වගවීම(Accountability): දේශපාලන

Posted by

වගවීම(Accountability): දේශපාලන

වගවීම: මූලික අදහස නැතිනම් කේන්ද්‍රීය අදහස මෙලෙස කෙටියෙන්, සරලව දැක්විය හැක: තීරණ ගැනීමේ බලය නියෝජකයෙකුගෙන් (උදා: පුරවැසියන්) නියෝජිතයෙකුට (උදා: රජය) මාරු කරන විට, ඔවුන්ගේ තීරණ වෙනුවෙන් වගවීම පිණිස සහ අවශ්‍ය වන්නේනම්, අවසානයේ නියෝජිතයා බලයෙන් ඉවත් කිරීම දක්වා වූ සම්බාධක නියෝජිතයාට පැණවීම සඳහා යාන්ත්රණයක් තිබිය යුතුය.

වගවීම කුළුණු හෙවත් ස්ථම්භ මත ‍රැඳි ඇතැයි උපකල්පනය කළහොත්, ඒවා මෙසේ දක්විය හැක: 1.වගකීම(Responsibility): ගන්නාවූ ක්‍රියා මාර්ගයට බැඳෙන යුතුකම 2.උත්තර දීමට බැඳී සිටීම(Answerability): ගත්තාවූ ක්‍රියාමාර්ගය ගැන කරුණු දැක්වීම(උත්තර බැඳීම) 3.විශ්වාසනීයත්වය(Trustworthiness): විශ්වාසය හා පහැදීම දිනාගැනීඉමට සුදුස්සෙකු වීමේ ගතිලක්ෂණය. 4.වගකීමට බැඳී සිටීම(Liability): ණයක් පියවීමට හෝ වෙනත් අවශ්‍යයෙන් කළ යුත්තකට(obligation) නීත්‍යානුකූලව බැඳී සිටීම.

වගවීම යන්න, විවිධ ක්ෂේත්‍රවල දී, විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැම් තලවල දී නිතර ඇසෙන පදයකි. එය විවිධාර්ථයෙන් යෙදෙන පදයක් නිසාවෙන්, සංකල්පය හරියාකාරව වටහා ගැනීම පිණිස ලිපි පෙළක් ගෙන ඒමට thathu.com හී අපි තීරණය කළෙමු. අද ලිපිය දේශපාලන වගවීම ගැනයි.

දේශපාලන වගවීම යනු, ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩුවක තීරණ ගන්නන් ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාවට වග කිව යුතු බවට වන මූලධර්මයයි. (වගවීම පිළිබඳ) නූතන භාෂිතයේ  මූලාරම්භය දහඅටවන සියවසේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල වර්ධනයට ණයගැතියි. ජනතාවගේ කැමත්ත අනුව රටකරවන්නන් ‍තෝරා පතකරගැනීම මෙන්ම ඔවුනට නිලයෙහි ‍රැඳී සිටීමට සාපේක්‍ෂව කෙටි කාලයක් පමනක්  ලබාදීමෙන් අදහස් කරන ලද්දේ   නිලය දැරීමේදී තම නියෝජිතයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ඡන්දදායකයින්ට වග උත්තර බැඳිමට අවස්ථාව ලබා දීමයි. (නිලය දරූ කාලයේ දී) සිය හැසිරීම අඩුලුහුඬු සහිත යයි පෙණී ගිය අයට  ඊළඟ මැතිවරණයේදී (ඔවුන්ගේ ඡන්දදායකයින්ට) ඊට දඬුවම් කළ හැකිය. මේ අනුව, වගවීම යන සංකල්පයෙන් ගම්‍ය වන්නේ හුදු පාලිතයන්ගේ නිහඬ එකඟතාවයට වඩා වැඩි යමක් ය.  රාජ්‍ය පාලකය්න් සක්‍රීයව අධීක්‍ෂණය සඳහා වන යාන්ත්‍රණයන් මෙන්ම මහජන අපේක්ෂාවන් බලාත්මක කිරීමේ මාධ්‍යයන් යන දෙකම ඉන් ඇඟවුම් කරනු ලබයි.

