පශූ පොහොර බුදින පණුවන් දේශගුණික විසඳුමක් බවට පත් විය හැකිය

Posted by

පශූ පොහොර බුදින පණුවන් දේශගුණික විසඳුමක් බවට පත්  විය හැකිය.

කිරි ගොවිපල අපජලයේ ඇති දූෂක ද්‍රව්‍ය පණුවන් ගිල දමන්නේ, හරිතාගාර වායු විමෝචනය පවා වළක්වමිනි. එවිට, එවැනි පද්ධතියක් ජලයේ ගුණාත්මක භාවයට වාසිදායක ලෙස බලපාන්නේය. එපමණක් ද නොව එවන් පද්ධති, ජීරක(digesters) සඳහා ඇති හොඳ විකල්පයක්  බවට ද පත් කරයි.

කිරි ගොවිපලවල් වසරකට ජලය ගැලුම් මිලියන සිය ගණනක් භාවිතා කරයි. එම ජලය, වරක් භාවිතා කරන විට,  භූගත ජලය දූෂණය කිරීමට හේතුවිය හැකි  සත්ව අපද්‍රව්‍ය, ව්‍යාධි කාරක සහ නයිට්‍රේට් වැනි පරිසරයට හානිකර  රසායනික ද්‍රව්‍ය  එක්කරගන්නා අතර එය හරිතාගාර වායු විමෝචනයට දායක වේ.

එවැන්නක් සිදුවීම වලක්වා ගැනීම සඳහා, සමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ ගොවිපලෙන් ජලය පිටවීමට පෙර 10 වතාවකට වඩා ගොවිපල පිරිසිදු කර එහි ජලය නැවත භාවිතා කිරීමයි. ඒවා නයිට්‍රේට් දූෂණය අඩු කර හරිතාගාර වායු විමෝචනය ද අඩු කරයි,

 ඒ සඳහා ස්තුතිය හිමි විය යුත්ටේපණුවන් විසින් බල ගන්වනු ලබන් නව ආකාරයේ අපජල පෙරීමේ පද්ධතියකටය.

සෑම දිනකම ගොවිපලවල අපජලය ගැලුම් මිලියන භාගයක් පමණ  පණුවන්ගෙන් පිරි යෝධ ‘ඇතිරිල්ලක්’ හරහා පොම්ප කරනු ලැබේ.  ලී කැබලි සහ යතු කුඩු අතරේ දඟලන පණුවෝ, දියර පොහොර සහ අපජලය මත භෝජන සංග්‍රහ භුක්ති විඳින්නේ පෝෂ්‍ය පදාර්ථ සහ හානිකර රසායනික ද්‍රව්‍ය ජල ධාරාවෙන් ඉවත් කරමිනි. එවිට ජලය  කුඩු කර දැමුණු දැමූ පාෂාණ තට්ටුවක් හරහා වෑස්සී, පණුවන් අරක්ගෙන සිටින පතුලේ එකතු වී,  පිටවන නලයක් දිගේ පිටතට ගමන් කරන්නේ නැවත වරක් ගොවිපලෙහි භාවිතා කිරීම සඳහායි.

vermifiltration

එක්සත් ජනපදයේ කිරි ගොවීන් දෙදෙනෙකු දැනට අපජලය කළමනාකරණය කිරීම සඳහා vermifiltration පද්ධතියක් ලෙස හඳුන්වන පණු-පරිශ්‍රවණ(පණුවන් පෙරීමේ) පද්ධතියක් භාවිතා කරයි. BioFiltro නම් සමාගමක් විසින් ස්ථාපනය කරන ලද පද්ධතිය, කෘෂිකාර්මික දූෂණ ගැටළු සඳහා එක් විසඳුමක් විය හැකිය.  කිරි ගොවිපල හිමියන්, වඩා හොඳ ජල කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ අපජලයෙන් නයිට්‍රේට් ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු යයි ඇමරිකාවේ ජනපද නියම කර ඇත් තත්ත්වය හමුවේ මෙය විශේෂයෙන් වැදගත්ය.

