පර්යේෂණ සාධුගුණය පිළිබඳව කේප් ටවුන් ප්‍රකාශය මගින් සාක්ෂාත් කර ගත යුතු දේ

Posted by

විද්‍යාඥයින් දුප්පත් රටවල් ගැන පර්යේෂණ කරන විට සාධාරණත්වය ඉ‍ටුකරගනු වස් ප්‍රකාශයක් නිකුත් කරයි

ඇතැම් පර්යේෂකයන් විසින්, දුප්පත් රටවල සැබෑ සහ අවංක සහයෝගීතාවයකින් තොරව නොසැලකිලිමත් එම රටලින් දත්ත ‘උදුරා’ ගනු ලබන ක්ෂේත්‍ර පර්යේෂණ තමයි  “හෙලිකොප්ටර් පර්යේෂණ” (“helicopter research”) ලෙස දැක්වෙන්නේ. ඉතින් ධනවත් රටවල පර්යේෂකයන් හෙලිකොප්ටර් පර්යේෂණවල යෙදෙන විට

ඔවුන් පර්යේෂණ අවංකත්වය නැතහොත් සාධුගුණය උල්ලංඝනය කරන අතර සදාචාරාත්මක ගැටලුවක් මතු කරන්නේ යයි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවති පර්යේෂණ අඛණ්ඩතාව පිළිබඳ ලෝක සමුළුවට සහභාගී වූවෝ පවසති. රැස්වීමට සහභාගීවී සිටි  විද්‍යාඥයන්, ආචාරධර්මවාදීන් සහ අනෙකුත් අය බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ නව ආකල්පමය සැකසීම් මඟින් ප්‍රශ්නය ඉස්මත්තට ගෙන ඒමට සහ එමගින්, සාධාරණ සහයෝගීතාවක් ගොඩනැගීමේ කාර්යය තනි තනි පර්යේෂකයන්ට පැවරීමට වඩා පද්ධතිමය විසඳුම් සඳහා උපකාර වනු ඇති බවයි.

මෙම සම්මන්ත්‍රණයේදී “සාධාරණ පර්යේෂණ හවුල්කාරිත්වයන්” පිළිබඳ “කේප් ටවුන් ප්‍රකාශය” දියත් කෙරිණ. සම්මන්ත‍්‍රණයට සහභාගීවන විද්වතුන් අතරේ  සම්මුතියකට එළඹීමට මගපාදන සංවිධිත සිද්ධීන් විසින් පෝෂණය වනු ලබන  අදහස් අවසාන ප‍්‍රකාශය තුළට  සංගත කරණු ලබනු ඇත. අවසාන ප්‍රකාශය සහකාරක(collaborators ) කණ්ඩායමක් විසින් ශාස්ත්‍රීය සඟරාවකට ඉදිරිපත් කිරීමට සැලසුම් කරනු ලැබේ.

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල (Low- and Middle-Income Countries – LMICs) පර්යේෂකයන් ධනවත් රටවල පර්යේෂකයන් සමඟ පර්යේෂණවලට හවුල් වන විට ඔවුන්ව “ප්‍රමාණවත් ලෙස ඇගැයීමට ලක් නොකරන” බවක් බොහෝ විට හැ‍ඟෙනේ යයි අප්‍රිකානු පර්යේෂණ අඛණ්ඩතා ජාලයේ සම සභාපති සහ කේප්ටවුන් ප්‍රකාශයේ දායකයෙකු ද වන ෆ්‍රැන්සිස් කොම්බේ මෙහි දී කියා සිටියේය. දේශීය විශේෂඥයින් බොහෝ විට (පර්යේෂණ වාර්තාවල) කතුවරුන් ලෙස ලැයිස්තුගත කරන්නේ නැත; ඔවුන් රැස් කළ දත්ත වෙත ඔවුන්ටම ප්‍රවේශ විය නොහැක; තවද. දේශීය වශයෙන් වැදගත්වෙන ප්‍රමුඛතා වෙත පර්යේෂණ මෙහෙයවීමට බලයක් ද ඔවුනට නැත යන්න  ගැටලුව පිළිබඳ අධ්‍යනයෙන්  සොයාගනු ලැබ ඇත.