1. වගවීම(Accountability) සහ වගකීම(Responsibility)

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සහ ආයතන මුලින්ම වර්ධනය වූ විට, ‘වගවීම’ යන්නෙන් අප දැන් අදහස් කරන දෙය ග්‍රහණය කර ගැනීමට බහුලව භාවිතා වූ යෙදුම වූයේ ‘වගකීම’ යන්නයි. අමරිකානු ඉතිහාසය්යේ මූලික ලියැවිල්ලක් වන The Federalist Papers හි සම්මත සංස්කරණයක සංස්කාරකවරයා සඳහන් කරන පරිදි, ‘වගකීම යනු [1787 යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ] සහ විශේෂයෙන්ම, The Federalist Papers හි පිටු වල සහතික කිරීමේ විවාදයේදී එහි සම්භාව්‍ය අර්ථදැක්වීම හිමි කරගත් නව වචනයකි. දහඅටවන සියවසේ බි‍්‍රතාන්‍ය දේශපාලනයේ මෙම යෙදුම වරින් වර මතු වී තිබුණද, එහි කල්පවත්නා නැතිනම් නිත්‍ය දේශපාලන ප‍්‍රමුඛත්වය ලබා ගත්තේ 1780 ගණ්න්වල ඇමරිකාවේ දී ය. කෙසේ වෙතත්, The Federalist හි, ‘වගකීම’ යන්නට අර්ථ කිහිපයක් ඇතුළත් වූ අතර, ඉන් එකක් පමණක් ‘වගකීම’ යන්න හා තුල්‍යාර්ථ වේ(සමාන වේ).  පුළුල් යෙදුම, නූතන දේශපාලන කතිකාව තුළ පටු වචනයෙන් අතථ්‍ය ලෙස ආදේශනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයේ ප්‍රබල ප්‍රවණතා පෙන්නුම් කරයි.

ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජනාධිපති ධුරය පිළිබඳ ඔහුගේ රචනාවල වගකීම විස්තර කළේ වගවීමට්ට සමාන ලෙසටයි. වැරදි හැසිරීම හෝ රාජ්‍ය කටයුතුවල දුර්වල කළමනාකාරිත්වය සම්බන්ධයෙන් කාට දොස් පැවරිය යුතුද යන්න ජනතාව නොදන්නා බැවින් බහුවිධ විධායකයෙකු, ‘වැරදි වසන් කිරීමට සහ වගකීම කම්මුතු කිරීමට’ නැඹුරු වන බවට ඔහු තර්ක කළේය. හැමිල්ටන්,  සංසන්දනයක් යෙදෙමින් මෙසේ පෙන්වා දුන්නේය: ‘එංගලන්තය දී රජු  ‘ඔහුගේ පරිපාලනය සඳහා නීත්‍යානුකූලව වගකියන්නේ නැත’; එහෙත්, ජනරජයක ‘සෑම පරිපාලක්වරයෙකුම ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලිකව වගකිව යුතුය’  යනුවෙන් සිය සංසන්දනය හැමිල්ටන් ඉදිරිපත් කළේය. ඇමරිකානු ජනාධිපතිවරයා මැතිවරණ ක්‍රියාවලිය හරහා ජනතාවට වගකිව යුතුය(එනම්, වගවිය යුතුය); තවද, බරපතල විෂමාචාර අවස්ථා වලදී, දෝෂාභියෝග කිරීමට, වරදකරු කිරීමට සහ ඉවත් කිරීමට හැකිය(Hamilton et al. 1999, pp. 395-97).

