සූර්ය සමීපකය සහ සූර්ය දූරකය
පෘථිවිය සූර්යයා වටා කක්ෂ ගතව ගමන කරන්නේ පූර්ණ චක්‍රයක් ලෙස නොවේ. ඒ වෙනුවට, එම කක්ක්ෂ ගත භ්‍රමණය ඉලිප්සාකාරීය. එබැවින් සෑම වසරකම පෘථිවිය, සූර්යයාට වඩාත් සමීපව මෙන්ම වඩාත් දුරස්ථව ගමන් කිරීම සිදුවේ. 2022 දි එනම් මේ වර්ෂයේ දී එම මොහොත 6:52 ට(ග්‍රින්විච් මාධ්‍යය වෙලාව) ඇති විය. මෙම පෘථිවියට ආසන්නතම අවස්ථාව සූර්ය සමීපකය(perihelion) ලෙස හැඳින්වේ. perihelion යන වචනයෙහි ග්‍රීක මූලයන්ගෙන් ‘peri’ යන්නෙහි තේරුම ආසන්න සහ helios යන්නෙහි අර්ථය සූර්යයා යන්නයි.

ජනවාරි මුලදී, අපගේ පෘථිවිය 3% ක් පමණ සූර්යයාට ආසන්නයි – මෙය දළ වශයෙන් සැතපුම් මිලියන 3 (කිලෝමීටර් මිලියන 5)ක් පමණ වේ. මෙ අතර සූර්ය දූරකය(aphelion) (පෘථිවිය සූර්යයාගේ සිට දුරම ස්ථානය) ජූලි මස මුලදී එනම්, ජූලි 4ද ඇතිවෙයි. එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 93 (කිලෝමීටර් මිලියන 150) පමණ වන අපගේ සාමාන්‍ය දුර ප්‍රමාණයට වඩා වෙනස් ය. එබැවින් පෘථිවිය සූර්යයාට සමීප වන්නේ සෑම වසරකම ජනවාරි මස මුලදී, උතුරු අර්ධගෝලයේ ශීත ඍතුවේ දී ය. ඒ වගේම අපි සූර්යයාගෙන් දුරස්ව සිටින්නේ උතුරු අර්ධගෝලයේ ගිම්හානයේදී, එනම් ජූලි මස මුලදීය.
පෘථිවිය සූර්යයා වටා යන මාර්ගය හෙවත් කක්ෂය, සෘතු ඇති නොකරයි
පෘථිවි කක්ෂය කලීන් කීවාසේ පූර්න චක්‍රයක් නොවේ. එසේ නමුත් එය බොහෝ දුරට වෘත්තයකයකට ආසන්නය(එනම්, බොහෝ දුරට වටකුරු ය). ඒ වාගේම, පෘථිවියේ ශීත ඍතුව සහ ගිම්හානය ඇති කරන්නේ සූර්යයාගේ සිට අපට ඇති දුර නිසාවෙන් නොවේ. ඒ වෙනුවට, එයට හේතු වන්නේ අපේ ලෝකයේ එනම් පෘථිවියේ අක්ෂයේ ඇලවීමයි. ශීත ඍතුවේ දී, පෘථිවියේ මිහිපිට ඔබ ජීවත්වන කොටස සූර්යයා ඉවතට ඇළවී ඇති අතර ගිම්හානයේදී පෘථිවියේ ඔබ වසන කොටස සූරයයා දෙසට නැඹුරුය. සූර්යයා දෙසට හෝ ඉන් ඉවතට උපරිම නැඹුරුවන දිනය දෙසැම්බරයේ හෝ ජුනියේ සූර්ය නිවෘත්තිය වේ.(Solstice — ඵෘථිවිය වටාගමන් කරන්නාක් පෙනෙන සූර්යයා අවුරුද්දේ අවස්ථා දෙකකදී ඛ්ගෝල සමකයෙන් දුරස්ථ පිහිටීම මෙයි දැක්වේ. මෙ අනුව ගිම්හාන සූර්ය නිවෘත්තිය ජූනි මස 21දාද ශිශිර සූර්ය නිවෘත්තිය දෙසැම්බර 22දාත් සිදුවේ — චක්‍රයක්)
Year | Perihelion | Distance | Aphelion | Distance |
---|---|---|---|---|
2022 | 4 January 2022 12:22 | 147,105,052 km | 4 July 2022 12:40 | 152,098,455 km |
2023 | 4 January 2023 21:47 | 147,098,925 km | 7 July 2023 01:36 | 152,093,251 km |
