යුරොපාකරයේ මේ දිනවල රැල්ලක් සේ පැතිර යන අසමාන්‍ය තාපය, දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් නිසියාකාරව ක්‍රියා නොකිරීමේ ආදීනව පිළිබඳ පණිවුඩය දෙශපානඥයන්ට ගෙන එන්නේ වහාම ක්‍රියාතමක වියයුතු බව පෙන්වාදෙමිනි.

උණුසුම කොපමණ නම් ඉහළ නගී ද? තාප වාර්තා බිඳ දැමෙද්දී, වනාන්තර පිළිස්සී යද්දී, ආර්ථිකයන් අවුල් වියවුල් වෙද්දී සහ මිනිසුන් මිය ය්ද්දී වර්තමානයේ ලෝක නායකයන් මුහුණ දෙන ප්රශ්නය වන්නේ එයයි. දැඩිසේ ජනතාව පීඩාවට පත් කරමින් පැතිරෙන මාරක තාපය, කාබන් විමෝචනය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ හදිසි අවශ්‍යතාවය ගැන නින්දේ පසුවන දේශපාලකයන්ට අනතුරු හඟවන සීනු නාදයක් ලෙස ක්‍රියා කළ යුතුය. මෙයට කලින් කීසිදාක හිතාගැනීමටවත් බැරි තරම් උපර්රිමයකට් පත්(ජූලි 19 දා Coningsby වලින් සෙල්සියස් අංශක
40.3°ක උෂ්ණත්වයක් වාර්තාවිය) එක්සත් රාජධානියේ නායකයන්ට ද මේ සිහිපත් කිරීම නො අඩුව අදාලවේ.
මෙහිදි අවශ්‍ය ප්‍රතිචාරය, කොවිඩ්-19 වසංගතය ලොව ව්‍යාප්තවන්නට පටන ගත් කල විසින් අවුලුවන ලද හදිසි දේශපාලන බලමුලු ගැන්වීමක් වනු ඇතැයි කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් ජූලි අග සතියේ බර්ලිනයේ පැවති වාර්ෂික පීටර්ස්බර්ග් දේශගුණික සංවාදයේ දී ඊට සහභාගී වූ රටවල් 40 කින් පෙරළිකාර නිවේදනයක් නිකුත් කර නොමැත. කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා සහ මීළඟ එක්සත් රාජධානියේ අගමැතිවීම සඳහා තරඟ කරමින් සිටින දේශපාලනඥයන් විසින් දේශගුණික ක්‍රියාමාර්ග සඳහනක් කර නොමැති තර්මය. මෙසේ ඇල්මැරුණු උනන්දුවකින් ක්‍රියා කරන්නේ මාස අටකට පෙර රට COP26 දේශගුණ සමුළුවට සත්කාරකත්වය ලබා දී තිබුණේ එක්සත් රාජධානියවීම ලෝකයා වීමතියට පත්කරන්නකි.

රුසියාව ගෑස් සෑප්යුම ‘හිරකිරීමට’ ප්‍රතිචාර වශයෙන් ජර්මනිය ගල් අඟුරු බලාගාර යලි සක්‍රීය කරයි. යොරොපයෙන් ඔබ්බට, අත්ලාන්තික් සාගරය හරහා අවධානය යොමු කරන්නේ නම්, එක්සත් ජනපදය, එහි කාබන් පියසටහන මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන ගණනක සැලැස්මක් නැවත්වරක් එක් තනි දේශපාලඥයෙකු නිසා යළිත් වරක් අවහිර වී තිබේ. ඒ දේශපාලඥයා (වරක් බටහිර වර්ජීනියාවේ ආණ්ඩුකාර ධූරයද දැරූ) සෙනට් සභික Joe Manchin ය.

තාප තරංගයක් යනු කුමක්ද?
තාප තරංගයක් යනු උෂ්ණත්වය 90 ° F ට වඩා ඉහළ යන අතිශය භයානක කාලගුණික තත්ත්වයකි. මෙම අධික තාපය ඉහළ ආර්ද්‍රතාවය සමඟ සංයෝජනය වී දිගු කාලයක් යම් ප්‍රදේශයක් පුරා තාප බුබුලක් නිර්මාණය කරයි.
