COVID-19 වසංගතය අතරතුර භාවිතා කරන ලද පිසින තෙල් ක්ෂුද්‍ර ජීවීන් සමග සටන් වදින සබන් බවට පත් කිරීම සඳහා ඖෂධවේදිනියක වන ජැනටි ෆ්‍රැන්සිස්චි විසින් යොදා ගනෞ ලැබුවේ ජන ප්‍රඥාව සහ රසායන විද්‍යාවයි
භාවිතා කරන ලද පිසින තෙල්, සුවඳැති සබන් බාර් බවට පත් කිරීම සින්දූරම් ශාස්ත්‍රයක්(alchemy) මෙන් දැනී යා හැකිය. එනමුත් විශ්‍රාමික ඖෂධවේධිනියක වන ජැනෙටි ෆ්‍රැන්සිස්චි ඒ ඇදහිය නොහැකි හාස්කම කරමින් 2020 නොවැම්බර් මාසයේ සිට බ්‍රසීලයේ බෙලෝ හොරිසොන්ටේ ඇගේ ගම්වාසී ප්‍රජාව තුළ සබන් බෙදා හරිමින් සිටියි. ඖෂධවේදියෙකු වූ ඇගේ මවගේ අඩිපාරේ යමින්, ෆ්‍රැන්සිස්චි සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් සහ ඖෂධවේදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් වෙනුවෙන් අධ්‍යාපනය කටයුතුවල යෙදුනාය. ඇය එහිදී ආචාර්ය උපාධියක් ද ලබාගෙන, විශේෂිත සුදු රුධිරාණු වර්ගයක් වන මහාභක්ෂණුව සහ උදරච්ඡ්ච්ද ප්‍රදාහය(peritoneal inflammation) සම්බන්දයෙන් එහි භූමිකාව අධ්‍යයනය කළාය.
මිනාස් ජෙරායිස්හි ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස වසර 32 ක සේවයෙන් පසු ෆ්‍රැන්සිස්චි 2017 දී විශ්‍රාම ගියාය. මේ කාලය අතරතුර ඇය 5,000 කට වැඩි පිරිසකට දන්තවිද්‍යාවේ සිට පශු වෛද්‍ය විද්‍යාව දක්වා විෂයයන් ඉගැන්වූවාය. 2020 දී COVID-19 ගෝලීය වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් විට, ෆ්‍රැන්සිස්චි, ඇගේ ඉගැන්වීමෙන් ලද අත්දැකීම් සහ ඖෂධවේදය පිළිබඳ විශේෂඥ දැනුම ජනතා සේවය සඳහා යළි යොදා ගැනීමට තීරණය කළාය.

බ්‍රසීලය ගෝලීය මහා වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ රටකි: මේ වසරේ මැයි වන විට, SARS-CoV-2 වෛරසය එරට තුළ ජීවිත 660,000 කට වඩා බිලිගෙන ඇත.
වසංගතයට එරෙහිව සටන් කිරීම පිණිස තම ප්‍රජාවට උපකාර කිරීමට පෙලඹීමක් ඇති වූ ෆ්‍රැන්සිස්චි ඇගේ නිවසේ සිට, සේදීම සහ විෂබීජ නැසීම සඳහා සබන් කැට නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. මේ අරමුණ ඇතිව, භාවිතා කරන ලද සූරියකාන්ත සහ ඔලිව් තෙල් වැනි ඉවුම් පිහුම් තෙල් කුඩා කල සිටම ඇයගේ මතකයක් මත පදනම්ව, ඇය නැවත සකස් කළාය.
තෙල් එකතු කර සබන් බවට පරිවර්තනය කිරීමේ මෙම අදහස ඔබේ හිතට ආවේ කෙසේද?
වසර 30 ක්ම මා සමග දීග කෑ සැමියා 2016 දී හදිසි අනතුරකින් මිය ගිය අතර, ඔහු සදහටම මා අතහැර යාම මට තදින්ම බලපෑවේය. මගේ සැමියා තමයි ගෙදර දොරේ වැඩකටයුතු කළේ. අපේ ඉවුම් පිහුම් සඳහා භාවිත කළ තෙල් අපද්‍රව්‍යවලට ඔහු කළේ කුමක්දැයි මං කිසි විටෙකත් ඇහුවේ නැහැ. ඔහුගේ මරණයෙන් පසු කුස්සියේ ගොඩගැසී ඇති පාවිච්චි කළ තෙල් බෝතල් දැක ඒවාට කුමක් කළ යුතුද යන්න ගැන මා කල්පනා කරන්න පටන් ගත්තා. පාවිච්චි කරපු තෙල් වලින් අපේ ආච්චි අපි කුඩා අවධියේ, සබන් හදපු එක ගැන මටත් යාම්තම් මතකයක් තිබුණා. නමුත් ඒ වැඩේ සන් න්දහා මගේ ළඟ ‘වට්ටෝරුවක්’ තිබුණේ නැහැ.
