දේශපාලනඥයින් කෙළින ‘සෙල්ලම්’

Posted by

දේශපාලනය යනු, එහි උපරිම හොඳ තත්ත්වයේ දී, සමාජය ශිෂ්ට සම්පන්න කිරීමේ  ක්‍රියාකාරකමකි. සාමය ආරක්ෂා කිරීමට, මානව හිමිකම් සු‍රැකීමට, ආර්ථික යහපැවැත්ම වර්ධනය කිරීමට මෙන්ම කලා හා විද්‍යාවන්හි විශිෂ්ටත්වය දිරිමත් කිරීමට එයට හැකිය. කෙසේ වෙතත්, එහි නරකම තත්ත්වයේ දී නම්, දේශපාලනය — විශේෂයෙන්ම බලය සඳහා අරගලයේ පරාජිත පැත්තේ සිටින අයට — දේශපාලනය යනු – යුද්ධය, කුරිරු පාලනය, ආර්ථික විනාශය සහ ම්ලේච්ඡත්වය ඇති කරවන්නකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ව්‍යවස්ථාපිත පාලනයක් ඇති රටවලට පවා, දේශපාලනයේ නරකමතත්ත්වයේ දී, අසත්‍යය, රැවටීම සහ නපුරුකම ආදිය අදාලයි. මෙම ලිපියේදි  අපි ඉතිහාසය, සාහිත්‍යය සහ දේශපාලන දර්ශනයේ සම්භාව්‍ය ආදර්ශ නැතිනම් නිදර්ශන කිහිපයක් විභාග කර බැලීමෙන් දේශපාලනය, එහි හොඳම සහ නරකම තත්ත්වයන්හී දී ක්‍රියාත්මක වන ආකාරය ගවේෂණය කරමු. මෙම නිදර්ශන මගින් අප “දේශපාලන ක්‍රීඩා” ලෙස හඳුන්වන ඇතැම් රටා හඟවයි.

දේශපාලනය නම් වූ ‘සෙල්ලම් ‘

දේශපාලනය යනු ප්‍රජාවන් තුළ හෝ ප්‍රජාවන්  අතර සිදුවන ක්‍රියාවලියකි, එමඟින් (1) පොදු වටිනාකම් ප්‍රකාශ කිරීම, විවාද කිරීම සහ නියම කිරීම; (2)  විවිධ දේශපාලන ක්‍රියාකාරකයන්(තනි තනි පුද්ගලයන්, විශේෂිත් උනන්දුවක් හෝ බැඳියාවක් ඇති කණ්ඩායම්, ප්‍රාදේශීය හෝ පළාත් ආණ්ඩු, මෙන්ම ජාතීන්) සිය  අවශ්‍යතා සපුරාගැනීම, ඔවුන්ගේ මූලික ලැදිකම් සු‍රැකීම සහ ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂිත අභිලාෂයන් ඉදිරියට ගෙන යාම උදෙසා බලය ලබගැනීම වස් විටක සහයෝගයෙන් ක්‍රියා කිරීම මෙන්ම විටක අරගල කිරීම; සහ (3) ප්‍රතිපත්තිමය විනිශ්චයන් සිදු කිරීම මෙන්ම  ක්‍රියාත්මක කිරීම කරනු ලැබේ. සුවිසල් පරිසරය විසින් පනවන ලද යම් යම් සීමාවන්ට යටත් වුවද, දේශපාලන ක්‍රියාකාරකයන්ට, හොඳ හෝ නරකට  තමන්ගේ ඉරණම හැඩගස්වා ගැනීමට තවමත් කැපී පෙනෙන ලෙස නිදහස තිබේ. දේශපාලන ගැටලුවලට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමේ නිර්මාණශීලී හැකියාවක් ඔවුනට ඇත. ‘දේශපාලන සෙල්ලම්’ (ඉදිරියේ දී thathu.com ඊට අදාලව ගෙන එන) විශ්ලේෂණයකින්  දේශපාලන ක්‍රීඩා එවැනි විවිධ ප්‍රතිචාර විදහා දක්වනු ලැබේ. එම දේශපාලන සෙල්ලම් විචාරශීලීව ඇගැයීමට ලක්කීරීමෙන් කේන්ද්‍රීය කාරණා තුනක් ඉස්මතු කර ගත හැකිය:

  • යහපත් දේශපාලන ජීවිතය පිළිබඳ ඔබේ විචාරාත්මක ඇගයීම තීව්‍ර කිරීමට දුෂ්ට
  • දේශපාලනය පිළිබඳ ඔබේ විද්‍යාත්මක අවබෝධය වැඩි දියුණු කිරීමට
  • බුද්ධිමත් දේශපාලන විචාරබුද්ධිය සඳහා ඔබේ හැකියාව(ධාරිතාව) වර්ධනය කිරීමට

