පරිසර හිතකාමි පළිබෝධ නාශක පීළිබඳ පර්යේෂයන්හී සාර්ථක නව නැම්මක්

Posted by

හැසිරීම වෙනස් කරන ෆෙරමෝන(pheromones) නිපදවීමට උපකාරී වන ශාකයක් පරිසර හිතකාමී පළිබෝධ පාලනය ඉහළ නැංවීමට මග පෑදිය හැකිය

දියමන්ති(diamondback) සලබයාගේ ස්පර්ශක(antennae) වාසර සංභෝගී හෝර්මෝන වලට අධි සංවේදී වන අතර එය ඔවුන් විෂ නොවන පළිබෝධ පාලනයට ගොදුරු වීමේ අවධානමට ලක්වෙයි.

සෑම වසරකම පළිබෝධකයෝ ලොව පුරා වගා කරන භෝග වලින් පහෙන් එකකට වඩා වගකියති. බොහෝ ගොවීන් තම අස්වැන්න ‍රැක ගැනීම සඳහා කෘමිනාශක වෙත යොමු වේ. එහෙත් සමහරු ඊට වඩා ‘මෘදු’ ප්‍රවේශයක් තෝරා ගනිති: හැසිරීමට බලපාන ෆෙරමෝන නම් රසායනික ද්‍රව්‍යවලින් ඔවුහු  සිය භෝග සුවඳවත් කරයි,. ඒවා(ෆෙරමෝන) කෘමීන් ව්‍යාකූල කොට සංවාසය සඳහා සහකරුවන් සොයා ගැනීමෙන් වළක්වයි.

එනමුත් ෆෙරමෝන මිල අධිකය. වාණිජ මට්ටමෙන් අලෙවි කරන නිෂ්පාදන, හෙක්ටයාරයකට ඩොලර් 400 ක් තරම් මිලක් විය හැකිය.  එහෙයින් මෙම උපක්‍රමය පුලුල්ව භාවිතයට යොදා ගැනීම වැලකී ඇත. කෙසේවෙතත් දැන්, කෘත්‍රිම ෆෙරමෝන නිෂ්පාදනය කිරීමේ නව, ලාභදායී ක්‍රමයක් මඟින් තව තවත් ගොවීන්ට මේ මෙවලම අත්පත් කරගෙන භාවිතයට ගැනීමට ඉඩ සැලසෙනු ඇත.

“බෝග ආරක්ෂණය සඳහා ෆෙරමෝන නිපදවන ආකාරය මෙමගින් විප්ලවීය වෙනසකට ලක් කළ හැකියි” යනුවෙන්  ගේන්ස්විල් හී,ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ කීට විද්‍යාඥයෙකු වන ලුකාස් ස්ටෙලින්ස්කි පවසයි. “එය ෆෙරමෝන් පිළියම වඩා ලාභදායී ක්‍රමයක් බවට පත්කිරීමට මෙන්ම ප්‍රායෝගිකව භාවිතයට යෙදීම පහසු කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා.” ස්ටෙලින්ස්කි මෙම කාර්යයට සම්බන්ධ නොවූ විද්‍යාඥයෙකි

ලොව පුරා ගොවීහු වාර්ෂිකව, කෘමිනාශක ටොන් 400,000 කට වඩා භාවිතා කරති. මෙම පළිබෝධනාශක ගොවිපල සේවකයන්ට හානි පැමිණවිය හැකි අතර පරාග වාහකයන්ට සහ අනෙකුත් වන සතුන්ට සම්පාර්ශ්වික හානි සිදු කළ හැකිය. මේ අතර, කෘමීන් දැනටමත් බොහෝ පළිබෝධනාශක වලට ප්‍රතිරෝධය වර්ධනය කරගනිමින් සිටින අතර, ඒය  ගොවීන්ට පළිබෝධනාශක තව තවත් වැඩියෙන්  යෙදීමට බල කරයි.

