ලෝකඩ තැනීමේ පුරාණ චීන වට්ටෝරුවක් විකේතනය කෙරේ

Posted by

ලෝකඩ තැනීමේ පුරාණ චීන වට්ටෝරුවක් විකේතනය කෙරේ

ලෝකඩ සෑදීම සඳහා පුරාණ චීන පුස්තකයක සඳහන් අභිරහස් අමුද්‍රව්‍ය බොහෝ විට කලින් පූර්ව නිර්මිත මිශ්‍ර ලෝහ විය හැකිය. පර්යේෂකයන් දැන් ඒ  අභිරහස් අමුද්‍රව්‍ය විකේතනය කිරීමට සමත් වී ඇති අතර ලෝකඩ තැනීමට යොදාගනු ලැබූ එකල රසායන විද්‍යාවේ නවීන මට්ටමක් ඉන් හෙළිදරව් වන බව ඔවුහු පෙන්වාදෙති.

වසර 2300 ක් පැරණි පඨිතයක් වූ Kaogong Ji,  ලෝකයේ පැරණිතම තාක්ෂණික විශ්වකෝෂය ලෙස සැලකේ. ලෝහ බෙර, (යුද)රථ සහ ආයුධ වැනි වස්තූන් කිහිපයක් සාදන ආකාරය පිළිබඳ උපදෙස් පුස්තක්යේ අඩංගු වේ. දිගු කලක් තිස්සේ පර්යේෂකයන්ට ප්‍රහේලිකාවක්ව තිබූ ලෝකඩ තැනීම සඳහා වූ වට්ටෝරු හයක් (රෙචිපෙස්) ද එහි අඩංගු වේ.

එකල ලෝකඩ නිෂ්පාදනය චීනයට පමණක් ආවේණික නොවූවත්, ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රුයිලියාං ලියු පවසන්නේ එහි නිෂ්පාදනය කරන ලද ලෝකඩවල විලාශය හා නිෂ්පාදනය කරන ලද ලෝකඩවල පරිමාණය අසමසම වූ බවයි. “අපි අපෙන්ම ප්‍රශ්න කළා, ආසියානු සහ චීන ජාතිකයන්ට එතරම් ලෝකඩ [ඒ කාලයේ] නිෂ්පාදනය කිරීමට හැකි වන්නේ කෙසේද,” ලියු කියා සිටියි.

ලෝකඩ සාමාන්‍යයෙන් සාදනු ලබන්නේ තඹ සහ ටින් එකතු කිරීම මගිනි. වට්ටෝරු අභිරහස අමුද්‍රව්‍ය අතර ප්‍රමුඛවන්නේ  jin සහ xi ය්නුවෙන් දක්වෙන් අමුද්‍රව්‍ය දෙකයි. ඒව මොන්වා දයි විකෙතනය කිරීමට පර්යේෂකයන්ට කලින් උත්සාහයන් වල්දී අපොහොසත් විය. නූතන මැන්ඩරින් භාෂාවෙහි(ඹන්ඩරින් – මුළු චීමයටම වලංගු නිල භාෂාවයි) jin යන්නෙන් අදහස් කරන්නේ රත්‍රන්ය. එහෙත් පුරාණයේ එය තඹ හෝ තඹ මිශ්‍ර ලෝහයකට යෙදෙන්නට බව විශ්වාස කෙරේ. මේ අතර,  xi යන්න දිගු කලක් තිස්සේ සැලකුණේ ටින් වලට යොදන නමක් ලෙසටය..

කෙසේවෙත්තත්, එම කාල වකවානුවට අයත්  ලෝකඩ භාජනවල රසායනික විශ්ලේෂණයන් හඟවන්නේ jin සහ xi හුදෙක් තඹ සහ ටින් විය නොහැකි බවයි.

මෙම වට්ටෝරු වාර්ත කරන ලද යුගයේම නිෂ්පාදනය කරන ලද පිහියක හැඩැති චීන කාසිවල රසායනික සංයුතිය පිළිබඳ කලින් සම්පාදනය කරන ලද දත්ත ලියු සහ ඔහුගේ සගයෝ විශ්ලේෂණය කළහ. කාසිවල ඇති ලෝහ අතර සම්බන්ධතා උකහා ගැනීමෙන්, පර්යේෂකයන් යෝජනා කරන්නේ පෙර පූර-නිර්මිත මිශ්‍ර ලෝහ භාවිතයෙන් වස්තූන් නිර්මාණය කරන්නට ඇති බවයි.