තාප තරංග ඇති වන්නේ කෙසේද?
අධි පීඩන වාතය වායුගෝලයේ ඉහළ ස්ථාපනය වී උණුසුම් වාතය පහළට කිඳා බැසීමට හේතු වන විට තාප තරංග ඇතිවේ. මෙය උණුසුම් වාතය කිඳා බැස්සවීමට හේතුවෙයි. කිඳා බසින උණුසුම් වාතය මුද්‍රාවක් නැතිනම් වසුනක්(seal) මෙන් ක්‍රියා කරමින් බුබුලක් නිර්මාණය කර පොළව අසල තාපය රඳවා ගනී. මෙම වසුන වලාකුළු සාදන සංවහන ධාරා සහ අවසානයේ ඉන් හටගන්න වැසි වලාකුළු ඈත් කර තබා ගනියි, මේ දෙකම බලපෑමට ලක් වූ ප්‍රදේශය සිසිල් වීමට උපකාරී වන නමුත් ඒ වෙනුවට ඇති වන ප්‍රතිඵලය වන්නේ පොළව ආසන්නයේ අධික තාපය සහ අධික ආර්ද්‍රතාවය යන දෙකම ඇති තාප තරංගයකි. මෙම තාප තරංග දින ගනනක සිට සති දක්වා පැවතිය හැක.
තාප තරංගයක් ඇතිවීමට හේතුව කුමක්ද?
තාප තරංග ඇති වන්නේ අඩි 10,000-25,000 ක් උසින් පිහිටි දැඩි අධි පීඩනයක් ස්ථාපනයක් කර එතනින් එහා මෙහා වීම ප්‍රතික්ෂේප කිරීමෙනි. මෙය උණුසුම් වාතය කිදා බහින්නට හේතු වේ. එහි ප්‍රතිඵලය වන්නේ උණුසුම් වාතය සහිත ගෝලාර්ධයක්(dome) වන අතර එය පොළව අසල තාපය රඳවා තබා ගෙන සිසිලන සංවහන ධාරා වළාකුළු සෑදීම වළක්වයි.
තාප තරංග ඇති වන්නේ කොහේද?
තාප තරංග අප සාමාන්‍යයෙන් උණුසුම් යැයි සිතන ප්‍රදේශවලට පමණක් සීමා නොවේ. අධික පීඩන වාතයක් මගින් තාප ගෝලයක් සෑදීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ලබන ඕනෑම තැනක තාප තරංග ඇති විය හැක. නිදසුනක් වශයෙන්, 1995 දී චිකාගෝ හි දරුණුතම තාප තරංගයක් ඇති වූ අතර නැගෙනහිර මුහුදු තීරයේ එක් සෘතුමය තාප තරංගයක් ඇති විය.
තාප තරංග පරිසරයට බලපාන්නේ කෙසේද?
තාප තරංග ඉහළ උෂ්ණත්වයන් සහ (ඇති වන්නැඉනම්), අඩු වර්ෂාපතන මට්ටම් හරහා පරිසරයට බලපායි. මෙම සාධක දෙක එකතු වී නියඟ සහ ලැව්ගිනි සඳහා සුදුසු තත්වයන් බිහි කරයි. තාප තරංග නිසා ඇති වන නියඟ සහ ලැව්ගිනි අවට වෘක්ෂලතා සහ වන ජීවීන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. වැඩි ජල මට්ටමක් සහ වැඩි සෙවනක් අවශ්‍ය වන ශාක බොහෝ විට තාප තරංග හේතුවෙන් මිය යනු ඇත. සිසිලස තබා ගැනීමට හෝ ප්‍රමානවත් තරම් ජලය ලබාගැනීමට වෙහෙසෙන වනජීවීන් විනාශ මුඛයට පත්වන්නේ පරිසරයට හා ඔවුන්ගේ පරිසර පද්ධතියට බලපෑම ඇතිකරවමිනි.
