කුමන්ත්‍රණ නයායන් විශ්වාසකිරීම කෙරෙහි ජනතාව මෙතරම්  පොලඹවන සමාජ බලවේග හඳුනාගැනීමේ වැදගත්කම

Posted by

මිනිසුන්  විශ්වාස කරන දෙයෙහි විශේෂත්වයට වඩා ඔවුන් විශ්වාස පද්ධතියකට සම්බන්ධ වීමට පොලඹවන සමාජ බලවේග වැදගත් වන්නේය.

කුමන්ත්‍රණ න්‍යායන් ගැන සැලකීමේ දී තොරතුරු වලට වඩා වැඩි සම්බන්ධයක් ඇත්තේ වටිනාකම් වලටය. කුමන්ත්‍රණ න්‍යායන් නිෂ්ප්‍රභ කෙරෙන ප්‍රකාශ ඉඳහිට ප්‍රතිඵලදායක විය හැකි නමුත්, ඒවායේ මූලික හේතුව විසඳීමට එතරම් උපකාරී නොවෙයි. කුමන්ත්‍රණ න්‍යායන් ගැන සොයා බලන විමර්ශකයින් දැනුම ගැන පමණක් විමසන විට, ගැටලුවේ මූලය ලෙස නොදැනුවත්කම පමණක් දැකීමට ඔවුහු නැඹුරු වෙති.

තවත් පැහැදිලිව කියන්නේ නම්: කුමන්ත්‍රණ න්‍යායන් හානිකර නොවන බවට  කිසිඳු ආකාරයකින් තර්ක කළ නොහැකිය. ඒවා ඉතා භයානක බැවින් ඒවායේ හේතු තේරුම් බේරුම් කර ගැනීම අතිශය වැදගත් වේ. පුද්ගලයන් සහ ඔවුන්ගේ අදහස් අධ්‍යයනය කිරීමම  මෙහි දී ප්‍රමාණවත් නොවේ:  සමාජ ව්‍යුහයන් සහ කුමන්ත්‍රණකාරී අදහස් ජනනය කරන සහ ප්‍රචාරණය කරන සංස්කෘතික හා ඓතිහාසික සන්දර්භයන් ද අප සලකා බැලිය යුතුමය.

පළමුව, මූලික කරුණු කිහිපයක් සැලකිල්ලට ගමු. කුමන්ත්රණ න්යායන් රික්තකයක් තුළ හටගන්නේවත්, පවතින්නේවත් නැත. මේ ලෝකය තුල මිනිසුන් හිමිකරගන්නා ස්ථානය පිළිබඳ පවතින බිය සහ අදහස් වැඩි එම න්යායන් මගින් වැඩි කරනු ලැබේ. ගෝලීය බල අරගල හෝ විද්‍යාත්මක ප්‍රගතිය පිළිබඳ භීතිය හෝ පවතින තත්ත්වය හෝ සමාජ වෙනස්කම් පිළිබඳ කෝපය ගැන එවැනි න්‍යායන් පිලිගනිමින් ඒවා වටා පෙළගැස්ම අපටපවසන්නේ කුමක්ද යන්න පර්යේෂකයන් සලකා බැලිය යුතුය.

පළමුව, මූලික කරුණු කිහිපයක් සැලකිල්ලට ගමු. කුමන්ත්රණ න්යායන් රික්තකයක් තුළ හටගන්නේවත්, පවතින්නේවත් නැත. මේ ලෝකය තුල මිනිසුන් හිමිකරගන්නා ස්ථානය පිළිබඳ පවතින බිය සහ අදහස් වැඩි එම න්යායන් මගින් වැඩි කරනු ලැබේ. ගෝලීය බල අරගල හෝ විද්‍යාත්මක ප්‍රගතිය පිළිබඳ භීතිය හෝ පවතින තත්ත්වය හෝ සමාජ වෙනස්කම් පිළිබඳ කෝපය ගැන එවැනි න්‍යායන් පිලිගනිමින් ඒවා වටා පෙළගැස්ම අපටපවසන්නේ කුමක්ද යන්න පර්යේෂකයන් සලකා බැලිය යුතුය.

