ජෛවීවිවිධත්වය සුරැකීමේ ප්‍රයත්න අනතුරේ!
පරිසරය සුරැකීමේ ගෝලීය ප්‍රයත්නයක් වෙනුවෙන් නයිරෝබි හි පසුගියදා පැවති ජාත්‍යන්තර සාකච්ඡා ඇනහිටීම හේතුවෙන් එම් ප්‍රයත්න තර්ජනයට ලක්ව ඇති බවට සමහර සංරක්ෂණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඔවුන් ගෝලීය නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සාකච්ඡා — මෙන්ම ජෛව විවිධත්වය ද– අගාධයට වැටෙන්නට නොදී ගලවා ගන්නා ලෙසයි. කෙසේ වෙතත්, සාකච්ඡාවල ප්‍රගතිය මන්දගාමී වුවද, වසර අවසාන වන විට සම්මුතියකට එළ්ඹීඉමට හැහි වෙතැයි අනෙක් අය වඩාත් බලාපොරොත්තුවෙන් පසුවෙති.

ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (United Nations Convention on Biological Diversity–CBD) අත්සන් තබා ඇති රටවල් 200 ක පමණ සංසන්ධිකයො(Negotiators-සාකච්ඡාකරුවෝ) ජූනි 21 සිට 26 දක්වා නයිරෝබි හිදී රැස්වී පශ්චාත් 2020 ගෝලීය ජෛව විවිධත්ව රාමුව(post-2020 global biodiversity framework) ලෙස හඳුන්වනු ලබන සම්මුතියේ ප්‍රධාන තොරතුරු හෙළිදරව් කළහ. එහෙත් එම සාකච්ඡාවල දී එතරම් ප්‍රගතියක් ලබා ගැනීමට අපොහොසත්වී ඇති හෙයින්, බොහෝ විද්‍යාඥයන් කනස්සල්ලට පත්ව සිටින්නේ දෙසැම්බර් මාසයේදී කැනඩාවේ මොන්ට්‍රියෙල්හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේදී අදාල සම්මුතිය නිමා කිරීමට කිරීමට රටවල්වලට නොහැකි වනු ඇතැයි යනුවෙන් කල්පනා කිරීමෙනි. එකඟත්වයකට පැමිණීමට බාධාවන ප්රධාන සාධකයක් වී ඇත්ත් ධනවත් ජාතීන් විසින් අඩු ආදායම්ලාභී රටවලට කොපමණ අරමුදල් සැපයනු ලබන්නේ ද යන්නයි. පාස්ර්ශවයන්ගේ සම්මේලනයේ (Conference of the Parties– COP15) 15 වන රැස්වීම වන මෙම ඉහළ පෙළේ සමුළුවේදී ප්‍රතිපත්ති රාමුවට එකඟ වීමට අපොහොසත් වීම අපගේ ස්වභාවික ලෝකයට විනාශකාරී වනු ඇතැයි ඔවුහු පවසති.
ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා එකඟතාවක් වෙනුවෙන් පෙනී සිටින, පුද්ගලික පුණ්‍යායතන සහ සංරක්ෂණ සංවිධානවල හවුල්කාරිත්වයක් වන Washington DC හි ස්වභාව ධර්මය සඳහා වන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ Brian O’Donnell පවසන්නේ “මෙය මග හැරුණු මහඟු අවස්ථාවක් වන අතර ප්‍රතිපත්ති රාමුව අනතුරේ හෙළන්නක්” බවයි. ප්‍රතිපත්තිරාමුව, විශේෂ වඳවී යාම පාලනය කිරීම ඇතුළුව පුළුල් අරමුණු 4කින් සහ ලෝකයේ ගොඩබිම සහ මුහුදෙන් අවම වශයෙන් 30% ක් ආරක්ෂා කිරීම වැනි ප්‍රමාණාත්මක ඉලක්ක බොහොමයක් සහිතඉලක්ක 21 කින් සමන්විත වේ. එකඟත්වයකින් තොරවුවහොත්, දේශගුණික විපර්යාස, රෝගාබාධ සහ මානව ක්‍රියාකාරකම්, අනෙකුත් ප්‍රේරක නිසාවෙන් ඉදිරි දශක කිහිපය තුළ ශාක හා සත්ව විශේෂ මිලියනයක් වඳ වී යා හැකියයි ඇස්තමේන්තු දක්වයි.
