සංශයවාදී ශීලය
සංශයවාදය(Skepticism) යනු ඕනෑම සහ සියලුම කියාපෑම්වල වලංගු භාවය පරීක්ෂා කිරීමට විද්‍යාව සහ විචාරය දැඩිව උපයෝගී කරගැනීමයි. අද, සෑම් සමාජයකම මෙන්ම ලෝකයේ බොහෝ තැන්වල මිථ්‍යා විශ්වාස සහ ඉන්ද්‍රජාලික චින්තනය යලි හිස ඔසවමින් ඇති බැවින් අපට සංශයවාදීව කල්පනාකිරීම අවශ්‍යම වී ඇත. තාර්කික විමර්ශනයේ වටිනාකම අවධාරණය කිරීමෙන් සංශයවාදයට ඒවා(මිථ්‍යා විශ්වාස සහ ඉන්ද්‍රජාලික චින්තනය), ප්‍රතිතෝලනය කළ හැකිය. මෙම ලිපි මාලාවේදී, අපි අද්භූත හා සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර වූ අද්භූත දේ පිළිබඳ විශ්වාසය, මැවුම්වාදය, සමූලඝාතන ප්‍රතිශෝධන වාදය, විවිධ කුමන්ත්‍රණ න්‍යායන් සහ තවත් බොහෝ දේ පිළිබඳ සංශයවාදයට සුදුසු බොහෝ ප්‍රකාශයන් ගවේෂණය කරන්නට බලාපොර්ත්තුවෙමු. අවසාන වෙද්දී, සංශයවාදය යනු ලෝකය සැබවින්ම ක්‍රියා කරන ආකාරය සොයා ගැනීමට අපට හැකිවන පරිදි සිතීමේ ප්‍රයෝජනවත් ක්‍රමයක් බව අපට පෙනී යනු ඇත.

සංශයවාදය යනු කුමක්ද?
සංශයවාදය යනු සියලුම කියාපෑම්වල වලංගු භාවය පරීක්ෂා කිරීමට විද්‍යාව සහ විචාරය උපයෝගී කරගැනීම ලෙස අර්ථ දැක්වෙයි. එය, කල් ඇතිවම තීරනයකට එළඹ, මොනම හේතුවක් නිසාවත් ඉන් නොසෙල්වෙන ආස්ථානයක් නොවේ. නිදසුනක් වශයෙන්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන මුලින් සැක සංකා පහළකළ බොහෝ අය මේ මොහොතේ පවතින කරුණු මත පදනම්ව, දැන් එය විශ්වාස කරති. මෙහි “මේ මොහොතේ” යන වාක්‍ය ඛණ්ඩය සටහන් කර තිබීම වැදගත්ය. විද්‍යාවේ සහ සංශයවාදයේ නිගමන තාවකාලිකයි. සාක්ෂි වෙනස් වෙනවා නම් විද්‍යාවේදී ඔබේ අදහස වෙනස් කිරීම පිළිගත හැකියි. ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය නම්: යමකට ඇති සාධක වෙනස්වන්නේ නම් ඔබේ මනස වෙනස්වීම විද්‍යාවේ දී වලංගුවේ. ඇසිය යුත් වැදගත්ම ප්‍රශ්නය මෙයයි: යම් කියාපෑමක් සනාථ කිරීම සඳහා හෝ ඊට එරෙහිව ඇති සාධක මොනවා ද?
සංශයවාදීන් සංවෘත මනසක් නොමැත්තන් හෝ කිසිත් නුරුස්සන නරුමවාදීන් යයි යන්න ජනප්‍රිය මතයක් වන නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් එසේ නොවන බවයි. සංශයවාදීහු කුහුල්ගතියෙන් යුක්ත නමුත් එකවරම යමක් පිළිගැනීමට නොපෙළඹෙති. ඔවුහු බොහෝ දේ විශ්වාස කරති – රෝග පිළිබඳ විෂබීජ න්‍යාය, විශ්වයේ මහා පිපිරුම් න්‍යාය යනාදිය – විශ්වාස කිරීමට හේතු සහ සාක්ෂි ඇති තාක් කල් ඔවුහු බොහෝ දේ විශ්වාස කරති.
සංශයවාදීන් කිසිවක්ම විශවාස නොකරන්නෝ නොවෙති.. ඇත්ත වශයෙන්ම, ප්‍රබල සාක්ෂි තවමත් නොමැති දේවල් විශ්වාස කිරීමට පවා ඔවුන් සූදානම්ය: සංඛ්‍යානමය සම්භාවිතාවෙන් ඇඟවෙන පරිදි බොහෝ දුරට විය නොහැකි බව පැවසෙන විශ්වයේ පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම වැනි දේ විශ්වාස කිරීමට පවා ඔවුන් සූදානම්ය. එසේනමුත් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ නැති බව බොහෝ සංශයවාදීන් විශ්වාස කරන්නේ එසේ පැමිණ ඇති බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර නොමැති බැවිනි.

