ගති ලක්ෂණ උරුමවීමේ(ප්‍රවේණියෙහි)  සම්භාව්‍යතාවය

Posted by

ගති ලක්ෂණ උරුමවීමේ(ප්‍රවේණියෙහි)  සම්භාව්‍යතාවය

ප්‍රවේණි විද්‍යාව හැදෑරීමේ වටිනාකම ඇත්තේ  සුවිශේෂී ගති ලක්ෂණ උරුම කර ගැනීමේ ඉඩ කඩ පුරෝකථනය කිරීම පිණිස අපට හැක්කේ කෙලෙස ද යන්න අවබෝධ කරගැනීමෙනි.   කමණීය අංඟ වැඩියෙන් ඇති ප්‍රභේද වැඩි දියුණු කරනු වස්   ශාක  සහ සත්ව බෝකරන්නන්හට(අභිහනනය කරන්නන්හට) මෙය උපකාරී විය හැකියි. පවුල් පරම්පරාවන් අතරේ ප්‍රවේණිමය රටා පැහැදිලි කිරීමට සහ උපකල්පනය කිරීමට ද ඊට උපකාරී වන්නට පුළුවන.

කිසියම් සුවිශේෂී ගතිලකෂණයක් උරුම කර ගැනීමේ ගණිතමය සම්භාව්‍යතාවය ගණනය කිරීම පිණිස පහසුතම මාර්ගයක්  20 වැනි සියවසේ මුල ඉංග්‍රීසි ජාතික  ප්‍රවේණි විද්‍යාඥයෙකු වූ රෙගිනොල්ඩ් පුනට්(Reginald Punnett) විසින් සොයා ගන්නා  ලදී. ඔහුගේ ඒ උපක්‍රමය හෙවත් ශිල්පීය ක්‍රමය අපි දැන් හඳුන්වන්නේ පුනට් චතුරස්‍රය(Punnett square) ලෙසයි. මෙය, සිය දෙමාපියන්ගේ ප්‍රවේණිදර්ශක (genotypes) සලකිල්ලට ගන්නා විට දරුවන් තුළ ඇති විය හැකි ප්‍රවේණිදර්ශකවල විභව සංයෝජන සියල්ල සොයා ගැනීමේ සරල ග්‍රාපිකරූපී ක්‍රමයකි. ජාන වර්ග අනුව එය එක් එක් ජනිතයන්ගේ ප්‍රවේණිදර්ශකවල ඇති වාසිඅවාසි ද අපට පෙන්වයි.

එය ක්‍රියා කරන ආකාරය ඔබ තේරුම් ගත්තායින් පසුව පුනට් චතුරස්‍රයක් සැකසීම මෙන්ම පුනට් චතුරස්‍රයක් භාවිත කිරීම ඉතා සරල ය. ඔබ මේ කටයුත්ත ආරම්භ කරන්න අදහස් කරනවා නම් එය පටන් ගත යුත්තේ ලම්බක රේඛා ජාලයක්(a grid of perpendicular lines) ඇඳීමෙනි:

මීළඟට, ඔබ එක් දෙමාපියන් අතුරෙන් එක් අයෙකුගේ ප්‍රවේණි දර්ශය ඉහළ කො‍ටු දෙකක් හරහා ද අනෙක් දෙමාපියාගේ ප්‍රවේණි දර්ශය වම් පසින් ද දමන්න. උදාහරණයක් ලෙස, මාපිය කව්පි ශාක ප්‍රවේණි දර්ශ පිළිවෙලින් YY සහ GG නම්, සැකසුම වනුයේ: 

දෙමාපියන් සඳහා සෑම කො‍ටුවකටම ඇතුළත් කළ යුත්තේ  එක් අකුරක් පමණක් බව සලකන්න. පුන්නට් චතුරශ්‍රයේ පැත්තේ හෝ මුදුනේ සිටින්නේ කුමන මාපියාද යන්න සැලකිල්ලට ගත යුතු සාධකයක් නොවේ.

