නිවර්තන කලාපයේ මෙතරම් ජෛව විවිධත්වයක් ඇත්තේ ඇයි?
අපි මෙය සියවස් ගණනාවක් තිස්සේ දැන සිටින නමුදු පැහැදිලි කිරීම හෝ පැහැදිලි කර ගැනීම සරල නැත.
නිවර්තන කලාපයේ මෙතරම් ජෛව විවිධත්වයක් ඇත්තේ ඇයි? යන්න ස්වභාවික විද්‍යාඥයන් විසින් විසඳීමට තැත් කළ ඇති පැරණිතම ප්‍රශ්නවලින් එකකි. නැවතත් ඇසුවොත්: ලෝකයේ අනෙකුත් ප්‍රදේශ හා කලාප සමග සසඳන විට නිවර්තන කලාපවල මෙතරම් ජෛව විවිධත්වයක් ඇත්තේ ඇයි?
“අපි නිවර්තන කලාපයට සමීප වන තරමට කාබනික ජීවන ව්‍යුහයේ විවිධත්වය, ස්වරූපයේ ලාලිත්‍යය සහ වර්ණ මිශ්‍රණය වර්ධනයවන්නාක් මෙන්ම සදාකාලික තාරුණ්‍යය සහ ජවය වැඩි වේ” යනුවෙන් ජර්මානු ස්වභාව විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් 1807 දී ලිවීය. නිවර්තන කලාපයේ, කිස්යම් නිශ්චිත ප්‍රදේශයක් ගතහොත් ශාක, සතුන් සහ දිලීර විශේෂ වැඩි ප්‍රමාණයක් ඇති අතර, ඔබ සමකයට වඩා ඈතට යන විට, එම සංකේන්ද්‍රණය හෙවත් එකතුවීම අඩු වී යයි.
මෙම සංසිද්ධිය අක්ෂාංශීය විවිධත්ව අනුක්‍රමණය(latitudinal diversity gradient) ලෙස හැඳින්වේ. කෙසේවෙතත්, එයට හේතුව කුමක්ද?

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ රෝග පරිසර විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඇන්ඩෲ ඩොබ්සන්ට අනුව, නිවර්තන ප්‍රදේශ මෙතරම් ජෛව විවිධත්වයකින් යුක්ත වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට ප්‍රධාන උපකල්පන තුනක් ඇති අතර බහුවිධ පැහැදිලි කිරීම් ද යම් කාර්යභාරයක් ඉටු කරනවා විය හැකිය.
පළමු උපකල්පනය බලශක්තිය මත රඳා පවතී. නිවර්තන කලාපයේ වැඩි හිරු එළියක් ඇති අතර, එම කාරනාව වර්ෂාපතනය සහ පාංශු පෝෂක සමඟ ඒකාබද්ධ වූ විට, වැඩි ශාක වර්ධනයක් ඇති කිරීමට හේතුවෙයි. “ඔබ ආක්ටික් වෘත්තය හෙවත් උත්තර ධ්‍රැව වෘත්තය හෝ ඇන්ටාක්ටික් වෘත්තය හෙවත් දක්ෂිණ ධ්‍රැව වෘත්තය වෙත ගමන් කරන විට අවුරුද්දේ භාගයක් ගතවන්නේ අඳුරේය” ඩොබ්සන් පවසයි, “ජීවිතය පවත්වා ගැනීම පිණිස ශක්තියක් හටගන්නේම නැත.” එබැවින් ශාක බහුල වීම යන්නෙන් අදහස් වන්නේ තව තවත් සතුන්ට ජීවත් වෙමි ප්‍රජනන කාර්ය කළ (බෝ කළ) හැකි බවයි
පරිණාමීය දෘෂ්ඨි කෝණයකින් බලන විට, ශාක වර්ධනයේ බහුලත්වය සතුන්ගේ මහා විවිධත්වයකට මග පාදයි. “ශාක විවිධත්වය පැහැදිලි කළ හැකි නම්, ඒ කියන්නේඉ ශාක අනුභව කිරීමට බොහෝ අය සිටිමින් විශේෂීය විශේෂ(specialists) හෝ බහුපාරිසරික විශේෂ(generalists) විය හැකි අතර පසුව ශාක භක්ෂකයින් අනුභව කිරීමට බොහෝ අය සිටිමින් විශේෂීය විශේෂ හෝ බහුපාරිසරික විශේෂ විය හැකියි,” ඩොබ්සන් පෙන්වාදෙයි. ආහාර ජාලය හරහා ශාක හා දිලීර, ශාකභක්‍ෂක සතුන් සහ විලෝපිකයන් සමඟ සිදුවන මෙම අන්තර්ක්‍රියා මට්ටම නව විශේෂයක් එහි පරිණාමීය මුතුන් මිත්තන්ට වඩා වෙනස් ලෙස පෙනෙන “විශේෂප්‍රාප්තී ඉහළ අනුපාතයක් (speciation)” වෙත යොමු කරයි.

