දීර්ඝ COVID: ස්වයං-ඉලක්කගත ප්‍රතිශක්තිකරණ ප්‍රහාර පිළිබඳව පර්යේෂකයෝ අවධානය යොමුවේ
වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ, දරුණු COVID-19 වර්ධනය වන රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය තේරුම් ගැනීමට විද්‍යාඥයන් වේගයෙන් ක්‍රියා කර ඇති අතර, සෞඛ්ය සම්පන්න ප්රතිශක්තිකරණය අවසන් වී, විනාශකාරී ප්රතිශක්තිය ආරම්භ වන්නේ කොතැන ද යන්න නිර්ණය කිරීමට ඔවුහු අතිශය දැඩි වෙහෙසක් ගනිති.
COVID-19වසංගතයේ මුල් දිනවල, වැඩිකොටම අවධානය යොමු වූයේ වාර්තා කෙරෙහි ය හානිකර ප්‍රදාහය සහ (ප්‍රතිශක්තිකරණ පද්ධතිය නියාමනය කිරීම පිණිස උපකාරීවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල මගින් ස්‍රාවය කරන විවිධ ප්‍රෝටීන් අණු වලින් එකක් වන) සයිටොකයින් දැඩි බලපෑම් පිළිබඳ වාර්තාකෙරෙහිය. එවැනි බලපෑම් දරුණු COVID-19 රෝගීන් තුළ පටක හානි හා මරණයට හේතු විය හැකි භයානක ප්‍රතිශක්තිකරණ අධික ප්‍රතික්‍රියා ඇතිකරන්නේය. COVID-19 ඇති කරන වෛරසය වන SARS-CoV-2 ට පහර දෙනවාවෙනුවට රෝගියාගේ ශරීරය ඉලක්ක කර ගන්නා ප්‍රතිදේහ හඳුනා ගැනීමට වැඩි කලක් නොගොසින්ම පර්යේෂකයෝ සමත් වූහ.

එම මුල් කාලයේ අධ්‍යයනවලින් හෙළි වූයේ දරුණු COVID-19 රෝගීන් අතරේ නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගවල(chronic autoimmune diseases ) ප්‍රධාන ලක්ෂණ කිහිපයක් දැකිය හැකි බවයි. මෙම නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග, රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් රෝගියාගේම පටක වලට කලක් තිස්සේම පහර දෙනු ලබන රෝගයි. වෛරස් ආසාදන සහ නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග අතර සම්බන්ධතා ඇති බවට විද්යාඥයන් දිගු කලක් තිස්සේ සැක කර ඇතුවා පමණක් නොව ලේඛනගත කිරීම් ද කර ඇතත්, එම පර්යේෂණ දිගටම වාගේ පැවතියේ අඳුරු ස්වභාවයකිනි. කෙසේවෙතත්, COVID-19 වසංගතය, ඇතිවිය හැකි එවැනි සම්බන්ධතා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් සලසා දී තිබේ.
මෙම ලිපියේ කතෘ වන ,Emory විශ්වවිද්‍යාලයෙහි මානව ප්‍රතිශක්ති විද්‍යා උපදේශක Matthew Woodruff, ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයා සහ COVID-19 සහ ස්වයං ප්‍රතිශක්තිය අතර අන්තර්ක්‍රියාකාරිත්වය විමර්ශනය කරන වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගේ අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයන කණ්ඩායමක සාමාජිකයෙකු වශයෙන්, මෙම හිතුවක්කාර ප්‍රතිදේහ ප්‍රතිචාරවල මූලාරම්භය සහ ඒවායේ දිගුකාලීන බලපෑම් අවබෝධ කර ගැනීමට කටයුතු කරමින් සිටින්නෙකි. කණ්ඩායම මෙහයවනු ලබන්නේ, දදයක් වැනි චර්මරෝගයක් වන ලූපසය(lupus) වැනි ස්වයං ප්‍රතිශක්ති රෝග පිටුපස ඇති ප්‍රතිශක්තිකරණ දුෂ්කෘති විමර්ශනය කිරීමේ විශේෂඥයෙකු වන Ignacio Sanz විසිනි. වැරදි තැනට යොමුවන මෙම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයන් සුවය ලැබීමෙන් පසු කලක් ගතවන තුරු රෝගීන් තුළම රැඳී සිටිමින්, “දීර්ඝ COVID-19” ලෙස පොදුවේ හැඳින්වනු ලබන බෙලහීන කරවන රෝග ලක්ෂණ පෙළකට දායක වීමට පවා පුළුවන් යයි කණ්ඩායම සැක කරන්නේ කලක සිටමය.

