නැඟෙනහිර ආසියාවේ වනාන්තරවල සිටින ගෙඹි විශේෂ කිහිපයක් කුන්දු ගැහිම හෙවත් පැනීම මැනවින් ප්‍රගුණ කර ඇත.. පැරෂුට් ගෙම්බන් ලෙස නම් කර ඇති මෙම නිර්භය උභයජීවීන්, ගස් මුදුන් වලින් පැන වැසි-වනාන්තර වියන හරහා ‘ඉඟිලී’ යන්නේ විලෝපිතයන් මග හැරීම පිණිසය. මොවුන් අතුරෙන් සමහරුන්ට එක් තනි ලිස්සා යාමකින් අඩි 50 කට වඩා වැඩි දුරක් ආවරණය කළ හැකිය(පැනීමට හැකිය).

කුරුල්ලන්ට සහ වවුලන්ට මෙන් සැබෑ පියාපත් නොමැති වුවද, මෙම ගෙඹි විශේෂ ඔවුන්ගේ පහළට බැසීම මන්දගාමී කිරීම සඳහා පියාපත් වැනි මතුපිටක් සෑදෙන ආකාරයට ඔවුන්ගේ ඇඟිලි බැඳි පටලය(webbing) භාවිතා කරති. ඔවුන්ට අධි-ප්‍රමාණයේ පාද මෙන්ම ඔවුන්ගේ අත් පා දිගේ තිබෙන ලිහිල් සම සහ ඇලෙන සුළු ඇඟිලි කොට්ට(pads)ද ආරක්ෂිව ගොඩ බැසීමට උපකාර වන ඇත.
එකසත් ජනපදයේ ඔස්ටින්හි, ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥ ඩේවිඩ් හිලිස් සහ චීනයේ චෙන්ග්ඩු ජීව විද්‍යා ආයතනයේ ඔහුගේ සගයන් විසින් දකුණු දිග වැසි වනාන්තරවලින් කළු-කොළ පැහැති පැරෂුට් ගෙම්බන් විශේෂයක් වන කළු ඇඟිලි බැඳි පටලය සහිත ගස් ගෙම්බන්ගේ ආදර්ශක කිහිපයක් එකතු කර ගණු ලැබ ඇත්තේ මෙම සතවයන්ගේ ආකර්ෂණීය අනුවර්තනයන් පිටුපස ඇති ජාන විද්‍යාව හඳුනාගැනීමටය.
පර්යේෂකයෝ, ගස් ගෙම්බාගේ ජෙනෝමය සකස් කර එය, (ඔවුන්ට මෙන්) කුන්දු ගැහිමට හැකියාවක් නොහැකි සමීපව ඥාති සම්බන්ධයක් සහිත ගෙම්බෙකු සමඟ සංසන්දනය කළහ. ජාතික විද්‍යා ඇකඩමියේ ප්‍රකාශනයන් හි අධ්‍යයනයක් සඳහා ඔවුන් විසින් නවීකරණය කරන ලද ජාන 455 ක් හඳුනා ගණු ලැබිණ. “අපි හදුනාගත් ජාන බොහොමයක් ඇඟිලි බැඳි පටල, පාද සහ අත් පා වර්ධනයේ විවිධ අංඟ සමඟ සම්බන්ධ වී ඇත,” යනුවෙන් හිලිස් පවසයි, “ඒවා සියල්ලම ආය්යසායකින් තොරව ඇදී යාමේ චර්යාව සඳහා පියාඹන ගෙම්බන් දඩිව රූප විද්‍යාත්මක අනුවර්තනය වී ඇතිආකාරයට අනුකූල වේ.” පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සමහරක් ජාන ඉහළනැගීම සඳහා දිගු අත් පා සහ වඩාත් ඇලෙන සුළු ඇඟිලි කොට්ට සඳහා උචිත ලෙස නිපදවන බවයි. ඔවුහු එක් එක් විශේෂයේ ඉස්ගෙඩියන්ගේ(tadpoles) පාද වර්ධනය නිරීක්ෂණය කිරීමෙන් අමතර ඇඟිලි බැඳි පටල සඳහ වගකිව යුතුවන්නාවූ ජාන ජාලය ද හඳුනා ගත්හ.


