ළමයින් COVID-19 බූස්ටර ලබා ගත යුත්තේ කොයි කාලයේදී ද?
කොවිඩ් -19 එන්නත ලබා ගතා වූ වැඩිහිටියන්ට මෙන්ම ළමුන් තුළද පසුව ක්‍රමයෙන් ප්‍රතිශක්තිය හීන වන බව අධ්‍යයනයන් පෙන්වා දී ඇත. එනමුත් බූස්ටර මාත්‍රාවක් COVID-19 හි බරපතලම ප්‍රතිවිපාකවලින් වයස අවුරුදු 5ක් තරම් කුඩා දරුවන්ගේ 80% සිට 90% දක්වා ආරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය කරයි.
එම බලගතු සාක්ෂි පදනම් කරගිනිමින්, ප්‍රවීණයන් පවසන්නේ වයස අවුරුදු 5 සහ ඊට වැඩි දරුවන්ට බූස්ටර් මාත්‍රාවක් ලබා දිය හැකි සහ දිය යුතු බවයි . මැයි 19 වෙනිදා, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention – CDC)) මෙම වයස් කාණ්ඩය සඳහා PfizerBioNTech බූස්ටරය අනුමත කර නිර්දේශ කළේය. (මීට පෙර, බූස්ටර් මාත්‍රාව සඳා නිර්දේශ කෙරුණේ අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන් පමණකි).
රටේ බොහොමයක් ප්‍රදේශවල COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ , වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ ශරත් සෘතුව සඳශ පාසල් පටනගන්නා තෙක් බලා සිටීම වෙනුවට හැකි ඉක්මනින් තම දරුවන්ට එන්නත් සහ බූස්ටෙර් එන්නත් ලබා දෙන ලෙසයි. “ප්‍රජාව තුළ ප්‍රමාණවත් තරම් වෛරසයක් පවතින විට –දැනට එලෙස පවතී — සහ ආසාදනය වීමේ අවදානම වැඩි වන විට — දැනට එලෙස පවතී — එන්නත් කිරීම ප්‍රමාද කිරීමේ තේරුමක් නැත,” යයි ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය සහ ටෙක්සාස් ළමා රෝග සහ ටෙක්සාස් ළමා හදිසි සත්කාර සේවෑඉ උප සභාපති ස්ටැන් ස්පිනර් පවසයි. “ළමයින් පිටත සරමින් සිටින අතර ගොස් සිටින අතර, අඩු ජනතාව අතර මුහුණු ආවරන පැළඳීම අඩුය, ළමයි කඳවුරුවලට සහ ක්‍රීඩා සමූහවලට එක්වෙති. එබැවින් ඔවුන් ගිම්හානයේදී වෛරසට නිරාවරණය වීමට නියමිතය. ඉතින් ඔබේ දරුවාට ප්‍රතිශක්තිකරණය ලබා දීමට තවත් බලා සිටින්නේ ඇයි?” ඔහු අසයි.

වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන්, COVID-19 එන්නත් මාත්‍රා දෙකකින් සමන්විත ඔවුන්ගේ ප්‍රාථමික එන්නත් මාලාව අවසන් කිරීමෙන් මාස පහකට පසු බූස්ටර මාත්‍රාවක් ලබා ගත යුතු බව CDCය පවසයි. මෙම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා, ඵ්‍ෆිෂෙර්-භිඔණ්ඨෙච් බූස්ටරය වන්නේ වැඩිහිටි බූස්ටරයෙන් තුනෙන් එකක මාත්‍රාවකිප්‍රාථමික COVID-19 එන්නත් මාලාව එන්නත් දෙකකින් අවසන් කිරීමෙන් මාස පහකට පසු බූස්ටර මාත්‍රාවක් ලබා ගත යුතු බව CDCය පවසයි. මෙම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා, බූස්ටරය වැඩිහිටි බූස්ටරයේ මාත්‍රාවෙන් තුනෙන් එකක් වේ. වයස අවුරුදු 12 සහ ඊට වැඩි ළමුන් සඳහා, බූස්ටරය ඔවුන්ගේ ප්‍රාථමික මාලාවේ එන්නත් වලට සමාන වේ (එය වැඩිහිටියන්ට ලබා දෙන මාත්‍රාවම වේ).
දුර්වල ප්රතිශක්තිකරණ පද්ධතියක් සහිත ළමුන් සඳහා CDCය තරමක් වෙනස් පිළිවෙතක් නිර්දේශ කරයි. ඔවුන්ගේ ප්‍රාථමික මාලාව ඇත්ත වශයෙන්ම අනෙක් ළමුන් සඳහා ලබා දෙන මාත්‍රා දෙක වෙනුවට මාත්‍රා තුනක් වන අතර, එමඟින් ඔවුන්ට හැකි ප්‍රබලම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ලබා දෙන අතර COVID-19 නිසාවෙන් රෝහල්ගත වීමේ හෝ මියයාමේ අවදානම අඩු කළ හැකිය. ප්‍රතිශක්තිකරණ දුර්වල ළමුන් සඳහා බූස්ටර එන්නත් ලබාදීම CDC විසින්දිරිමත් කෙරේ. ඒ කියන්නේ ඔවුන්ගේ වයස මත පදනම්ව සිව්වන මාත්‍රාවක් ලබාදීමයි.