“(තමනට)බලයක් නොමැති යැයි හැඟෙන අය කුමන්ත්‍රණ න්‍යායන් (පහසුවෙන්ම) වැළඳ ගනිති” යනුවෙන් සරලව කියාසිටීම ප්‍රයෝජනවත් කාර්යයක් නොවේ. මිනිසුන්ට එලෙස හැඟෙන්නේ මන්දැයි පර්යේෂකයන් විසින් ඉගෙන ගනු ලැබිය යුතුය. බොහෝ විට, එලෙස හැඟීයන්නේ වෙනත් පුද්ගලයින් හෝ ආයතන විසින් වැරදි ලෙස සලකණු ලබන නිසාවෙනි. Nicolae Ceauşescuගේ පාලන සමයේදී රුමේනියාවේ සිදු වූ ආකාරයේ පීඩාකාරී ප්‍රජනක පාලන ක්‍රම අත්විඳ ඇති කාන්තාවන් බොහෝ විට ප්‍රතිශක්තිකරණ ක්‍රම සහ වැඩසටහන්වලින්  ඉවත් වේ. එන්නත් ලබා ගන්නා පුද්ගලයින් සාමාන්‍යයෙන් එසේ කරන්නේ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ ඔවුනට හොඳ අවබෝධයක් ඇති නිසාවෙන් නොව, සෞඛ්‍ය ආරක්ෂණ පද්ධති කෙරෙහි විශ්වාසය සහ පහසුවෙන් ඊට ප්‍රවේශ වීමට ඇති හැකියාව නිසාය.

කොවිඩ් ගෝලීය වසංගතයේ මුල් මාසවලදී, මෙම ලිපිය සකස් කළ කතුවරිය  කැලිෆෝනියාවේ, සන් දියාගෝ විශ්වවිද්‍යාලයේ මානවවිද්‍යාඥ   සමග අධයයන් සිදුකරමින් රටවල් තුනක Covid-19 ගැන කුම්න්ත්‍රණ නයායන් ගැන සඳහන්වන සමාජ මාධ්‍යවල පෝස්‍ටු විශ්ලේෂනය කර බැලුවාය. රටවල් අතර ඇතම් නිශ්චිත න්‍යායන් සමාන බවක් පෙනුනද (උදාහරන:’ආණ්ඩුව රෝගය පිළිබඳ සත්‍යය සඟවයි’), සංස්කෘතික තර්කණය  වෙනස් විය. එක්සත් ජනපදයේ, කුමන්ත්‍රණකාරී අර්ථාලංකාරයන් ස්වයං-සාධිට්ඝ සමෘද්ධියට එරෙහි ප්‍රහාරයක් ලෙස සකස් කරන ලද ඒවාය. පෝලන්තයේ දී, ඒවායින් පිළිබිඹු වූයේ රාජ්‍යය එහි අසාර්ථකත්වය සඟවාගෙන සිටීම ගැන ඇති කනස්සල්ලය. අයර්ලන්තයේ දී, කතිකාව  බ්‍රිතාන්‍ය පාලනය පිළිබඳ පශ්චාත් යටත් විජිත මතකයන් හා විදේශ බලපෑම් පිළිබඳ සැකය සමඟ බැඳී ඇති බිය මත රඳා පැවතුනි. වඩාත් පිළිගැනීමක් ලබා ගැනීම සඳහා, කුමන්ත්‍රණ න්‍යායන් දේශීය ඉතිහාසය සමඟ අනුනාද විය යුතුය. වෛද්‍යමය කුමන්ත්‍රණ සිද්ධාන්තවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, ආයතන මෙම ඉතිහාසයන් පිළිබඳව දැනුවත් විය යුතු අතර  (වෛද්‍ය කරුණු පමණක් නොව) කුමන්ත්‍රණ සිද්ධාන්ත විරෝධී ප්‍රයත්නයන්වල නිරත ව්‍යාපාරවලට ඒවා ඇතුළත් කිරීමට සූදානම් විය යුතුය. ‘එක් ආධකයක්, කාරණාවක් හැම එකකටම ගැලපේ’  යන ආකාරයේ පැහැදිලි කිරීම් හෝ උපාය මාර්ග කුමන්ත්‍රණ න්‍යායන් වලට එරෙහි වීම පිණිස තිබෙන හොඳම ක්‍රමය නොවේ.

