මිනිසුන්ට ඇති බුද්ධිය වෙනත් ජීවීන්ට නැත්තේ ඇයි?

Posted by

මිනිසුන්ට ඇති බුද්ධිය වෙනත් ජීවීන්ට නැත්තේ ඇයි?

මිනිසුන් සහ අනෙකුත් සතුන් එකම පරිසරයක ජීවත් වූවා නම්, අනෙක් සතුන් අප මෙන් පරිණාමය නොවුනේ ඇයි? – සාමි, එක්සත් රාජධානියෙහි, ලන්ඩන් අගනුවර වාසය කරන 13 හැවිරිදි සාමි ඇසූ එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ Loughborough විශ්ව විද්‍යාලයේ ජීවවිද්‍යාත්මක මානවවේදය පිළිබඳ සම්මානනීය මහචාර්ය බැරී බොගින් විසිනි.

සාමි, ඔබ් ඇසුවේ කදිම ප්‍රශ්නයක්. මිනිසුන් වෙනත් සතුන්ට වඩා වෙනස් ලෙස පරිණාමය වී ඇති බව පෙනෙන්නටම තියෙන සත්‍යයක්. අනෙකුත් ක්ෂීරපායීන්ට වඩා ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව මෙන්ම නිරපේක්ෂ ප්‍රමාණයෙන් ද විශාල මොළයක්  අපට ඇති අතර අනෙකුත් සතුන්ට නොමැති බුද්ධි මට්ටමක් ද ඇත.

එවනි බුද්ධි මට්ටමක්, බොහෝ වාසි ගෙන ඒමට සමත් වී තිබේ. සැලසුම් කිරීමේ සහ සහයෝගීතාවය දැක්වීමේ හැකියාව,  ශිල්පීය වශයෙන් අමුතු ක්‍රම ඇතිකිරීමේ හෙවත්  නව්‍යකරණය කිරීමේ හැකියාව සහ ක්‍රියාත්මක වශයෙන් සාර්ථක විය හැකි දේ දේ පිළිබඳ තොරතුරු බෙදා ගැනීමේ හැකියාව එසේ අත්පත් කරගෙන ඇති වාසි අතරවේ.

කොටියෙකුගේ ඉරි, සමනලයෙකුගේ දීප්තිමත් වර්ණ හෝ මිනිසුන්ගේ විශාල මොළයක් වැනි යම් යම් ලක්ෂණ ජීවීන් අතර පරිණාමය වීමට හේතුව වන්නේ, මේ දක්වා ඇති ලක්ෂණ ආදී මෙම වාසිදායක ලක්ෂණ ඔවුන්ගේ පැවැත්මට උපකාරීවන නිසයි. මෙම වාසිදායක ලක්ෂණ සහිත සජීවීන් පසුව ඒවා ඔවුන්ගේ ජනිතයන්ට පවරා දෙයි.

මානව බුද්ධියේ මූලාරම්භය පිළිබඳ උපකල්පන නැතිනම් අදහස්  ගණනාවක් තිබේ. මම මගේ පර්යේෂණ කාර්යය කරන්නේ ජෛව සංස්කෘතික ප්‍රතිනිෂ්පාදනය ලෙසයි.

මෙලෙස විශාල මොළයක් තිබීම මිනිසුන්ට අනෙකුත් සතුන්ට වඩා වැඩි ළදරුවන් සංක්‍යාවක් ජීවත් කරවීමට  ඉඩ සලසයි. ජෛව සංස්කෘතික ප්‍රජනන උපකල්පනයට අනුව, ළදරුවන් ජීවත් කරවීමට  අපට බුද්ධිය උපකාර කරන්නේ කෙසේද යන්න අප එකිනෙකා ගැන සැලකිලිමත් වන ආකාරය සහ විශේෂයෙන් අපි දරුවන් රැකබලා ගන්නා ආකාරයට අදාල ලෙස දැක්විය හැක.