වයස අවුරුදු 5 සිට 17 දක්වා ප්‍රතිශක්තිකරණ දුර්වලතා සහිත දරුවන්, ඔවුන්ගේ මාත්‍රා තුනේ ප්‍රාථමික එන්නත් මාලාව ලබා ගැනීමෙන් මාස තුනකට පසු බූස්ටර මාත්‍රාවක් ලබා ගත යුතුය. වයස අවුරුදු 12 සහ ඊට වැඩි ප්‍රතිශක්තිකරණ දුර්වලතා ඇති දරුවන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර හැකිතාක් ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා දෙවන වරටත් බූස්ටරයක් ඒ කියන්නේ පස්වන මාත්‍රාවක්, පළමු බූස්ටර මාත්‍රාවෙන් මාස හතරකට පසු ලබා ගත යුතුය.
අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ PfizerBioNTech එන්නත් සහ බූස්ටර ළමුන්ට ලබාදීම සඳහා ආරක්ෂිත බවයි. එන්නත් ලබා දීමෙන් පසු වයසින් වැඩි ළමුන් ස්වල්ප සංඛ්‍යාවක්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආක්‍රමණශීලී ප්‍රදාහික ප්‍රතිචාරයක් ජනනය කරන දුර්ලභ ආබාධයක් වන බහු පද්ධති ප්‍රදාහික සින්ඩ්‍රෝමයට (multisystem inflammatory syndrome – MIS-C) මුහුණ දී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. MIS-C, අහිතකර සිදුවීමක් වීමට විභවයක් ඇත්තක් ලෙස CDC හි එන්නත් ආරක්ෂණ අධීක්ෂණ පද්ධතියේ දැනට ලැයිස්තුගත කර ඇත .


කෙසේවෙතත්, එන්නත මෙම තත්ත්වය සමඟ සම්බන්ධ වී තිබේද, එසේ නැතහොත් එම තත්ට්වය වර්ධනය වන දරුවන්ට වෛරසය ආසාදනය වී තිබේද යන්න පැහැදිලි නැත. මන්ද, කොවිඩ් හටගන්වන SARS-CoV-2 MIS-C සමඟ සම්බන්ධ බව සොයාගෙන ඇති බැවිනි. වැඩිපුරම නව යොවුන් වියේ පිරිමින් තුළ වහීර්කන්තු ප්‍රදාහය(myocarditis) ලෙස හඳුන්වනු ලබනහෘද පටක වල දැවිල්ල හෙවත් ප්‍රදාහය ඇති සිද්දි කුඩා සංඛ්‍යාවක් එන්නත් සමඟ සම්බන්ධ වී ඇත. එහෙත් ළමයින්ට නම් එන්නතට වඩා COVID-19 න්ම මයෝකාඩයිටිස් අත්විඳීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඒ නිසා CDCය විසින් ළමුන් සඳහා COVID-19 එන්නත දිගටම නිර්දේශ කරනු ලබන්නේ ප්රතිශක්තිකරණයෙහි වාසි මෙම ඇත්ජිවීමට ඉඩ තිබෙන්නත් හැකි අවදානම් ඉක්මවා යන්නේ යයි සාක්ෂි මත පදනම්ව සොයා ගනු ලැබ ඇති හෙයිනි.
සෑම මාස කිහිපයකට වරක් දරුවන්ට (හෝ වැඩිහිටියන්ට) බූස්ටර දිගටම ලබා ගැනීමට සිදුවේද යන්න සෞඛ්‍ය නිලධාරීන් තීරණය කර නොමැත. එනමුත් CDC හි මහජන සෞඛ්‍ය විශේෂඥයෝ මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා දත්ත සමාලෝචනය කරමින් සිටිති. මේ වන විට, අවසර හිමි COVID-19 සෑම එන්නතක්ම නිපදවා ඇත්තේ SARS-CoV-2 හි මුල් මාදිලිය(වික්‍රියාව) යොදාගනිමිනි. වාසනාවකට මෙන්, ඒවා විවිධ වෛරස් ප්‍රභේදවලට ප්‍රබල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර උත්පාදනය කිරීමේදී දිගටම ඒවායේ ඵලදායී බව නැවත නැවත් ප්‍රදර්ශනය කරනු ලැබ ඇත. එහෙත් එන්නත් නිෂ්පාදකයෝ මෑතකදී ඔමික්‍රොන් ඇතුළු නවතම ප්‍රභේද ඉලක්ක කර ගනිමින් නව, තවමත් අවසර හිමි කරගෙන නැති එන්නත් නිපදවා ඇති අතර, බරපතල රෝගවලට එරෙහිව ඒවායින් වඩාත් ප්‍රබල සහ දිගුකාලීන ආරක්ෂාවක් නිපදවිය හැකිද යන්න අධ්‍යයනය කරමින් සිටීති.
TIME 2022 June 20/June 27 හි පළවන When should kids get COVID-19 boosters? යන ලිපිය ඇසුරෙනි