සංශයවාදී වීම යනු ඇත්තටම තර්කාන්විත වීම සහ ආනුභවික වීමයි: විශ්වාස කිරීමට පෙර සිතීම සහ දැකීම. සංශයවාදය යනු හුදෙක් “සොයන්න, එවිට ඔබට සොයාගත් හැකිවේ” යන්න නොව “සොයන්න, ඒ අතරම විවෘත මනසක් තබා ගන්න” යන්නයි. විවෘත මනසක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ සාම්ප්‍රදායික විශ්වාසය සහ මිථ්‍යාදෘෂ්ටිය අතර අත්‍යවශ්‍ය සමතුලිතතාවය සොයා ගැනීමයි; දැන් පවත්නා තත්ත්වය හෙවත් යථා තත්ත්වය වෙත සම්පූර්ණ කැපවීම සහ නව අදහස් අන්ධ ලුහුබැඳීම අතර අත්‍යවශ්‍ය සමතුලිතතාවය සොයා ගැනීමයි; රැඩිකල්වාදී නව අදහස් පිළිගැනීමට තරමට විවෘත මනසක් තිබීම සහ මොළයට ඔරොත්තු නොදෙන තරමට විවෘත මනසක් පැවතීම අතර සමතුලිතතාවය සොයා ගැනීමයි. සංශයවාදය යනු එම සමතුලිතතාවය සොයා ගැනීමයි.

සංශයවාදීන්ගේ එක් මෙහෙවරක් වන්නේ විද්‍යාඥයන් සාමාන්‍යයෙන් ආමන්ත්‍රණය කිරීමට නොහැකි තරම් තම ක්ෂේත්‍රවල කාර්යබහුල වී ඇති බවට වන නිශ්චිත ප්‍රකාශයන් විසඳීමයි. එවැනි ප්‍රකාශයන් ගිනි ඇවිදීමේ සිට මැවුම්වාදයේ සිට සමූලඝාතන සංශෝධනවාදය දක්වා විහිදේ.
විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් සමහර විට විකල්ප විශ්වාසයන් ඉදිරිපත් කරන්නන් සමඟ වාද විවාදවලදී අසාර්ථක වන්නේ – ඔවුන් තම ක්ෂේත්‍ර නොදන්නා නිසා නොව, ඔවුන් වාචාලකම හා විචක්ෂණ භාවය පිළිබඳ දක්ෂ නැති නිසා ය.
2000 ගණන්වල පටන්, සංශයවාදී ව්‍යාපාරය විද්‍යාවට සහ සමාජයට බරපතල ඇඟවුම් සහිත විශ්වාස සහ ප්‍රකාශ මාලාවක් විමර්ශනය කරන ලදී, එන්නත් සහ ඔටිසම් අතර ඇති සම්බන්ධය, විකල්ප/අනුපූරක වෛද්‍ය විද්‍යාව සහ විද්‍යාව පදනම් කරගත් වෛද්‍ය විද්‍යාව, දීර්ඝායුෂ සහ අපද යන ප්‍රශ්නය ඇතුළුව. සැන්ඩි හූක් ප්‍රාථමික පාසලේ ප්‍රහාරය සංවිධානය කළේ ඔබාමා පරිපාලනය විසින් යැයි කියන ප්‍රකාශය, 9/11 ප්‍රහාරය සංවිධානය කළේ බුෂ් පරිපාලනය යන මතය, ඇත්තටම තව දුරටත් ජීවත් වෙනවා.
මෙම අවස්ථා වලදී, සංශයවාදීන් විද්‍යාත්මක ක්‍රමය හරහා තර්කනය යොදා ගනිමින් ජනප්‍රිය වැරදි වැටහීම්, භයානක කටකතා සහ හිතාමතා සිදුකෙරන වංචාවන් විමර්ෂණය කළ අතර එසේ සොයා බැලූ කියාපෑම් එක්කෝ අසත්‍යය, එසේ නොවේ නම් සැක සහිතය යන්න ඔප්පු විය.
වැරදි තොරතුරු සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීම කළ නොහැක්කක් වුවද, සංශයවාදීන් විශ්වාස කරන්නේ එයට මුහුණ දීම සහ නිවැරදි කිරීම එහි විනාශකාරී බලපෑම් උදාසීන කිරීමට උපකාරී වන බවයි.
වෙනත් නගරයක දී මිතුරෙකු අහම්බෙන් හමුවීමක් අපගේ මතකයේ රඳී තිබෙන්නට පුළුවන. මන්ද අපගේ මොළය පරිණාමය වී ඇත්තේ අසාමාන්‍ය රටා දැකීමට නිසා මිස එවැනි සිදුවීම් සිදුවෙන්නට තිබෙන සම්භාවිතාව ගණනය කිරීමට නොවේ.
The Great Courses’ Skepticism 101: The Virtues of Skepticism යන කොටස අසුරෙනි