රජයට කළ හැක්කේ කුමක් ද? එකම කතාවේ පැති දෙකක්
ඊයේ පළවූ මෙම ලිපියේ මුල් කොටස හා සම්බන්ධයි
පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමෙන් පුද්ගලික අංශයට අත්පත් කර ගත හැකි ප්‍රතිලාභවලින් ඔබ්බට සමාජීය හා පාරිසරික ප්‍රතිලාභ ලැබිය හැකි බව අප පිළිගන්නේ නම්, ආයෝජනයට යන වියදම් සහ ආයෝජනයෙන් ලැබෙන ආදායම් බෙදා වෙන් කරන අන්දම වෙනස් කිරීම; අවදානම් සඳහා බෙදා වෙන් කිරීම වෙනස් කිරීම; හෝ ව්යාපාර සහ තාක්ෂණික වෙනුවෙන් ආයෝජකයින්ට ඇත ඉඩප්‍රස්ථවලට මග පෙන්වීම යන මාර්ගවලින් රජය මගින් සහ එහි ප්‍රතිපත්ති මගින් ආයෝජනයට බලපෑම් කරණු ලැබිය හැකිය. නව බලශක්ති ප්‍රභවයන් සහ තාක්ෂණයන් වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම, බලශක්ති ප්‍රභවයක් නිස්සාරණය සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හෝ බලශක්ති ප්‍රභවයක දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා (එක්සත් ජනපද) ෆෙඩරල් රජය සම්ප්‍රදායිකව මූල්‍ය යෙදවුම් භාවිතා කර ඇත.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට, යොදා ගැනීමට හැකි මූල්‍ය මෙවලම් රාශිය අතරේ කිහිපයක් ඊයේ ලිපිය අග අපි සඳහන් කළෙමු.(මුල් කොටස මෙතැනින් කියවන්න).
එම මෙවලම් භාවිත කරමින් එක්සත් ජනපදයේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා මූල්‍යකරණය කිරීමේදී රජයේ කාර්යභාරය කුමක් විය යුතු ද? කාරණාව අඩුවෙන් පැහැදිලි වන්නේ මෙහිදීය. මන්ද, රජය පුනර්ජනනීය බලශක්ති සඳහා ආයෝජනය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව පමණක් නොව රජය එලෙස ආයෝජන කළ යුතු ද යන්න ගැන පවා අදහස් ආවලියක්ම තිබීම ඊට හේතුවයි.
“ආණ්ඩුව මග පෙන්විය යුතුය”
පුනර්ජනනීය බලශක්තිය සඳහා මූල්‍යකරණයේ දී රජයේ සක්‍රීය භූමිකාවක් ඉටු කස්ළ යුතු යයි තර්ක කරන අය පුනර්ජනනීය ආයෝජන සඳහා සමාජ ප්‍රතිලාභ පුද්ගලික ප්‍රතිලාභවලට වඩා බෙහෙවින් ඉහළ බව සලකති. එහෙයින් ඔවුහු, පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම සඳහා ආයෝජකයින්ට ආර්ථික දිරිගැන්වීම් ලබා දීමට රජය ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකිරීම සාධාරණීකරණය කරති. පුනර්ජනනීය බලශක්තිය. ෆොසිල ඉන්ධනවල බාහිර පිරිවැය දරනු ලබන්නේ පොසිල ඉන්ධන නිෂ්පාදකයින් විසින් නොව පොදුවේ පුළුල් සමාජය විසින් බව ඔවුහු ඉස්මතු කරති. එක්සත් ජනපදය ගතහොත් මෙයට තෙල් සැපයුම සහ ප්‍රවාහනය් සුරක්ෂිත කිරීම සඳහා වන ආරක්ෂක අයවැය වෙනුවෙන් වැයවන පිරිවැය, දේශගුණික විපර්යාසවල අනාගත පිරිවැය හෝ වාතයේ ගුණාත්මක භාවය, ජල පෝෂක, ඉඩම්, ශාක, සතුන්, පවුල් සහ ප්‍රජාවන්ට හානි ඇතුළු වියදම් ඇතුළුව අතිරේක ගුණාත්මක භාවයක් සහිතව වාර්ෂිකව ඩොලර් බිලියන 330 සිට 500 දක්වා වැය වෙතයි ඇස්තමේන්තු කර ඇති එක්සත් ජනපදයේ (ලබාගැනීමේ සිට බැහර කිරීම දක්වා) ගල් අඟුරු වල ජීවන චක්‍ර පිරිවැය ඇතුළත් විය හැකිය. මෙම බාහිර වියදම් සාමාන්‍යයෙන් පුද්ගලික අංශයේ ප්‍රමුඛතාවලට වැදගත්වන සාධකයක් නොවන බැවින්, මෙම වියදම්වලට විසඳුම් සෙවීමට වග බලා ගැනීම රජයේ කාර්යභාරය ලෙස මෙකී ආණ්ඩුව මග පෙන්විය යුතුය යන මතයට ආවඩන්නෝ සලකති.

