සාමූහික හැසිරීම සහ සමාජ ව්‍යාපාර
යම් එක අරමුණක් වෙනුවෙන් කණ්ඩායම් වශයෙන් සහ තනි තනිව ද, සමූහවශයෙන් ජනතා ඒකරශීවීම් අපි මෑතක අපේ රටේ බහුලව දැක්කෙමු. අප්‍රීයෙල් 9 දා ගෝල් ෆේස් හී ‘ආදරයේ අරගලය’ ලෙස ජනතාව එක් රැස් වූයේ එවැන්නකටය. මෙවන් ඒකරාශීවීම් ලොව පුරා නිරන්තරයෙන් දැකිය හැකි අතර, සමහරක් හට ගන්නේ දේශපාලනික අරමුණු වලින් බාහිරවය. අසාධාරණයට එරෙහිව් නැගීසිටීමට අමතර යම් පණිවුඩයක් ජනතාව ජනතාව වෙත ගෙන යාමට, විශේෂයෙන්ම සෞඛය සහ පරිසරය වැනි ක්ෂේත්‍රලදී යම් යම් සංකල්ප ජනතාව අතරට ගෙනයාමට ජනතාව එක්වෙති. සමහරු හුදු විරෝධය පාති; තවත් අය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙති. පෝනි ටේල් එකක් ලෙස සිය කෙස් සකස් කරගෙන, එක කරාබුවක් කනේ පැළඳගෙන ඉන්න “හලෝ මචං” යනුවෙන් කියන සහ ඉන් අදහස් කරන්නේ කුමක් දැයි තේරුම් ගන්නා පිරිමි පිරිසත් එන්න එන්නම වැඩිවෙමින් පවතී. මෙම විවිධ ක්‍රියා, සමාජ විද්‍යාඥයින් සාමූහික හැසිරීම(collective behavior) ලෙස හඳුන්වන්න යටතට වැටේ.

සාමූහික හැසිරීම යනු කුමක්ද?
සමාජ හැසිරීම් අවබෝධ කර ගැනීම වෙනුවෙන් දරන ප්‍රත්‍යක්ෂවාදී උත්සාහයක හදවතටම යන මේ මායාවී සහ රැවටිලිකාර මාතෘකාව පිළිබඳ අධ්‍යයනය සඳහා රාමුවක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ. එවැනි හැසිරීම් හෙවත් චර්යා, ව්‍යුහය සහ ක්‍රියාවලිය අතර අන්තර් සම්බන්ධතාව මගින් අවිකල්පයෙන්ම සංලක්ෂිත වේ.
සමාජ විද්‍යාවේ සමහර ක්ෂේත්‍ර නිර්වචනය කිරීම සාපේක්ෂව පහසු වන අතර ඒවායේ අර්ථය ක්ෂණිකව ග්‍රහණය කර ගත හැකිය, උදා: පවුල, අපගමනය(deviance), දේශපාලනය හෝ සංවිධාන. සාමූහික හැසිරීම ඉන් එකක් නොවේ. හැසිරීම්, ක්‍රියාවලි, ව්‍යුහයන් සහ සන්දර්භ විශාල ප්‍රමාණයක් එයට ඇතුළත් වේ. එය, සමාජ විද්‍යාත්මක උප ක්ෂේත්‍ර බොහොමයක කොටස් අන්තර්ග්‍රහනය කර ගනියි. එය පාසල් වැනි විශේෂිත ආයතනයක් වෙත, එය සමාජ ස්ථරීකරණය(social stratification) හෝ නිලධාරිවාදී ව්‍යුහය වැනි වියුක්ත කණ්ඩායම් ගුණාංග මත හෝ සමාජගත කිරීම වැනි තනි සමාජ ක්‍රියාවලියක් කෙරෙහි වෙනුවට, යම් සුවිශේෂ හැසිරීම් වර්ගයක් වෙත අවධානය යොමු කිරීමට නැඹුරු වේ. සමාජ විද්‍යාවේ බොහෝ ක්ෂේත්‍ර, හැසිරීම් අධ්‍යයනයට සම්බන්ධ බව සහතික ඇත්තකි – එහෙත් ඒවා විශේෂිත වර්ගවලට සීමා වීමට නැඹුරු වේ උදා: ආගමික, අපරාධ හෝ දේශපාලන හැසිරීම්. ඊට වෙනස්ව, සාමූහික හැසිරීම හුදෙක්, යම් ආකාරයක හැසිරීමකට හෝ සමාජ ක්‍රියාවලියකට සීමා නොවේ. එය වඩාත් පොදු මෙන්ම ඇතුළත් වේ.