තාප තරංග ආර්ථිකයට බලපාන්නේ කෙසේද?
ඉහළ මිල ගණන්: තාප තරංගයක අධික තාපය නිසා ඇති වන කෙටි නියඟ පවා ශාක නිෂ්පාදනය අඩු කළ හැකි අතර වෙළඳපොලේ මිල ගණන් ඉහළ යාමට හේතු වේ.
අධික විදුලි බිල්පත් සහ විදුලිය ඇනහිටීම්: තාප තරංගයක අධික උෂ්ණත්වයකදී සිසිල්ව සිටීම සඳහා වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමේ දී බලශක්ති පරිභෝජනය වැඩි වේ. මේ නිසා විදුලිය මිල වැඩි වන අතර විදුලිය ඇනහිටීම් ද සිදුවේ.
ලාභ අහිමිවීම: විදුලිය ඇනහිටීම් හේතුවෙන් ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට නොහැකි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලාභ අහිමි වේ.
- DIRECT ENERGY SERVICES

ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වන එක්සත් රාජධානිය දේශගුණික විපර්යාසවලට දුක්ඛිත ලෙස අනුවර්තනය වී ඇති බව වර්තමාන තාප රැල්ල නැවත සනාථ කර ඇත. පාසල් වැසී ගියේය. රෝහල් අඩපණ විය. ගුවන් ගමන් නතර කෙරින. අවාසනාවන්තම කාරණාව වන්නේ මේ තත්ට්වය එක්සත් රාජධානියට
පමණක් සීමා නොවීමයි: ගෝලීය වශයෙන් ගත් කල, අනුවර්තනවීම් බොහොමයක් එහෙන් මෙහෙන් සිදුවූ අසම්පූර්ණ ඒවාය; මද වශයෙන් වර්ධනයක් දක්වන ඒවාය. මෙම වර්තමාන රැල්ල විද්‍යාඥයින් දැනටමත් අනතුරු අඟවා තිබූ දේ නැවත මතක් කිරීමක් බඳුය: එනම් “අනුවර්තනය වීමට සීමාවන් තිබේ” යන්නයි. මේ උශණතව ඉහළ යාම් සිදුවන්නේ පූර්ව කාර්මික මට්ටමට වඩා වඩා 1.1 ° C දීය. ඉහළ අන්තයේ අස්තමේන්තු අනුව ලෝකය 2100 වන විට 3.2 ° C උනුසුම් වීමක් කරා ගමන් කරමින් සිටී; නැතහොත් වඩාත් ශුභවාදී විශ්ලේෂණයක පෙන්වා දිය හැකි 1.9 ° C උච්ච උෂ්ණත්වයක් කරා ලෝකය ගමන් කරයි. අප ඉඩ සලසා දෙන්නේ එවැනි ඉහල ගෝලීය උණුසුමක් සිදුවීමට නම්, අද පවතින තාප තරංග එතරම් දරුණු ලෙස නොපෙනෙනු ඇත. තවත් බොහෝ මාරාන්තික ඉහළ අගයන් අපේක්ෂා කිරීමට සිදු වනු ඇත.
මද වශයෙන් වුව ශුභාරංචිය වන්නේ අපට (මේ සම්බන්ධව) තවමත් යමක් කිරීමට ඉඩකඩ පැවතීමයි. එකක් යන්න එකක් විද්‍යා විද්‍යා වාර්තාවන් අපට මතක් කර දෙන පරිදි, වේගයෙන් විමෝචනය කපා හැරීමට මෙවලම් අප සතුව ඇත. දේශපාලන නායකයින්ට ඒවා(විමෝචනය කපා හැරීමේ මෙවලම්) භාවිතා කිරීමට අවශ්‍ය ජනවරම පසුගිය සතියේ මාරාන්තික උණුසුම්වීම මගින් සපයා දී තිබේ. තාප රැල්ල දේශපාලනඥයන්ට ලබා දෙන වැදගත් පණිවුඩයකි එය..
NEW SCIENTIST (2022-07-23) හී පළවී ඇති Climate change hits hard යන කොටස අසුරෙනි