුවක් පමණක් ඉතිරි කරයි – බලශක්ති මිල පාරිසරික හා සමාජීය වියදම් සහ ප්‍රතිලාභ ග්‍රහණය කර නොගැනීම (එසේ නොමැති නම් “බාහිර” ලෙස හැඳින්වේ). මෙම අදහස යෝජනා කරන්නේ ඍණාත්මක බාහිර බලපෑම් නොතකා ෆොසිල ඉන්ධන අසාධාරණ ලෙස අනුග්‍රහය දක්වන බවත්, පුනර්ජනනීය විකල්පයන්ට ඒවා ගෙන දිය හැකි සමාජ ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම සඳහා කකුලක් අවශ්‍ය බවත්ය. පුනර්ජනනීය තාක්‍ෂණයේ ආයෝජනයේ සම්පූර්ණ සමාජ ප්‍රතිලාභ ලබා ගැනීමට පෞද්ගලික ආයෝජකයින්ට නොහැකි බැවින් මෙම හිඩැස පිරවීමට රජය මැදිහත් විය යුතුය. දේශගුණික විපර්යාස විශාල ගැටලුවක් බවට පත් වන විට, මෙම හේතුව ප්රධාන තැනක් ගත හැකිය.

රජයට කළ හැක්කේ කුමක් ද?

පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමෙන් පුද්ගලික අංශයට අත්පත් කර ගත හැකි ප්‍රතිලාභවලින් ඔබ්බට සමාජීය හා පාරිසරික ප්‍රතිලාභ ලැබිය හැකි බව අප පිළිගන්නේ නම්,  ආයෝජනයට යන වියදම් සහ ආයෝජනයෙන් ලැබෙන ආදායම් බෙදා වෙන් කරන අන්දම වෙනස් කිරීම; අවදානම් සඳහා බෙදා වෙන් කිරීම වෙනස් කිරීම; හෝ  ව්යාපාර සහ තාක්ෂණික වෙනුවෙන් ආයෝජකයින්ට ඇත ඉඩප්‍රස්ථවලට මග පෙන්වීම යන මාර්ගවලින් රජය මගින් සහ එහි ප්‍රතිපත්ති මගින් ආයෝජනයට බලපෑම් කරණු ලැබිය හැකිය. නව බලශක්ති ප්‍රභවයන් සහ තාක්ෂණයන් වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම, බලශක්ති ප්‍රභවයක් නිස්සාරණය සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හෝ බලශක්ති ප්‍රභවයක දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා (එක්සත් ජනපද) ෆෙඩරල් රජය සම්ප්‍රදායිකව මූල්‍ය යෙදවුම් භාවිතා කර ඇත.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට, යොදා  ගැනීමට හැකි මූල්‍ය මෙවලම් රාශියක් ඇත, ඒවා අතරේ පහත දැක්වෙන කාරණා ද ඇතුළත්වේ:

●       සෘජු ප්‍රදාන සහ ආයෝජන: ඒවා මගින් අරමුදල් , බොහෝ විට පර්යේෂණ සහ සංවර්ධන(Research and Development – R&D) කටයුතු ඇතුළුව සෘජුවම ප්‍රතිග්‍රාහකයන් හෙවත් ලබන්නන් වෙතම් පැවරීම කරනු ලැබේ;

●       ණය සහ ණය ඇපකර: පුද්ගලික අංශය සහ ආයෝජකයින් විසින් පර්යේෂණ සහ සංවර්ධන හෝ වාණිජකරණය සහ ව්‍යාප්ති අවධීන්හිදී මුහුණ දෙන අවදානම් සඳහා දායක විය හැකිය; සහ

●       බදු සහන දිරිගැන්වීම: පුනර්ජනනීය තාක්‍ෂණයන්හි මූලික ආයෝජන හෝ මෙහෙයුම්වල ආර්ථික විද්‍යාත්මක කාර්යයන් වැඩිදියුණු කිරීමට උපකාරී වේ

කාලය ගත්වෙද්දී, සියලුම බලශක්ති ප්‍රභවයන් සඳහා යම් ආකාරයක එක්සත් ජනපද රජයේ සහාය ලැබී ඇත. 1916 තරම් ඈත කාලයේ රජය තෙල් කැණීම සඳහා සමාගම් සහ පුද්ගලයන් දිරිමත් කිරීම වෙනුවෙන් බදු සහන හඳුන්වා දුන්නේය. 1930 ගණන්වලදී රජයේ අවධානය යොමු වූයේ වේලි සහ ජල විදුලි බලය සඳහා ෆෙඩරල් මූල්‍යසහාය සැලසීම කෙරෙහිය. 1950 ගණන්වල සිට රජය න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ පර්යේෂණ සඳහා මුදල් යෙදවූ අතර මෑත වසරවලදී රජය විකල්ප සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා මුල්‍ය සපයා ඇත.  1970 ගණන්වල සිට එක්සත් ජනපදය තුළ විවිධ බලශක්ති ප්‍රභවයන් සඳහා වැඩි කැමැත්තක් දක්වන හෙවත් වරණීය බදු (උදා, විශේෂ අඩු කිරීම්, බදු අනුපාත, බදු බැර සහ ප්‍රදාන) වටිනාකම පහත ප්‍රස්ථාරයෙන් පෙන්වනු ලැබේ. එය ෆොසිල ඉන්ධන අඩුවීම සහ කාලයත් සමඟ පුනර්ජනනීය බලශක්ති මත පදනම් වූ බදු වරණයන් නැතිනම් අභිරුචිය ඉහළ යාම පෙන්නුම් කරයි.

Science in the News(Harvard University) හී පළවන Beyond the Debate:The role of government in renewable energy finance යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.