Nature සඟරාවේ පළ කර ඇති මේ කණ්ඩායමේ නව අධ්‍යයනය, මෙම ප්රශ්න සම්බන්ධයෙන් යම් ආලෝකයක් හෙලන්න උපකාරීවේ. දරුණු COVID-19 රෝගීන් තුළ, වෛරස් තර්ජනය උදාසීන කිරීම සඳහා වගකිව යුතුවන්නා වූ වර්ධනයවෙමින් පවතින ප්‍රතිදේහ බොහොමයක් එකවරම ඔවුන්ගේම(එම රෝගීන්ගේම) අවයව සහ පටක ඉලක්ක කරන බව කණ්ඩායම දැන් දනී. දීර්ඝ COVID-19 වලින් පෙළෙන අය තුළ ස්වයං-යොමු කරන ලද ප්‍රතිදේහ මාස හෝ වසර ගණනාවක් පවා පැවතිය හැකි බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
මෙම කණ්ඩායම වැනි පර්යේෂකයන් දිගටම COVID-19 අධ්‍යයනය කරන විට, ප්‍රතිවෛරස් ප්‍රතිශක්තිය සහ නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග අතර සම්බන්ධය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
වසංගතයට වසර තුනකට වැඩි කාලයක් ගතව තිබියදීඑත්, දීර්ඝ COVID-19 ලෙස හැඳින්වෙන රෝග ලක්ෂණ මිනිසුන් අත්විඳින්නේ මන්දැයි යන්න ගැන සියල්ල එක් කරන මාදිලියේ පැහැදිලි කිරීමක් නොමැත.

තර්ජනයට ලක් වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදි සිදුකරයි
ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිටතින් පැමිණෙන ආක්‍රමණිකයන් හඳුනා ගැනීම සහ විනාශ කිරීම සඳහා තියුණු අවධානයකින් යුතුව සිටින්නේ යයි උපකල්පනය කිරීම පහසුය. එනමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ නොවේ නම් අවම වශයෙන් සමහර තත්වයන් යටතේවත් එය එසේ නොවේ. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එය යහපත් තත්ත්වයක පවති දී වුවද, ඔබේම සෛල හා පටක ඉලක්ක කරමින් විනාශ කිරීමට පූර්ණ හැකියාව ඇති සෛල සමූහයක් අඩංගු වේ.
ස්වයං විනාශය වැලැක්වීම සඳහා, ප්රතිශක්තිකරණ පද්ධතිය විශ්වාසය තබන්නේ, ද්‍රෝහී ප්රතිශක්තිකරණ සෛල හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සඳහාවූ ස්වයං-රිස්සුම්(self-tolerance) යන පදයෙන් සාමූහිකව හැඳින්වෙන අසාර්ථකවීමේ ඉඩ කඩ නොමැති සංකීර්ණ ජාලාවක් මතය. ඇතිවිය හැකි තර්ජනයකට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තම අවි ගබඩාව ගොඩනඟා ගැනීමත් සමග මෙම ක්‍රියාවලියේ වඩාත් වැදගත් පියවර තැබේ.
පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රථම වරට ව්‍යාධි කාරකයක්(pathogen) හෝ (වෛරසයක් සිහිගන්වන සුළු එන්නතක් වැනි) තර්ජනයක් සේ දැනී යන්නක් පවා හමු වූ විට එය ප්‍රතිදේහ-නිෂ්පාදකයින් බවට පත්වීමේ හැකියාව හෙවත් විභවය ඇති “B” සෛල වේගයෙන් කැඳවා ගනී. ඉන්පසුව, එසේ සේවයට කැඳවාගනු ලැබූ කෝඩුකාර හෙවත් “බොළඳ” B (බොළඳ(naive) යනු ප්‍රතිශක්ති විද්‍යාවේ භාවිතා වන තාක්ෂණික යෙදුමකි) සෛල අතුරෙන් ආක්‍රමණිකයාට දක්ෂ ලෙස පහර දීමේ හැකියාව පෙන්නුම් කරන ඕනෑම එකක්, ආධුනික් හමුදා භටයින් ය්වනෞ ලබන දැඩි විනයක් සහිත ආරම්භක කඳවුරක්(a boot camp) වැනි තැනකට වෙත යොමුකෙරේ.
මෙහිදී තර්ජනය වඩාත් හොඳින් හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීමට සෛල පුහුණු කරනු ලැබේ. පුහුණු කාලය දැඩි වන අතර වැරදිවලට් ඉඩක් ලැබෙන්නේම නැත: සිය ධාරකයටම එරෙහිව නොමඟ ගොස් ප්‍රහාර එල්ල කරන්න්නට භවයක් ඇතැයි හැඟී යන ඕනෑම B සෛලයක් මරා දමනුලැබේ. කෙසේ වෙතත්, ඕනෑම පුහුණු ක්‍රියාවලියක් මෙන්, මෙම වැඩි දියුණු කිරීමට සහ බලමුලු ගැන්වීමට කාලයක් — සාමාන්යයෙන් සතියක් හෝ දෙකක් වැනි — කාලයක් ගතවේ
එසේ නම්, තර්ජනය වඩාත් ආසන්න යයි දැනෙන් විට — අපි කියමු කෝ යමෙකු දැඩි සත්කාර ඒකකයක් තුළ තම ජීවිතය වෙනුවෙන් වචනාර්ථයෙන් පොර බදන විට කුමක් සිදුවේද?