ඊළඟට, ඔබ කළ යුතු වන්නේ හුදෙක් පේළි සහ තීරු ශීර්ෂ අක්ෂර,   හිස් කොටුවල හරහට හෝ පහළට පිටපත් කිරීමෙන් කොටු පිරවීමයි.  ප්‍රජනනය සිදුවන සෑම අවස්ථාවකම ජනිතයන්(දරුවන්) අතර ඇති සියලුම විභව ප්‍රවේණි දර්ශවල පුරෝකථනය කරන ලද සංඛ්‍යාතය මෙමගින් ලබා දෙයි.

 මෙම උදාහරණයේ දී, ජනිතයන්ගෙන් 100% ක් විෂමයෝගී(heterozygous) විය හැකිය(YG). රට මෑ සඳහා G (කොළ) ඇලිලයට වඩා Y (කහ) ඇලිලය ප්‍රමුඛ වන බැවින්, මෙන්ඩල් ඔහුගේ අභිජනන අත්හදා බැලීම් වලදී නිරීක්ෂණය කළ පරිදි YG පරම්පරාවෙන් 100% ක් කහ පැහැ රූපානුදර්ශයක්(phenotype) ගනී. 

(පහත පෙන්වා ඇති) තවත් උදාහරණයක් අනුව, මව් ශාක දෙකෙහිම විෂමජාතී (YG) ප්‍රවේණි දර්ශ තිබේ නම්, සාමාන්‍යයෙන් 25% YY ද, 50% YG  සහ 25% GG ජනිතයන් වනු ඇත. මෙම ප්‍රතිශත තීරණය වන්නේ පුනට් චතුරශ්‍රයක ඇති එක් එක් ජනිත කො‍ටු 4 න් 25% (4 න් 1ක්) යන කරුණ මත පදනම්වය. රූපානුදර්ශය සම්බන්ධයෙන් ගත් කල, 75% Y වනු ඇති අතර 25% පමණක් G වනු ඇත. YG රූපානුදර්ශ සහිත  මාපියන් විසින් නව දරුවකු පිළිසිඳ ගන්නා සෑම අවස්ථාවකම මෙම අනුපාතම වේ.

දරුවකුගේ ප්‍රවේණිදර්ශය යනු ලිංගික සෛලවල හෙවත් මේරූ ජන්මානු සෛලවල (ශුක්‍රාණු සහ ඩිම්බ) ප්‍රතිසන්ධියේ දී   එකට එකතු වූ ජානවල ප්‍රතිඵලයකි. එක් ලිංගික සෛලයක් පැමිණෙයේ එක් එක් දෙමාපියෙකුගෙනි. ලිංගික සෛලවල සාමාන්‍යයෙන් එක් එක් ගති ලක්ෂණ සඳහා ජානයේ එක් පිටපතක් පමණක් ඇත (උදා, ඉහත උදාහරණයේ ජානයේ Y හෝ G ආකෘතියේ එක් පිටපතක්). ගති ලක්ෂණයක් සඳහා මාපිය ජාන තැන්පත් කර ඇති පුනට් සමචත්‍රශ්‍ර දෙකෙන් එකක් (ඉහළ හෝ වම් පැත්තේ) ඇත්ත වශයෙන්ම නියෝජනය කරයන්නේ මාපිය ලිංගික සෛල සඳහා විය හැකි ප්‍රවේණිදරශ දෙකෙන් එකකි. ජානයක මාපිය පිටපත් දෙකෙන් කුමන  සෛලයක් උරුම වන්නේද යන්න උරුමවන්නේ කුමත ලිංගික සෛලය යන්න මත රඳා පවතී – එය අහම්බයක් වේ. සෑම පිටපතක්ම ඊට අයත කො‍ටුවේ තැබීමෙන් එය උරුම වීමට සියයට 50ක අවස්ථාවක් ලබා දෙයි.

පුනට් චතුරශ්‍රයක්  සාදා එහි ප්‍රතිඵලය අර්ථ දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට තවමත් පැහැදිලි වැටහීමක් නොමැති නම්, ඒ සඳහා කාලයක් ගතකර අවබෝධ කර ගැනීම වටී.

Behavioral Sciences Department, Palomar College, San Marcos, California වෙබ් අඩවියෙහි BASIC PRINCIPLES OF GENETICS:  Probability of Inheritance යන  ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.