කාසිවල ඊයම් සාන්ද්‍රණය වැඩි වන තරමට තඹ සහ ටින් යන දෙකෙහිම සාන්ද්‍රණය අඩු වන බව ඔවුහු සොයා ගත්හ.  ඉහළම

තඹ සාන්ද්‍රණය සහිත කාසිවල ඉහළම ටින් සාන්ද්‍රණය ද තිබුණි. මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ලෝකඩ මිශ්‍ර ලෝහයක්(a bronze alloy) වන තඹ සහ ටින් මිශ්‍ර ලෝහයකට(alloy of copper and tin ) ඊයම් මිශ්‍ර කර ඇති බවයි.

විවිධ සංයෝජන නිරූපකරණයෙන් හෙවත් ආකෘති නිර්මාණය කිරීමෙන්(modelling), විවිධ අනුපාතවල 50:50 තඹ-ඊයම් මිශ්‍ර ලෝහයක් සමඟ මිශ්‍ර කළ 80:15:5 තඹ-ටින්-ඊයම් මිශ්‍ර ලෝහයක් රසායනික කාසි දත්ත සමඟ හොඳින්ම ගැලපෙන බව කණ්ඩායම තීරණය කළේය (Antiquity, DOI: 10.15184/aqy.2022.81)

මෙම පෙර සාදන ලද හෙවත් පූර්ව මිශ්‍රිත මිශ්‍ර ලෝහ Kaogong Ji හි සටහන් කර ඇති පරිදි පිළිවෙලින් jin සහ xi විය හැකි බව Liu පවසයි. කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් පවසන්නේ පුස්තකයේ(Kaogong Ji) ඇති වට්ටෝරු සාමාන්‍යයෙන් ලෝකඩ සෑදූ ආකාරය පිළිබිඹු නොකරන බවයි.

“ඊට පටහැනිව යමක් කීමට තිබේ නම්, වට්ටෝරු වුවමනාවාට වැඩියෙන් නිශ්චිතයි.” ඔහු පෙන්වාදෙයි, “(ඒ ආදී කාලයේ දී)

ඇත්තටම ලෝකඩ මිශ්‍ර ලෝහය තනන්නට ක්‍රියා කළ අයවළුන්ට කියවීමට හෝ ලිවීමට නොහැකි වන්නට ඇති අය නිසා වට්ටෝරුව සටහන කිරීමට ඔවුන්ට නොහැකි වන්නට ඇත. මම නම් හිතන්නේ වට්ටෝරුව ලියපු කෙනා සහ  වැඩේ ඇත්තටම කරපු කෙනා අතර දැනුමේ පරතරයක් තියෙනවා කියලයි.”

ආගමික කටයුතු සඳහා යොදාගන්නා විශාල භාජන සෑදීම සඳහා පුරාණ චීනයේ ලෝකඩ භාවිතා කළ බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෙසිකා රෝසන් පවසයි. “චීනයේ, (ඒ කාලවලත්) විශාල ශ්‍රම බලකායක් සිටි අතර බටහිරට වඩා ලෝහ විශාල ප්‍රමාණයක් උපයෝගීකරගනිමින් ඉතා සංකීර්ණ පද්ධතියක් භාවිතා කිරීමට ඔවුන්ට හැකි විය,” ඇය පෙන්වා දෙන්නීය.

[Jessica Mary Rawson යනු ඉංග්‍රීසි කලා ඉතිහාසඥවරියක්, අභිරක්ෂකවරියක්(curator) සහ චීන සංස්කෘති විශේෂඥවරියකි(sinologist).  ඇය ශාස්ත්‍රීය කටයුතු පරිපාලකවරියක් ද වන අතර, චීන චිත්‍ර කලාව පිළිබඳ විශේෂඥවරියකි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ වසර ගණනාවක සේවයෙන් පසු, ඇය 1994 සිට 2010 දී විශ්‍රාම යන තෙක් ඔක්ස්ෆර්ඩ් හි මර්ටන් විද්‍යාලයේ පාලිකාව වූවායසංස්කාරක]

New Scientist weekly – International Edition(13th August, 2022) හී පළවී ඇති Ancient bronze recipe deciphered යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.