සමහර විද්‍යාඥයන් පවා පවසන්නේ ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් නිෂ්පාදනය වැලැක්වීමෙන් කිරි ගොවිපළවලින් හරිතාගාර වායු විමෝචනය වර්මිෆිල්ට්‍රේෂන් මගින් අඩු කළ හැකි බවයි. එනිසා, පණු-පරිශ්‍රවණය(Vermifiltration) පොහොර දිරවීමට මෙන්ම පොහොර තටාක මගින් නිපදවන මීතේන් හසුකරගෙන පසුව , පසුව එම මීතේන් ඉන්ධන ප්‍රභවයක් ලෙස විකුණනු ලබන මතභේදාත්මක තාක්ෂණයන් සඳහා විකල්පයක් විය හැකිය,

“කැලිෆෝනියාව වැනි කෘෂිකාර්මික කලාපවල භූගත ජලයෙහි නයිට්රේට් දූෂණයට කිරිපට්ටි කර්මාන්තය “සැලකිය යුතු දායකත්වයක්” සපයන බව මධ්‍යම නිම්න ජල මණ්ඩලයේ(Central Valley Water Board) ක්ලේ රොජර්ස් පවසයි. බොහෝ පොහොරවල, පොහොර අපද්‍රව්‍යවල හා මිනිස් අපද්‍රව්‍යවල අඩංගුව ඇති නයිට්‍රේට්,  පානීය ජලයේ පිළිකා කාරක රසායනික ද්‍රව්‍යයක් යැයි සැලකේ. එමෙන්ම ගර්භණී මව් වරුන්ගේ සංකූලතා සඳහා අවදානම් ඇත් කරවන සාධකයක් ලෙස ද විමර්ශනයට  ලක් කර ඇත්තකි. ඉහළ නයිට්රේට් මට්ටම් සහිත ජලය පානය කිරීම, ඇතැම් විට “නිල් ළදරු සින්ඩ්රෝම්” ලෙස හැඳින්වෙන් මෙටහිමොග්ලොබින්මියාව (methemoglobinemia) වර්ධනයට තුදු දෙන සාධකයක් විය හැකිය. මෙය ශරීරයට ඔක්සිජන් ලබා දීමට රුධිරයේ ඇති හැකියාව කෙරෙහි බලපාන රෝගයකි.

දේශගුණික විපර්යාස මගින් ඇති කරවනු ලබන  නියඟයන් නයිට්රේට් දූෂණය පිළිබඳ ගැටලුව නරක අතට හරවනවා විය හැක, මන්ද,  දශකයක් තුළ කැලිෆෝනියාවෙ දෙවන දැඩි නියඟය අත්විඳිමින් සිටින හෙයිනි. 

ඒ සා ඉතා දරුණු නියඟය, සියෙරා නෙවාඩා කඳුකරයේ කුඩා හිම ආවරණයක් පමණක් බිහිවීමට වගකිව යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම නිම්නයට ගලා යන ජලය බෙහෙවින් අඩුවෙයි. මෙම ජලය මගින් සපයනු ලබන වාරිමාර්ග පහසුව නොමැතිව, ගොවීහු භූගත ජලය ලබා ගත හැකි ළිං මත වැඩි වශයෙන් රඳා පැවවතීමට පෙළඹෙති. මධ්‍යම නිම්නයේ ගොවීන් මෙන්ම නගර මගින් ද මෙම ළිංවලින් වැඩි වැඩියෙන් (ජලය) පොම්ප කරන විට, ඒ හා සමග නයිට්‍රේට් දූෂිත ජලය ද වුඩට ඒම පටන් ගත හැකිය.

එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ පර්යේෂණ භූ විද්‍යාඥයෙකු වන Zeno Levy පවසන්නේ, “ඇත්ත වශයෙන්ම අපි භූගත ජලයේ ගුණාත්මක වෙනසක් දකින්නෙමු, එය අපව පුදුම කරවන්නක් විය” යනුවෙනි. නියඟය මගින් භූගත ජලයට නයිට්‍රේට් ඇතුල් කළ හැකි ආකාරය පෙන්වන 2021 අධ්‍යයනයක ලෙවී මුල් කතුවරයා විය

BioFiltro’s ආයතනය වැනි පණු-පරිශ්‍රවණය පද්ධති, නයිට්‍රේට් කළමනාකරණ සැලසුම්වල කොටසක් බවට පත්විය හැකිය; මන්ද ඒවා බෝග මත ජලය විසිරීමට පෙරම ජලයේ නයිට්‍රේට් අඩු කරයි. නයිට්‍රේට් ප්‍රතිශතය අඩුවීම  උෂ්ණත්වය, pH අගය සහ පද්ධතියේ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් වර්ග වැනි විවිධ සාධක ගණනාවක් මත රඳා පවතින බව හෙළිවී ඇත. BioFiltro විසින් අරමුදල් සපයන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ එය අපජලයෙන් මුළු නයිට්‍රජන් (නයිට්‍රේට් පූර්වගයකි) සියයට 84 ක් ඉවත් කරන බවයි. 2022 නෙබ්‍රස්කා-ලින්කන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද vermifiltration  පද්ධතියක් පිළිබඳ අධ්‍යයනයකින් සොයා ගන්නා ලද්දේ මුළු නයිට්‍රජන් ප්‍රමාණය සියයට 53 ත් 61 ත් අතර අඩුවීමක් සිදුවන බවයි.