2024 | 3 January 2024 06:08 | 147,100,632 km | 5 July 2024 10:36 | 152,099,968 km |
2025 | 4 January 2025 18:58 | 147,103,686 km | 4 July 2025 01:24 | 152,087,738 km |
2026 | 3 January 2026 22:45 | 147,099,894 km | 6 July 2026 23:00 | 152,087,774 km |
* All aphelion/perihelion times are in local Sri Jayawardenepura Kotte time. |
පෘථිවි කක්ෂය සෘතුවේ දිගට සුළු වශයෙන් බලපායි
පෘථිවියේ සූර්යයාට ආසන්නතම සහ දුරස්ථ අවස්ථා සෘතු සඳහා බලපෑමක් නොකරන බව අපි කලින් ද සඳහන් කළෙමු. එසේවුව ද සෘතුමය දිගට, ඒ කියන්නේ සෘතුවක් පවතින කාල සීමාව කෙරෙහි සූර්යයාට ආසන්නතම සහ දුරස්ථ අවස්ථා බලපායි. සෑම වසරකම ජනවාරි මස මුලදී සිදුවන ආකාරයටම පෘථිවිය ඒ ඒ වසර සඳහා සූර්යයාට සමීප වන විට, අපගේ ලෝකය කක්ෂගතව වේගයෙන් ගමන් කරයි. පෘතුවිය දැන් තත්පරයට සැතපුම් 19 (30.3 km/sec) වේගයෙන් වේගයෙන් ගමන් කරයි, ජූලි මස මුලදී පෘථිවිය සූර්යයාට වඩා දුරින් සිටින විට දීට වඩා තත්පරයට සැතපුම් 0.6 (km/sec) පමණ වේගයෙන් ගමන් කරයි. මේ අනුව, උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව සහ – ඊට සමගාමීව – දකුණු අර්ධගෝලයේ ගිම්හානය කෙටිම කාල අවකාශයන්වේ, පෘථිවිය දෙසැම්බර් මාසයේ සූර්ය නිවෘත්තිය සිට මාර්තු මාසයේ විෂුවය දක්වා වේගයෙන් ගමන් කරයි. (equinox – අවුරුද්දේ මුළු පෘථිවිය පුරාම දහවලේත් රැයේත්, පැය ගණන දළ වශයෙන් එක සමාන වන දින දෙක: මාර්තු 21 වැනිද සහ සැප්තැම්බර 23 වෙනිදා සූර්යයා ඛගෝල සමකය හරහා යන්නාක් මෙන් පෙණෙනෙනේ මේ දින දෙකේ දීය — තාරක විද්‍යා ශබ්දකෝෂය ජිනෙන්ද්‍රවංශ ද සිල්වා 2010 සරසවි ප්‍රකාශකයෝ)

උතුරු අර්ධගෝලයේ ගිම්හාන සමය (ජූනි සූර්ය නිවෘත්තිය සිට සැප්තැම්බර් විෂුවය දක්වා) ශීත කාලයට වඩා දින පහකට ආසන්න කාලයක් වැඩියෙන් පවතී. තවද, ඇත්ත වශයෙන්ම, දකුණු අර්ධගෝලයේ අනුරූප සෘතු එහිම අනික් පැත්ත ලෙස පවතී. දකුණු අර්ධගෝලයේ ශීත කාලය දකුණු අර්ධගෝලයේ ගිම්හානයට වඩා දින පහකට ආසන්න කාලයක් පවතී. ග්‍රහලෝකයක් සූර්ය සමීපකය තුළ වේගවත් වන අතර සූර්ය දූරකයේ දී මන්දගාමී වෙයි. එය සිදුවන්නේ කෙප්ලර්ගේ ග්‍රහලෝක චලිතයේ දෙවන නියමය අනුවයි: ග්‍රහලෝකවල පරිබ්‍රමන ආවර්ත කාලයන්ගෙ වර්ගයත්, සූර්යයාගේ සිට ග්‍රහලෝකවලට ඇතිදුර ප්‍රමානයන්ගේ ඝනයන්ට අනුලෝමව සමානෞපාතිකවේ.( තාරක විද්‍යා ශබ්දකෝෂය ජිනෙන්ද්‍රවංශ ද සිල්වා 2010 සරසවි ප්‍රකාශකයෝ)
Space.com(Astronmy)හී පලවන Earth at perihelion in January යන ලිපිය ඇසුරෙනි