Utah කාන්තාරයෙන් සොයා ගැනුණු’ ‘භූත පා සටහන්’ ඇමරිකාවේ මුල්ම මානව ජනාවාස ගැන රහස් හෙළිකරයි

Posted by

Utah කාන්තාරයෙන් සොයා ගැනුණු’ ‘භූත පා සටහන්’ ඇමරිකාවේ මුල්ම මානව ජනාවාස ගැන රහස් හෙළිකරයි

පුරාවිද්‍යාඥයන්ට මෑතකදී බටහිර ඇමරිකා එක්සත් ජනපදයේ යූටා හි කාන්තාරයක, ලවණ තලාවල “අද්භූත  පා සටහන්” කට්ටලයක් හමු විය. මෙම අසාමාන්‍ය පෞරාණික පා සටහන්වලට ඒවායේ බිය දනවන නම ලැබෙන්නේ ඒවා පිටසක්වලින් පැමිණිය ඒවා නිසා නොව, ඒවායේ භූමික සංයුතිය නිසා ය: ඒවා දෘශ්‍යමාන වන්නේ වැස්සෙන් පසුව  පා සටහන් තෙතමනයෙන් පිරී අඳුරු පැහැයෙන් යුක්ත වූ විටය. හිරු එළියෙන් වියළී ගිය පසු ඒවානැවත අතුරුදහන් වෙන්නට පටන්ගනී.

පර්යේෂකයන් ජුලි මස මුලදී ඔවුන් පර්යේෂණ පවත්වමින් සිටි පුරාවිද්‍යාත්මක ස්ථනයේ සිට අසල වෙනත් ස්ථානයකට ගමන් කරන අතරතුර අහම්බෙන් මෙම අසාමාන්‍ය සටහන් සොයා ගනු ලැබ ඇත.   කණ්ඩායමට මුලදී සොයාගනු ලැබුවේ පා සටහන් අතලොස්සක් පමණක් වන නමුත්, GPR ක්‍රමය(ground-penetrating radar) භාවිතයෙන් අවට ප්‍රදේශය හොඳින් පිරික්සීමේදී, තනි තනි පා සටහන් 88ක් පමණ හඳුනා ගැනීමට හැකිවිය. මේවා, අවම වශයෙන් වයස අවුරුදු 5ක් තරම් කුඩා ළමුන්ගේ සහ වැඩිහිටියන්  පරාසයකට අයත් බව අනාවරණය විය. ( GPR  තාක්‍ෂණය ක්‍රියා කරන්නේ රේඩියෝ තරංග බිමට යවා මතුපිටට යටින් සැඟව ඇති වස්තූන් වෙතින් පොළාපැනීමෙනි).

මෙම ප්‍රදේශය, ඒ වනවිට විශාල තෙත් බිමක් ව තිබූ අවධියේ  අද්භූත පා සටහන් අවම වශයෙන් වසර 10,000 කට පෙර මිනිස් පාදවලින් තැබූ ඒවා ලෙස දැක්වේ. කෙසේ වෙතත්, පර්යේෂකයන් සැක කරන්නේ මෙම පා සටහන් වසර 12,000 කට පෙර අවසන් අයිස් යුගයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා ඈත කාලයකට අයත් ඒවා විය හැකි බවයි.

මෙකී පුරාවිද්‍යා කටයුතු අධීක්ෂණය කළ උතා මහා ලවණ විල් කාන්තාර්යේ, හිල් ගුවන් හමුදා කඳවුරේ සංස්කෘතික සම්පත් කළමනාකාරිනිය වන ආන්යා කිටර්මන්, එපමණ පැරණි පා සටහන් සොයා ගැනීම “ජීවිතයට එක් වරක් පමණක් කළ හැකිසොයා ගැනීමකි” ලෙස හඳුන්වයි. “අපි කේවල් කළාට වඩා බොහෝ දේ අපි සොයාගත්තා.” ඈ කියයි.

කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත් පා සටහන් විශ්ලේෂණය කරමින් සිටින නිසා සොයාගැනීම මෙතෙක් සම-සමාලෝචනය කරන ලද(peer-reviewed) සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැත.