පුනර්ජනනීය බලශක්ති මූල්‍යකරණයේ දී රජයට සැලකිය යුතු කාර්යභාරයක් පැවරීමට අදාල තවත් අවස්ථාවක් වන්නේ, ආයෝජනයේ අවදානම් හෝ ආයෝජනවල ප්‍රතිලාභ ලැබීමට දිගු කලක් ගතවෙතැයි සැලකීම හේතුවෙන් පුද්ගලික අංශය ආයෝජන සඳහා ඇති රුචියෙහි හිඩැසක් හෙවත් අඩුවක් දැකිය හැකිය. ආයෝජකයින් අවදානම් සහ කාල රාමු පෙරමුණේ තබාගෙන ආයෝජන අවස්ථා සොයමින් සිටින නමුත් සමාජයට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමට බාධාවක් ඇති බැවින් මෙම හිඩැස කොපමණ දැයි ගණන් බැලීම දුෂ්කර ය.
“වෙළඳපොල බලවේගයන්ට ඉඩ සලස්මු”
අනෙක් අතට, පුනර්ජනනීය බලශක්ති මූල්‍යකරණයේ දී රජයේ කාරය භාරය අඩුවීය යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටින අය තර්ක කරන්නේ (පුනර්ජනනීය බලශක්ති) වර්තමාන මිල ගණන් ඇත්ත වශයෙන්ම සමාජ පිරිවැය සමීපව පිළිබිඹු කරන බවත්, අයෝජනය පිරිවැය ඵලදායී බවට පත්වෙන විට පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරීම කිරීම වෙළඳපොල විසින් තීරණය කරණු ලබණු ඇති බවත්ය. PV තාක්‍ෂණය, සුළං උත්පාදක යන්ත්‍ර, බලශක්ති ගබඩා කිරීම සහ වෙනත් ශුද්ධ බලශක්ති තාක්‍ෂණවල පිරිවැය කාලයත් සමඟ අඩු වී ඇති හෙයින්, ඒවා සෘජුවම තරඟකාරී බවට පත්ව ඇති අතර රජයට ආර්ථික නොවන තාක්‍ෂණ සඳහා මුල් අවධියේදී ම ආයෝජනය කිරීම අකාර්යක්ෂම වන්නට ඇත. වෙලඳපොල පදනම් කරගත් ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටින අය විශ්වාස කරන්නේ ආයෝජනය සඳහා ‘ජයග්‍රාහකයින්(කුමක් සුදුසුදැයි) තෝරා ගැනීම’ පිණිස රජයට අමුතු සුදුසුකමක් නොමැති බවත් දිගු කාලීනව ආයෝජනය කළ යුත්තේ කුමක් දැයි යන්න ගැන පෞද්ගලික ආයෝජකයින් දන්නවාට වඩා හොඳ දෙයක් නොදන්නා බවත්ය.