දෙවන උපකල්පනය නම්, නිවර්තන කලාපය යනු, දීර්ඝ කාලයක් පවතින අයිස් යුගවලින් බාධාවන්ට භාජනය නොවූ පැරණි පරිසරයන් වන අතර, එම නිසාවෙන් විශේෂයන්ට පරිණාමය වීමට දිගු කාලයක් සැපයෙන් කලාපවේ. වර්තමාන ජෛව විවිධත්වය බොහෝමයක් පසුගිය වසර මිලියන 200 පුරා වර්ධනය වෙමින් පවතින නමුත් එය අයිස් යුග ගණනාවකින් විසින් බලපෑමට ලක්වනු ලැබ ඇත. ධ්‍රැවීය අයිස් තට්ටු වල ප්‍රසාරණය සහ හැකිලීම “උතුරු [සහ දකුණු කෙළවරේ] ප්‍රදේශවලින් ජීවය සම්පූර්ණයෙන්ම පහ කරයි”, ඩොබ්සන් පෙන්වා දෙයි, ධ්‍රැවවල ජීවය නැවත හට ගැන්විය යුතු වෙද්දී “නිවර්තන කලාපවල ජීවිතය ඉදිරියට ඇදෙන්නේ අඛණ්ඩව පරිණාමය වෙමින් හා විවිධාංගීකරණය වෙමිනි”.
මේ අතර, විවිධත්වයට පත් නිවර්තන ජීවය, පෘථිවියෙ ශීත කලාපවලට නිතැතින්ම ව්‍යාප්ත වී යා නොහැක. නිවර්තන පරිසරවල තව තවත් විශේෂ එකතු වන විට, ඔවුහු නිවර්තන දේශගුණයට අනුවර්තනය වෙති; එසේනමුත් පසුව ශීත දේශගුණයට ව්‍යාප්ත වීමට උත්සාහ දරන අතරතුර අනුවර්තනය වීම උදෙසා දැඩි උත්සාහය්ක් දරිය යුතු බව ඩොබ්සන් කියයි.

තුන්වන කල්පිතය සම්බන්ධ වෙන්නේ, විවිධත්වයේ සීමාවන් සමඟය. ප්‍රාග්හි චාල්ස් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් ස්ටෝර්ච් පෙන්වා දෙන්නේ විවිධ පරිසරයන් වලට “විශේෂයන්ගෙ සාරවත්භාවය සඳහා යම් ධාරිතාවක් ඇති බවයි, එයින් අදහස් කරන්නේ සෞම්‍ය කලාපවලට වඩා නිවර්තන කලාපවල වැඩි විශේෂයක් පැවතිය හැකි” බවයි. වැඩි සම්පත් සහිත පරිසරයක් සතුන්ගේ විශාල විවිධත්වයකට අනුබලයක් වන අතර ඒවායින් සමහරක් තරඟකාරී වේ. එසේනමුත් ශාක ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩිවීම, අවශ්‍යයෙන්ම විශේෂ සංඛ්‍යාව ඉහළ යාමට ද හේතු නොවේ. “විශේෂයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට ඵලදායිතාවය සහ සම්පත් ප්‍රමාණය පමණක් ම නොව පරිසරයේ සම්පත් උච්චාවචනය වීම (ඉහළ පහළයාම) ද වැදගත් වේ” ස්ටෝර්ච් පැවසීය.
කෙසේ වෙතත්, නිවර්තන කලාපවල විශේෂප්‍රාප්තීයෙහි (නව විශේෂ ඇති කිරීම) ඉහළ අගයක් තිබුණද, මෙම සුවපහස් දෙන කලාපවල විශේෂයන් වඳවී යාමේ ඉහළ අනුපාතයක් ද ඇත. විශේෂප්‍රාප්තීයෙහි ඉහළ අනුපාත හේතුවෙන් විශේෂයන්වල කුඩා ගහනයක් ඇති විය හැකිය; ඉන් බොහෝ විශේෂයන් කුඩා ප්‍රදේශයක අන්තර් ක්‍රියා කරන හෝ තරඟකාරී වන අතර, ඒවා වඳවී යෑමේ වැඩි අවදානමක් ඇති වෙයි. දෙවැනි කල්පිතයෙන් ද සහාය ලැබෙන මෙම කල්පිතය හඟවන්නේ, නිවර්තන කලාපය නව විශේෂයන් මතුවීම සඳහා “තෝතැන්නක්” වීමට අමතරව බොහෝ පැරණි විශේෂවල පරම්පරාවන් පවතින “කෞතුකාගාරයක්” ද වනබවයි.
කෙසේ වෙතත්, පසුගිය වසර මිලියන 200 තුළ මතු වූ සෑම විශේෂයක්ම ඇත්ත වශයෙන්ම එහි ඉතිරිව නැත. එනමුත් විශේෂප්‍රාප්තීයේ අනුපාත සහ වඳවී යාම අතර සමතුලිතතාවය ස්ටෝර්ච් දක්වන අනදමට, නිවර්තන කලාපයට විශේෂයන්ගේ සාරවත්භාවය සඳහා ඉහළ ධාරිතාවක් ඇති බවට අදහසක් හටග්න්වයි.
