පුරාවිද්‍යාවේ දේශපාලනය?

Posted by

පුරාවිද්‍යාවේ දේශපාලනය

පුරාවිද්‍යාව, සාම්ප්‍රදායිකව දේශපාලන ශික්ෂණයක් ලෙස සැලකුණේ නැත. පුරාවිද්‍යාවෙහි ‘නිරතව ක්‍රියා කිරීමට’ අදාල නොයෙකුත්  සංකීර්ණතා අවධානය යොමු කරන්නේ යම් පුරාවිද්‍යාඥයෙකුට යෝග්‍ය බලපත්‍ර ලැබී තිබේද නැද්ද යන්න, ක්ෂේත්‍ර කටයුතු නිසි ලෙස සිදු කිරීම මෙන්ම සංස්කෘතිකමය ද්‍රව්‍ය තේරුම් ගැනීම, විශ්ලේෂණය කිරීම සහ සොයාගැනීම් ප්‍රකාශයට පත් කිරීමය. කෙසේ වෙතත්, පුරාවිද්‍යාව හා සම්බන්ධ දේශපාලන ගැටලු නැතුවා නොවේ. විශේෂයෙන්ම සංස්කෘතික සම්පත් කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් ගැටළු පවතින බව නොරහසකි. මෙහිදී, පුරාවිද්‍යා සම්පත් මත සංවර්ධනය හා ඉදිකිරීම් වල බලපෑම පුරාවිද්‍යාඥයින් විසින් අවම කරණු ලැබිය යුතුය. තවද,  තනතුරු සඳහාවන අභ්‍යන්තර පොරබැදීම් සහ වෙනත් ආකාරයේ ශාස්ත්‍රීය හැල හැප්පීම වලින් ද  පුරාවිද්‍යාව විනිර්මුක්ත නොවන නමුත්, සමස්තයක් ලෙස ගත්විට පුරාවිද්‍යාව යන් ශික්ෂාව  ප්‍රධාන දේශපාලන සටන්වල කේන්ද්‍රය බවට පත්වී නොමැත.

පුරාවිද්‍යාව පිළිබඳ ඕනෑම අදේශපාලනික දැක්මක් වී නම් එය 1980 ගණන්වල මැද භාගයේ සහ 1990 ගණන්වල මුල් භාගයේදී වෙනස් විය. ඊට හේතු වූයේ මානව අවශේෂ සහ පූජනීය වස්තූන් දේශප්‍රත්‍යාවර්තනය හෙවත් පෙරළා සියරට ගෙන්වා ගැනීමේ(repatriation) ප්‍රශ්නය ගැන  ස්වදේශික ඇමරිකානුවන් විසින් දැඩි ලෙස ප්‍රතිචාර දක්වනු ලැබූ විටය.  පුරාවිද්‍යාව හදිසියේම වාගේ ප්‍රවෘත්තිවල ඉස්මත්තට පැමිණෙන්නට පටන්ගත්තේ  නටබුන් ආදිය අලුතින් සයගැනීම සම්බන්ධයෙන් නොව වෙනත් මාතෘකා වෙනුවෙනි. එහිදී, පුරාවිද්‍යාඥයන් ‘හොඳ මිනිසුන්’ ලෙස හැඳින්වූයේ නැත. අවසානයේදී, බොහෝ ජනපද සහ ප්‍රාන්ත මගින් මානව අවශේෂ සහ පූජනීය වස්තූන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන ලද අතර, මෙම ප්‍රවණතාවයේ මූලික වූ නීති දෙක වූයේ ඇමරිකානු ඉන්දියානු පනතේ සඳහා ජාතික කෞතුකාගාරය පනත(National Museum of the American Indian Act – NMAIA; 20 United States Code (USC) 80q et seq.) සහ ස්වදේශික ඇමරිකානු සොහොන් ආරක්ෂණ සහ නැවත දේශප්‍රත්‍යාවර්තන පනත(Native American Graves Protection and Repatriation Act – NAGPRA; 25 USC 3001 et seq)

මේ ශික්ෂාව කෙරෙහි පසුගිය වසර 30 තුළ  විශාල බලපෑමක් ඇති කරවන වෙනත් අනෙකුත් නීති හෝ වර්ධනයන් නොතිබූ බැවින් පුරාවිද්‍යාව පිළිබඳ දේශපාලනයට අදාල වගන්තියක් තුළ දේශප්‍රත්‍යාවර්තනය හෙවත් පෙරළා සියරට ගෙන්වා  ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම යෝග්‍යවනවා පමණක් නොව අදාළ ද වේ.

එක්සත් ජනපදයේ (සහ ලෝකයේ වෙනත් සමහර ප්‍රදේශවල) සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනෙකුට, (මානව විද්‍යාව සහ කෞතුකාගාරවලට අදාළ වන පරිදි) මානව අවශේෂ සහ පූජනීය වස්තූන් පෙරළා සියරට ගෙන්වා  ගැනීම පිළිබඳ හෝ   නැවත භූමදානය කිරීම සරල අදහසක් ලෙස පෙනේ – ගෝත්‍රිකයෝ සහ/හෝ වෙනත් සුදුසු ආදිවාසී කණ්ඩායම් හෝ ඥාතීහු කණ්ඩායමට ඓතිහාසිකව හෝ සංස්කෘතික වශයෙන් සම්බන්ධ වූ වස්තූන් එකක් හෝ කිහිපයක් මෙන්ම මිනිස් අවශේෂ ආපසු ලබා දිය යුතු යයි කියා සිටිති; කෞතුකාගාරය හෝ විශ්ව විද්‍යාලය ඒවා ආපසු ලබා දීම හෝ නැවත ලබා දිය යුතුය. මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණ විය හැකි බව ඇතැම්හු දනිති, නමුත් බොහෝ දෙනෙකුට නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ස්වභාවය සහ ක්‍රියාවලිය මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු සහ සංකූලතා පිළිබඳව එතරම් අවබෝධයක් නොමැත. මින් අදහස් කරන්නේ නැවත මෙරටට ගෙන්වා ගැනීම ගැටළු සහගත බවත් එය නොකළ යුතු බවත් නොව, සියලු පාර්ශ්වයන් පැහැදිලි නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කිරීමට බැඳී සිටින බවයි.