චීනයේ කුන්මිං වෙනුවට COP15 සමුළුව මොන්ට්‍රියෙල්හි පැවැත්වෙන බව CBD හෙවත් ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය විසින් ජූනි මස මුලදී නිවේදනය කිරීම පර්යේෂකයන්ට සහනයක් ළඟා කර දුනි. මන්ද, COVID-19 වසංගතය නිසාවෙන් දැනටමත් වසර දෙකක් CBD රැස්වීම් ප්‍රමාද කර ඇති අතර, SARS-CoV-2 ආසාදන වැලැක්වීම සඳහා කුන්මිං අගුලු දැමීමමේ ඉඩතිබීමේ හේතුවෙන් රැස්වීම මෙවරත් නොපැවැත්වීමේ අවදානමක් තිබුණු හෙයිනි.
සකච්ඡා ඇනහිටුවීමේ උපක්‍රම
සමහර සංරක්ෂණ කණ්ඩායම් පැවසුවේ ප්‍රගතියට බාධා කිරීමේ වැඩි වගකීමක් රටවල් කිහිපයක් දරන බවයි. ස්විට්සර්ලන්තයේ ග්ලන්ඩ් පාදක කරගත් WWF ඉන්ටර්නැෂනල් සංරක්ෂණ සංවිධානයේ ප්‍රධානී මාර්කෝ ලැම්බර්ටිනි ප්‍රකාශයක සඳහන් කර සිටියේ “සාකච්ඡා අඩපණ කිරීමට ක්‍රියාකාරීව ක්‍රියා කරන්නේ රටවල් කුඩා සංඛ්‍යාවක් පමණයි. ඒ අතුරෙන් ඉදිරියෙන් සිටින්නේසහ ප්‍රමුඛවන්නේ බ්‍රසීලයයි ” යනුවෙනි. සාකච්ඡාවල ඇතැම් ක් කොටස් රහසිගත වන බැවින් සම්මන්ත්‍රණයට එක්ව සිටි අනෙක් අය නිර්නාමිකිව සිටීමේ කොන්දේසිය ගැන කතා කළහ. ඔවුන් පවසන්නේ බ්‍රසීලය එකඟත්ව ප්‍රකාශන්යේ වෙනස්කම් ඉල්ලා සිටින්නේ ක්‍රියාවලිය මන්දගාමී කිරීම සඳහා බවත් (බ්‍රසීලය ) අත්‍යවශ්‍ය අංගවලට එරෙහිව තර්ක කළ බවත්ය. ඊට ප්‍රච්ගාර දක්වන්නේ කෙලෙස දැයි දැනගැනීමට Nature සඟරාව බ්‍රසීලයේ නියෝජිතයන් සම්බන්ධ කර ගත් නමුත් පලකිරීමට අවස්ථාව වන විටත් පිළිතුරක් නොලැබුණි.
ප්‍රතිපත්ති රාමුවක් සඳහවන සාකච්ඡාවල ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපති ෆ්‍රැන්සිස් ඔග්වාල්, සාකච්ඡා බලාපොරොත්තු වූ තරම් ඉදිරියට ගොස් නැති බව පිළිගත්තේය. එනමුත් නාගරික ප්‍රදේශවල ස්වභාවික් ලක්ෂණ වැඩි දියුණි කිරීම පිණිස ප්‍රවේශයන් වැඩි දියුණු කිරීම සහ අඩු ආදායම්ලාභී රටවල විද්‍යාත්මක හා තාක්‍ෂණික ධාරිතාව ඉහළ නැංවීමේ ඉලක්ක සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ලබා ගැනීමෙන් ඔහු උද්යෝගිමත් වී සිටියි. COP15 ට දින කිහිපයකට පෙර පැවැත්වීමට නියමිත අමතර රැස්වීමකදී රටවල්, ඉතිරිව ඇති මත භේද විසඳා ගැනීමට ක්‍රියා කරනු ඇතැයි ඔග්වාල් බලාපොරොත්තු පළකරයි.
“එකඟවීමට තවමත් නොහැකි වී ඇති ප්‍රධාන කාරණා ගනනාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වූ මට්ටමට අපි තවමත් නැහැ. එහෙමනමුත් දෙසැම්බර් මාසය වෙද්දී අපට ප්‍රතිපත්ති රාමුව හොඳ මට්ටමකට ගෙන එන්න පුළුවන් වේවි, ” ඔග්වාල් ජුනි 26 වන දින මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසීය.