සමහර වගාකරුවන්ට ෆෙරමෝන, ආකර්ශනීය විකල්පයක් සපයයි. ගැහැණු කෘමී සත්තු , පිරිමි සතුන් සංසර්ගයට ආකර්ෂණය කරනූ වස්, ස්වභාවිකවම ෆෙරමෝන විමෝචනය  කරති. විශේශී නතිනම් නිශ්චිත කෘමීන්ට ආකර්ෂනය කිරීම සඳහා නිර්මාණය කර ඇති කෘත්‍රිම ෆෙරමෝන සිය කෙත්වතු සහ පළතුරු වතු වලට යෙදීමෙන් ,  පිරිම් කෘමි සතුන්ට ව්‍යාජ සංඥාවක් ලාබාදීමෙන් ගොවීන්ට එම කෘමීන්ගේ ප්‍රජනනය වැළැක්විය හැකිය. එවිට ගැහැණු සතුන් දමන්නේ වන්ධ්‍ය නැතිනම් නිසරු බිත්තරය, ඒවායින්  වගා භෝගවලට හානි කරන දළඹුවන් හට ගන්නේ නැත.

diamondback moth

සමහර වගාකරුවන්ට ෆෙරමෝන, ආකර්ශනීය විකල්පයක් සපයයි. ගැහැණු කෘමී සත්තු , පිරිමි සතුන් සංසර්ගයට ආකර්ෂණය කරනූ වස්, ස්වභාවිකවම ෆෙරමෝන විමෝචනය  කරති. විශේශී නැතිනම් නිශ්චිත කෘමීන් ආකර්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති කෘත්‍රිම ෆෙරමෝන සිය කෙත්වතු සහ පළතුරු වතු වලට යොදා,  පිරිම් කෘමි සතුන්ට ව්‍යාජ සංඥාවක් ලාබාදීමෙන් ගොවීන්ට එම කෘමීන්ගේ ප්‍රජනනය වැළැක්විය හැකිය. එවිට ගැහැණු සතුන් දමන්නේ වන්ධ්‍ය නැතිනම් නිසරු බිත්තරය; ඒවායින්  වගා භෝගවලට හානි කරන දළඹුවන් හට ගන්නේ නැත.

ෆෙරමෝන් ගෙන එන අභිලාෂී ඇමතුම් සාමාන්‍යයෙන් සංයෝග මිශ්‍රණයකි. උගුල් නිර්මාණය කර ඇත්තේ විශේෂිත විශේෂයක් ආකර්ෂණය කර ගැනීම සඳහා ය: උදාහරණයක් ලෙස දක්වන්නේ නම් පළිබෝධකයෙකුගේ පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා ව්න්නට පුළුවන — එබැවින් සාමාන්යයෙන් නිශ්චිත සංයෝග මිශ්‍රනයක් අවශ්ය වේ. එහෙත් සංසර්ගය වළක්වාලීම සඳහා කෘමීන් මුලාකිරීමට, පුළුල් ආවලියක සංරචකයක් සාර්ථක විය හැකිය. මන්ද කීවොත්, ආශ්‍රිත විශේෂයන් බොහොමයක් ෆෙරමෝන් සංරචක ලෙස එකම මූලික සංයෝග භාවිතා කරන බැවිනි.

කෙසේ වෙතත්, මෙම රසායනික කූට උපාය සමස්තයකට හරියන ලෙස ගලපා ගැනීම සංකීර්ණ, මිල අධික ක්‍රියාවකි. කෘත්‍රිම ෆෙරමෝන හුදු කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනය කිරීමට ඩොලර් 1000 සිට ඩොලර් 3500 දක්වා ඕනෑම ප්‍රමානයක් වැය විය හැකිය.  පළිබෝධ වර්ගය අනුව එය යෙදවීම පිණිස හෙක්ටයාරයකට ඩොලර් 40 ත් 400 ත් අතර මුදලක් වැය වේ.

