ජීවිතයේ ගුප්ත බව දුරුකිරීම

Posted by

ජීවයේ සම්භවය පිළිබඳ අභිරහස දුරුකිරීම

ජීවයේ සම්භවය පිළිබඳ දැවැන්ත ගැටලුව, විඤ්ඤාණයෙහි ස්වභාවය සහ විශ්වයේ ආරම්භය සමග ගත් කළ ගැඹුරු අභිරහස් තුනෙන් එකක් ලෙස සැලකුණු නමුත්   පාස්චර්ට පෙර යුගයේ  එය(ජීවයෙ සම්භවය) ගැටලුවක් යයි පවා නොසැළකින. ජීවය ස්වයංසිද්ධව ඇති වූ බව එකල හොඳින් දන්නා කරුණක් ලෙස සැළකිණ: දැඩි වර්ෂාවකින් පසු දිරා පත් වූ දැව මත පණුවන් බහුල විය. ඉතින් ඒ අන් උව කල්පනා කෙරුණේ ජීවය ස්වයංසිද්ධව ඇති වන බවට තව තවත් පැහැදිලි කිරීම් කුමකට ද? යනුවෙනි. ‘ජීවිතය ස්වාධීනව බිහිවේ’ යන්න නිගමනය බවට පත්විය.

පාස්චර් විශිෂ්ට අත්හදා බැලීමක් සඳහා ත්‍යාගයක් දිනා ගත්තේය. වාතයට විවෘතව තැබූ විෂබීජයන්ගෙන් තොර වූ බීකරයක් ඉක්මනින් බැක්ටීරියා වලින් පිරී ගිය බව ප්‍රකට කරුණක් බවට පත්වී තිබුණි. පාස්චර්, ජලයෙන් පිරුණු S-හැඩැති බො‍ටුවක් සහිත බීකරයක් නිර්මාණය කළේය. එහි එසේ පිරුණු ජලය වාතයේ ඇති බැක්ටීරියා ප්ලාස්කුවේ පතුලේ ඇති නිර්වාණු සුපය  වෙත ළඟා වීම වැළැක්වීමේ මූඩියක් නැතිනම් ඇබයක් ලෙස ක්‍රියා කළේය. මෙලෙස එවිට සූපය විෂ්බීජවලින් තොරවම ලෙස පැවතුනි.

ජීවිතය පැමිණෙන්නේ ජීවිතයෙන් බව පාස්චර් ප්‍රකාශ කර සිටියේය.

එහෙත් එය එසේ නම්, ජීවිතය මුලින්ම හට ගන්නේ කොතැනින්ද? ඔන්න ඔය ලෙසටයිජීවයෙ මූලාරම්භය පෛළිබඳ ප්‍රශ්නයේ බිහි වූයේ. වසර 50ක් යනතුරුම කවුරුවත්ම ඔය ගැන ප්‍රශ්න නොකර කාලය ගෙවී ගියේය. ඒ,  සෝවියට් ජෛව රසායන විද්‍යාඥයෙකු වූ Alexander Oparin ජීවය ආරම්භ වන්නේ එකට ඒකරාශීවූ, ලාටු සහිත බිඳිත්තක් හෙවත් බින්දු පොඩිත්තක්(droplet) ලෙස යෝජනා කරන තෙක් සහ  මුල් කාලයේ සාගර කුඩා කාබනික අණුවලින් සැදුම්ලත් ආදිකල්පිත සූපයක් යනුවෙන් ස්කොට්ලන්ත ජාතික ප්‍රවේණි විද්‍යාඥ J.B.S. Haldane යෝජනා කරන තෙක්ය.  කාබනික අණු. ජීවයේ සම්භවය පිළිබඳ කතාබහ වලින්  බොහෝ විට පෙන්නුම් කරන ලද්දේ,   ප්‍රාථමික සුප් හොද්දකින් පුරවන ලද සුප්‍රකට සූප සන්නාමයක් වන”කැම්බල්ගේ සූපය”කි.

tanley Miller is best known for his classic 1953 experiment on the synthesis of early Earth organic compounds, in the context of the origins of life