එහෙත් අක්ෂාංශීය විවිධත්ව අනුක්‍රමණය සෑම තැනකම පවතින්නක් නොවේ. ප්‍රවණතාවයට පටහැනි බවක් දක්වන උදාහරණ කිහිපයක් තිබේ. පෙන්ගුයින් වැනි සමහර සත්තු ඇන්ටාක්ටික් සීතල ජලය තුළ බහුල ලෙස පවතින ආහාර මත රඳා පවතින්නාහ. සමහර “විශේෂයන් සමකයට බොහෝ දුරින් ප්‍රභවය ලැබූ අතර නිවර්තන කලාපය තෙක් ව්‍යාප්තවීමට ප්‍රමාණවත් කාලයක් නොතිබුණි”, එබැවින් විශේයන්, ශීත දේශගුණයට විශේෂිත ආකාරයට අනුවර්තනය වූ බව ස්ටෝර්ච් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, ඇතැම් ශාක හා සත්ව කණ්ඩායම්වල විවිධත්වය තවමත් ශීතල ධ්‍රැව වලින් මතුවිය හැක.
ඒ හා සමානව, පෘථිවි ධ්‍රැව හා සසඳන විට සෞම්‍ය හෝ ශීත දේශගුණය තුළ ඇතැම් විශේෂවල විශාල විවිධත්වයක් පවතී. උදාහරණයක් ලෙස, “පුළුල් පත්‍ර [ගස්] වලින් තරඟකාරිත්වය හේතුවෙන්”, කේතුධර ගස් සීතල ප්‍රදේශවලට සීමා වී ඇත. සමහර කණ්ඩායම් මූලික වශයෙන් ඔවුන්ගේ තරඟකරුවන් විසින් නිවර්තන කලාපයෙන් ඉවතට තල්ලු කරනු ලැබේ” යයි ස්ටෝච් පවසයි. සෞම්‍ය හෝ ශීත දේශගුණයට අනුවර්තනය වීමට සිදුවීම, උප විශේෂ නිර්මාණය කිරීමේදී වෙනස් ආකාරයක ජෛව විවිධත්වයක් ඇති කිරීමට හේතුවෙයි. නිවර්තන කලාපය වඩාත් කැපී පෙණෙන අන්දමින් විවිධ වූ, වෙනස්, වෙනස් විශේෂවලට සත්කාරක කලාපවන අතර, ස්ටෝච් දක්වන අන්දම අනුව, බොහෝ අධ්‍යයනයන් දැන් ඉහළ අක්ෂාංශවල උප විශේෂවල ඉහළ විවිධාංගීකරණයක් වාර්තා කරයි.
අක්ෂාංශීය විවිධත්ව අනුක්‍රම කල්පිතය කනපිට හරවන එක් කණ්ඩායමක් වන්නේ පරපෝෂිත පණුවන් ය; සමකයෙන් ඉවතට යත්ම, පරපෝෂිතයන්ගේ විවිධත්වය වැඩි වේ. නිවර්තන කලාපවල විශේෂ සංඛ්‍යාව වැඩි වීමෙහි සැබෑ අරුතය වන්නේ ඒවා සියල්ලන්ම (එකිනෙක හා) තරඟ කරන නිසා ඒවායේ සාපේක්ෂ බහුලත්වය අඩු වීමයි, එබැවින් විශේෂයේ ඝනත්වය සහ විශේෂ පරාසයන් (ඔවුන් ආවරණය කරන භූගෝලීය දුර ප්‍රමාණය) සෞම්‍ය දේශගුණයේ දී හෝ ආක්ටික් ප්රදේශයේ දීට වඩා බෙහෙවින් කුඩා වේ.

ධාරක ජනගහනය විශාල වන තරමට, “ඔවුන්ට සහාය දිය හැකි පරපෝෂිතයන් වැඩි වන අතර ඔවුන්ට සහාය දිය හැකි පරපෝෂිත විශේෂ වැඩි වේ”, ඩොබ්සන් පැවසීය. “ඔබට එම ධාරක ජීවීන්ගෙන් අඩු විවිධත්වයක් ඇති නමුත් විශාල ජනගහනයක් තිබේ නම්, ඔවුන්ට පරපෝෂිතයන්ගේ විශාල විවිධත්වයකට සහාය විය හැක. විශාල පරාසයක ප්‍රමාණයන් සහිත විශාල විශේෂ තිබීම නිසා සෞම්‍ය සහ උපනිවර්තන කලාපවල එම විශේෂයන් වැඩි පරපෝෂිතයන් ජනාවාස කිරීමට ඉඩ සලසයි.” එබැවින්, සමස්ත ජෛව විවිධත්වය අඩු ප්‍රදේශයක්, ඩොබ්සන්ට අනුව “විශේෂ පොම්පයක්” ලෙස ක්‍රියා කරයි, ලෝකයේ වෙනත් ඕනෑම තැනකට වඩා පරපෝෂිත පණුවන් වැඩි කරයි.
Live Science – Lifes-little-mysteries (15th August, 2022) හී පලවූ Why is there so much biodiversity in the tropics? යන ලිපිය ඇසුරෙනි