මහා කරදිය විල් කාන්තාරය වරෙක අසල පිහිටි මහා කරදිය විල(Great Salt Lake) හා සමාන විශාල කරදිය සහිත විලකින් වැසී තිබුණි. එය බටහිර අර්ධගෝලයේ විශාලතම කරදිය විලයි.  කාන්තාරය නම් කෙරුණේ ඒ අනුවයි. අවසන් අයිස් යුගයේ අවසානය වනවිට පූරනය වූ පෘතිවියේ දේශගුණ විපර්යාස හේතුවෙන් පෞරාණික වැව සෙමින් සෙමින්  කෙමෙන් සිඳී ගියේ  වරක් ජලයේ දිය වී ගිය ලවණ ඉතිරි කර තබමිනි. එහෙත් විලක සිට වියළි ලවණ තලාවක් දක්වා සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශය,  වසර 10,000කට පෙර වන තෙක් මිනිසුන් විසින් අත්පත් කරගෙන සිටි  විශාල තෙත් බිමක් බව පර්යේෂකයන්ගේ ප්‍රකාශයේ සඳහන් වේ. එකී කාලය තුළ ‘අද්භූත’ පා සටහන් නිර්මාණය කිරීමට සුදුසු තත්ත්වයන් පවතින්න ඇතැයි පර්යේෂකයෝ පවසති.

එකල මිනිසුන්  ඇවිදිමින් යන්නට ඇත්තේ නොගැඹුරු ජලයේ  බව පෙනේ. එසේ ඇවිදිද්දී අප වෙරළක ඇවිදින විට අත්විඳින ආකාරයටම ඔවුන් පා තබූ එක්කම වාගේ පා සටහනෙහි වේගයෙන් වැලි පිරෙන්නට ඇත ”  යයි ප්‍රධාන පර්යේෂක ඩැරන් ඩියුක් ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි. සංස්කෘතික සම්පත් කළමනාකාරිත්වය පිළිබඳ විශේෂඥ බාවයක් උසුලන පුද්ගලික ආයතනයක් වන Far Western Anthropological Research Group හි පුරාවිද්‍යාඥයෙකි.   “නමුත් වැලි යට තිබුණේ මඩ තට්ටුවක් නේ. ඉතින් වැලි පිරීමෙන් පස්සේ පාද සටහන  නොවෙනස්ව ‍රැකෙන්න ඇති” එම ප්‍රකාශයේ හෙතෙම සඳහන් කරයි. අනතුරුව,තෙත්බිම් වියළී යාමත් සමඟ පා සටහන් ලුණු වලින් පිරී යාමෙන් අවට භූ දර්ශනයෙන් එම පා සටහන් වෙන්කර හඳුනාගන්නට නොහැකි වන්නට ඇතැයි ඩියුක් වැඩිදුරටත් පැවසීය..

වැසි වැටෙන විට ජලය,  සාමාන්‍යයෙන්  අවට ඇති  අවසාදිතවල  ගැඹුරට ඉක්මනින් උරා ගනී(අවශෝෂණය වේ). එයින් අදහස් කරන්නේ භූමිය ඉක්මනින් නැවත් එහි සාමාන්‍ය වර්ණයට හැරෙන බවයි. එනමුත් සැඟවුණු මඩෙහි තිබෙන  පිය සටහන් මතට වර්ෂාව වැටෙන විට ජලය එහි සිරවී, අවට වටපිටාවෙන් වෙන්වී අවසාදිත මත කැපී පෙනෙන අන්දමේඅඳුරු සහ තෙත්  පල්ලම් තැන් තැන නිර්මාණය කරයි