කෙසේවෙතත්, විසි එක්වැනි සියවසේ ආපසු ගෙන්වා ගැනීම සහ  විසිවැනි සියවසේ ආපසු ගෙන්වා ගැනීම ඇති ප්‍රධානතම වෙනස්කම් වන්නේ: (1) මානව අවශේෂ සහ ආශ්‍රිත වස්තූන් ආපසු ගෙන්වා ගැනීම දැන් එක්සත් ජනපදයේ සහ ලෝකයේ වෙනත් සමහර රටවල නීතිය බවට පත්ව ඇත. එමෙන්ම, (2 )  (විශේෂයෙන්) මිනිස් අවශේෂ නැවත මෙරටට ගෙන්වා ගැනීම වගකීමෙන් යුතුව සහ සදාචාරාත්මකව ක්‍රියාකරන ආයතන විසින් කරනු ලබන දෙයක් ලෙස දැන් පුළුල්  පිළිගැනීමට ලක්ව ඇත.

මිනිස් අවශේයන්, අවමංගල්‍යමය සහ පූජනීය වස්තූන් නැවත රටට ගෙන්වා ගැනීම සහ නැවත තැන්පත් කිරීම, දේශප්‍රත්‍යාවර්තනය හෙවත් පෙරළා සියරට ගෙන්වා ගැනීමේ කාර්යයෙහි විශේෂ අවස්ථාවකි. ලොව පුරා සිටින ආදිවාසීන් නියෝජනය කරන කණ්ඩායම් ඔවුන්ගේ ඓතිහාසික භූමිවලින්(පාරම්පාරික බිම්වලින්) යම් අතීත අවස්ථාවකදී   ලබාගත් මානව අවශේෂ සහ පූජනීය වස්තූන් ආපසු ලබා දෙන ලෙස (දැනට ඒවා තබාගෙන සිටින පිටරටවල) කෞතුකාගාර සහ වෙනත් ආයතනවලින්  ඉල්ලා ඇත. එකී ආයතන විසින් මිනිස් අවශේෂ සහ භාණ්ඩ ඒවා අයිති මුල් රටවල් වෙත නැවත පමුණුවන්නේ හේතු දෙකක් උඩය: සමහර විට, එම පෞරාණික අවශේෂ හා වස්තූන් මුල් වාසීන්ගෙන් පැවත එන කණ්ඩායම සන්තකයේ තිබිය යුතු බවට ඔවුන්(එම ආයතන) එකඟ වන බැවිනි; තවත් විටෙක ආපසු එවීම සිදුකෙරෙන්නේ විශේෂිත නීතිවල සඳහන් වගන්ති හා අවශ්‍යතා මත පදනම්වේ.

දේශප්‍රත්‍යාවර්තනය හෙවත් පෙරළා සියරට ගෙන්වා ගැනීමේ(රෙපට්‍රිඅටිඔන්) — පුරාවිද්‍යාවට සහ භෞතික මානව විද්‍යාවට අදාළ වන පරිදි — පැහදිලිවම සරල ක්‍රියාවලියක් නොවෙයි. ඒ බවට එක් හේතුවක් නම්, ආපසු ගෙන්වා ගැනීම් සඳහාවන මෙම ඉල්ලීම් වෙනුවෙන් පෙළඹවීම වර්තමානයේ ජීවත්වන් මිනිසුන්ට අදාලවීම සහ අතීතය පිළිබඳ එම මිනිසුන්ගේ වර්තමාන අවබෝධය නිසා වීමය. නැවත  ගෙන්වා ගැනීමේ ඉල්ලීම්, බොහෝ විට දේශපාලනය, වාර්ගික අනන්‍යතාවය මෙන්ම  වස්තුවකට හෝ මිනිස් අවශේෂයන්ට ඓතිහාසිකව ඇති සම්බන්ධයක් හෝ ඇතැයි කියනු ලබන සම්බන්ධයක් හා වන  සමකාලීන සමාජයේ ගැටලු වෙනත් වාදවිවාද  සමඟ සම්බන්ධ වේ. එවැනි අභිප්රේරණයන් (ආපසු ගෙන්වා ගැනීම පිණිස වන) හිමිකම් පෑමෙහි  වලංගුතාව හෝ යෝග්‍ය බව අවතක්සේරුවට පත් නොකර නමුත් ඉල්ලීම තේරුම් ගැනීමට ඉල්ලීමේ සන්දර්භය වැදගත් විය හැක.

International Encyclopedia of the Social & Behavioral Sciences, 2nd edition, Volume 1(2015) හී පළවන   POLITICS OF ARCHAEOLOGY යන ශාස්ත්‍රීය ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.