පිරිවැසි(casing) හෝ පණු-කොම්පෝස්ට්(vermicompost) ලෙස හඳුන්වන පණුවන් විසින් ජනනය කරනු ලබන අසූචි, ගොවීන්ට තම ගොවිපලවලම  භාවිතා කිරීමට ගත හැකි නැතිනම් විකුණාගැණීමට හැකි ඉතා වටිනා පාංශු ආකලනයකි(soil additive). පණු-කොම්පෝස්ට් වල ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වන අතර එය පසට නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීමට(fix nitrogen) උපකාරී වන අතර පොහොර යෙදීම් වඩාත් ඵලදායී හා කාර්යක්ෂම කරන බව BioFiltro හි තිරසාර නිලධාරි Mai Ann Healy පවසන්නීය.

කිරි නිෂ්පාදනාගාරයකට එහි අපජල පිරිපහදු කිරීමේ දී (ඒ සඳහා) ශක්තියක් අඩුවෙන් භාවිතා කිරීම පිණිස පණු ප්‍රජාවට උපකාර කළ හැකි බව ඇය පැවසුවාය. අපජල කළමනාකරණය සඳහා කිරි නිෂ්පාදකයන්ට සාමාන්‍යයෙන් අපජලයට ඔක්සිජන් එකතු කිරීමට අවශ්‍ය වේ. එම වාතනය(aeration) ජලයට වාතය පොම්ප කිරීමෙන් සිදු කරන්නට සිදුවන්නේ නම් ඊට ශක්තිය වැයවේ. කෙසේ වෙතත් ඒ වෙනුවට, පණුවන් අපජලය හාරාගෙන යන විට, වාතනය පණුවන් අතින්ම සිදුවෙයි.

Vermifiltration කිරි ගොවිපලවල මීතේන් විමෝචනය අවම කරන බවක් ද සමහර අවස්ථාවල පෙණී ගොස් ඇත.  කාබන් ඩයොක්සයිඩ් වලට වඩා බලවත් හරිතාගාර වායුවක් වන මීතේන්, ගව ගොම සහ ගවයින් පිටකරන ‘රාමතෙල්'(burps) වල අතුරු ඵලයකි. කිරි ගොවිපලවල දී මීතේන්, වායුගෝලයට මුදා හරිනු ලැබේ; නැතහොත් ගොම ජීරකයක් මගින් ග්‍රහණය කරනු ලැබේ. උදාහරණයක් ලෙස BioFiltro හි අධ්‍යයනයෙන් හෙළි වූයේ, විමෝචනය සීමා කිරීමේ පද්ධතියක් නොමැති කිරි නිෂ්පාදනාගාරයක් හා සසඳන විට Vermifiltration පද්ධතිය මගින් කිරි නිෂ්පාදනාගාරයේ මීතේන් විමෝචනය සියයට 97කින් අඩු කළ බවයි.  2022 වොෂින්ටන් ජනපද විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් ද සමාන ප්‍රතිඵල සොයා ගනු ලැබ ඇත.

ජීරක වෙනුවට පණු-පරිශ්‍රවණය(Vermifiltration) භාවිතා කිරීමේ, විශේෂ දේශගුණික ප්‍රතිලාභයක් ඇත:  පොහොර නිපදවන මීතේන් ජීරක මගින් ග්‍රහණය කරගනු ලබන් අතර, Vermifiltration සිදුකෙරෙන්නේ  මීතේන් පැවතීමටම කිසිවිටකත් ඉඩ ලබා නොදීමයි. ජීරක හොඳ දේශගුණික විසඳුමක් නොවන අතරකනස්සල්ලට පත්වන  සහ  මීතේන් විමෝචන හසු කර ගැනීමට්ම නොව විමෝචන අඩු කර ගත යුතු යයි කල්පනා කරන සහ අල්ලා ගැනීමට පමණක් නොව ඇතැම් ප්‍රජා උපදේශකයින්ට නම්  එය හොඳ ආරංචියකි.

Royal Dairy  ඉදිරිපත්වීම ගැන Alred සතුටට පත් වන අතර, නව  හාවිතය ප්‍රචලිත වනු වනු ඇතැයි බලාපොරොත්තු වේ. “ගොවීන් ඔවුන්ගේ  අපගේ පසට හානියක් නොවන ලෙස ගොවිපළෙහි  ජලය පිරිසිදු කිරීමටත්  පෝෂ්‍ය පදාර්ථ ගොවිපලෙහි රඳවා තබා ගැනීමටත් ඔවුන්ට හැකි උපරිමයෙන් ක්‍රිය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යයි” ඔහු කියා සිටියි.

In side Climate News  හී Manure-Eating Worms Could Be the Dairy Industry’s Climate Solution යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.