මීළඟ ප්‍රධාන පියවර 1950 ගණන්වල දී තරුණ ස්ටැන්ලි මිලර් විසින් ගන්නා ලදී, ඔහු   අකුණු ගැසීම විඩම්බනය කිරීම පිණිස  විද්‍යුත් පුපුරු  යොදාගනිමින් ජලයේ දියවූ කුඩා කාබනික අණු සහිත බීකරයක් පිහිටුවා සිදුවන්නේ කුමක් දයි බලා සිටියේය. ඇමයිනෝ අම්ල කිහිපයකින් පොහොසත්,  අණුවල නව පටලයක් ප්ලාස්කුව තුළ සෑදී තිබිණ. මිලර් විසින් මේ අනුව පෙන්නුම් කරන ලද්දේ ඇමයිනෝ අම්ලවල අජීවී උත්පත්තියයි(abiotic genesis). මින් ඉඟි කෙරුණේ ජීවය, ජීවයෙන් පමණක් නොව ජීවයෙන් තොරව ද පැන නැගිය හැකි බවයි. ඊළඟ දශක කිහිපය තුළ, බොහොමයක් පර්යේෂණ සිදු කෙරුණු අතර ඒවායින් පෙන්නුම් කරන ලද්දේ ප්‍රෝටීන්, DNA සහ RNA තැනුම් ඒකක වන සීනි, ඇමයිනෝ අම්ල සහ නියුක්ලියෝසයිඩ්වල අජීවී සම්භවය හෙවත් අවාජ්ජනනයයි(abiogenic ).

මුල්කාලීන පෘථිවිය මත උල්කාශ්ම(meteorites) කඩා වැටීමෙන් පෘථිවියට බහුල කාබනික අණුක විවිධත්වයක් ඇති විය හැකිව තිබුණු බව වැඩි කල් නොගොස් පෙන්නුම් කරන ලදී. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, 1969 දී ඕස්ට්‍රේලියාවේ මර්චිසන් අසලට කඩාවැ‍ටුණු මර්චිසන් උල්කාපාතයේ අවම වශයෙන් කාබනික අණු විශේෂ 14,000ක් වත් අඩංගු වී තිබිණ. මේ අනුව අපට කල්පනා කරන්නට තිබෙන්නේ මේ මිහිතලය මත ජීවය ආරම්භ කිරීමට මග පාදමින් අභ්‍යවකාශයෙන් කාබනික අණු සූපයක් පැමිණෙන්නට ඇතිබවය. එමප්‍රාථමික සුපය කෙතරම් ඝනකමකින් යුක්ත වන්න්නට ඇත්දැයි අපට අවබෝධයක් නොමැත. එනමුත් බොහෝ පයේෂකයෝ  පෘථිවියේ කාබනික ද්‍රව්‍යවල අවාජ්ජන(abiogenic) සංශ්ලේෂණය සහ පෘථිවිය සෑදීමේදී උල්කාශ්ම පතනය ජීවය හට ගන්වන ද්‍රව්‍ය වන සරල හා සංකීර්ණ කාබනික අණු වල ප්‍රධාන ප්‍රභවයන් දෙක ලෙස  දෙස බලති.

තවමත් නොවිසඳුණු ඊළඟ ගැටලුව වූයේ අණුක ප්‍රතිනිෂ්පාදනයේ මූලාරම්භයයි. අණු පැමිණියේ කොහෙන්දැයි අපි දැන සිටිය හැක, එනමුත් ඒවා, තමන් විසින්ම වර්ධනය කර ගනු ලබන්නේ කෙසේද? වර්ත්මානයේ සෛලවල DNA, RNA, ප්‍රෝටීන සහ දහස් ගණනක අණු සහ උත්ප්‍රේරක පරිවෘත්තීය ක්‍රියාවලියක අනුපූරකය මෙන්ම සෛල පටලවල සහ ඉන්ද්‍රියවල “බිලිපිඩ්” ස්ථර සාදන(බොහෝ සෛලවල පිටත පටලය තුළ ෆොස්ෆොලිපිඩ් අණු ස්ථර දෙක ඇතුළත් වේ) ලිපිඩවල සිට සෛල තුළ ජලය දක්වා අසංඛ්‍යාත ව්‍යුහයන් ඇත. සමස්තයක් ලෙස ගත් කල සෛලය ප්‍රජනනය කරයි. මෙය ඇති වූයේ කෙසේද? ඊළඟට වැදගත්ම ප්‍රශ්නය එයයි. තවත් දවසක මෙවන් ලිපියකින් ඒ ගැන සාකච්ඡා කරමු. එතෙක් ඒ ගැන ඔබත් කරුණු සොය බලන්න.

A WORLD BEYOND PHYSICS(© Oxford University Press 2019)  නම් ග්රන්ථයෙහි Demystifying Life යන  4 වැනි පරිච්ඡේදය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.