එහෙත්, The Federalist හී වගකීම පිළිබඳ තරමක් පුළුල් හා සියුම් අවබෝධයක් ද ඇතුළත් වේ.  ජේම්ස් මැඩිසන් යෝජිත කොන්ග්‍රසය පිළිබඳ රචනයක මෙසේ ලිවීය: ‘වගකීම සාධාරණ වීමට නම්, වගකිව යුතු පාර්ශවයේ බලය තුළ ඇති ආරම්මණයන්ට සීමා විය යුතු අතර, ඵලදායී වීමට නම්, එම බලයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ විය යුතුය.’ මෙහිදී මැඩිසන්, ‘එකක් පාසා තනි තනිව ක්ෂණික සහ ප්‍රඥාගෝචර කාර්යකරණයක් ඇති’ රජයේ ක්‍රියාමාර්ග, ‘ක්‍රමානුකූලව සහ සමහර විට නිරීක්ෂණය නොකළ කාර්යකරණයක් ඇති හොඳින් තෝරාගත් සහ හොඳින් සම්බන්ධිත ක්‍රියාමාර්ග සන්තතියක් මත රඳා පවතින’ අනෙකුත් ක්‍රියාමාර්ග වෙන්කර හඳුනා ගත්තේය. රජයේ වගකීම පිළිබඳ ‘සාධාරණ’ අවබෝධයක් යන්නෙන්, රටේ දිගුකාලීන යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා නීති සම්පාදකයන්ගේ අභිමතය සහ විනිශ්චය ක්‍රියාත්මක කිරීමේ වටිනාකම හඳුනා ගැනේ. මෙයම වෙනස් ආකාරයකට කිවහොත්, නීති සම්පාදකයින් මේ ආකාරයෙන් හැසිරෙන විට අඩුම තරමින් යම් කාලයක් යනතුරු ඔවුන්ගේ(නීති සම්පාදකයින්ගේ) ක්‍රියාවන්හි වටිනාකම ඔවුන්ගේ ඡන්දදායකයන් විසින් හඳුනාගනු ලැබීමට අපොහොසත් වුවද, ඔවුහු(නීති සම්පාදකයෝ) වගකීමෙන් ක්‍රියා කරති. (Hamilton et al. 1999, pp. 351–2).

හැමිල්ටන් සහ මැඩිසන් යන දෙදෙනාම මෙම සාකච්ඡාමය ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව, ප්‍රබල ප්‍රකාශ ඉදිරිපත්කරමින් තර්ක කළේ මෙලෙසය: ජනතාව අගතිගාමී, වගකීම් විරහිත හෝ අයුක්ති සහගත ක්‍රියාමාර්ග සඳහා තල්ලු කරනු ලැබූ විට, ඔවුන් වෙත නැවතත් සාධාරණ චින්තනය පහළ වනතුරු,  මහජන කැමැත්තට එරෙහි වීමට මහජන නියොජිතයන්ට ‘යුතුකමක්’ ඇත. (Hamilton et al. 1999, pp. 352, 400).  මහජන යහපත වෙනුවෙන් මහජන මතයට එරෙහිව ක්‍රියා කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත. වගකීම පිළිබඳ මෙම සංකල්පය, අඩු වශයෙන් පොදුවේ තේරුම් ගන්නා පරිදි වගවීම ඉක්මවා යයි. එක් නවීන විචාරකයෙකු සඳහන් කරන පරිදි, මෙම පුළුල් අර්ථයෙන් ගත් විට, වගකීම ‘ප්‍රතිඵල ගැන සැලකිලිමත් වේ.’ වගකිවයුතු රාජ්‍ය නිලධාරියා ‘ප්‍රතිඵල යෝග්‍ය බවට’ සහ ‘බොහෝ දෙනෙකුගෙ යහපතට හේතුවන බවට’  වග බලා ගනී. එවැනි වගකීම වඩාත්ම සිත්ගන්නාසුලු වර්ගය වන්නේ එය ඕනෑම සරල අර්ථයකින් වගවීම සහ වගකීම් පිළිබඳ ප්‍රශ්නවලින් ඔබ්බට යන බැවිනි’ (Blitz 1998). බොහෝ දෙනෙකුගේ යහපත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියා කිරීමේ පුළුල් අර්ථයෙන් ගත් කල වගවීම සමහර විට වගකීම සමඟ ගැටෙන බව එයින් කියවේ.