පා සටහන් සොයා ගත්  ස්ථානයේ සිට සැතපුමකට (කිලෝමීටර් 1.6) වඩා අඩු දුරකින් පිහිටි දඩයම්කරුවන් එකට් ‍රැස්වූ කඳවුරක් සොයා ගැනීමට මීට පෙරේ අධ්‍යන කටයුතුවල නිරත වූ පර්යේෂක  කණ්ඩායමක් සමත් වූහ. එම් කඳවුර  වසර 12,000 කට පෙර පැවත් එකක් බව නාවරණය කර ගනු ලැබීය. සොයා ගත් පා සටහන් තැබූ මිනිසුන් ජීවත් වන්නට ඇත්තේ එහි විය හැක. මෙම ස්ථානයේ තිබී පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අතරට ඉපැරණි ගිනි උදුනක්, ආහාර පිසීම සඳහා භාවිතා කරන ලද ගල් මෙවලම්, සත්ව ඇටකටු 2,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ පිඛිස්සී ගිය දුම්කොළ බීජ ඇතුළත් වේ.  එය, මානවයන් අතරේ දුම්කොළ භාවිතය පිළිබඳ පැරණිතම සාක්ෂි ලෙස සැලකේ.

පා සටහන් සොයාගැනීමට  සම්බන්ධ වූ පර්යේෂකයන් විසින්පා සටහන්වල නිශ්චිත වයස තීරණය කිරීම සඳහා එම පා සටහන් කිහිපයක් එකතු කර ගනු ලැබ ඇත. විකිරණශීලි කාබන් කාලනිර්ණය(radiocarbon dating) භාවිතා කරමින් පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ එම පා සටහන් තැබූවන්ගේ පාද මගින් තබන් ලදුව තවමත්, අවසාදිතයේ ‍රැඳී තිබෙන්නට හැකි කුඩා කාබනික ද්‍රව්‍ය කොටස් විශ්ලේෂණය කිරීමට හැකි වනු ඇති බවයි.  ඒවායේ වයස කොපමණදැයි නිවැරදිව තීරණය කිරීමට පර්යේෂකයන් පා සලකුණු විශ්ලේෂණය කරමින් දිගටම උත්සාහ කරනු ඇත.            

මෙම කලාපය, පුරාණ මානව පා සටහන් බහුලව සොයා ගත හැකි, ඒ සඳහා වූ තොතැන්නක් වැනි ස්ථානයකි. 2021 සැප්තැම්බර් මාසයේදී, අධ්‍යයනයකින් හෙළි වූයේ වසර 21,000 ත්  23,000 ත් අතර කාලයකට පෙර තැබූ ඒවා ලෙස සැලකෙන  මිනිස් පා සටහන් 60 ක් නව මැක්සිකෝවේ, වයිට් සෑන්ඩ්ස් ජාතික වනෝද්‍යානයෙහි ඇති බවයි. ඒ අනුව,  ඇමරිකාවේ මානවයන් පිළිබඳ පැරණිතම “නිසැක සාක්ෂි” ලෙස ගිනිය හැක. මෙම පා සටහන් ද GPR භාවිතයෙන් සොයා ගන්නා ලද ඒවාය.

“වයිට් සෑන්ඩ්ස් වැනි වෙනත් පුරාවිද්‍යාත්මක අඩවි  තිබේද යන්න සහ එවැනි වෙනත් ස්ථානවල පා සටහන් අනුරූපණය කිරීම සඳහා GPR තාක්ෂණය ඵලදායී වේ දැයි අපි බොහෝ කලක සිට කල්පනා කර ඇත්තෙමු,” වයිට් සෑන්ඩ්ස් හි භාවිතා කරන ලද ඝ්ඵ්ර්‍ සමීක්ෂණ තාක්ෂණය දියුණු කළ කෝනෙල් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ තෝමස් අර්බන් පවසයි. “ප්‍රශ්න දෙකටම  දෙන්න තියන උත්තරය ‘ඔව්’ යන්නයි.”

පර්යේෂකයන් පවසන්නේ මෙවැනි සොයාගැනීම් වැදගත් වන්නේ ඒවා ප්‍රදේශයේ මානව ජනාවාස ස්ථාපනය පිළිබඳ සෘජු සාක්ෂි වන නිසාත් අවට ඇති අනෙකුත් පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලට වඩා බොහෝ දුරට හැඟීම් අවුළුවනසුලු වන නිසාත් බවයි.

Live Science (02nd August, 2022) හී පළවූ ‘Ghost footprints’ left by ancient hunter-gatherers discovered in Utah desert යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.