ෆෙරමෝන සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ පලතුරු සහ ඇට වර්ග වැනි හොඳ ලාභයක් ලබා ගැනීමට නම් සාපේක්ෂව කුඩා ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වන භෝග ආරක්ෂා කිරීමට පමණි. ඉරිඟු හෝ සෝයා බෝංචි වැනි හෙක්ටයාරයකින් සාපේක්ෂව වැඩි මිලකට අලෙවි නොවන භෝග වගා කරන ගොවීන්ට බොහෝ විට තම විශාල කෙත්වතු ආරක්ෂා කර ගැනීම සඳහා ෆෙරමෝන භාවිතා කිරීමට හැකියාවක් නැත. ෆෙරමෝන ඵලදායී ලෙස යෙදවීමට යම් අත්දැකීම් ද අවශ්‍ය වේ. ” පවුලේ ගොවිපලෙන් ලබන්නේ ඉතා සුළු ලාභයක් නම් ෆෙරමෝන නිෂ්පාදනය සඳහා පමණක් නොව, එය ක්ෂේත්‍රයේ භාවිත කිරීම පිණිස වැයවන  ශ්‍රමය සඳහා ද ආයෝජනය කරන ලෙස  ඉල්ලා සිටීම ගැනයි මේ කතාකරන්නේ” යනුවෙන් කෝනෙල් විශ්වවිද්‍යාලයෙහි  කීට විද්‍යාඥ මොනික් රිවේරා පවසයි, “ඒක ඉ‍ටුකරතැයි හිතන්න අමාරු ඉල්ලීමක්.”

පිරිවැය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ස්විඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ රසායනික පරිසර විද්‍යාඥයෙකු වන Christer Löfstedt සහ රටවල් කිහිපයක සිටින ඔහුගේ සහකාරකයෝ පසුගිය දශකය තුළ ෆෙරමෝන සංස්ලේෂණය කිරීමට අවශ්‍ය රසායනික තැනුම් ඒකක නිෂ්පාදනය කිරීමට ශාක වෙනස් කරමින් සිටිති. ඔවුන්ගේ මනාපය දිනා ගත් භෝගය වන්නේ Camelina භෝගයයි. මෙය,  කැනෝලාවලට සම්බන්ධ මේද අම්ල බහුල බීජ සහිත සපුෂ්ප ශාකයකි; මේද අම්ල යනු මෙම අමුද්‍රව්‍ය නිපදවීමට  උපායෙන් ශාක පෙළඹවීමේ ප්‍රධාන අමුද්‍රව්‍යයි.

මූලික පළිබෝධකයෙකු වන navel orangeworm නම්  පණුවාගේ ජානයක් සමඟ Camelina  එක් කිරීම  සඳහා Löfstedt සහ සගයන් විශ්වාසය තැබූවේ ජාන ඉංජිනේරු විද්‍යාව මතයි. මෙම ක්‍රියාව නිසාවෙන්  (Z)-11-hexadecenoic අම්ලය ලෙස හඳුන්වන මේද අම්ලය නිපදවීමට Camelina බීජවලට හැකියාව ලැබෙයි. කෘමීන් අතරේ මෙම මේද අම්ලය, සංසර්ගය දිරිගන්වන ෆෙරමෝනවල  පූර්වගාමියා වේ.  ජානමය වශයෙන් වෙනස් කරනු ලැබූ මෙම Camelina පයේෂකයන් විසින් 2016 දී නෙබ්‍රස්කාවේ සහ ස්වීඩනයේ අත්හදා බැලීම් මට්ටමෙන් වග කරන්නට පටන් ගන්නා ලදී.

Camelina

පරම්පරා තුනකට පසු, බීජවල මේද අම්ල අන්තර්ගතයෙන් 20% (Z)-11- හෙංඅඩෙචෙනොඉච් අම්ලය සමන්විතවිය– මෙය, ෆෙරමෝන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවල කාර්යක්ෂම මූලාශ්‍රයක් විය හැකි බව ගම්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් වේ. ඊළඟට, පර්යේෂකයෝ  තෛලය පවිත්‍ර කර, එය diamondback සලබයාගේ (Plutella xylostella) සිත ඇදගැනීමට හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇති ෆෙරමෝන් අණු වල ද්‍රව මිශ්‍රනයක් බවට පරිවර්තනය කළහ.

