බොහෝ දෙනෙකුට, දිවා ආහාරයෙන් පසු නිදිමතක් වැනි නොවැළැක්විය හැකි දේවල් ඇතොත් ඒ ස්වල්පයකි. එසේ නමුත් ඇත්තටම ආහාර ගැනීමෙන් පසු අපට නිදිමත දැනෙන්නේ ඇයි? කල්පනා කරලා බැලුවහම ආහාර යනු ශක්ති ප්‍රභවයක්, ජවය ගෙනෙන්නක් මිස ශක්තිය හීන කරවන්නක්, ඇඟ පණ නැති කරන්නක් නොවෙයි නේ, නේද?

අවාසනාවකට, මිනිස් සිරුරේ හැසිරීම එතරම් පහසුවෙන්, එතරම් සරලව වටහා ගත හැක්කක් නොවේ; පුද්ගලයෙකුට දැනෙන වෙහෙස තීරණය කිරීමට බොහෝ සාධක ඇත.
“අපි ආහාර වේලක් අනුභව කරන විට, එය බඩවැලේ සහ ශරීරය පුරා ක්‍රියා මාලාවක් පූරනය කරයි” යනුවෙන් පවසන්නේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ පසුබිමක් සහිත පෝෂණවේදියක වන Claire Shortt ය. Shortt දක්වන අන්දමට, කණිකව උස් පහත්වන(උච්චාවචනවයවන) රුධිරයේ සීනි මට්ටම ආහාර ගැනීමෙන් පසු අපට ඇති වන නිදිමත හැඟීමට දායක වන එක් සාධකයක් විය හැකිය. “අපි අධික සීනි සහිත ආහාර අනුභව කරන විට එය අපගේ රුධිරයේ සීනි වැඩි වීමටත් පසුව ඉක්මනින් පහත වැටීමටත් හේතු විය හැක,” ඇය පැහැදිලි කරයි. එහි ප්රතිඵලයක් ලෙස ඇතිවන(සීනි මට්ටමේ) පහත වැටීම හදිසි තෙහෙට්ටුවකට හේතු විය හැක.
කෙසේ වෙතත්, අපගේ හෝමෝන ද යම් භූමිකාවක් හෙවත් කාර්යභාරයක් ඉටු කරන හෙයින්, අපරභාගයේ මෙයාකාර ‘බැසුමක්’ ඇතිවීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී සලකා බැලිය යුතු එකම දෙය එය(රුධිරයේ සීනි මට්ටම) පමණක් නොවේ. ආහාර ගැනීමෙන් පසු, අපට සමහර විට සෙරොටොනින්(serotonin – නින්ද, මානසික අවපීඩනය මෙන්ම මතකය ආදියට සම්බන්ධ ස්නායු සම්ප්‍රේෂකයකි) නිෂ්පාදනය හා මුදා හැරීමේ (ප්‍රස්තාරයක් කූරක් සේ ඉහලයන) ක්ෂණික වැඩිවීකම් දැකිය හැකිය. මෙය, කථා ව්‍යවහාරයෙහි දී ‘ඇඟට හොඳට දැනෙන හෝමෝනය’ ලෙස හැඳින්වුවද, ඉන් වෙනත් අතුරු ආබාධ ද ඇති විය හැකිය.
“හෝර්මෝන මට්ටම් වැඩි වීම නිසා අපට ටිකක් නිදිමත දැනෙනවා විය හැක,” Shortt කියයි, “සමහර පර්යේෂකයන් යෝජනා කරන්නේ සෙරොටොනින් හෝමෝනයේ මට්ටම ඉහළ යාම මෙයට හේතු වන බවයි. “සෙරොටොනින්, අපගේ සිතෙහි ස්වභාවය සහ නිදී චක්‍රවල(our mood and sleep cycles) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි, ආහාර ගැනීමෙන් පසු මට්ටම් ඉහළ යන විට ඔබට නිදිමත දැනීමට එය හේතු විය හැක.”