එවැනි “විද්‍යාත්මක යටත්විජිතවාදය”, ඓතිහාසික වශයෙන් ලොව පැවති යටත්විජිතවාදයට සමාන උපක්‍රම භාවිතා කරන බව කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ ජාත්‍යන්තරකරණය පිළිබඳ නියෝජ්‍ය උපකුලපති සූ හැරිසන් සමුළුවේ දී පැවසීය. මේ නව “විද්‍යාත්මක යටත්විජිතවාදී” පර්යේෂන මගින් අමුද්‍රව්‍ය වෙනුවට දත්ත උද්ධරණය(උපුටා ගනීම)කරයි; තවද, දේශීය යටිතල පහසුකම් හා දේශීය කුසලතා අවතක්සේරුවට ලක්  කරයි. මෙම ක්‍රිය නිසාවෙන්, LMICල පර්යේෂකයන්ට  පර්යේෂන ප්‍රකාශන, පේටන්ට් බලපත්‍ර සහ ඔවුන්ගේ ධනවත් සගයන්ගේ කුසලතා ද අහිමි කරයි.

‘හෙලිකොප්ටර් පර්යේෂණ’ ගැන දනටට පවතින අනේක වූ ප්රකාශයන් හා මාර්ගෝපදේශ නැඹුරු වන්නේ  සහයෝගීතාව වඩාත් සාධාරණ කිරීම සඳහා පුද්ගලයන්ට සහ කුඩා කණ්ඩායම්වලට කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කිරීමට යයි  Kombe පැවසීය. ඒ වෙනුවට, කේප් ටවුන් ප්‍රකාශය මගින් සිදු කරනු ලබන්නේ, විශ්ව විද්‍යාල, අරමුදල් සපයන්නන් සහ සඟරාමය ප්‍රකාශන ඇතුළු විවිධ සංවිධාන මගින් වෙනසක් සිදුකළ හැකි ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක් ලබාදීමය.

“අරමුදල් සපයන්නන් ප්‍රමුඛ වන බවට විවාදයක් නැහැ” අහමදාබාද් විශ්වවිද්‍යාලයේ දේශගුණ පර්යේෂකයෙකු වන මිනල් පතක් පවසන්නීය. ඔවුන් දේශීය ආයතනයක් සමඟ ධනවත් රටවල පර්යේෂකයන්  හවුල් වීම අවශ්‍ය වන බව අරමුදල් සපයන්නන් ප්‍රකාශ කරන නමුත් එය ප්‍රමාණවත් නොවන බව ඇය කියාසිටියි. උදාහරණයක් ලෙස(දුප්පත් රටවල පර්යේෂකයන්ට ද) සමාන කර්තෘත්වය දැරීමේ සහ දත්ත වෙත ප්‍රවේශ වීමේ අයිතිය තිබිය යුතු යයි තමන් අපේක්ෂා කරන බව ද ඔවුන්ට කියා සිටිය හැක.  පර්යේෂණයන්ට සහභාගීවන සහයෝගිතාකරුවන්(collaborators) සමඟ මිත්‍රශීලී සබඳතා ඇති විට පවා, බලයෙන් අඩු රටවල තනි තනි පුද්ගල පර්යේෂකයන්ට මෙම ගැටළු විසඳීම දුෂ්කර ය: (මගේ රට ගත්තොත්} “මම  වඩාත්ම වරප්‍රසාද ලත් පර්යේකයන් අතර ඉන්නා අයෙක්, එසේවුවත් මට වුණත් ඒ ආකාරයට දැනෙනවා.”

“මේ ගැන කතා කිරීමට සුදුසුම කාලය මෙයයි.” යනුවෙන් පවසන  Piauí ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වන ජුවාන් කාලෝස් සිස්නෙරෝස් කියා සිටින්නේ “තම ක්ෂේත්‍රයේ හෙලිකොප්ටර් පර්යේෂණ මගින් නිදර්ශක නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීමට හේතු විය හැකි බව”යි. මෙම (කේප්ටවුන්) ප්‍රකාශය මගින් “ මී ආදී නරක භාවිතයන්ට සම්බන්ධ වීමට අවශ්‍ය නැති” විශ්ව විද්‍යාල සහ කෞතුකාගාර වැනි “ප්‍රධානපෙළෙ පාර්ශවකරුවන්” වෙත බලපෑම් කරනු ඇත.