SARS-CoV-2 හේතුවෙන් ඇතිවන දරුණු වෛරස් ආසාදනයක් හටගන්වන ආතතිය යටතේ, පුහුණු ක්රියාවලිය කඩා වැටෙන බව පර්යේෂකයෝ දැන් දනිති. ඒ වෙනුවට, හදිසි ප්‍රතිචාර දැක්වීමේදී සුළු පුහුණුවක් ඇති නවකයින් ක්ෂණිකව සටනට යොමු කරනු ලබන ‘හදිසි ප්‍රතිචාරයක්’ එය වෙනුවට ආදේශ කරනු ලැබේ. මිත්රශීලී ප්‍රහාරය මෙහි අවාසනාවන්ත ප්රතිඵලයයි.

අධි අවදානම් සහිත ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර බොහෝ දුරට තාවකාලිකයි
පර්යේෂණ කණ්ඩායමේ නව ක්‍රියාවන්ගෙන් හෙළි වන්නේ දරුණු COVID-19 සමඟ සටන මධ්‍යයේ දීම, වෛරසයට එරෙහිව සටන් කිරීමට වගකියන එම ප්‍රතිදේහ, අවාසනාවන්ත ලෙස රෝගියෙකුගේම පටක ඉලක්ක කර ගැනීමේ නැඹුරුවකින් යුක්තයි. වැදගත්ම දෙය නම්, මෙම බලපෑම බොහෝ දුරට දරුණු රෝග අවස්ථාවලට සීමා වී ඇති බව පෙනේ. වැඩි සැලකිල්ලකින් සිදු කරනු ලබන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති, රෝගයේ මෘදු ස්වරූපයක් සහිත රෝගීන් තුළ මෙම ‘චෞර’ ප්‍රතිදේහ නිපදවන සෛල දැකිය හැක්කේ ඉතා අඩුවෙන් බව අපි හඳුනාගෙන ඇත්තෙමු. දරුණු COVID-19 තත්ත්වයක දී වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා නිපදවන ප්‍රතිදේහ සමහර විට ශරීරයේ සෛල හා පටක වලට එරෙහිව ප්‍රහාර එල්ල කළ හැකි බව පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. ඉතින්, එයින් අදහස් කරන්නේ දරුණු COVID-19 තත්ත්වයක් ඇති සෑම කෙනෙකුටම ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධයක් ඇති වන බවද?
වාසනාවකට මෙන් මීට පිළිතුර වන්නේ ‘නැත’ යන්නය. සිය ආසාදනය නිරාකරණය කර ගැනීමෙන් පසු රෝගීන් ගැන සොයා බලමින් සිට් මෙම පර්යේෂක කණ්ඩායමට පෙණී ගොස් ඇත්තේ, මාස කිහිපයකට පසු ස්වයං ප්‍රතිශක්තිකරණය පෙන්නුම් කරනා බොහෝ ඇඟවීම් පහව ගොස් ඇති බවයි. මෙය අවබෝධ කර ගැනීමට අපහසු නැත. අප උත්සාහයක යෙදී ඉන්නේ COVID-19ට ගොදුරු වූ මනුෂ්‍යයන් අතරේ මෙම සංසිද්ධිය හඳුනාගැනීම පිණිස වුවත්, මීයන් තුළ මෙම හදිසි ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දශකයකට වැඩි කාලයක් තිස්සේ අධ්‍යයනය කළ වෙනත් පර්යේෂකයන් තීරණය කර ඇත්තේ ඒවා ‘බොහෝ විට’ කෙටි කාලීන වන බවයි. “බොහෝ විට” යන්න මෙහි වැදගත් වචනයයි.
දීර්ඝ COVID-19න් පසු ප්‍රකෘතිමත් වීම සඳහාවන ඇඟවුම්
වෛරසය වැළඳීමෙන් පසු බොහෝ අය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වුවද, මාස තුනකට පසුවත්, 30% දක්වා පිරිසක් ප්‍රකෘතිමත් වී සාමාන්‍ය තත්ත්වයට පැමිණෙන්නේ නැත. දීර්ඝ COVID-19 සඳහා වන තාක්ෂණික පාරිභාෂිත යෙදුම වන පශ්චාත්-උග්‍ර දීර්ඝ COVID-19හි විෂම ඵල(post-acute sequelae of COVID-19, or PASC) යනුවෙන් හඳුන්වන දේ අත්විඳින රෝගීන් පිරිසක් මෙමගින් නිර්මාණය වී ඇත.
