ප්ලාස්ටික්, ස්වභාවික ද්‍රව්‍යවලින් සෑදෙන්නේ නම් ඒවා ස්වභාවිකව දිරාපත් නොවන්නේ ඇයි?

Posted by

 ප්ලාස්ටික්, ස්වභාවික ද්රව්යවලින් සෑදෙන්නේ නම් ඒවා ජෛව හායනය හෙවත් ස්වභාවිකව දිරාපත් නොවන්නේ ඇයි?

ප්ලාස්ටික් හැදෙන්නේ ඛනිජ තෙල් සහ වාය්වලින් නේ? ඉතින්, ඒ ඛනිජ තෙල් සහ වායුවලින් නම් ඇයි ඒවා ජෛවව හායනය නොවන්නේ? ප්‍රශ්නය අහන්නේ ඉන්දියාවේ, දිල්ලියේ 11 හැවිරිදි නිරූපමා දැරියයි.

ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ඔහයිඕ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා සහ තාක්ෂන මහාචාර්ය Yael Vodovotz

ප්ලාස්ටික් ජෛව හායනය(ක්ෂුද්‍ර ජීවීන් නිසා විනාශයට පත්)  නොවන්නේ මන්දැයි වඩා හොඳින් අවබෝධ කර ගැනීම පිණිස, ප්ලාස්ටික් සෑදෙන්නේ කෙසේද සහ ජෛව හායනය ක්‍රියා කරන්නේ කෙසේද යන්නෙන්ම පටන් ගන්නා එක මැනව යි කියා කල්පනා කරනවා.

පෙට්‍රෝලියම් ලෙසද හඳුන්වන ඛනිජ තෙල් යනු පොසිල ඉන්ධනයක්. එනම් එය සෑදී ඇත්තේ ඇල්ගී, බැක්ටීරියා සහ ශාක වැනි ඉතා පෞරණික ජෛවයන්ගේ(organisms)  අවශේෂ වලින්ය. මෙම ජෛවයන් වසර මිලියන ගණනක්  භූගතව  ගැඹුරෙහි තැන්පත්ව තිබූ ඒවා. එවැනි ගැඹුරක තැන්පත්ව තිබීම හේතුවෙන්, තාපය හා පීඩනය ඒවා පොසිල ඉන්ධන බවට පත් කරලා තියනවා..

පෙට්‍රෝලියම් වල ප්‍රොපිලීන්(propylene) නම් රසායන ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් අඩංගු බව ඔබ සමහරවිට දන්නවා ඇති. ප්ලාස්ටික් සෑදීම සඳහා, පිරිපහදු කරන්නන් විසින් රසායනික ප්රතික්රියා වේගවත් කරන ද්රව්යයක්වන උත්ප්රේරකයක්(a catalyst) සමඟ propylene රත් කරනු ලබනවා.  මෙය ප්‍රොපිලීන් හි තනි තනි අණු, නූලක පබළු මෙන් එකට සම්බන්ධ වීමට හේතු වෙනවා.

මේ දාමය හඳුන්වන්නේ  බහු අවයවකය(polymer)ලෙසයි. බහු අවයවකයක් යනු කුඩා අණු බොහෝමයක් එකට බැඳ ඇති විශාල අණුවකි. එහි නම වන පොලිප්‍රොපිලීන්(polypropylene) යන්නෙහි තේරුම ” බහුප්‍රොපිලීන්” යන්නයි. (poly = බහු).  එපමණක් ද නොව මෙම අණු අතර බන්ධන ද ඉතා ශක්තිමත් වෙනවා.  

මෙම රූපයේ දැක්වෙන්නේ පොලිප්‍රොපිලීන් අණුවක රසායනික ව්‍යුහයයි (ඉහළ වමේ), අණුවේ ආකෘතියක් (ඉහළ දකුණේ) සහ බහුඅවයවකයක්(}polymer)  සෑදීම සඳහා එකට සම්බන්ධ වූ පොලිප්‍රොපිලීන අණු දාමයක්.

ජෛව හායනයට ලක්විය හැකි කාඩ්බෝඩ් පෙට්ටියක් වැනි  දෙයක් කැඩී ගිය විට එහි ඇති බහු අවයවික ද්‍රව්‍ය ස්වභාවික ලෝකයේ සිටින  ක්ෂුද්‍ර ජීවීන් විසින් බිඳ දමා ජීරණය කරනු ලබනවා.  ඔවුන් විසින් මෙය සිදු කරනු ලබන්නේ එන්සයිම භාවිතයෙනි. (එන්සයිම යනු) ශාක පටක වල දක්නට ලැබෙන ස්වභාවික බහු අවයවකයක් වන ලිග්නින් වැනි සංයෝග බිඳවැටීම වේගවත් කිරීමට උපකාරී වන ප්‍රෝටීනයි.

ඔක්සිජන් පවතිනවා නම්, එනම් සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ජීවීන් සහ එම ජීවීන් විසින්  බිඳ දමනු ලබන  දේ වාතයට නිරාවරණය වේ නම්, බහු අවයවයකයන් සම්පූර්ණයෙන්ම ජෛව හායනය වේ. අවසානයේදී, ඉතිරි වන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ අනෙකුත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය පමණයි.

