ස්මාර්ට් ෆෝන් අපගේ නින්දට බලපාන්නේ කෙසේද?

Posted by

ස්මාර්ට් ෆෝන් අපගේ නින්දට බලපාන්නේ කෙසේද?

ඔබට බුහුටි ජංගම දුරකතනයක් හෙවත් ස්මාර්ට් ෆෝන් එකක් තිබේද? ඒවා ඉතා ප්‍රයෝජනවත් වන අතර ප්‍රයෝජනය කොපමණ දැයි හිතෙනවා ද කීවොත්, බොහෝ විට අපට දැනෙන්නේ ඒවා නොමැතිව අපට ජීවිතය ගෙන යා නොහැකිය යනුවෙනි. එසේනමුත් ඒවා හානිකර වීමට ද හැකිය. උදාහරණයක් ලෙස, මිනිසුන් ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි විය හැක. ඉතින්, වෙනත් ඕනෑම අබ්බැහියක දී මෙන් මෙය විවිධ ගැටළු වලට තුඩු දීමට පුළුවනි. ඉතින් ඒක අපේ නින්දට බලපානවද? සොයා බලමු.

හැඳින්වීම

ඇමරිකා එක්සත් ජනපදයේ  පුද්ගලයින්ගෙන් ¾ කට වඩා වැඩි පිරිසකට ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති බව ඔබ දන්නවාද? ස්මාර්ට්ෆෝන් අපේ කටයුතුවලට ඉමහත් පහසුවක් සලසයි. ලෝකයේ ඕනෑම තැනක වසනවෙනත් පුද්ගලයින් වෙත ඔබව ගෙනයාමට සහ සම්බන්ධ කිරීමට ඒවාට ඔබට උපකාර කළ හැකිය.  ඡායාරූප ගන්නට, ඩිගිටල් ක්රීඩා කරන්නට හෝ පාඩම් කරන්නට පවා බුහුටි දුරකතනයක් භවිතයෙන් පහසුවෙන් කළහැකිය. කෙසේවෙතත් ස්මාර්ට් ෆෝන් භවිතයේ අවාසිදායක තත්ත්වයන් ද ඇත. ඇත්තටම ඒවා මොනවාද? සාමාන්‍යයෙන් මිනිස්සු දිනකට පැය 4ක් තම දුරකථන භාවිත කරමින් ගත කරති. එය වසරකට ගණන් බැලූ විට පැය 1,460 – ඒ කියන්නේ ඔරලෝසු පැයවලින් ගනන් බැලුවොත් වසරකට දින 60 කි! ඉතින්අපි ස්මාර්ට්ෆෝන් ඕනෑවට වඩා වැඩියෙන් භාවිතා කළහොත් ඒවා හානිකර වන්නත් පුළුවනි.

ස්මාර්ට්ෆෝන් භාවිතය ඇබ්බැහියක් බවට පත් විය හැකි අතර, මෙය ගැටළු සහගත භාවිතයකට මගපෑදිය හැක. නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් කෙරෙහි මෙය වඩාත් සත්‍ය වේ. එමෙන්ම,  මුහුණට මුහුණ සම්බන්ධතා සඳහා ඇති උනන්දුව මිනිසුන්ට නැති විය හැක. සිය බුහුටි ජංගම දුරකතනය තමන් සමීපයේ  නොමැති විට ඔවුන් කනස්සල්ලට පත්විය හැකිය. එපමණක් නොව, ස්මාර්ට්ෆෝන් වලට ඇබ්බැහි වීම සිසුන්ගේ පාසලේ පරීක්ෂනවලදී ලබාගන්නා ලකුණු කෙරෙහි  අහිතකර ලෙස බලපෑ හැකිය.

දැන් ඉතින් අපේ මාතෘකවට අදාලව ඇසුවොත්, බුහුටි ජංගම දුරකතනයයි අපේ නින්දයි ගැන කුමක් කිව හැකිද? බොහෝ අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ බුහුටි ජංගම දුරකතනයක තිරය දෙස දිගු  කාලයක් නෙත් යොමා සිටීම අපගේ නින්දට අහිතකර බවයි.  නින්දට වැටීමට අපහසු කරවිය හැකිවන අතර උදෑසන අවදි වීම පවා අපහසු වේ. එහෙත්,  ඇත්තටම ඔබගේ ස්මාර්ට්ෆෝනයට ඔබ ඇබ්බැහි වී ඇත්නම් එය වෙනස් කාරණාවක් ද? එය ඔබගේ ජංගම දුර කතනයේ තිරය බලමින් යම් කාලයක් ගත කරනවාට වඩා ඊට ඇබ්බැහිවීම නින්ද සම්බන්ධයෙන් ගැටලුවක්ද? පර්යේෂකයන් වශයෙන් මෙය තමයි අපට හොයන්නට ඕන වුණේ.