ඔන්න එතකොට මගේ බාලම පුතා කියනවා YouTube එකෙන් මිනිස්සුන්ට ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා. මාත් ‘ට්‍රයි එකක්’ දුන්නා. මම වීඩියෝ කිහිපයක් නරඹා පසුව නිවසේදී එම ක්රියාවලිය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න උත්සාහයක් ආරම්භ කළා. රසායනාගාරයේ අත්හදා බැලීමක් සිදුකරද්දී වගේ ප්‍රවේශයකින් ඒකට එළඹුණා. මම අමුද්‍රව්‍යවල ප්‍රමාණය මැන, වේලාවන් අනුව බලමින්, සබන් වල pH අගය සටහන් කරා. සතියකට පමණ පසු එය උදාසීන ප්H අගයට ළඟා වූ විට, එය කහ සිට සුදු දක්වා වර්ණය වෙනස් කරන විට තමයි දැන් ඔන්න භාවිතා කිරීමට සූදානම් කියලා තීරණය කරන්න පුළුවන්. මේ ආකාරයට, මම ඉලක්ක තුනක් එකට එකතු කළා — වෛරසය පැතිරීම පාලනය කිරීමට මගේ ප්‍රජාවට උපකාර කිරීම, මුදල් ඉතිරි කිරීමට උපකාර කිරීමසහ තෙල්වලින් ඇති විය හැකි පරිසර දූෂණය අවම කිරීමයි ඒ අරමුණු තුන.

මෙම “විජ්ජාව” සිදු වන්නේ කෙසේද? එහි දී අනුගමනය කළ පියවර මොනවාද?
පළමු පියවර වන්නේ ඉතිරිව ඇති දේ හෙවත් බොර මණ්ඩි ආදි අවශේෂ ඉවත් කිරීම සඳහා රෙදි කඩකින් තෙල් වෑස්සීමයි — මෙම කාර්යය සඳහා කුස්සියේ දී අපි සාමාන්‍යයෙන් භාවිත කරන රෙදි කඩක් යදා ගත හැකියි. ඊළඟට ජලය තාපාංකය ආසන්නයට රත් කර කෝස්ටික් සෝඩා හෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කර ඒවා දිය වන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
කෝස්ටික් සෝඩා ඉතා විඛාදක බැවින් මෙම ක්රියා පටිපාටියෙහි දී ආරක්ෂාව ප්රධාන වේ. ඇස් කණ්ණාඩි, අත්වැසුම් සහ ඒප්‍රන පළඳිමින් ඔබ හිස සිට පාදය දක්වා ආරක්ෂා සලසා ගත යුතුය. ආ.. තව එකක්. ඔබ ඔබේ දෙපා ආරක්ෂා කර ගත යුතුයි — ඒ කාරණාව මගේ පළමු උත්සාහයේදී මට අමතක වූ දෙයක්. ඊට පසු, දැන් ඔන්න පිසින තෙල් එකතු කරන්න. මෙම මිශ්‍රණය සමජාතීය වන තෙක් මිනිත්තු 40ක් දණ්ඩකින් කලවම් කළ යුතු නිසා මෙය වඩාත්ම අභියෝගාත්මක කොටසයි. මෙහිදී මම සියලු වෙනස් කිරීඑමේ හැකියාව ඇති, කුඩා ‘දෙයක්’ ඊට එකතු කළෙමි: මම (අතේ ගෙන යා හැකි) විදුලි බ්ලෙන්ඩරයක් භාවිතා කිරීමට පටන් ගත් අතර ඒ නිසාවෙන් දැන් මෙම පියවර මිනිත්තු පහකින් සිදු කරන්න පුළුවනි.

මගේ වට්ටෝරුවට අනුව, මම පෙණදැමීම(foaming) වැඩි කිරීමට රෙදි සෝදන ඩිටර්ජන්ට් ටිකක් සහ සුවඳ ඇති කිරීම සඳහා රෙදි සෝදන කුඩු කිහිපයක් ද එකතු කරමි. මිශ්‍රණය ලැකීමේ ලක්ෂ්‍යයට ළඟා වූ විට — තෙල් සහ කෝස්ටික් සෝඩා එකතුව තෛලෝදයක්(emulsion) බවට පත් වී තවදුරටත් එකිනෙකින් වෙන් නොවන තත්ත්වයට පත් වූවිට – අපි එය සෘජුකෝණාස්‍රාකාර ප්ලාස්ටික් අච්චුවකට වත් කලෙමි. ඔන්න පැය පහකට පසු එය දැන් කැපීමට සූදානම්. කැපීමෙන් පසු, එය අවම වශයෙන් සතියක් වත් වියළීමට අවශ්ය වේ.
