සංස්කෘතිය සහ එදිනෙදා ජීවිතය

Posted by

සංස්කෘතිය සහ එදිනෙදා ජීවිතය

අපි කතාවකින් ලිපිය පටන් ගමු:

මම සිල්වියා. මා සමග යම් ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන බොබ්, දවසක් මට ආරාධනා කරා බ්‍රහස්පතින්දා දවසක හවස එයාගේ මහල් නිවසට එන්න කියල.  එයා ඉන්න පලාතේ දුම්රිය ස්ථානයට එයා අවිත් ඉන්නම් කිව්වා. ඉතින් කිව්ව විදිහටම එක බ්‍රහස්පතින්දාවක ඒ කිව්ව දුම්රිය ස්ථානයට එයා අවිත් මාව එක්කරගෙන ගියා. බොහොම සරු භෝජන සංග්‍රහයක් පිළියෙල කරලා තිබ්බේ එයාමයි. වටිනා වයින් වර්ගයක බෝතලයක්ම එහෙමත් තිබුනා. අපි දෙන්නා බොහොම සතුටින් ඒ මනරම් කෑම බීම රසවිඳලා ආලින්දයට ආවේ වයින් බෝතලේ ඉතිරි ටිකත් සමගයි. ඒත් ටික වෙලාවක් යද්දී මට තේරෙන්න පටන් ගත්තා එය ප්‍රේමාතුර වැඩියි කියලා. මං ඒවාට එතරම් කැමැත්තක් නැති බව එයාට අ‍ඟෙව්වා.

අවසානයේ එයා මාව කාරෙකෙන් දුම්රිය ස්ථානයට ගෙනැවිත් ඇරලුවේ ඊළඟ බ්‍රහස්පතින්දාත් හමුවෙමු කියලා. එයාට මාකට් යන්න වෙලාවක් නොලැබෙන්න පුළුවන් නිසා එදාට මං එනකොට සොසේජස් රාත්තලකුත් අරගෙන එන්න කීවා. ඉතිං මම ඊළඟ බ්‍රහස්පතින්දා කිව්ව වෙලාවටම දුම්රිය ස්ථානයට ආවා. ඒත් බොබ් පේන මානයක නැහැ. මං පැයක් විතර බලා ඉඳලා සොසෙජස් ටිකත් අරගෙන ආපහු ගෙදර ගියා.

                                                                             — සිල්වියා ස්මිත්

එදිනෙදා ජීවිතයේ හිස් බව

අපගේ එදිනෙදා ජීවිතයේ කටයුතු තරම් වඩා විනිවිදව පෙනෙන වෙන කිසිවක් නැති තරම්ය.  නැඟිටීම, දත් පිරිසිදු කිරීම, ස්නානය කිරීම, තේ හෝ කෝපි කෝප්පයක් සෑදීම, බල්ලා ඇවිදීමට ‍රැගෙනයාම, ළමයින් පාසලට ගෙන යාම, අසල වැසින් හා සුහදව වදනක් දෙඩීම, මගී දුම්රියට නැඟීම, දිවා කාලයේ රූපවාහිනිය නැරඹීම, රැකියා ස්ථානයේ ඡායා පිටපත් කිරීමේ කාමරයට කඩදාසි රැගෙන යාම, ඉක්මනින් දිවා ආහාරය ගැනීම, ආපසු නිවසට පැමිණීම, සවස රූපවාහිනිය නැරඹීම, රාත්‍රී මධු විතක් තොල ගෑම, නින්දට යාම — මේ ආදී වශයෙන් අප දිනපතා කරන්නේ කෙතරම් චර්යානුගත හා ලෞකික දේවල් ද කීවොත් ඒවා ගැන අමුතුවෙන් කතා කිරීම පවා  නිෂ්ඵල සේ පෙණී යන දේවල් කරමින් අප සියල්ලෝම අපේ එදිනෙදා ජීවිත ගෙවා දමති.  මේ සියලු ආකාරයේ ක්‍රියාකාරකම් සහ  ඒ හා සමාන මිලියනයක් සහ තවත් ටිකක් වන හිස් දේවල්  තමයි අපගේ එදිනෙදා ජීවිතය සෑදී ඇති දේවල් වන්නේ.

