විද්‍යාව සහ උගතා අතර සම්බන්ධය
සුප්‍රකට විද්‍යාඥ ස්ටීවන් පින්කර් විසිනි

හාවඩ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීවන්න් ආතර් පින්කර් කැනේඩියානු-ඇමරිකානු සංජානන මනෝවිද්‍යාඥයෙක්, මනෝ වාග් විද්‍යාඥයෙක්, සහ ජනප්‍රිය විද්‍යා ලේඛන කතුවරයෙකකි. එමෙන්ම. ඔහු පරිණාමීය මනෝවිද්‍යාව සහ මනස පිළිබඳ පරිගණක න්‍යාය වෙනුවෙන් පෙනී සිටින්නෙකි.
විද්‍යාව ප්‍රාථමික පාසලේ සිටම උගැන්වීමේ වැදගත් කම ගැන නොබෙල් ත්‍යාගලාභී, මහාචාර්ය එරික් රිචඩ් කැන්ඩෙල් විසිනි රචිත ලිපියක් ආශ්‍රයෙන් සකසන ලද වාර්තාවක් අපි 2022 ජූනි 28 thathu.com මගින් ගෙන ආවෙමු.(එම ලිපිය මෙතනින් කියවන්න) හොඳින් දැන උගත්, දැනුම් තෙරුම් ඇති, එමෙන්ම අනාගතය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිණිස මනා සුදානමක් සහිත රටවසියන් පිරිසක් බිහිකිරීමට නම් අප කළ යුත්තේ කලින්ම පටන්ගෙන දරුවන්ගේ අධ්‍යාපනය ආරම්භයේ දීම විද්‍යාව උගැන්වීමට නොපමාව පියවර ගැනීම බවත් එය, විද්‍යා පර්යේෂණ මෙන්ම කර්මාන්ත සංවර්ධනය දිරිමත් කිරීමට මග පාදනු ඇති බවත් එහි දක්විණ.
විද්‍යාව පිළිබඳ දැන උගෙනීම සිසුන් තාක්ෂණික වශයෙන් සංකීර්ණ රැකියා සඳහා සූදානම් කිරීමකට වඩා වැඩි යමක් ඉටුකරයි: එය ඔවුන් නියම මිනිසුන් ලෙස හැඩගස්වන අතර එසේ හැඩගැස්වීම සමඟ අපගේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරයත් හැඩගස්වයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී සැලකිල්ලට ගත යුතු එක් කාරණාවක් නම්, අප දැනටමත් අවබෝධ කර ගෙන ඇති තරමට ලෝකය ක්‍රියා කරන ආකාරය ගැන දැනුම මෙපමන මට්ටකට පැමිණ තිබීමේ අපගේ විශේෂය හෙවත් මානව විශේෂයේ සුවිශේෂී ඥානය පිළිබඳ විස්මිත කාරණාවයි. විශ්වයේ සහ අපේ ග්‍රහලෝකයේ ඉතිහාසය, එය ක්‍රියා කරන බලවේග, අප සෑදී ඇති දේවල්, ජීවීන්ගේ සම්භවය සහ අපගේම මානසික ජීවිතය ඇතුළු ජීවන යන්ත්‍රය ගැන අපට බොහෝ දේ පැවසිය හැකිය. මේ සියල්ල අතිවිශිෂ්ට ජයග්‍රහණ වන අතර, කලාවේ විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳ ඇගයීමක් පෝෂණය කිරීමට සහ චිරස්ථායී කිරීමට අපට ඇති වගකීම හා සමානම වගකීමකින් යුතුව පෙරකී විද්‍යාවේ අතිවිශිෂ්ට ජයග්‍රහණ ද පෝෂණය හා චිරස්ථායී කිරීමේ වගකීම අපට ඇත. එසේ කිරීමට අපොහොසත් වීම අපගේ මුතුන් මිත්තන්ට සහ උරුමක්කාරයින්ට අගෞරවයක් වන අතරම මිනිස් මනසට ළඟා කරගත හැකි හැකි විශිෂ්ට ජයග්‍රහණ කෙරෙහි දක්වනු ලබන අශිෂ්ට, පිලිස්තිනුවාදී උදාසීනත්වයක් ද වේ.

එසේම, විද්‍යාත්මක ගවේෂණයෙන් මතු වූ ස්වභාවධර්මය තුළ මනුෂ්‍යත්වයට හිමි ස්ථානය පිළිබඳ චිත්‍රය, මිනිසාගේ තත්ත්වය පිළිබඳ අපගේ අවබෝධය සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රතිවිපාක ඇති කරයි. විද්‍යාවේ සොයාගැනීම් අප, අප ගැනම මෙන්ම අප ජීවත් වන ලෝකය දෙස බලන ආකාරය කෙරෙහි බොහෝ අනපේක්ෂිත හෙවත් කලින් දැනගත නොහැකි බලපෑම් ඇති කරයි:
නිදසුනක් වශයෙන්, අපගේ ග්‍රහලෝකය යනු සිතාගත නොහැකි තරම් විශාල විශ්වය තුළ හඳුනා ගැනීමට නොහැකි තරමේ ලේශයක්, තිතක් පමණක් බව; ලෝකයේ අපේක්ෂා සහ උපායෙහි දක්ෂභාවයන් කොමමණ තිබුනත් ‘ශක්තිය”(energy) නිර්මාණය කිරීමට හෝ හානියකින් තොරව භාවිතා කිරීමට නොහැකි බව; අපේ විශේෂය වන මානවයා මෙතෙක් ගතකර ඇත්තේ පෘථිවි ඉතිහාසය තුළ ඉතා කුඩා කාලයක් පමණක් බව; මිනිසුන් ප්‍රිමාටේස් හෙවත් අග්‍රේෂයන් බව; මනස යනු භෞතික විද්‍යාත්මක ක්‍රියාවලීන් මගින් ක්‍රියාත්මක වන ඉන්ද්‍රියයක ක්‍රියාකාරිත්වය බව; සාමාන්‍ය බුද්ධිය උල්ලංඝනය කරමින් — සමහර විට රැඩිකල් ලෙස උල්ලංඝනය කරමින්, ඉතා විශාල හා ඉතා කුඩා පරිමාණයෙන් උල්ලංඝනය කරමින්, සත්‍යය තහවුරු කර ගැනීම සඳහා නිගමනවලට එළඹීමට අපට බල කළ හැකි ක්‍රම තිබෙන බව; මාහැඟි යයි සැලකෙන එමෙන්ම පුලුල්ව පිළිගැනීමට ප්පත්ව ඇති විශ්වාසයන්, ආනුභවික පරීක්ෂණ වලට භාජනය කරන විට, බොහෝ විටව්‍යාජනය කඛැකි හවත් බොරු බව තහවුරු(falsify) කළ හැකිය. මෙම අවබෝධය තමන්ගේ සහජ ස්වභාවයක් නොවන පුද්ගලයා උගත් යැයි කිව නොහැක.
Science for the Next Generation Preparing for the New Standards (Copyright © 2013 by the National Science Teachers Association) ග්රන්ථයේ The importance of teaching Science in elementary school යන 6වැනි පරිච්ඡේදයෙහි හැඳින්වීම ඇසුරෙනි.