අප  ‘දේශපාලන සෙල්ලම්’  තෝරා ගත්තේ ඒවා පුළුල් පරාසයක දේශපාලන ක්‍රියාකාරකම් නිරූපණය කරන බැවිනි: කායික වශයෙන් කෙරෙන විනාශය, බලය සඳහා වන අරගලය සහ අවිහිංසාවාදී සිවිල් අකීකරුකම, එසේ නිරූපණය කෙරෙන ක්‍රියාකාරකම් අතරවේ. මෙකී රටා මිලිටරි බලය, දේශපාලන කපටිකම සහ හෘදය සාක්ෂියට ආයාචනා කිරීම වැනි බලයෙහි විවිධ ස්වරූප නිරූපණය කරයි. ප්‍රතියොජනයේ දේශපාලනය(politics of accommodation) ලෙස සුලබව හඳුන්වනු ලබන “කේවල් කිරීම” වැනි දුෂ්ට කූටෝපායන්, ව්‍යවස්ථාපිත  නිදර්ශනය කිරීම සඳහා නිශ්චිත ක්‍රීඩාවක්  ඇතුළත් නොකළත්  මෙම රටාව ‘දේශපාලන සෙල්ලම්’ අතර නිරතුරුව දැක ගත හැකිය.

ක්‍රීඩාවේ මූලිකාංග

‘දේශපාලන සෙල්ලම්’  හඳුන්වාදීමේ මෙම ලිපියේ අපට මාර්ගෝපදේශ සපයන ප්‍රශ්නය මෙයයි:

ක්‍රීඩාවක් වෙනුවෙන් සපයන රූපකය, දේශපාලනය පිළිබඳ අපගේ අවබෝධය වර්ධනය කිරීමට උපකාරීවන්නේ කෙසේද?

අප දක්වන දේශපාලන ක්‍රීඩා චමත්කාරජනකය;  අධ්‍යාපනිකය. චමත්කාරජනක ලෙස ඒවායින් විනෝදාස්වාදය ලබා ගත හැකිය. අධ්‍යාපනික ලෙස ඒවායින් විචාරාත්ත්මක බුද්ධිය වැඩිදියුණු කළ හැකි අතර දේශපාලන චරිතය සහ ඥානවන්ත විනිශ්චය හැඩගස්වා ගත හැකිය. කෙසේවෙතත්, දේශපාලනය වැනි බරපතල කාර්යයක්, ක්‍රීඩාවක් ලෙස හැඳින්විය හැකිද? යන ප්‍රශනය මෙහි දී මතුවේ. විරර්ථක ව්‍යාපාරයන්හි යෙදෙන නිකම්ම  නිකම් විනෝදාංශයක් මින් ඇඟවුම් කිරීමට අපි අදහස් නොකරමු.

කෙසේ වෙතත්, අප අදහස් කරන්නේ  තරඟ ලෙස ගත් කල, වෙනත් ආකාරයේ ක්‍රීඩා වල පොදුවේ දක්නට ලැබෙන ඇතැම් මූලික අංග  සියළු දේශපාලන කටයුතුවල ඇති බවයි. ක්‍රීඩාවක දී ඊට, ක්‍රීඩකයින් — දිනන හෝ පරාජයට පත්වෙන තරඟකරුවන්, යම් යම් ඉලක්ක හඹා යාම පිණිස තරඟ කරන හෝ සහයෝගයෙන් ක්‍රියා කරන, බලය හෝ අභිමතය ක්‍රියාවට නංවන, විනෝදයට පත්වන හෝ දුක් විඳින තරඟකරුවන් අයත්ය. ක්‍රීඩාවේදී පරදුවට තැබෙන්නේ, ජයග්‍රහණයේදී ලබා ගත හැකි හෝ පරාජයේදී අහිමි විය හැකි ඉලක්කයි. එහි නීති රීති, අනන්‍යතාවය රඳවා ගැනීමට නම් අනුගමනය කළ යුතු එකඟ වූ ක්‍රියා පටිපාටි වේ; ඒවා (එම නීති රීති) ක්‍රීඩාව පවත්වාගෙන යන ආකාරය නියාමනය කරයි. අවසාන වශයෙන් සැලකිය යුත්තේ, ක්‍රීඩාවලට උපාය මාර්ග සහ උපක්‍රම ඇතුළත් වන බවයි: ක්‍රියාකාරී සැලසුම්, ප්‍රහාරක හෝ ආරක්ෂක උපක්‍රම, ජයග්‍රහණය හෝ පරාජය ගෙන ඒමට බලපාන විනිශ්චයන්.