ලිපියේ කතුවරිය අයර්ලන්තයේ දි සිදු කල  පර්යේෂණයන් ගෙන් උපුටා ගත් උදාහරණයක් මෙන්න: දශක ගනනාවක් තිස්සේ, රාජ්‍යය සහ පල්ලිය විසින්  පවත්වාගෙන යනු ලබන ‘පුණ්‍යායතන’ මගින්, විවාහයෙන් තොරව ගැබ්ගත් ‘අවමාණයට පත්කාන්තාවන්’ බලහත්කාරයෙන් සේවයට යොදා ගැනීම,  නීති විරෝධී දරුකමට හදා ගැනීම්වලට සහ සමහර විට සදාචාර විරෝධී  සායනික පරීක්ෂණවලට ද ලක් කරන ලදී. මෙ ආකාරයේ ‘දුසිරිත් කාන්තා පුනුරුත්තාපන මධයස්ථාන’  සහ ඒ හා සමාන ස්ථාන වාංචනිකව හුවා දැක්වුණේ  (කුප්‍රකට) සුබසාධන ස්ථානලෙසටයි. එමෙන්ම, HPV එන්නත් මගින් සිදුවන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වැළැක්වීඑම වෙනුවට ඇත්ත වශයෙන්ම හානියක් සිදු කරන බවට පැතිර යන කටකතා විශ්වාස කිරීමට කුමන්ත්‍රන න්‍යායන් උපකාරී විය.

අයර්ලන්තයේ  HPV එන්නත් ලබාගැනීමේ අනුපාතය අඩුවීමට හේතු වී ඇත්තේ (එන්නත පිළිබඳ) දැනුමේ හිඟයක් නොව ජනයාට ‘කාවද්දන ලද” විශ්වාසන්ය. එබැවින් විසඳුම වූයේ නිශ්චිත කටකතා ඉවත් කිරීම නොව සෞඛ්‍ය සේවාවන් ජනතාවට වඩාත් විශ්වාසදායක බවට පත් කිරීමයි. අයර්ලන්තය විශ්වාසය තැබිය හැකි තොරතුරුවල වැදගත්කම අවධාරණය කරන ‘අපගේ අනාගතය ආරක්ෂා කරන්න’ (‘Protect our future’ campaign) ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ නමුත් එහි අවසාන ඉලක්කය වූයේ රජයට සැඟවීමට කිසිවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්වීමත් ඒ අතරම  වෛද්‍යවරුන්ගේ ප්‍රධාන පෙළඹවීම නැතිනම් රාජකාරිය සත්කාරකිරිම පිණිස ඔවුන්ගේ කැපවීමත් යන්නයි. එම ප්‍රයත්නයේ ප්‍රත්ඵල වශයෙන් , එන්නත් අනුපාතය 2016-17 දී 56% සිට 2019-20 දී 76% දක්වා ඉහළ ගියේය.