එමරි විශ්වවිද්‍යාලයේ ජෛව ආචාර්ධර්මවේදියෙකු(bioethicist) සහ ප්‍රකාශයේ දායකයෙකු වන ජේම්ස් ලැවරි පවසන්නේ පර්යේෂණවල සාධුගුණය පිළිබඳව සලකා බැලෙන ක්ෂේත්‍රය ඓතිහාසිකව, සාධාරණත්වය කෙරෙහි අවධානය යොමු කර නොමැති බවයි. ඒ වෙනුවට, “මුළු අවකාශයම මුලුමනින්ම ආධිපත්‍යය දරනු ලබන්නේ එක්සත් ජනපද නියාමන ප්‍රවේශය මගිනි”, එම ප්‍රවේශ මගින් අවධානය යොමු කරනු ලබන්නේ වංචාව, කොල්ලකෑම් සහ මානව විෂය ආරක්ෂණය කෙරෙහිය. ඔහු එය හඳුන්වන්නේ “අතිශයින් පටු” ප්‍රවේශයක් ලෙසයි. කෙසේවෙතත්, වඩාත් මෑතක දී, ක්ෂේත්‍රයේ සිටින අය “හිරිහැර කිරීම සහ සම කර්තෘත්වය දැරීම” වැනි ගැටළු කෙරෙහි ඔවුන්ගේ අවධානය පුළුල් කර ඇත. “දැන්, සාධාරණත්වය ඉදිරියට පැමිණෙමින් තිබෙනව” ජේම්ස් ලැවරි පෙන්වා දෙයි.

කේප් ටවුන් ප්‍රකාශය මගින් සාක්ෂාත් කර ගත යුතු දේ පැහැදිලි කරමින් සකසන ලද පසුබිම් පත්‍රිකාවක, කතුවරුන් තර්ක කරන්නේ මෙම ‘අසමානතාවය’ පර්යේෂණයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපෑම් කළ හැකි බවයි. දේශීය විශේෂඥ දැනුමකින් තොරව  වඩාත් වැදගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පර්යේෂණයන්ට නොහැකි වනු ඇතැයි ඔවුහු පවසති. දේශීය සංස්කෘතීන්ට අනුවර්තනය නොවූ (පර්යේෂණ) මෙවලම් දුර්වල දත්තවලට හේතු විය හැක. එමෙන්ම, ණය සහ ප්‍රවේශය පිළිබඳ සදාචාරාත්මක ගැටලු ගැන අවධානය ගිලිහී විසඳීමකින් තොරව පවතින්නට පුළුවන.

පර්යේෂණවල  සාධුගුණය පිළිබඳ ලෝක සම්මන්ත්‍රණය මෙම වසරේ දී  අප්‍රිකානු රටක ස්ථානගත කිරීම ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීමේ රැල්ලක් බිහි කර ඇති බවක් පෙනේ. චාලට් හි උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ආචාර විද්‍යාඥ Lisa Rasmussen පවසයි. (කේප්ටවුන්) ප්‍රකාශය කෙතරම් බලපෑමක් ඇති කරාවි ද යන්න  සොයා ගැනීම අපහසු වනු ඇති නමුත් එය ක්‍රමික වෙනසක් ඇති කිරී9මට මගපෑදිය  හැකි බව ඇය පවසයි.

මෙම ප්‍රශ්න ප්‍රකාශයට පත් කළ පළමුවැනි අවස්ථාව (ප්‍රකාශ මගින්) නොවුනද, (කේප්ටවුන්) ප්‍රකාශය මගින් බලපෑමක් ඇති කරනු ඇතැයි මිනාල් පතක් බලාපොරොත්තු වන්නීය.

පර්යේෂණ සාධුගුනය පිළිබඳ 7 වනි ලෝක සමුළුව 2022 මැයි 29 සිට ජූනි 1 දක්වා දකුණු අපික්‍රාවේ, කේප් ටවුන් හි පැවැත්විණ

(AAAS) Science හී පලවන ‘Helicopter research’ comes under fire at Cape Town conference  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.