රසය, සුවඳ හෝ දෙකම නැතිවීම, සාමාන්‍ය තෙහෙට්ටුව, මොළයේ අවුල්ගතිය සහ වෙනත් දිගු කලක් පවතින විවිධ තත්වයන් ද ඇතුළත් විය හැකි බෙලහීන කරවන සුළු රෝග ලක්ෂණ සහිත මෙම රෝගීන් දිගටම පීඩා විඳිමින් සිටිනා අතර ඔවුහු, විය යුතු පරිදිම, පිළිතුරු අපේක්ෂාවෙන් සිටිති.
මෙම රෝගීන් පිළිබඳව අධ්‍යයනය කරන පර්යේෂකයන් හමුවේ පැහැදිලිව දකිය හැකි ප්‍රශ්නයක් වන්නේ, දරුණු COVID-19 තත්ත්වයන් හී දී ඉස් මතුවෙමින් පවතින එම රෝගියාවම-ඉලක්කගත කරගන්නා ප්‍රතිදේහ දීර්ඝ COVID-19 වලින් පෙළෙන අය තුළ ද පවතින්නේද? යන්නයි. ඇත්තම කතාව වන්නේ එලෙස පවතින්නෙය් යන්නයි. මෙම පර්යේෂක කණ්ඩායමේ නව අධ්‍යයනයෙන් පැහැදිලි වන්නේ අලුතින් වර්ධනය වූ ස්වයං-ප්‍රතිදේහ මාස ගණනක් පැවතිය හැකි බවයි. එපමණක්ද නොව, දැනට සිදු කෙරෙමින් පවතින එහෙත් තවමත් සම-සමාලෝචනය(peer-reviewed) කර නොමැති කණ්ඩායමේ අධ්‍යයන කටයුතුවලින් පෙණී යන්නේ, දරුණු රෝග තත්ත්වයන්ගෙන් සුවය ලබන අයට පමණක් සීමා නොවන අතර, වඩා මෘදු මට්ටමේ රෝගතත්ත්වයන් ගෙන් පෙළී, යළි සුවය ලැබූ දීර්ඝ COVID-19 රෝගීන්ගේ විශාල උප කුලකයක් තුළ මෙම ප්‍රතිචාර පහසුවෙන් හඳුනාගත හැකිය යන්නය.
වසංගතයේ මුල් අවධියේදී පර්යේෂකයන් දැඩි උනන්දුවක් දැක්වූයේ උග්‍ර රෝගය තත්ත්වයට බලපාන හේතු සාධක හොඳින් අවබෝධ කර ගැනීමයි. ඒ ආකාරයෙන්ම, ආසාදනය නිරාකරණය වීමෙන් පසු මාස මෙන්ම වසර ගණනාවක් තිස්සේ සිදුවන මෙම ස්වයං ප්‍රහාරය මෙහෙයවන සෛල සහ ප්‍රතිදේහ පිළිබඳ වඩාත් සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට පර්යේෂකයෝ දැන් කටයුතු කරමින් සිටිති.
කාලයක් තිස්සේ දීර්ඝ COVID-19 රෝගීන් අත්විඳින රෝග ලක්ෂණ වලට ඒවා(සෛල සහ ප්‍රතිදේහ) සෘජුවම දායක වෙනවාද? එසේ නම්, ඒවායින් එල්ල වන තර්ජන මොට කිරීමට හෝ නැති කිරීමට හැකි චිකිත්සකමය මැදිහත්වීම්() තිබේද? දීර්ඝ COVID-19 රෝගීන් අතරේ අනාගතයේදී සැබෑ, නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වර්ධනය වීමේ අවදානම වැඩිද? එසේත් නැතිනම්, මේ සියල්ල නොමඟ යවනසුළු හෝ හිත වියවුල් කරනසුළු තොරතුරක් පමණක් ද? ඒ කියන්නේ, ප්‍රතිශක්තිකරණ පද්ධතියටම අවුල ලිහා ගත හැකි, එම පද්ධතියේ තාවකාලික විකාරයක් පමණක් ද?
ඊට පිලිතුරු මෙම වැදගත් ක්ෂේත්‍ර තුළ අඛණ්ඩව සිදුකෙරෙන පර්යේෂණ මෙන්ම කාලයා විසින්ම තීරණය කළ යුතුය.
The Conversation (August 31, 2022) හී පල වී ඇති Long COVID: How researchers are zeroing in on the self-targeted immune attacks that may lurk behind it යන ලිපිය ඇසුරෙනි