Sports Medicine නම් සඟරාවෙහි පළ වී අති මේ සම්බන්ධ අධ්‍යනයන් හී සමාලෝචනයක මෙසේ සඳහන් වෙයි: ” නින්ද, උදාසීනත්වය සහ නිදිබර ගතිය සහ අභිප්රේරණය නැතිවීම මත එහි ප්‍රකට බලපෑම් නිසා සෙරොටොනින් තෙහෙට්ටුවට සම්බන්ධ කර දැක්වේ.” එය සනාථ කිරීම සඳහා වඩාත් ශක්තිමත් සාක්ෂි අවශ්‍ය බව එම වාර්තාවේම සටහන් වුව ද මේ කාරණයේ දී සෙරොටොනින් මෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
එබැවින්, එය නිශ්චිතවම පැවසිය නොහැකි වුවද, ආහාර ගැනීමෙන් පසු සෙරොටොනින් මට්ටම ඉහළ යාම එම නොඉවසිය හැකි නිදිමත හැඟීමට එය හේතු විය හැක.
මිනිසුන්ට වැඩිපුරම නිදිමත ඇති කරවන ආහාර මොනවාද?
Shorttගේ මතය වන්නේ සමහර ආහාර තෙහෙට්ටුව ඇති කිරීමට අනෙක් ඒවාට වඩා ඉඩ ඇති බවයි. “ට්‍රිප්ටෝෆාන් නම් ඇමයිනෝ අම්ලය(tryptophan ප්‍රෝටීන වල ඇති ඇමයිනෝ අම්ලයක්; වර්ධනය සහ සාමාන්ය පරිවෘත්තීය සඳහා අත්යවශ්ය වේ) බහුල ආහාර ගැනීමෙන් යම් නිදිමත ගතියක් ඇති විය හැකියි. මෙයට හේතුව එය සෙරොටොනින් නිෂ්පාදනයට සම්බන්ධ වීමයි. චීස්, බිත්තර, කළුකුම් මස් සහ ටෝෆු වැනි ප්‍රෝටීන් බහුල ආහාර බොහොමයක ට්‍රිප්ටෝෆාන් දක්නට ලැබේ.
“චෙරි වගේ තවත් සමහර ආහාර ඔබේ මෙලටොනින් මට්ටමට බලපෑම් කළ හැකි අතර, එය නින්ද වර්ධනය කිරීමට හේතුවෙනවා. නින්ද වර්ධනය කිරීමට මෙලෙස උපකාරීවන ඉහළ මට්ටමක මෙලටොනින් සහිත කිරි පවා ඔබට වෙළඳපොලෙන් මිලදී ගත හැකිය.”

මෙලටොනින් හි භෞතවේදීය(physiological) ප්‍රතිවිපාක සම්බන්ධයෙන් 2015 සිදු කළ අධ්‍යනයක් Neurochirurgie සඟරාවෙහි පළවී තුබූ අතර මෙලටොනින් මට්ටම් සහ නින්ද අතර සම්බන්ධය සවිගන්වයි. එහි මෙසේ ද සඳහන් වේ: “මෙලටොනින් දෛනික රිද්මයන්, විශේෂයෙන් මූලික උෂ්ණත්වය සහ නින්ද හා අවදිවීමේ රිද්මයන් ස්ථාවර කර ශක්තිමත් කරන බවට යම් සාක්ෂි තිබේ.”
කෙසේවෙතත්, ආහාර ගැනීමෙන් පසු අඩු මලානික නැතිනම් කුසීත ගතියෙන් යුතු මනෝ ස්වභාවයක් සඳහා භාවිතා කළ යුතු ද්‍රව්‍යවල නිශ්චිත ලැයිස්තුවක් සැපයීම දුෂ්කර ය. Shorttට අනුව, මෙයට හේතුව සමහර ආහාර වර්ග සඳහා පුද්ගලයෙකුගේ ප්‍රතිචාරය වෙනුවෙන් අසාත්මිකතා හෝ ඔරොත්තු නොදීම ද බලපෑමට හැකිය.
“ආහාර ගැනීමෙන් පසු තෙහෙට්ටුවක් හෝ සමහර විට ‘මොළයේ අවුල්වීම’ ලෙස හැඳින්වෙන එවැනි අසීරුතාවක් දැනීම ආහාර අසාත්මිකතාවන් සහ ඔරොත්තු නොදීම සහිත පුද්ගලයින් තුළ හෝ කුඩා අන්ත්‍ර බැක්ටීරියා වර්ධනය (small intestinal bacterial overgrowth – SIBO) ලෙස හැඳින්වෙන තත්වයක් ඇති පුද්ගලයින් තුළ බහුලව දක්නට ලැබේ. SIBO රෝග විනිශ්චය කළ හැක්කේ ග්ලූකෝස් හෝ ලැක්ටුලෝස් ආශ්වාස පරීක්ෂාවකිනි. ඔබට SIBO ඇති බවට සැක කරන්නේ නම්, ඔබ ඔබේ වෛද්‍යවරයා හමු විය යුතුය.”