ලිපියේ කතුවරිය අදහස් කරන අන්දමට තවත් අහිතකර ප්‍රවනතාවයක් නම්,  කුමන්ත්‍රණ න්‍යායන්ට ‘යොමුවන නැතිනම් නියැලෙන අයගේ’ පැතිකඩක් නිර්මාණය කිරීමට දරණ ප්‍රයත්නයි. මේ නිසාවෙන් සිදුවන්නේ  එවනි අය සෙස්සන්ගෙන් වෙනස් කරන ගතිලක්ෂණ ගැන උමතුවක් වැනි උනාන්දුවක් – විශේෂයෙන්ම පර්යේෂකයාගේ සිත් තුල ඇති කිරීමයි. මෙලෙස වෙනස්කොට සැලකීම ඇත්තවශයෙන්ම,  දූෂණ වංචා වැනි වඩාත් පිළිගත හැකි විශ්වාසයන්ට වඩා පිටසක්වල ජීවීන් මිහිපිට පැමින සිදුකරනු ලබනපැහැරගැනීම් පිළිබඳ ආදී අපූරු කතාන්දර කෙරෙහි ඇදී එන පුද්ගලයන් අධ්‍යයනය කිරීමට බොහෝවිට තෝරාගෙන ඇති ක්ෂේත්‍රයක උරුමයකි. එසේනමුත් මෙම ‘අපට එදිරිව ඔවුන්’ ලෙස (පුද්ගලයන්) රාමුගත කිරීම බොහෝමයක් පර්යේෂකයන්ගේ අභිප්‍රේරණ සමඟ සම්බන්ධ වේ. (ලිපියේ කතුවරිය ද) ඇතුළු පර්යේෂකයින් බොහෝ දෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය සහ විද්‍යාව ‘ආරක්ෂා කිරීමට'(වෙනුවෙන් ප්‍රබලව පෙණී සිටීමට) අවශ්‍ය වේ. එබැවින් කුමන්ත්‍රණ න්‍යායන් වැළඳ ගන්නා අය තර්ජනයක් හෝ සතුරෙකු ලෙස අර්ථ දැක්වීම පහසුය. එහෙත් ඒ නිසාවෙන් සිදුවන්නේ එය පුද්ගලයන් සහ ඔවුන්ගේ විශ්වාසයන් වෙත පර්යේෂකයන්ගේ අවධානය අයථා ලෙසින් යොමු කරන අතර මිනිසුන් කුමන්ත්‍රණකාරී න්‍යායන් කරා තල්ලු කරන පද්ධති දෙස (පර්යේෂකයන්) බැලීම නතර කිරීමයි.

වඩාත් සංවේදී ප්‍රවේශයක අවදානම් ඇති බව මම තේරුම් ගෙන එය පිළිගන්නේ ද වෙමි.  බැහැර කළා නම් වඩා හොඳ විය හැකි මත හෝ අදහස් වෙනුවෙන් යොමුවක් ලබා දීම සම්බන්ධයෙන් තමනට්ට චෝදනා එල්ල වී ඇති බව ලිපියේ කතුවරිය කියයි. එහෙත් කුමන්ත්රණ න්යායන් බොහෝ අයගේ සිත්සතන්  ඇදගන්නා ව්යුහයන් පරීක්ෂා කිරීම වැදගත් බව ඇය අවධාරණය කරයි. පුද්ගලයන්ගේ සංජානනීය ‘අඩුපාඩු’ කෙරෙහි අවධානය යොමු කිරීම — අවතැන් වීම, විරසක වීම, මර්දනය ආදී  සමාජ යථාර්ථයන්ගෙන් අවධානය වෙනතකට යොමු කරන්නේ ව්‍යාජ න්‍යායන් (සමාජය තුළ යලි යලිත්)අනුනාද කරවමිනි.

ලිපියේ කතුවරිය වන Elżbieta Drążkiewicz ස්ලොවච්ක් රාජ්‍යයේ Bratislava අගනුර පිහිටි Slovak Academy of Sciences හි සමාජ විද්‍යා ආයතනයේ සමාජ මානව විද්‍යාඥවරියකි.

Nature 603, 765 (2022) හී පලවන  Study conspiracy theories with compassion යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.