නායකත්වය නොමැතිකම
කෙසේවෙත්තත්, විද්‍යාඥයින් සහ සංරක්ෂණ කණ්ඩායම් පවසන්නේ එකඟත්වයකට පත්වීම අයාලේ යාම වළක්වා ගැනීමට නම් දේශපාලන නායකත්වය හදිසි අවශ්‍යතාවයක් බවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ ඡ්භ්ඪ් සාමාජික රටවල රාජ්‍ය ප්‍රධානීන් වෙත විවෘත ලිපියක් යවමින්, සංරක්ෂණ සහ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සඳහා සහාය දක්වන සංවිධාන අටක කණ්ඩායමක් කියා සිටියේ මනා කළමනාකාරිත්වයක් නොමැතිකම සාකච්ඡා ඇණහිටීම කෙරෙහි බලපෑම් ඇති ඇති කරන බවයි.
“සම්මුතිය ඉදිරියට ගෙනයාමට, මඟ පෙන්වීමට සහ ප්‍රබෝධමත් කිරීමට අවශ්‍ය කරන කැපවීම් සඳහා ඉහළ මට්ටමේ දේශපාලන බැඳීමක්, කැමැත්තක් සහ නායකත්වයක් නොමැති වීම කැපී පෙනේ,” යයි ලිපියේ සඳහන් වේ. සමහර රටවල් ජෛව විවිධත්ව සාකච්ඡාවලට සහාය ලබා දෙන බව නැවත ප්‍රකාශ කර ඇත. ජූනි 26 වෙනිදා, එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝට දෙසැම්බර් මාසයේ මොන්ට්‍රියල්හි පැවැත්වෙන සමුළුවට සහාය දෙන බවට ජර්මනියේ පැවති G7 කාර්මික රටවල් සමූහයේ රැස්වීමට පෙර ඔවුන් දෙදෙනා කතා බහේ යෙදී සිටි අවස්ථාවේ සහතික විය. මීට අමතරව, Costa Rica සහ Columbia ඇතුළු සමහර “වීර” රටවල් ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා නයිරෝබි හි විශේෂයෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ බව O’ඪොන්නෙල්ල් පවසයි.

ඡ්භ්ඪ් අමනාපකර නොගන්නා ලෙස නිර්නාමිකභාවය රකගන්නා කොන්දේසිය මත කතා කරමින්, තවත් සමහරු නයිරෝබි රැස්වීමේ ව්‍යුහය සහ සංවිධානය විවේචනය කළ අතර, ඔවුන් පවසන්නේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඒවා උදව් නොකළ බවයි. “සැසිවාර සඳහා පහසුකම් සපයන්නන් සාකච්ඡා සම්මුතියක් කරා ගෙන යාමට අපොසත්වුනා,” ඔවුහු පවසති.
එහෙත් යම් අය්ම් පසුබෑම් නොතකා, සමහර විද්‍යාඥයින් තවමත් බලාපොරොත්තු වන්නේ රටවල්වලට ගිවිසුමකට එළඹිය හැකි බවයි. “සාකච්ඡා සාමාන්‍යයෙන් උද්යෝගිමත් යයි කියන්න පුළුවන්. සහයෝගය ඉස්මතුවන ලකුණු පවා තිබුණා” යයි නයිරෝබි රැස්වීමට සහභාගී වූ, ‘ග්ලාන්ඩ් හී ස්වභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ’ (International Union for Conservation of Nature in Gland) ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ජුහා සිකාමාකි පවසයි. CBD හි විධායක ලේකම් Elizabeth Mrema පවසන්නේ සම්මුතියකට එළඹීමට රටවල්වලට සිදුවනු ඇති බවයි. “ජෛව විවිධත්වය කෙතරම් වැදගත් ද කීවොත් ඒ පිළිබඳ අසාර්ථක වීමට ඉඩ නොදීම ඉතා වැදගත්” යැයි ඇය පවසයි.

nature සඟරාවෙහි ජූනි 30දා පළ වූ Scientists warn deal to save biodiversity is in jeopardy යන ලිපිය ඇසුරෙනි.