ඔබ කෑම පිස අවසන් වූ තෙල් එකතු කරන්නේ ඒ වගේම සබන් බෙදාහරින්නේ කෙලෙසද?
මම මගේ පවුලේ අය, මිතුරන් සහ අසල්වාසීන්ගෙන් විමසීමෙන් තමයි වැඩේ ආරම්භ කලේ. ඉතින් ඉක්මනින් ජාලය පුළුල් වුනා. පාර අයිනේ ආහාර විකුණන්නන් වැනි කුඩා ව්‍යාපාර සමඟ සම්බන්ධ වී ඔවුන් (පිසීමට) පාවිච්චි කළ තෙල් එකතු කරමගන්නවා. බ්‍රසීලයේ විශාල පිළිගැනීමක් ඇති පල්ලිවල මම සබන් බෙදාහරිනවා. මිනිස්සු තෙල් බෝතල් අරන් ඇවිත් ඒ අයගේ සබන් ගෙනියන්න පස්සේ ආපහු එනවා. තෙල් අපද්‍රව්‍ය ලීටරයක් සබන් කැට දහයක් පමණ බවට පත් කර ගන්න පුළුවන්. මෙම සබන් පිඟන් සහ රෙදි සෝදන්න පමණක් නොව, අත් සහ ශරීරය සේදීම සඳහාත් භාවිතා කළ හැකියි.
ඔබ සබන් සෑදීම ඉගැන්වීම පිණිස වැඩමුළු මෙහෙයවා තිබෙනවා. ඒක කොහොමද වුණේ?
මම Seu Vizinho කියන රාජ්‍ය නොවන සංවිධානය සමඟ හවුල් වුණා. එම සංවිධානය, Belo Horizonte හි දියුණුවෙන් අඩු ප්‍රදේශයක් වන Aglomerado da Serraහි ප්‍රදේශයේ අධ්‍යාපනික, සමාජීය සහ සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන ආයතනය්ක්. ඔය පලාතේ කාන්තා සනීපාරක්ෂක් තුවායක් පවා සුඛෝපභෝගී අයිතමයක් ලෙසයි සැලකුණේ.
මම 2021 ගිම්හානයේදී වැඩමුළු සැසි හතරක් සැලසුම් කළා. අපි සියලුම ද්‍රව්‍ය — ඒ කියන්නේ අමුද්‍රව්‍ය, බ්ලෙන්ඩරය, බාල්දි, ඇස් කණ්ණාඩි, අත්වැසුම් සහ ඒප්‍රොන යන සියල්ලම සහභාගිවන්නන් සඳහා ලබා දුන්නෙමු. සහභාගිවන්නන් තමන්ගේම පිසින තෙල් ගෙනාවා. අපි තෙල් පෙරා ගත් විට, නැවත නැවතත් භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි අපද්‍රව්‍ය එහි ඇති බව මම දක්කා. ඒක මගේ හිතට ගොඩක් ඇල්ලුවා. ඉතා ඉහළ ප්‍රෝටීන් ඇති මෙම අපද්‍රව්‍ය වියළීමට ඉඩ හැර නැවත භාවිතයට ගන්නා ආකාරය — උදාහරණයක් ලෙස සතුන්ගේ පෝෂණය සඳහා සඳහා එය නැවත භාවිතා කරන ආකාරය — මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි.

ප්‍රතිඵල ගැන ඔවුන් මවිතයට පත් වූ අතර, විවිධ සබන් වර්ග සෑදීම පිළිබඳ නව වැඩමුළුවක් කිරීමට මා නැවත සම්බන්ධ කර ගෙන තියෙනවා. මම සියලු ද්‍රව්‍ය ද ප්‍රජාව වෙත තබා ආවේ ඔවුන්ට කැමති ඕනෑම වේලාවක සබන් සෑදිමට හැකි වෙන අයුරිනුයි. මම මේ වැඩේ කරන්නේ ස්වේච්ඡා සේවිකාවක් විදියට. එය, සාමජයෙන් මට දායාද වූ දී සමාජයට නැවත ලබා දීමේ මාර්ගයක්. මගේ ජීවිත කාලය පුරාවටම මේ ව්‍යාපෘතිය කරගෙන යන්න මං බලාපොරොත්තු වෙනවා.
nature සඟරාවෙහි පළ වූ Transforming waste into soap යන ලිපිය ඇසුරෙනි.