වගවීම යනු වගකීම සපයන පාර්ශ්වයට වගවීම සැපයීම, ඔහුගේ වගකීම වන සියලුම ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම සහ වාර්තා කිරීම භාර දරන්නාගේ වගකීම ලෙස වටහා ගන්නා, කවුරුන් සහ කුමක් සඳහා සහ කුමක් සඳහාද යන්න සඳහන් කරන වගකීම් ආකාරයකි. එවැනි වගවීමක් දැරීමට බලය ඇත. රජයේ, පෞද්ගලික අංශයේ සහ ප්‍රජා සංවිධානවල තීරණ ගන්නන් මහජනතාවට සහ අදාළ ආයතනවලට වගකිව යුතුය. වගකීමේ ස්වරූපය අදාළ සංවිධානයේ වර්ගය මත රඳා පවතී. රජයේ කාර්ය සාධනය පිළිබඳ මහජන විශ්වාසය වැඩිදියුණු කිරීමේ කොටසක් ලෙස යහපාලන ක්‍රියාකාරකම් නිර්මාණය කිරීමේදී වගවීම මූලික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් සපයයි. රාජ්‍ය නිලධාරීන් ආයතනික අණදීමේ දාමයේ ඉහළ බලධාරීන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට, රාජ්‍ය නොවන සංවිධානවලට, ජනමාධ්‍යවලට සහ තවත් බොහෝ පාර්ශ්වකරුවන්ට වගකිව යුතු බව වගවීම පිළිබඳ සංකල්පයෙන් දැකිය හැකිය. මහජන වගවීම වර්ග දෙකකින් සමන්විත වේ, එනම් (1) සිරස් වගවීම සහ (2) තිරස් වගවීම. සිරස් වගවීම යනු පළාත් පාලන ආයතන වෙත වැඩ ඒකකවල වගවීම, මධ්‍යම රජයට කලාපීය වගවීම සහ යනාදිය වැනි ඉහල අධිකාරීන් වෙත අරමුදල් කළමනාකරණය සඳහා වන වගවීමයි. එවිට තිරස් වගවීම සාමාන්‍ය ප්‍රජාව වෙත පැවරෙන වගකීමයි. මෙම ලිපියේ, භාවිතා කරන පර්යේෂණ ක්‍රමය සාහිත්‍ය අධ්‍යයනය හෝ සාහිත්‍ය සමාලෝචනයයි. යහපාලන සංකල්පයට අනුව යහපාලනයක් ඇති කිරීමට රජය බලයේ හිමිකරු ලෙසත් සමාජය සමාජ අංගයක් ලෙසත් පෞද්ගලික අංශය රජයේ හවුල්කරුවෙකු ලෙසත් ඇතුළත් වැදගත් කොටස් අතර සහයෝගීතාවය අවශ්‍ය වේ. එබැවින්, රාජ්‍යයෙන් නීත්‍යානුකූල භාවය ලබා ගන්නා බලයේ හිමිකරු වශයෙන් රජයට වගකීම ඇත්තේ අදාළ රජයේ ආයතන හරහා පොදු සුබසාධනය ඇති කිරීමයි.

Bibliography

Aberbach J D 1990 Keeping a Watchful Eye: The Politics of

Congressional Oersight. Brookings Institution, Washington,

DC

Arnold R D 1990 The Logic of Congressional Action. Yale

University Press, New Haven, CT

BlitzM1998 Responsibility and Public Service. In: Lawler P A,

Schaefer R M, Schaefer D L (eds.) Actie Duty: Public

Administration as Democratic Statesmanship. Rowman and

Littlefield, Lanham, MD

Burke E 1774 Speech to the electors of Bristol. In: The Writings

and Speeches of Edmund Burke, II. Little, Brown and

Company, Boston, pp. 89–98

Fiorina M P 1989 Congress: Keystone of the Washington

Establishment, 2nd edn. Yale University Press, New Haven,

CT

Friedrich C J (ed.) 1960 Nomos 3: Responsibility. Yearbook of

the American Society of Political and Legal Philosophy. Liberal

Arts Press, New York

Hamilton A, Madison J, Jay J 1999 The Federalist Papers.

Rossiter C (ed.) with a new Introduction and Notes by Kesler

C. Mentor Book, New York

Light P C 1993 Monitoring Goernment: Inspectors General

and the Search for Accountability. Brookings Institution,

Washington, DC

Schoenbord D 1993 Power without Responsibility: How Congress

Abuses the People through Delegation. Yale University

Press, New Haven, CT

Source: International Encyclopedia of the Social  Behavioral Sciences (N. J. Smelser, P. B. Baltes) Pgs: 124/125

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.