මෑනවීම(Manipulation): සොයා බැලිය යුතු ලක්ෂණ(UPDATED)

Posted by

මෑනවීම(Manipulation): සොයා බැලිය යුතු ලක්ෂණ

සබඳතා ඇතිකර ගෙන සිටින පුද්ගලයින්ට, එම සම්බන්ධතාවයන් වර්ධනය වන විට ප්‍රශ්න, ගැටළු අත්විඳින්න සිදුවීම ස්වාභාවිකය.  සමහර විට මෙම ගැටළු හැඟීම් බරවීම හෝ කෑදරකම නිසා පැන නගී. ඕනෑම ආකාරයක සම්බන්ධතාවයකදී මතුවිය හැකි එක් විදිහක ගැටලුවක් වන්නේ මෑනවීමයි. කාලය ගෙවී යද්දී මෙය  අනෙක් ප්‍රශනවලට මඟ පෑදිය හැකි ප්‍රශ්නයකි. අන් අය සමඟ ඔබේ සබඳතා තුළ  උපාමාරු කිරීමේ සලකුණු හඳුනාගන්න සහ මෑනවීම මතු වුවහොත්   ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ ඉගෙන ගන්න.

මෑනවීම යනු කුමක්ද?

උපාමාරු කිරීම හෙවත් මෑනවීම යනු හසුරුවීම මාර්ගයෙන් අන් අයට හානිකර බලපෑමක් ඇති කිරීමයි. අන් අයව හසුරුවන අය තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම උදෙසා එම අයගේ මානසික සහ චිත්තවේගීය අංශවලට පහර දෙති. හසුරුවන පුද්ගලයා – (හසුරුවන්නා ලෙස හැඳින්වේ – manipulator) – බලයේ අසමතුලිතතාවයක් ඇති කිරීමට උත්සාහ කරයි, එමෙන්ම වින්දිතයා මත බරපටවමින්, බලය, පාලනයකිරීම, ප්‍රතිලාභ සහ/හෝ වරප්‍රසාද ලබා ගැනීම පිණිස වින්දිතයාගෙන් අයුතු ප්‍රායෝජන  ලබා ගනී.

සමීප සබඳතාවල හෝ අහඹු සබඳතාවල මෑනවීම් ඇතිවිය හැකි  නමුත් මෑනවීම  සමීපව ගොඩනඟන ලද සබඳතාවල දී බහුලව දක්නට ලැබේ. එක් ආකාරයකින් සලකා බැලුවොත්, සෑම දෙනාටම, ඒ කියන්නේ ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා අන් අයව හසුරුවා ගත හැකිය. එනමුත් හැසිරවීම විධිමත්ව අර්ථ දැක්වෙන්නේ  යම් කෙනෙකුගේ චිත්තවේගයන් හසුරුවමින් හසුරුවන්නාට ඕනෑ  යම් ආකාරයකට ක්‍රියා කිරීමට හෝ  හැඟීයාමට එම අය පොළඹවා  ගැනීමට දරන ඕනෑම උත්සාහයක් ලෙසයි.

අතාර්කික බවක් ඔබ තුළ ඇති කරවීමට සහ එමගින් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඔබ පහසුවෙන් අවනත වීමට හසුරුවන්නන්  භාවිතා කරන පොදු උපක්‍රම ඇත. ඒවා අතුරෙන් පොදු උදාහරණ කිහිපයක් මතු දැක් වේ:

● වරදකාරිත්වය පිළිබඳ හැගීමක්(Guilt)

● මැසිවිලි කීම(Complaining)

● සංසන්දනය(Comparing)

● බොරු කීම

● ප්‍රතිෂේධනය කිරීම(Denying)

● නොදැනුවත්කම හෝ නිර්දෝෂීභාවය මවා පෑම(Feigning ignorance or innocence)

● දොස් පැවරීම

● භය ගැන්වීමට හෝ මනස අවුල්කිරීම පිණිස මානසිකව කෙරෙන බලපෑම්(Mind games) 

හැසිරවීම හොඳ චේතනාවෙන්  හෝ නරක චේතනාවෙන් සිදු කළත්, එය අනිවාර්‍යයෙන්ම කෙනෙකුගේ තාර්කික චින්තනය යටපත් කිරීමට උත්සාහ කිරීමකි.