පර්යේෂණ ක්‍රමවේදය

අපි ප්‍රශ්නාවලි දෙකක් සම්පූර්ණ කරන ලෙස වයස අවුරුදු 18ත් 30ත් අතර සිටින එක්සත් රාජධානියේ සිසුන් 1,043 දෙනෙකුගෙන් ඉල්ලා සිටියෙමු. පළමු ප්‍රශ්නාවලිය වූයේ සිසුන්ගේ ස්මාර්ට්ෆෝන් භාවිතය පිළිබඳවයි. ඔබට වගුව 1 හි ඇති ප්‍රශ්න දැක ගත හැක. මෙම ප්‍රශ්නාවලිය මගින් සිසුන්, ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වී ඇත්ද යන්න පරීක්ෂා කර බැලීමට අරමුණු කෙරිණ. සිසුන්ගේ නින්දේ ගුණාත්මකභාවය  දෙවන ප්‍රශ්නාවලිය මගින් තක්සේරුනු ලැබිණ.ඇත. එයට, පහත දැක්වෙන මාදීයේ  ප්‍රශ්න ඇතුළත් විය:

·        සාමාන්‍ය වශයෙන් ගතහොත්,   සතියේ රාත්‍රියක, ඔබ නින්දට යන්නේ කීයටද?

·        ඔබ සාමාන්‍යයෙන් පැය කීයක් නිදා ගන්නවාද?

·        ඔබ සාමාන්‍යයෙන් එක් දවසක් සඳහා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය    භාවිතය අවසන්කරන්නේ කුමණ වේලාවේද?  

සමීක්ෂණ ප්‍රතිඵල

පර්යේෂණයට සහභාගී වූ සිසුන්ගෙන්, 39% පමන දෙනා ස්මාර්ට් පෝන් ඇබ්බැහියේ ලක්ෂණ පෙන්නුම් කළේය. වයස අවුරුදු 21ට අඩු සිසුන් අතරේ මෙය වඩාත් කැපී පෙණින.

එක දිගට  භාවිතය, ඇබ්බැහිය හා සමීප සබ්ඳතාවක් ඇති බව පෙනී යයි. දිනකට පැය 5කට වඩා ස්මාර්ට් ජංගම දුරකථනය භාවිත කළ සිසුන්ගෙන් 54%ක් ඇබ්බැහි වීමෙන් පීඩා විඳිති. ස්මාර්ට් පෝන් භාවිතයට ඇබ්බැහි වී ඇත්තේ දිනකට පැය 2 කට අඩු කාලයක් ඒවා භාවිතා කළ අයගෙන් 20% ක් පමණකි.

නින්දට පෙර ස්මාර්ට්ෆෝන් භාවිතය ද වැදගත් සාධකයකි. ඇබ්බැහි මට්ටම්:

·        නින්දට යාමට මිනිත්තු 30කට අඩු කාලයකට පෙර තම දුරකථන භාවිත කළ සිසුන් අතර ඉහළය;

·        නින්දට යාමට පැයකට පෙර තම දුරකථන භාවිතය නැවැත්වූ අය අතර අඩුය.

ඇබ්බැහි වීම සහ දිනයේ පසු හෝරාවල  භාවිතය අතර සම්බන්ධයක් ද ඇත.

ස්මාර්ට් ජංගම දුරකතනයට ඇබ්බැහි වීම අප අපේක්ෂා කළ පරිදි,  නිසි නින්දක් නොලැබීමට මග පාදයි,  ඇබ්බැහි වීම වාර්තා කළ සිසුන්ගෙන් 70% ක් පමණ හරියාකාර නින්දක් නොලබන බව වාර්තා කළහ.

සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡාව

(පර්යේෂණයට) සහභාගීව්වූවන් අතර ස්මාර්ට් ජංගම දුරකතනයට ඇබ්බැහි වීම ඉහළ මට්ටමක පවතී. මෙය  තරුණ කණ්ඩායම ( ඒ කියන්නේ,  අවුරුදු 21 ට අඩු සිසුන්) සඳහා මෙය විශේෂයෙන්ම අදාලවේවේ. ඊට බලපාන්නේ  ඔවුන්ට වැඩි නිදහස් කාලයක් තිබීඑම විය හැක. එසේත් නැතිනම්, විවිධ ආකාරවලින් ස්මාර්ට්ෆෝන් භාවිතා කිරීමට ඔවුන් කැමැති නිසා විය හැකිය (උදාහරණයක් ලෙස, සමාජ මාධ්ය සඳහා භාවිතය).

(කලින් ද සඳන් කලා සේ) කෙනෙකු බුහුටි දුරකථනය වැඩි කාලයක් භාවිතා කිරීම සහ එයට ඇබ්බැහි වීම අතර සැලකිය යුතු සම්බන්ධයක් ඇත. එසේනමුත්,  මිනිසුන් ඇබ්බැහි වී ඇති නිසා ඔවුන්ගේ දුරකථන වැඩිපුර භාවිතා කරනවාද? එහෙම නැත්තම් දුරකථනය වැඩිපුර පාවිච්චි කරන නිසා ඇබ්බැහි වෙලාද? යන්න නිශ්චිතව දැනගැනීම අසීරුයි.

ඇබ්බැහි වීම සහ බොහො රෑ වනතුරු  කෙනෙකු දුරකථනය භාවිතා කිරීම අතර ද සම්බන්ධයක් ඇත. උදාහරණයක් ලෙස, ඔබ අලුයම 1 ට පසු ඔබගේ දුරකථනය භාවිතා කරන්නේ නම්, ඔබට ඇබ්බැහි වීමක් ඇතිවීමේ සම්භාවිතාව තුන් ගුණයක් වේ. එබැවින් ඇබ්බැහි වීමක් ඇති බව දැක්වීමට කෙනෙකු දුරකථනය භාවිත කරමින් ගත කරන කාලය පමනක්ම සැලකිල්ලට ගැනීම ප්රමාණවත් නොවේ. එනමුත් එම කාරණාවත්, කෙනෙකු දුරකථනය දවස ගෙවී රාත්‍රියේ කොපමණ වේලාවක් යනතුරු භාවිතා කරන්නේ ද යන්න  සමඟ  ඒකාබද්ධ කිරීම හොඳ දර්ශකයක් විය හැකිය.

අපගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ ස්මාර්ට්ෆෝන් වලට ඇබ්බැහි වීම මිනිසුන්ගේ නින්දට හානි කළ හැකි බවයි. මෙය හුදෙක් බුහුටි දුරකථනයේ තිරයට යොමු වී ගෙන ගතකරන කාලය (screen time – තිර කාලය) නිසා පමණක් සිදුවන්නක් නොවේ. දිනකට පැය 2කට අඩු කාලයක් තම දුරකථන භාවිත කරන විට පවා මිනිසුන්ට ඇබ්බැහි වීමෙන් පවා  නින්ද අඩුවීඑමෙන් පීඩා විඳිය හැකිය. එහෙත් රාත්‍රිය බොහො ගතවී  හෝ නින්දට යාමට පෙර  ස්මාර්ට් පෝන් භාවිත කිරීම සිසුන්ගේ නින්දට හානි කරයි.

නිගමන

ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබේ නම්, එය ඔබගේ සෞඛ්යයට නරක බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇතිය යන්න එක නිගමනයකි.  අනාගත ගැටළු වළක්වා ගැනීම වස් ඔබේ තිර කාලය නිරීක්ෂණය කිරීම හොඳ අදහසකි. ඔබ නින්දට යාමට පෙර ඔබේ දුරකථනය පැත්තකින් තැබීමට පෘදුවීම වටී,  ඔබට බොහෝ විට දිවා කාලයේ නිදිමත දැනෙනවා නම් මෙය විශේෂයෙන් වැදගත්!

ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති වුවද, හානිකර විය හැකි වෙනත්  ‘තිර'(screens) තිබේ. ඔබ තිර වෙත යොමුවී ගත කරන කාලය අඩු කිරීමට උත්සාහ කරන්න – ඉන් ඇති කෙරෙන ධනාත්මක බලපෑම් අත්දකින්න!

Science Journal for Teens(Social Science)හී පළ කර ඇති How do smartphones affect our sleep? යන පර්යේෂණ වාර්තාව ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.