එකිනෙකාට උපකාර කිරීම

බොහෝ සතුන් (කුඩා හෝ විශාල) සමාජ කණ්ඩායම්වල ජීවත් වන අතර meerkats නම් අප්‍රිකානු මුගටි වර්ගයවැනි සමහර සමාජීය පක්ෂී සහ ක්ෂීරපායි විශේෂ, තම පැටවුන් පෝෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට එකිනෙකාට උපකාර කරති. මෙය සමුපකාර අභිජනනය ලෙස හැඳින්වේ. උපකාරක සතුන්ට තමන්ගේම ළදරුවන් නොමැත.  තම මව හෝ වැඩිමහල් සහෝදරිය වැනි ප්‍රමුඛ පවුලේ සාමාජිකයෙකුට උපකාර කිරීම සඳහා ඔවුහු සිය ප්‍රජනනය අත්හරිති.

Meerkats අප්‍රිකානු මුගටි සමුපකාර අභිජනනය භාවිතයට ගනිති. සේයා රූ අනුග්‍රහය RAJU SONI/Shutterstock සිදු කරති.

කෙසේවෙතත්, මිනිස්සු එසේ නොවෙති. ඊට වෙනස්ය. දරුවෙකු ලැබීමට කැමති සහ හැකියාව ඇති ඕනෑම කෙනෙකුට එසේ කළ හැකිය. සෑම මිනිස් දෙමව්පියන් සියලුදෙනාම තමන්ගේම බිලිඳුන් රැකබලා ගැනීමට හැකියාවක් නැතිවන්නට පුළුවන; නො එසේ නම් රැකබලා නොගනිති. එනනමුත් අනෙක් පුද්ගලයන්, අනුන්ගේ දරුවන් රැකබලා ගැනීම මිනිසුන් අතර සුලබය.

දෙමාපියන් සහ දරුවන් රැකබලා ගන්නා අනෙකුත් අය බාලවියේ දරුවන් හැදී වැඩෙන තුරු මේ ‍රැකබලා ගැනීම සිඩ්ගු කරති; සමහර විට දරුවන්ගේ ජීවිත කාලය පුරාමත් පවා මෙය සිදුවෙයි. (විවිධ සංස්කෘතීන් අතර මෙහි යම් වෙනස් කම් දැකිය හැකි වන්නට පුළුවනි  —  සංස්කාරක). මම දෙමාපියෙකකු වන අතර මම මගේ හදුණුවැඩුණු දරුවන්ට පමනක් නොව  ඔවුන්ගේ දරුවන්ට – ඒ කියන්නේමගේ මුණුබුරු මිණිපිරියන් හට ද දිගටම ඇප උපකාර කරමි. මෙම උපකාර කිරීම විද්‍යාඥයින් හඳුන්වන්නේ ජෛව සංස්කෘතික ප්‍රජනනය ලෙසයි.

රැකබලා ගනු ලබන දරුවා, සාමාන්‍යයෙන් ‍රැකබලාගන්නන්ට ජානමය වශයෙන් සම්බන්ධ වන්ටත් හැකිය;  එසේ නොවන්නටත් හැකිය. මිනිසුන්, එකිනෙකා ගැන සැලකිලිමත් වන ආකාරය පිළිබඳ නීති නියම කෙරණු ලබන්නේ ජාන මගින් නොව, අප එකිනෙකාට ඈඳන නම් මගිනි. මේවා(ප්‍රශ්නය ඇසූ) සාමි හෝ (පිළිතුරු දෙන) බැරී වැනි නම් නොවේ; නමුත් “දුව”, “නැන්දා”, “සීයා”, “ඥාති සහෝදරයා” හෝ “මිතුරා” වාගේ නාමයන්ගෙනි.