අන් අයව හසුරුවන පුද්ගලයින් සතුව, සෙවුවොත් ඔබට හඳුනා ගත හැකි පොදු ලක්ෂණ ඇත:

●       ඔබේ  මොන්වාදයි ඔවුන් දන්නා අතර ඒවායින්(දුර්වලතා) ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න ඔවුහු දනිති.

●       ඔවුහු,  ඔබේ අනාරක්ෂිත භාවයන් ඔබට එරෙහිව භාවිතා කරති.

●       ඔබට වැදගත්වන දෙයක් අත්හැරීමට ඔවුන් ඔබව පොළඹවාගන්නේ ඔවුන් මත ඔබගේ යැපීම තවත් වැඩිකරගැනීමටය.

●       ඔවුන් ඔවුන්ගේ මෑනවීම සාර්ථක වූයේ නම්,  ඔබට එම තත්වයෙන් මිදීමට හැකි වන තුරුම ඔවුන් දිගටම එසේ කරනු ඇත. 

එම පොදු ලක්ෂණ අතරට ඇතුළත් වෙයි.

ස්ථානීය වාසිය

හසුරුවන්නෙකු ඔබව ඔබේ සුවපහසු කලාපයෙන් සහ ඔබට හුරුපුරුදු ස්ථානවලින් පිටතට ගෙන ඒමට උත්සාහ කරන්නේ ඔබගෙන් අයථ වාසියක් ලබාගැනීමටය. මෙය හසුරුවන්නාට හිමිකමක් ඇතැයි දැනෙන හෝ පාලනයක් දැනෙන ඕනෑම ස්ථානයක විය හැකිය.

කරුණු හෙවත් පරිසිද්ධි හැසිරවීම

හසුරුවන්නෙක් ඔබට හිතාමතාම බොරු කියයි, ගැල්වීම සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කරයි, ඔබට දොස් පවරයි, නැතහොත්  ඔවුන් පිළිබඳව ඇතැම් කරුණු උපක්‍රමශීලීව බෙදාහදාගන්නා නමුත් වෙනත් සත්‍යය කාරණාවන් වසන් කරයි. මෙය සිදු කිරීමේදී, ඔවුන් ඔබ කෙරෙහි බලය පතුරුවා ගන්නා බවත් බුද්ධිමය වශයෙන් ඔබට වඩා උසස් බවක්   ඔවුන්ට හැඟේ.

අතිශයෝක්තිය සහ සාමාන්‍යකරණය

හසුරුවන්නන් යනු අතිශයෝක්තිය සහ සාමාන්‍යකරණය පිළිබඳ විශේෂඥයන් ලෙස දක්වන්න පුළුවන්. “කවදාවක්වත්, කවුරුවත්  මට ආදරය කරලා නැහැ” වැනි දේවල් ඔවුන් පැවසිය හැකිය. ඔවුන් නගන තර්කවල දුර්වල තැන් දැකීමට අපහසු කරවනු වස් ඔවුන් නොපැහැදිලි චෝදනා භාවිතා කරයි.

කුරිරු හාස්‍යය

උපාමාරු කරන්නන් හෙවත් හසුරුවන්නන්  විසින් භාවිතා කරනු ලබන  මෙම උපක්‍රමය ඔබේ දුර්වලතා වෙත අවධානය යොමු කරමින් ඔබ තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කිරීමට අදහස් කෙරේ. ඔබව නරකයෙකු, දුර්වලයෙකු බව පෙන්නුම් කිරීමෙන්, ඔවුහු මානසික වශයෙන් උසස් බවක් ආරෝපණය කර ගනිති.

මනස ගිනී තැබීම(Gaslighting)

මෙම උපක්‍රමය හසුරුවන්නා විසින් ඔබව ව්‍යාකූල කිරීමට සහ ඔබ අත්විඳින යථාර්ථය ඔබටම ප්‍රශ්නයක් බවට පත් කිරීම පිණිස භාවිතා කරනු ලැබේ. පරිභවයට හෝ බොරුවලට ඔබ මුහුණ දෙන විට,  එවැන්නක් කිසි විටෙකත් සිදු නොවූ බව හසුරුවන්නා ඔබට පවසමින් හැසිරවීම සිදු වෙයි.