අපේ ආරම්භක කතාවේ දක්වා ඇති පරිදි සිල්වියා ස්මිත්  විස්තර කරන කලින් නියම කරගත් දිනයක ආදර හමුවීම එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයෙන් මඳක් බැහැර වුවත්, එය නූතන ආදර හමුවක සහ ඒ නිසාම නූතන එදිනෙදා පැවැත්මේ යම් සාමාන්‍ය ලක්ෂණයක් ලෙස හඳුනා ගැනීමට අප සැමට සාමාන්‍යයෙන් හැකිය. මේ අනුව එක් ආකාරයකින් සිල්වියාගේ කතාව ඇයට සහ ඇයගේ ජීවිත අත්දැකීමට ආවේනික වේ. ඇත්ත වශයෙන්ම, සොසේජස් රාත්තලක් රැගෙන යන අපි සියල්ලෝම අපේක්ෂා භ්හගත්වයට පත් නොවන්නෙමු. යම් යම් අර්ථයන්ගෙන් ගත් කල සෑම කෙනෙකුටම එදිනෙදා ජීවිතය ඔවුන්ට අනන්‍යයව පවතීඑහෙත් වෙනත් විදිහකට බලන විට බොහෝ මිනිසුන්ට ඇත්තේ එකම ආකාරයේ එදිනෙදා අත්දැකීම් වන අතර, එදිනෙදා ජීවිතයේ චර්යාවන් හුදෙක් ලෞකික අර්ථයෙන් පමණක් නොව,  සියල්ලන්ම නොවේ නම් බොහෝ දෙනාට අත්දකින  අර්ථයෙන් ද ‘පොදු’ බවට පත් කරයි.

එනමුත් තවත් ආකාරයකින්, යමෙක් අපගේ දෛනික ජීවිතය විස්තර කරන ලෙස අපෙන් ඉල්ලා සිටියහොත්, අපට සිත්ගන්නා සුළු යැයි පැවසිය හැකි කිසිවක් ගැන කතා කිරීමට අපට අපහසු විය හැකිය, මන්ද දෛනික ජීවිතය යන්නෙන් හැගවෙන්නේ දිනචරියාවක්(daily routine) නිසාවෙනි. චර්යානුගත (routine) යන්න නිර්වචනය අනුව ගතහොත් දිනචරියාව යන්නෙන් බැහැර නොවන දේවල් ද ඊට ඇතුළත් වේ.  ඊයේ කළ දේ විස්තර කිරීමට මා හට බල කළහොත්, මම ඊයේ කළ සමහර දේවල් අනෙක් දිනවලට වඩා මදක් වෙනස් කිරීමට තුඩු දුන්නවු යමක් සොයා ගැනීමට මා වෙහෙසෙන්නට පුළුවන. නිදසුනක් ලෙස වැඩි වේලාවක්  සීතලේ සිටගෙන සිටිමට මට සලස්වමින් මා රැකියාවට යන (සාමාන්‍යයෙන් නිසි වෙලාවට එන) බසය විනාඩි විස්සක් ප්‍රමාද වූ බව සඳහන් කළ හැකිය,  එහෙම නැත්තම් මම අම්මට කතා කරහම  ළගදි එයාට මුන ගැහුණු  පවුලේ පරණ යාලුවෙක් දැන් ජීවත් වන හැටි කිව්වා කියලා මට කියන්න පුළුවනි. එසේත් නැතිනම්, දිවා ආහාරය ගන්නා වෙලාවේ, අපේ සගයෙකු වෙනත් අයෙකු කිව් යමක් ගැන  කෝපයට පත් වී සිදුවූ යම් සිද්ධියක් ඇති වූ ආකාරය ගැන මට නැවත කතා කළ හැකිය. තව තවත් විස්තර ඉදිරිපත් කරන්නැයි බල කෙරුණොත්, (සමහර විට උසාවියක නඩු වල දී සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටින පරිදි) යම් දවසක මා කළ දේ ඉතා සවිස්තරාත්මකව විස්තර කරන ලෙසට කීවොත්  මම පාන්දර ඇඳෙන් බැස්ස අවස්ථාවි  මට හැඟුණු ආකාරය ගැන මම තරමක් ලැජ්ජාශීලී ආකාරයකින් විස්තර කරන්න,  ඊට පස්සේ හරියටම මගේ දත් මදින්න මට ගත වූ කාලය, මම භාවිතා කළ දන්තාලේප වර්ගය, මම කෙතරම් උනන්දුවෙන් දත් මැද්දා ද, සහ මට හැඟෙන තවත් සියගණනක් සුළු සුළු දේවල් සහ  වෙන කිසිවෙකුට තබා මා පවා උනන්දුවක් නොදක්වන, සම්පූර්ණයෙන්ම නොවැදගත් තොරතුරු ඉදිරි පත් කිරීමට ඉඩ තිබේ (Sumner, 1961 [1906]).