අපේ දෙමාපියන්ගේ මිතුරන්ට අප නැන්දා හෝ මාමා කියා අමතන්න පුළුවන්. Apart/Shutterstock බලන්න

මෙවැනි නම් භාවිතා කිරීම පිණිස සංකේතාත්මක භාෂාවක් අවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ අප එකිනෙකා හඳුනාගන්නට භාවිත කරන  නම් අප එකිනෙකාට සැලකිය යුතු අන්දම නැතිනම් ආකාරය පිළිබඳ අදහස් යම් ආකාරයකින් නියෝජනය කෙරන බවයි. මේ ආකාරයේ සංකේතාත්මක සන්නිවේදනයක් පරිණාමනය කරගන්නට සමත් වූවෝඉ  මිනිසුන් වන අප සහ අපගේ (මිනිසුන් නොවන) සමහර මුතුන් මිත්‍තෝ පමණකි.

අපේ මිතුරන්ට “සහෝදරිය”, “සහෝදරයා” හෝ “ඥාති සහෝදරයා” නැතිනම් “ඥාති සහෝදරිය”  ලෙස අපට හැඳින්විය හැක. බොහෝ මානව සමාජවල, තරුණ අය තමන්ට ජානමය වශයෙන් සම්බන්ධයක් නැති වැඩිහිටි පුද්ගලයින් හඳුන්වන්නේ “නැන්දා” හෝ “මාමා” ලෙසිනි. සමහර ආගමික නායකයන් “පියා(father)”, “අම්මා(mother)” හෝ “සහෝදරිය(sister” ලෙස හැඳින්වේ. ගෞරවයේ සලකුණක් ලෙස මෙම නාම භාවිතා කරන අතර ඒවා, මෙම පුද්ගලයින් සමඟ අපගේ සබඳතා පිළිබඳ තොරතුරු ද අපට සපයයි.

නම් කිරීමේ මේ ක්‍රියාවලියට විශාල මොළයක් අවශ්‍යයි

ඉහත දැක්වා තිබෙන (මිනිසුන් සිදු කරන) මෙම නම් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණයි. මේ සියලු නම් සහ ජීවිත කාලය පුරාවටම පවුලේ අය සහ මිතුරන් සමඟ අප කරන අන්තර්ක්‍රියාවල  ඉතිහාසය මතක තබා ගැනීමට විශාල මොළයකින් හටගන්වන බුද්ධිය අවශ්‍ය වේ.

චිම්පන්සියන් වැනි අපගේ සමීපතම ජීව විද්‍යාත්මක ඥාති සහෝදරයින්ට ඇත්තේ අපගේ මොළය මෙන් තුනෙන් එකක් පමණි. ඔවුන් සංකේතාත්මක භාෂාවක් භාවිතා කරන්නේ හෝ එකිනෙකා නම් වලින් අමතන්නේ නැත.  චිම්පන්සි මවක්, සිය කුඩාවුන් රැකබලා ගන්නා අතර වෙනත් කිසිදු චිම්පන්සියෙකු එහිදී ඇයට උදව් කරන්නේ නැත, ඒ සඳහා අඩුතරමින් පියා හෝ ආතා හෝ ආච්චි ආදී පූර්වජනකයන් පවා ඉදිරිපත්වන්නේ නැත. වැඩිහිටිභාවයට පත්වන තුරු ජීවත්වන්නේත් චිම්පන්සි ළදරුවන්ගෙන් තුනෙන් එකක් පමණකි.

සාපේක්ෂව ඊට වෙනස්ව,  පෝෂණය, අසනීප වූ විට උවටැන්කිරීම, අධ්‍යාපනය, මිලමුදල් සහ ආදරය ඇතුළුව පුලුල් පරාසයක රැකවරණය සපයන පුද්ගලයින් සිටීම නිසාවෙන් මිනිස් ළදරුවන් ජීවත් වීමට සහ යහතින් සිටීමට වැඩි ඉඩක් ඇති බව පැහැදිලිය. විශාල මොළයක් ඇති බුද්ධිය අපට එකිනෙකා ගැන සැලකිලිමත් වීමට උපකාර වන අතර, මිනිස් ජනගහනය බිලියන අටකට ආසන්න වීමට හේතුව පැහැදිලි කිරීමට ද උපකාරී වේ.

CURIOUS KIDS(The Conversation) හී පළවන  why didn’t other creatures evolve the intelligence humans have? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.