නිෂ්ක්‍රීය චණ්ඩභාවය

හැසිරවීමේ කිසිම අදහසක් කීඉවිට නොමැතිවම මිනිසුන් බොහෝ හේතු නිසා නිෂ්ක්‍රීය-ආක්‍රමණශීලීන් වීමට හැක. එනමුත් කලක් තිස්සේම හසුරුවන්නන් වශයෙන් ක්‍රියාකරන්නන් මෙම උපක්‍රමය භාවිතා කරන්නේ ඔබට වරදකාරි හැඟීමක් ඇති කර වක්‍රාකාරයෙන් නැතිනම් අපහැදිලි ආකාරායෙන් ප්‍රශංසාවන් කරවීමට ය. කෙලින්ම කේන්ති ගන්නේ නැතුව තරහා පෙන්නීම තුළින් ඔබගේ මනස අවුල් කිරීමට තමයි ඔවුන් මෙසේ කරන්නේ.

නිරන්තර විනිශ්චය

මෙයින් හැඟවෙන්නේ, හසුරුවන්නා ඔවුන්ගේ හැසිරවීම හුදු හාස්‍යයක් හෝ “විනෝදයක් ලැබීමක් ” ලෙස සඟවන්නට උත්සාහ නොදැරීමේ උපක්‍රමයයි. මෙම අවස්ථාවේදී සිදුවන්නේ, ඔවුන් ඔබව විවෘතව විනිශ්චය කිරීම, සමච්චලයට ලක්කිරීම සහ ඔබව නොසලකා හැර ඉවත් කර දමීමයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබ යම්කිසි වැරැද්දක් කරන බව ඔබට හැඟවීමටත්, ඔබ කුමක් කළත් ඔබගෙන් ඔවුන්ට එතරම් වැඩක් නොවන බව පෙන්වීමයි. ඔවුහු ඍණාත්මක අංශ කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර ඵලදායී විසඳුම් ඉදිරිපත් නොකරති.

හැසිරවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම

ඔබ මෑනවීමකට හෙවත් හැසිරවීමකට ලක්වනවිට මෑන්වීම හඳුනාගැනීම හෝ මෑන්වීමට ලක්ව ඇති බව පිළිගැනීම අසීරු විය හැකිය. මෑනවීමකට ඔබ ලක් වීම සම්බන්දයෙන් ඔබට වරදක් පැටවිය නොහැක. අනික,  මෑන්වීම හෙවත් හැසිරවීම වළක්වාගත නොහැක;  මන්ද එය හසුරුවන්නාගේ ගැටලුවක් වීමයි. උදව් සොයා ගැනීම හසුරුවන්නාට භාරයි.

කෙසේ වෙතත්, හැසිරවීමේ චිත්තවේගීය බලපෑම අඩු කිරීමට ක්‍රම තිබේ. සම්බන්ධතාවක  දැඩි සීම මායිම් නියම ක්‍රන්නට ක්‍රම තිබේ.

●       පැහැදිලි, සෘජු සහ නිශ්චිත ආකාරවලින් සන්නිවේදනය කරන්න.

●       හැසිරවීම සාමාන්‍ය නොවන අවස්ථා සහ ඊට අවධානය යොමු කළ යුතු අවස්ථා තේරුම් ගන්න.

●       හැසිරවීම වටා සීමා මායිම් සකසන්න; එමෙන්ම,  කවුරුන් හෝ ඔබව හසුරුවනවිට, එය ඔබට වැටහෙන බවත්, එවැනි ‘සංවාදයක’ කොටස්කරුවෙකු වීමට ඔබට අවශ්‍ය නැති බවත් එම පුද්ගලයාට දැනුම් දීමට ක්‍රමයක් සොයා ගන්න.

●       හසුරුවන්නාගේ බලපෑමට යටත් නොවන විශ්වාසවන්ත පුද්ගලයෙකු සොයා, ඔබේ තත්වය පිළිබඳව ඔවුන්ගේ උපදෙස් විමසන්න.

හැසිරවීම හඳුනා ගැනීමට හැකිවීම ඇත්තවශයෙන්ම එය අවසන් කිරීමේ ලා විශාල වැඩ කොටසක් ඉ‍ටුකිරීමකි. මාස්නවීඑමට මුල් වන්නේ ආදරයෙන් බැඳුණු  කෙනෙකුගෙන්  නම්, උපකාර පැතීම ඉතා අපහසු විය හැකිය. කෙසේ වෙතත්, හැසිරවීම ඔබේම චිත්තවේගීය යහ පැවැත්මට හානි ඇති විය හැකිය. එමනිසා, තත්වයෙන් මිදීමට ආරක්ෂිත මාර්ගයක් සොයා ගැනීමට ඔබට හැකි වීම වැදගත්ය.

සැකසීම:WebMD කතෘමණ්ඩල සම්පත්දායකයින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.