විද්‍යාඥයෙකු මෙන් සිතන්නේ කෙසේද?

Posted by

විද්‍යාඥයෙකු මෙන් සිතන්නේ කෙසේද?

වැඩිහිටි ඇමරිකානුවන් 2,303 දෙනෙකුග සම්බන්ධ කරගෙන 2009 දි සිදු කළ  මත විමසුමකදී මාතෘකා කිහිපයක් ලබා දී ඒවා ගැන “ඔබ එම එක් එක් කාරණාව සම්බන්ධයෙන් ඔබෙ විශ්වාසය හෙවත් ඒව විශ්වාස කරනවාද නැද්ද යන්න කරුණාකර  දක්වන්න” යනුවෙන් කළ විමසුමට ප්‍රතිචාර වශයෙන් ලැබුණු ප්‍රතිඵල  පහත දැක්වෙන වගුවෙ දැක්වේ.

පරිණාමවාදය විශ්වාස කරනවාට වඩා බොහෝ මිනිසුන් දේවදූතයන් සහ යක්ෂයා විශ්වාස කිරීම අප බොහෝ දෙනෙකුගෙ හිත අවුල් කරන්නකි. එහෙත් එවැනි ප්‍රතිඵල, ජාත්‍යන්තරව සිදු කළ සමීක්ෂණ ඇතුළුව පසුගිය දශක කිහිපය තුළ සිදු කරන ලද පාරස්වභාවය(paranormal) හෙවත් සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර වූ  විශ්වාසය ගැන සිදු කෙරුණු සමාන සමීක්ෂණ සොයාගැනීම්වල ප්‍රපථ්වලට මනාව ගැලපේ. නිදසුනක් වශයෙන්, වැඩිහිටි බ්‍රිතාන්‍යයන් 1,006 දෙනෙකු සම්බන්ධකරගෙන 2006 දී  රීඩර්ස් ඩයිජස්ට් සඟරාව සිදි කළ සමීක්ෂණයක් වාර්තා කළේ සියයට 43ක් තමන්ට අන් අයගේ සිතුවිලි කියවිය හැකි බව හෝ ඔවුන්ගේ සිතුවිලි (වෙනත් අයට) කියවිය හැකි බවයි,  වෙන්න තියෙන සිදුවීමක් පිළිබඳව තමන්ට සිහිනයක් හෝ   අනා දැනුමක් (premonition) පෙරනිමිත්තක් තිබූ බව අඩකට වඩා කියා සිටියහ. යමෙකු තමන් දෙස බලා සිටින වග (ඒ අය දෙස නොබලාම) තමන්ට  දැනෙන බව තුනෙන් දෙකක් කියා සිටි අතර, ආදරය කරන කෙනෙකු අසනීප වූ විට හෝ කරදරයකට පත් වූ විට තමන්ට(කොහේ සිටියත්) දැනුණු බව සියයට 26 ක්  කියා සිටියහ. සියයට 62 ක් කියා සිටියේ නාදවන දුරකථනය අතට ගැනීමට පෙර කතා කරන්නේ කවුරුන්දැයි කිව හැකි බව ය.  තමන් අවතාරයක් දැක ඇති බව පහෙන් එකක් පැවසුවේය. තුනෙන් එකක් පමණ කියා සිටියේ මරණාසන්න අත්දැකීම් මරණින් මතු ජීවිතයක් සඳහා පිළිගත හැකි සාක්ෂියක් ලෙස ඔවුන් විශ්වාස කරන බවයි.

අධිස්වභාව(supernatural) හා පාරස්වභාව විශ්වාස පිළිබඳ නිශ්චිත ප්‍රතිශතයන් රටවල් අතර සහ ඒ ඒ දශක අතර සුළු වශයෙන් වෙනස් වුවද,   බහුතරයක් මිනිසුන් යම් ආකාරයක අධිස්වභාව(supernatural) හා පාරස්වභාව   විශ්වාසයන් දරණ බැවින් ඒවා පිළිබඳ ගනන් හිලව් තරමක් ස්ථාවරව පවතී.  විශාල සංඛ්‍යාවක් එවැනි විශ්වාසයන් දරන්නේය යන්නේය යන්න මෙන්ම  විද්‍යා අධ්‍යාපනයේ අසතු‍ටුදායක තත්ත්වය සහ අද්භූත දේ පිළිබඳ විශ්වාසය පෝෂණය කිරීමේ දී එයින් ඉට්කෙරෙන භූමිකාව ගැන සැලකිලිමත් වූ ජාතික විද්‍යා පදනම (National Science Foundation – NSF) අද්භූත හා ව්‍යාජ විද්‍යාව යන දෙකටම සම්බන්ධ විශ්වාසයන් පිළිබඳ තමන්ගේම පුළුල් සමීක්ෂණයක් පැවැත්වීය.  “එවැනි විශ්වාසයන්  සමහර විට විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍යවල වැරදි සන්නිවේදනයෙන් පෝෂණය වන්නේය” යන්න සමීක්ෂණයේ නිගමනය විය.