මෙහි දි වැදගත් වන්නා වූ කාරණාව මෙයයි: තම එදිනෙදා පැවැත්ම ගැන මෙනෙහි කිරීමට සහ විස්තර කිරීමට යමෙකුට බල කෙරුණු විට, එම තැනැත්තා විසින් එය කරණු ලැබිය යුතු අරමුණු එම අයට  තරමක් අපැහැදිලි වන්නට ඉඩ ඇතුවා පමණක් නොව, සෑම දිනකම එම අය විසින් චර්යානුගතව කරගෙන යනු ලබන  දේවල්, වචනවලට නගා පැවසීම තරමක් අපහසු වන්නට පුළුවන.

කවදාවකමත් හෝ මෙනෙහි නොකරන්නා වු, මෙනෙහි කළත් කලාතුරකින් එසේ කරන්නවූ ක්‍රියාකාරකම් ගැන මෙනෙහි කරන ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටියොත්,  ඔවුන් සාමාන්‍යයෙන් කිය කියා ඉන්නේ නැති දේවල් ගැන කුමක් කිව යුතුද යන්න ගැන සහ ඒවා වචනවලට නගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට අවිනිශ්චිතතාවක් මතු විය හැකිය. Anthony Giddens (ඨොම්ලින්සොන්, 1997:174 හි උපුටා දක්වා ඇති පරිදි) එය දක්වන්නේ මෙසේයි:

අපි එදිනෙදා ජීවිතය ගෙවා දමන්නේ අප කරන බොහෝ දේ සඳහා අපට කිසිදු හේතුවක් ඉදිරිපත් කළ නොහැකි ලෙසටය. අපි අඳින්න පුරුදුවෙලා තියෙන විදිහට අපි අඳිනවා, අපි කවදත් ඇවිදින විදියට ඇවිදිනවා [සහ මේ ආදී ගිණිය නොහැකි වෙනත් එදිනෙදා දේවල් කරනවා..] මේ දේවල් ඇත්ත වශයෙන්ම පැහැදිලි කිරීමක්  කර නොමැති එදිනෙදා සමාජ ක්‍රියාකාරකම් ජාලයක කොටසකි. ඒවා ඒ ආකාරයෙන් තිබෙනවා මෙන්ම අප ඒවායේ යෙදෙනවා මිසක් අප ඒවා කරන්නේ ඇයි කියලා පැහැදිලි කර කියන්න අමාරුයි.

 එදිනෙදා ජීවිතය මෙතරම් හිස් එකක් නම්, ඒ ගැන මෙලෙස ලිපියක් ලිවීමට යමෙකුට අවශ්‍ය වන්නේ ඇයි? එම ප්‍රශ්නයට මෙහෙම් පිළිතුරක් දෙන්න පුළුවන්: එදිනෙදා ජීවිතය තුළ,  අප කරන කියන දෙයෙහි අප සිතනවාට වඩා වැදගත්කමක් අඩංගු වන බැවිනි. ජෝර්ජ් සිමෙල් (Georg Simmel1950:413) ප්‍රකාශ කළ පරිදි, ‘ජීවිතයේ ඉතාම හිස් බාහිරත්ව(externalities) පවා’ පුලුල් සමාජ හා සංස්කෘතික පර්යායේ ප්‍රකාශනයකි’.

සෑම මනුෂ්‍යයෙකුටම එදිනෙදා ජීවිතයක් ඇත — එදිනෙදා ජීවිතයේ හිස් අත්දැකීම් පෘථිවිය පුරා සිටින සියලුම මිනිසුන් විසින් බෙදා ගනු ලබති. එනමුත් කෙනෙකුගේ එම අත්දැකීම් තවත් අයෙකුගේ අත්දැකීමට වඩා බෙහෙවින් වෙනස් විය හැකිය.  අපි ඒවා ගැන ‘සමාජය සහ එදිනෙදා ජීවිතය‘ යන මාතෘකාව ඔස්සේ වෙනත් thathu.com ලිපියකින් සලකා බලමු.

CULTURE AND EVERYDAY LIFE by DAVID INGLIS (First published 2005 by Routledge) නම් ග්‍රන්ථයේ INTRODUCTION:CULTURE AND THE EVERYDAY යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.