තවත් තර්කයක් වන්නේ, විවිධ බලශක්ති ප්‍රභවයන්ගේ බාහිර පිරිවැය ඉතා අවිනිශ්චිත බවත්, පුනර්ජනනීය බලශක්තියේ (උදා: තාක්‍ෂණ නිෂ්පාදනවල පාරිසරික පිරිවැය ආදී) බාහිර පිරිවැය, සම්ප්‍රදායික පොසිල ඉන්ධන පදනම් වූ තාක්ෂණයන්ට වඩා සමාන හෝ ඊටත් වඩා විශාල විය හැකි බවත් යන්නය. දේශගුණික විපර්යාසවල පිරිවැය කුමක් දැයි අප නොදන්නා බවත් එමෙන්ම, සෞඛ්‍ය වියදම් බෙහෙවින් අවිනිශ්චිත බවත් යන සාධක මත පදනම්ව සලකන විට බලශක්ති ප්‍රභවයන් හා සම්බන්ධ පාරිසරික හා සමාජීය හානි පිළිබඳ ඇස්තමේන්තු ඉතා විචල්‍ය වේ. අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් හරිතාගාර වායු විමෝචනයේ තක්සේරු කළ හැකි බලපෑම පුළුල් ලෙස වෙනස් වේ.
ඉතින් අපි මෙතැනින් යන්නේ කොයිබට ද?
පුනර්ජනනීය බලශක්ති ගෝලීය ප්‍රවණතා පිළිබඳ මෑත වාර්තාවකින් හෙළි වූයේ පුනර්ජනනීය බලශක්ති ආයෝජන පුදුමාකාර ලෙස වැඩි වෙමින් පවතින බවයි – ගෝලීය වශයෙන් එය පසුගිය වසරේ නව බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් 44% ක් වූ අතර එය 2010 දී 34% ක් ද 2004 දී 10.3% ක් ද පමණි. මෙම මූල්‍යකරණයෙන් බොහොමයක් පෞද්ගලික අංශයෙනි. එසේ වුව ද, රජය සහ රාජ්‍ය අංශය තවදුරටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නට විය. ජාත්‍යන්තර ගතිකත්වයන් සලකා බලද්දී 2009 දී චීනය පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එක්සත් ජනපදයේ සමස්ත වාර්ෂික ආයෝජනය අභිබවා ගිය අතර, 2011 දී ඩොලර් බිලියන 52.2ක් වශයෙන් ඕනෑම රටකට වඩා ආයෝජනය කළේය.
පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන අවස්ථා අඛණ්ඩව වර්ධනය වන අතර, ප්‍රශ්නය වන්නේ එක්සත් ජනපදයේ එවැනි ආයෝජන සඳහා රජය කොපමණ දුරට මුදල් යෙදවිය යුතුද යන්නයි. පිරිසිදු බලශක්තිය වෙත සංක්‍රමණයකට සහාය වීම සඳහා රජයේ ප්‍රතිපත්තියට මෙහි දී පැහැදිලිවම යම් කාර්යභාරයක් පැවරී ඇත, එනමුත් කොපමණ මුදලක් වියදම් කළ යුතුද යන්න පිළිබඳ අවසාන ප්‍රකාශය රඳා පවතින්නේ වෙළඳපොලේ මිල ගණන් පුනර්ජනනීය නොවන ද්‍රව්‍යවල සැබෑ පිරිවැය මෙන්ම පුද්ගලික අංශයේ මූල්‍ය ක්ෂේත්‍රයේ හිඩැස් ඇත්තේ කොයිබ ද යන්න පිළිබිඹු නොකරන බව අප සිතන ප්‍රමාණය මතය. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ රජයේ භූමිකාව වැඩි විය යුතු ද නැතිනම් හෝ අඩු විය යුතු ද යන්න ගැන සාක්ෂි සහ තර්ක විවාදයේ දෙපැත්තටම යථාර්ථවා දීව සොයා ගත හැකි නමුත් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ අවසාන ඉලක්කය කුමක්දැයි පළමුව විමසීම සහ ඒ අනුව ප්‍රතිපත්ති සකස් කිරීමයි.
Science in the News(Harvard University) හී පළවන Beyond the Debate:The role of government in renewable energy finance යන ලිපිය ඇසුරෙනි