ගැටලුවේ කොටසක් විය හැක්කේ ඇමරිකානුවන්ගෙන් සියයට 70 ක් තවමත් විද්‍යාත්මක ක්‍රියාවලිය අවබෝධ කර නොගැනීමයි, NSF සමීක්ෂනයේ විද්‍යාත්මක ක්‍රියාවලිය යන්න අර්ථ දක්වා ඇත්තේ ග්‍රහණය කිරීමේ සම්භාවිතාව, පර්යේෂණාත්මක ක්‍රමය සහ උපකල්පන පරීක්ෂාව ලෙසයි. එසේනම් එක් විසඳුමක් නම් විද්‍යාවෙන් මේ වනවිට දැනගනු ලැබ ඇති දෙයට අමතරව විද්‍යාව ක්‍රියා කරන ආකාරයත් ඉගැන්වීමයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ විද්‍යා දැනුම (ලෝකය පිළිබඳ කරුණු) සහ අද්භූත විශ්වාස අතර සහසම්බන්ධයක් නොමැති බවයි, එනමුත් විද්‍යාව ක්‍රියා කරන ආකාරය සහ විද්‍යාඥයන් මෙන් සිතන ආකාරය මිනිසුන්ට උගන්වන විට, අද්භූත විශ්වාස මගින් කියාපාන දෙවල වලංගුභාවය තනටම තක්සේරු කර ගැනීම ඔවුන්ට හැකි වේ. මිථ්‍යා විශ්වාස සහ අද්භූත දේ පිළිබඳ විශ්වාසය දුර්වල කිරීමේ යතුර වන්නේ විද්‍යාව ක්‍රියා කරන ආකාරය ඉගැන්වීම මිස විද්‍යාව මගින් සොයා ගනු දේ පමණක් ඉගැන්වීමෙන් නොවේ.

විශ්වාස පද්ධති බලවත්, පැතිරී ඇති සහ කල් පවතින ඒවා වේ. මෙම පා course මාලාව අපගේ ජීවිතයේ සෑම අංශයකම අප කරන දේ විශ්වාස කරන්නේ කෙසේද සහ ඇයි යන ප්‍රශ්නවලට පිළිතුරු දීමට වසර 30 ක පර්යේෂණ සංස්ලේෂණය කරයි. මෙම පා course මාලාවේදී, මිනිසුන් අමුතු දේවල් විශ්වාස කරන්නේ ඇයි හෝ මිනිසුන් මෙම හෝ එම ප්‍රකාශය විශ්වාස කරන්නේ ඇයිද යන්න පමණක් නොව මිනිසුන් කිසිවක් විශ්වාස කරන්නේ මන්දැයි තේරුම් ගැනීමට අපි උනන්දු වෙමු. පාඨමාලාවේ නිබන්ධනය සරල ය:

පවුල, මිතුරන්, සගයන්, සංස්කෘතිය සහ සමාජය විසින් විශාල වශයෙන් නිර්මාණය කරන ලද පරිසරයේ සන්දර්භය තුළ විවිධ ආත්මීය, පුද්ගලික, චිත්තවේගීය සහ මනෝවිද්‍යාත්මක හේතූන් සඳහා අපි අපගේ විශ්වාසයන් සකස් කරමු; අපගේ විශ්වාසයන් සැකසීමෙන් පසු, අපි බුද්ධිමය හේතු, සාධාරණ තර්ක සහ තාර්කික පැහැදිලි කිරීම් රාශියක් සමඟ ඒවා ආරක්ෂා කිරීම, යුක්ති සහගත කිරීම සහ තාර්කික කිරීම. විශ්වාසයන් පළමුව පැමිණේ; විශ්වාසයන් සඳහා පැහැදිලි කිරීම් පහත දැක්වේ. අපි මෙම ක්‍රියාවලිය විශ්වාස මත යැපෙන යථාර්ථවාදය ලෙස හැඳින්විය හැක, එහිදී යථාර්ථය පිළිබඳ අපගේ සංජානනය අප ඒ පිළිබඳව දරන විශ්වාසයන් මත රඳා පවතී. යථාර්තය පවතින්නේ මිනිස් මනසින් ස්වායත්තව වන නමුත් ඒ පිළිබඳ අපගේ අවබෝධය රඳා පවතින්නේ අප ඕනෑම අවස්ථාවක දරන විශ්වාසයන් මතය.

මොළය යනු විශ්වාසය ඉදිරියට ගෙන යන  එන්ජිමකි. විශ්වාසයන් ගොඩනැගුණු පසු, මොළය එම විශ්වාසයන්ට අනුබල දෙන, ඒවා සනාථ කරන සාක්ෂි සෙවීමට  පමනක් නොව කෙසේ හෝ ඒවා(සාක්ෂි) සොයා ගැනීමට පටන් ගෙනී. එම ක්‍රියාදාමය,  විශ්වාසයන් කෙරෙහි තවදුරටත් පැහැදීමක් ඇතිකිරීමෙහි ලා චිත්තවේගී “තල්ලුවක්” එක් කරන අතර එමඟින් ඒවා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරයි; විශ්වාසය, සත්‍යය බවට පරිවර්තනය කරමින්(හරවමින්) ධනාත්මක ප්‍රතිපෝෂණ පුඩුවක් තුළ ක්‍රියාවලිය යළි යළිත් සිදුවෙයි. අහවල් අහවල් දේවල් සත්‍ය ලෙස විශ්වාස කරන්නැයි කෙරෙන නොයෙකුත් කියාපෑම් නිසියාකාරව ඇගැයීමට සහ ඔබ දරන විශ්වාසයක් අවස්ථානුරූපව සත්‍යය ද,  අසත්‍යක් වීමට බොහෝ දුරට ඉඩ ඇත් ද, නැතහොත් ඔබේ ඒ විශ්වාසයන් ඒ ශෙක අතර කොතැනක හෝ රඳි ඇත්ද යන්න තීරණය කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සපය දීම උදෙසා විද්‍යාඥයෙකු මෙන් සිතීමට සහ තර්ක කිරීමට මෙම ලිපි මාලාව ඔබට සහාය වනු ඇත.

The Great Courses’ Skepticism 101: How to Think like a Scientist, Scope: යන කොටස අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.