පර්යේෂක කණ්ඩායම 2017,  චීනයේදී මෙම ෆෙරමෝන් මිශ්‍රණය පරීක්ෂා කළහ. මෙහි දී පත්‍ර බහුල Brassica choy sum වගා කළ බිම් කැබැල්ලක මීටර් 10 සිට 15 දක්වා දුරින් කූරු මත ෆෙරමෝන් උගුල් අටවන ලදී. වානිජමය වශයෙන් නිපදවන කෘතිම ෆෙරමෝන මෙන් ම  සාර්ථකව ක්‍රියා කළ බව වාර්තා වෙයි. බ්‍රසීලයේ බෝංචි වගාවක කරන ලද තවත් පරීක්ෂණයකින් හෙළි වූයේ තනි ශාකමය ෆෙරමෝනයක්  කපු වගාවට හානිකරන Helicoverpa armigera කෘමීන්ගේ සංසර්ග රටාවට, කෘතිම ෆෙරමෝන සේම  බාධා කළ හැකි බවයි.

පර්යේෂණයට එක්වූ කැලිෆෝනියාවේ ISCA Inc. සමාගම ප්‍රකාශ කරන්නේ කැමලිනා වගා කොට ෆෙරමෝන සෑදීමට කිලෝග්‍රෑමයකට ඩොලර් 70 ත් 125 ත් අතර මුදලක් වැය වනු ඇති බවයි  එය පළිබෝධනාශකවලට සමාන පිරිවැයකි. මෙම ෆෙරමෝනවල ද්‍රවීකරණය කළ අනුවාදයක් ක්ෂේත්‍ර මත බිංදු වෑස්සීමට සැලැස්විය හැකි බව අධ්‍යනයේ කතුවරු සටහන් කරති. ඒ සඳහා අවශ්‍ය වන්නේ අතින් උගුල් තැබීමට වඩා අඩු ශ්‍රමයකි.

අඩු පිරිවැය හේතුවෙන්  මෙම ෆෙරමෝන, සංවර්ධනය වෙමින් පවතින රටවල ගොවීන්ට ද උපයෝගී කර ගැනීමට ප්‍රස්ථාව ඇති බව මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ වර්ජිනියා පොලිටෙක්නික් ආයතනයේ සහ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ කීට විද්‍යාඥ මුනි මුනියප්පන් පවසයි. කෙසේ වෙතත් මෙම ෆෙරමෝන ‘චිකිත්සාව’  වඩා වාසිදයක වන්නේ විශල ගොවිබිම්වල යොදන විටය. එහෙයින් සංවර්ධනය වෙමින් පවතින කලාපවල බොහෝ ගොවීන් කුඩා කෙත්වල වැඩ කරන නිසා, මනා ප්‍රතිලාභ ලබාගැනීමට නම් ගොවීන් එකට  එකතු වී වැඩ කිරීමට අවශ්‍ය වනු ඇතැයි ඔහු පවසයි, “එය සාර්ථක කර ගැනීම සඳහා කෙනෙකුට ගොවිතැන් දැනුම මෙන්ම දැඩි නැඹුරුවක්  තිබිය යුතුය.”

ජානමය වශයෙන් වෙනස් කැමලිනා වාණිජ ගොවිපලවල වගා කිරීම සඳහා නියාමන අනුමැතිය ලබා ගැනීමට වසර කිහිපයක් ගතවනු ඇති බව පර්යේෂකයෝ සඳහන් කරයති.  diamondback සලබයන් සහ කපුවලට හානි කරන bollworms පණුවන් සඳහා ෆෙරමෝන් පාලනය වෙනුවෙන් ලොව පුරා පවතින ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් ජාන ඉංජිනේරු විපර්යාසයන්ට ලක් කළ කැමලිනා වගාකිරීමට වර්තමාන අත්හදා බැලීම් සෑහෙතැයි ISCA ප්‍රධාන විධායක නිළධාරී Agenor Mafra-Neto කියයි.

කෙසේවෙතත්, අනෙකූත් පළිබෝධක මැඩලීම සඳහා මෙය යොදා ගැනීමෙදී ජයගත යුතු අභියෝග තවත් ඇතැයි  එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනික පරිසර විද්‍යාඥයෙකු වන Junwei Zhu පෙන්වා දෙයි.

AAAS Science හී පළවී ඇති  Researchers just made it easier—and cheaper—to confuse crop pests යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.