මේ අනුව, දේශපාලනය දෙස බැලිය හැකි එක් ක්‍රමයක් නම්, එය යම් යම් අරමුණු ඉටුකර ගැනීමේ ක්‍රීඩාවක් වැනි අරගලයක් ලෙස දැකීමයි; බලය ලබා ගැනීමට, තබා ගැනීමට සහ භාවිත කිරීමට මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමට යන අරමුණු නිදසුන්ය. මේ ආකාරයෙන් දේශපාලනය දෙස බැලීමෙන්,  අපට එහි ප්‍රධාන රටා වඩාත් හොඳින් ගවේෂණය කළ හැකිය. එහි දී පහත දැවෙන ප්‍රශ්න විශේෂයෙන්ම උපකාරවිය හැකිය:

අවාසනාවකට මෙන්, දේශපාලඥයින් ක්‍රීඩා කරන ක්‍රීඩා, (ඔබ, අප ක්‍රීඩා කරන) පාපන්දු හෝ චෙස් වලට වඩා සංකීර්ණ වේ. එවැනි ක්‍රීඩා වල නිරතවන තරඟකරුවන් මෙන් නොව, යම් නිශ්චිත නැතිනම් විශේෂිත සටනක නියැලී සිටින දේශපාලඥයින් (ඔබ, අප ක්‍රීඩා කරන ආකාරයේ ක්‍රීඩාවන්ට අදාලවන්නා වූ) එකම නීති රීති හෝ පැහැදිලි උපදෙස් මාලාවක් පවා අනුගමනය නොකළ හැකිය. ඔවුන්,  (සාමනය නීති රීතිවලට අනුකූලව ක්‍රීඩාව ආරම්භ කර) ක්‍රීඩව අතරතුර, ක්‍රීඩාවේ නීති පවා වෙනස් කළ හැකිය. ක්‍රීඩාවට අදාල පාර්ශවවල සියලුම ක්‍රීඩකයින් එකම නීති රීති අනුගමනය නොකරන්නේ නම්, ප්‍රතිවාදීන්ට ප්‍රතිචාර දැක්වීමට සිදුවන ක්‍රීඩකයින්ට බරපතල අවාසි අත්විය හැක. මේ තත්ත්වය, Alice-in-Wonderland(විස්මිතලන්තයේ ඇලිස්) ආචරණය ලෙස හඳුන්වන අන්දමේ ව්‍යාකූලත්වයක් සහ සත්ත්‍රාසයක් නිර්මාණය කරයි. ඇලිස් වොන්ඩර්ලන්ඩ් හි ක්‍රොකේ(croquet)  ක්‍රීඩාවෙහි යෙදෙන විට, ඇය ක්‍රොකේ බෝල වෙනුවට ඉත්තෑවන් යොදා ගැනීමට පුරුදුව නැත; අතකොළු වෙනුවට රණහංසයින් සහ ආරුක්කු වෙනුවට සොල්දාදුවන් භාවිතා කිරීමට පුරුදු වී නැත. එසේම මුලින්ම චූදිතයාගේ හිස ගසා දමා පසුව නඩු විභග කරන ක්‍රමයක් ඇයට හුරු නැත.

නීතිරීති පිළිබඳ එකඟතාවයක් නොමැති විට ඇති වන ව්‍යාකූලත්වය තවත් වැඩි කිරීම සඳහා, තවත් සංකීර්ණ කිරීම සඳහා දේශපාලකයෝ අනතුරු ඇඟවීමකින් තොරව(= හිටි අඩියේ) එක් ක්‍රීඩාවකින් තවත් ක්‍රීඩාවකට මාරු වෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, තරඟය අවසන් වන තුරුම  තීරණාත්මක ක්‍රීඩාව සහ එහි නීති රීති ගැන ක්‍රීඩාවට සහභාගිවන්නෙකු නොදැන සිටිය හැක. එපමණක් නොව, දේශපාලකයන් ද එකවර ක්‍රීඩා කිහිපයක් කිරීමට උත්සාහ කළ හැකිය.

විනාශයන්-ප්‍රතියෝජනයන්-පරිවර්තනයන් සන්තතියක්(continuum)

දේශපාලන ක්‍රීඩාවල විවිධත්වය තේරුම් ගැනීමට අපට ක්‍රමයක් සකස් කළ හැකිද? වර්ගීකරණයන් කිහිපයක් ඉදිරිපත් කළ හැකිය. ඉන් එකක්,  ක්‍රීඩා, විනාශයන්-ප්‍රතියෝජනයන්-පරිවර්තන සන්තතියක්(continuum) ලෙස දැකිය හැකි පරිපාටියක් ඉදිරිපත් කරයි. සන්තතියේ එක් කෙළවරක දැක්වෙන්නේ,  ප්‍රතිවාදී ක්‍රීඩකයන් සහමුලින්ම විනාශ කිරීම අරමුණු කරගත් ක්‍රීඩාවන්ය. මෙම ක්‍රීඩා, මාරාන්තික ගැටුම් සහ යුද්ධය මගින් සලකුණු කරනු ලැබ ඇත.  ත්‍රස්තවාදය සහ වධහිංසා(torture) ඇතුළුව ප්‍රචණ්ඩත්වය  ප්‍රමුඛ වන අතර බලය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන, ආර්ථික, මනෝවිද්‍යාත්මක සහ මිලිටරි බල මෙවලම් භාවිතා කරනු ලැබේ.

THE CHALLENGE OF P O L I T I CS – Edition 5 (Sage, 2015) නම් ග්‍රන්ථයේ  CHAPTER 1: GAMES POLITICIANS PLAY  යන කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.