ක්‍රියාවෙහි මෙම වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහා පර්යේෂකයන් විසින් පාලිත පියසැරි පරීක්ෂණයක් (controlled flight test) පවත්වන ලදී. ඔවුහු (පර්යේෂකයෝ) සෑම විශේෂයකින්ම ගෙම්බන් ලගින් තැන්(perches) මත තැබූ අතර (එම ගෙම්බන් ඒ ඒ විශේෂයේ සාමාජිකයන් විසින් සිදුකරන ලද)ඕනෑම පැනීමක් සහ ඉන්පසුව ලිස්සා යාමක් පිළිබඳවම වාර්තා සටහන් කර ගතහ. කෙසේවෙතත්, එලෙස පැනීමේ දී හෝ ලිස්සා යාමේ දී ගෙම්බන්ට යම අපහසුවක්, අතපසුවක් ඇතිවුණොත් ඔවුනට හානියක් නොවන පරිදි පර්යේෂකයෝ, ගෙම්බන් පැනීමේ දී සහ ලිස්සා යාමේ දි ඊට යටින් මෘදු ස්පොන්ජ් පහතින් ස්ථානගත කළහ. පැනීමේ දී සහ ලිස්සා යාමේ දි ස්පොන්ජ වලට ඇද වැටුණු ලිස්සා නොයන ගෙම්බන්ට මෙය වැදගත් වූ බව පැහැදිලිවිය. එනමුත් පැරෂුට් ගෙම්බෝ, පහළට වැටීමටමට පෙර තිරස් අතට ලිස්සා යාමට ඔවුන්ගේ (ඇඟිලි) බැඳි පටලය සහිත පාඇඟිලි විහිදුවමින් සිය හැකියාවන් දැක්වූහ.
පියාඹන ගෙම්බන්ගේ ජෛව ගතිකයන් අධ්‍යයනය කර ඇති එහෙත් මෙම අධ්‍යනයට සම්බන්ධ නොවූ බර්ක්ලේ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජෛව යාන්ත්‍රිකවිද්‍යාඥ(bio-mechanist), Mimi Koehl පවසන පරිදි, පා අඟිලි අතරේ මෙම අමතර පටලයක් බැඳී තිබීම ඔවුන්ගේ වැටීම මන්දගාමී වන අතර (එහෙයින්) වැසි වනාන්තර රුක් වියන හරහා ගමන් කිරීමට (ඔවුනට) උපකාරී වේ. ගෙම්බන් වන බිමෙහි ඇති දිය කඩිති වෙත බසිද්දී ඔවුහු සුක්කානම් වැනි විශාල පසුපස පාද භාවිතා කරමින් ගස් මග හරිති. ඔවුන් මෙලෙස වන බිමෙහි දිය කඩිති වෙත රැස් වන්නේ, සංවාසයෙහි යෙදීමට සහ බිත්තර දැමීමටය. “ඔවුන්ට මෙම සංකීර්ණ පරිසරය හරහා උපාමාරු කිරීමට නොහැකි නම්, ඔවුන්ට ජීවිතයේ මෙකී වැදගත් ක්‍රියාවලීන් මග හැරෙනු ඇත” යයි ඛෝහ්ල් පෙන්වා දෙයි.
පර්යේෂකයන් පවසන්නේ මෙම ගෙම්බන්ගේ මේ අනුවර්තනයන් තේරුම් ගැනීම, පියාඹන ලේනුන් සහ පියාඹන කටුස්සන් වැනි අනෙකුත් සතුන් ‘අහසට යොමුවූ ආකාරය’ අවබෝධ කර ගැනීමට මග පෑදිය හැකි බවයි. Koehl සහ ඇගේ සගයන් විසින්, ඩයිනොසෝර පියාසර කිරීම අකෘති ඇසුරෙන් අධ්‍යනය කිරීමට උපකාරී වනු පිණිස සඳහා පවා පියාඹන ගෙම්බන් උපයෝගී කරගනු ලැබ ඇත. පියාඹන ඩයිනෝසෝරයන්ට “ඔවුන්ගේ පසුපස කකුල්වල පිහාටු සහිත වලිග සහ පිහාටු තිබුණා” පෙන්වා දෙන ඇය වැඩිදුරටත් කියා සිටින්නේ “ඔවුන්ට පියාඹන ගෙම්බන් මෙන් උපාමාරු කළ හැකි ශරීර සැලසුමක් තිබුණු.” බවයි.
Scientific American හී පළවන How Parachute Frogs Took to the Sky යන ලිපියඇසුරෙනි