ඔක්සිජන් අත්‍යවශ්‍ය වන්නේ එය ද්‍රව්‍ය හායනය කරන ක්ෂුද්‍ර ජීවීන්ට වැඩි කාලයක් ජීවත් වීමට උපකාරී වන බැවිනුයි. ජෛව හායනය සාමාන්‍යයෙන් වේගවත්ම වන්නේ ප්‍රමාණවත් ක්ෂුද්‍ර ජීවීන් සිටින්නා වූ,  උණුසුම්, තෙත් පරිසරයක ය – නිදසුනක් ලෙස, උණුසුම් නිවර්තන වන බිමක් මත තිබෙන තෙත් කොළ(පත්‍ර) දක්වන්න පුළුවන්.

එසේනමුත්, පොලිප්‍රොපිලීන් වැනි පොලිමර් ස්වභාවධර්මයේ බහුලව පවතින්නේ නැහැ. ජෛව හායනයට ලක්විය හැකි ද්‍රව්‍ය බිඳ දමන ක්ෂුද්‍ර ජීවීන්ගේ එන්සයිම බහුඅවයව එකට තබා ගන්නා බන්ධන හඳුනා නොගනී.

කොහොමහරි අන්තිමේ දී,  ප්ලාස්ටික් අපද්‍රව්‍යවල ඇති පොලිමර්, සමහර විට වසර සිය දහස් ගණනකට පසු බිඳ වැටිය හැක. එහෙත් එසේ දිගු කාලයක් ගත වන විට පරිසරයට වන හානිය ඒ වන විටත් සිදු වී හමාරය. ප්ලාස්ටික් ලටපට මගින් හානිකර රසායනික ද්‍රව්‍ය පසට හා ජලයට මුදා හරිනු ලැබීමට හෝ  සතුන්, මාළුවන් සහ කුරුල්ලන් කා දමන කුඩා කැබලිවලට බිඳ දමනු ලැබිය හැකියි.

එළිමහනේ, ප්ලාස්ටික් ලටපට එන්ට එනටම කුඩා, කුඩා කැබලිවලට බිඳී යයි, එනමුත් එය වසර දහස් ගණනක් තිස්සේ වුව සම්පූර්ණයෙන්ම ජෛව හායනය වන්නේ නැහැ.

මේ දවස් වල අපි රසායනාගාරය තුළට වෙලා අපි මහත් බලාපොරොත්තු වෙන් සිටින දෙයක් වැඩි දියුණුකරමින් සිටින්නෙමු  — ඔව් ඒ තමයි  අනාගතයේ ප්ලාස්ටික් බවට පත් විය හැකි නව නිර්මානයක් – සාමාන්‍ය ප්ලාස්ටික් මෙන් ක්‍රියා කරන මේ නව ප්ලාස්ටික් ද්‍රව්‍ය,  පරිසරයට හානියක් කරන්නේ නැහැ. මන්ද ඒවායේ කාර්ය  මිනිසුන් විසින් අවසන් කරනු ලැබුණු විට ඒවා දිරාපත් විය හැකි බැවිනුයි.

අපි ජීව ප්ලාස්ටික්(bioplastics) සමඟ ක්‍රියා කරමින් ඉන්නෙමු – ජීව ප්ලාස්ටික් කියන්නේ කුඩා ජීවී බැක්ටීරියා වලින් සාදන ද්රව්යයි. බැක්ටීරියා මෙම ද්‍රව්‍ය නිපදවන්නේ ශක්තිය ගබඩා කිරීම පිණිස හෝ අවට පරිසරයෙන් ඒවාට(බැක්ටීරියා) ආරක්ෂා වීම වැනි භාවිතයන් සඳහා ය. බැක්ටීරියාවලට මෙය නැවත නැවතත් කළ හැකියි, එබැවින් අපට අපේ සොයා බැලීම්වලට යොදා ගත හැකි ජෛව ප්ලාස්ටික් බොහොමයක්ම තියෙනවා.

රබර් ශාකයෙන් ලැබෙන බහුල සම්පතක් වන ස්වභාවික රබර් සමඟ සහ කෝපි සෑදීමේදී ඉතිරි වන අපද්‍රව්‍ය වලින් ඉවත් කරන ලද තෙල් එක්ක අපි මෙම බහු අවයවික මිශ්‍ර කරන්නෙමු. රබර් අපගේ ජෛව ප්ලාස්ටික් සුනම්‍ය කරයි, ඊමෙන්ම, අපි එය හැඩගැස්වීමට භාවිතා කරන කාර්මික යන්ත්‍රවල ද්‍රව්‍ය ගලායාමට උදව් කිරීම සඳහා අපි කෝපි කෙටීමෙන් ලබාගන්නා තෙල් රසායනිකව වෙනස් කරමු.

ජෛව ප්ලාස්ටික් සෑදීම දැනට ලාභදායී නොවේ, මන්ද මෙම ද්‍රව්‍ය සෑදීමට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය මේ වන විට ප්‍රමාණවත්ව ලබා ගත නොහැකි  අතර ඒවා සෑදීමට උපකරණ සැකසීමට විශාල මුදලක් වැය වේ. එහෙත් ඒවා සඳහා අවශ්‍ය තරම් ඉල්ලුමක් මිනිසුන් ගෙන් ලැබෙනවිට  මිල පහත වැටෙනු ඇති.  මෙම නව දිරායන ද්‍රව්‍ය, ෆොසිල ඉන්ධන වලින් සාදන ලද ප්ලාස්ටික් මතු යම් දිනක ප්‍රතිස්ථාපනය කරනු ඇතැයි යන්න තමයි අපේ බලාපොරොත්තුව. 

Curious Kids(The Conversation) හී පළවන If plastic comes from oil and gas, which come originally from plants, why isn’t it biodegradable?  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.