සාමූහික හැසිරීම යන යෙදුමෙන් සමාජ විද්‍යාඥයින් අදහස් කරන්නේ කුමක්ද? උසස් විද්‍යාල පාඨමාල සාමාන්‍යයෙන් මෙය නිර්වචනය කරන්නේ සමූහයා, පන්නකාමය(fad – විලාසිතාවන් හඹා යාම), ව්‍යසනයන්, සන්ත්‍රාසයන් සහ සමාජ ව්‍යාපාර අධ්‍යයනය කිරීමට සම්බන්ධ වූවක් ලෙසිනි. එවැනි නාම පද ලැයිස්තුවක් විස්තරාත්මකව ගන්නා විට නිවැරදි වේ. එසේනමුත් මේ දේවල් එකට බැඳෙන්නේ කුමකින් ද? මූලාංග, ඇතුළත් කර හෝ බැහැර කර ඇත්තේ ඇයි? පෙළපාලියේ ගමන් කරන සංගීත කණ්ඩායමක් ඇතුළත් කරාවි ද? කළමනාකාරිත්වය සමඟ ඇති ගිවිසුමේ කොටසක් ලෙස වැඩ වර්ජනය කිරීමට කම්කරුවන්ට අයිතියක් ඇති සන්දර්භයක් තුළ කම්කරු ආරවුලක් ගැන කිව හැක්කේ කුමක්ද? විශාල කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකරන ආකාරය දෙස බලා සිටින පිළිවෙලකට හැසිරෙන පිරිසක් ගැන කුමක් කිව හැකිද?
එකම සහභාගිවන්නන් පිරිසක් සමඟ සතිපතා පල්ලියේ පැවැත්වෙන පුනර්ජීවන රැස්වීමක් සාමූහික හැසිරීම් සඳහා උදාහරණයක්ද? පැමිණෙන සංඛ්‍යාව සීඝ්‍රයෙන් පුළුල් වී නව පුනර්ජීවන කණ්ඩායම් රැසක් මතුවේ නම් කුමක් කළ යුතුද? සහභාගීවන බොහෝ දෙනා හදිසියේම පැමිණීම නතර කළහොත් කුමක් කළ යුතුද? ප්‍රතිසංස්කරණ සොයන දේශපාලන පක්ෂයක් හෝ උනන්දුවක් දක්වන කණ්ඩායමක් සාමූහික හැසිරීම සඳහා උදාහරණයක් ද? දශක ගණනාවක් පුරා අඛණ්ඩව පවතින ඉතා සංවිධිත සමාජ ව්‍යාපාරයක් වඩාත්ම අල්පකාලික ජන සමූහයක් හෝ පන්නකාමයක් සමඟ යම් දෙයක් බෙදා හද ගන්නේ නම් ඒ කුමක්ද?

හුදෙක් ආනුභවික සංසිද්ධි ලැයිස්තුගතකොට ක්ෂේත්‍රය නිර්වචනය කිරීමෙන් එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන අතර අපට ඉතිරිවන්නේ (එකිනෙකට) සම්බන්ධයක් නැති මාතෘකා වල අවුල් ජාලයක් පමණකි. මේ අනුව, ජන රාශියක් යන්න නිර්වචනය වන්නේ කණ්ඩායමක් වර්ගයක් ලෙසිනි. පන්නකාමයක් යනු හැසිරීම් හෙවත් චර්යා වර්ගයකි. ව්‍යසනය යන්නෙන් අදහස් කරන්නේ එක්තරා ආකාරයක සමාජ සැකසුමකි. සන්ත්‍රාසය යනු පුද්ගල මනෝවිද්යාත්මක තත්වයකි. සමාජ ව්‍යාපාරයක් යනුවෙන් බොහෝ විට දක්වන්නේ යම් ආකාරයක සංවිධානයකි. මෙම විවිධත්වය පිළිබඳ දැනුවත්භාවය ක්ෂේත්‍රය සමන්විත විය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ අර්ථවත් විවාදයකට තුඩු දී ඇත. එක් විවේචනයක් තර්ක කරන්නේ ක්ෂේත්‍රයට අභ්‍යන්තර එකමුතුවක් නොමැති බවත් සම්ප්‍රදායේ අහඹු අංගවලින්වලින් පමණක් විසිරෙන්නේ නැතුව පවතින බවත්ය. දහනවවන සියවසේ සිටි මුල් සාමූහික හැසිරීම් න්‍යායවාදීන් ඉහත සඳහන් මූලිකඅංග ඇතුළත් කිරීමට තීරණය කළහ. Park and Burgess (1924) වැනි පසුකාලීන න්‍යායාචාර්යවරුන් ද, සහ ඉන් අනතුරුව (සිය බුද්ධි මහිමයෙන් සමකාලීන අදහස් හැඩගස්වා ලූ) භ්ලුමෙර් (1951) විසින් ද මේවා විවේචනයකින් තොරවම පාහේ පිළිගනු ලැබීය.

සම්ප්‍රදායේ මෙම අහඹු හේතුවෙන්, අවශේෂ ප්‍රවර්ගයක් ලෙසින් ක්ෂේත්‍රය දැකිය හැකිය: සමාජ ව්‍යුහය ලෙස හෝ සංස්කෘතික නිර්වචනවල ඉදිරිදර්ශනයකින් අධ්‍යයනය කළ නොහැකි දේ සාමූහික හැසිරීම් යන විෂය පථයට වැටේ.
සමහර විචාරකයින් තර්ක කරන්නේ සමාජ ව්‍යාපාර ඉන් බැහැර කිරීමෙන් ක්ෂේත්‍රය වැඩිදියුණු වනු ඇති බවටයි. මෙම වඩාත් සංවිධිත සහ කල්පවත්නා සංසිද්ධි, දේශපාලන හෝ සංවිධානාත්මක සමාජ විද්‍යාවට අයත් බවක් පණී යයි. චර්යාව හෙවත් හැසිරීම ගතික හෝ සංස්කෘතික ප්‍රමිතීන්ට අනුව පූර්ව නිර්වචනය කර තිබේද යන්න නොසලකා, ජන රාශිය වැනි විශේෂිත කණ්ඩායම් ව්‍යුහයක් ගැන වඩාත් සැලකිලිමත් වන්නේ නම් ක්ෂේත්‍රය වඩා හොඳ වනු ඇතැඅනෙක් අය තර්ක කරති. තවත් සමහරු තර්ක කරන්නේ අවධානය යොමු කළ යුත්තේ සාම්ප්‍රදායිකව ඇතුළත් කරන ඉතා විවිධාකාර සහ සම්බන්ඪ්යක නැති බවක් පෙණී යන හැසිරීම් මාදිලි කෙරෙහි නොව, පවතින නැතිනම් ඇතැයි සිතන සිතන සුවිශේෂී සමාජ හා මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් කෙරෙහි බවයි.
ඊටත් වඩා ආන්තික මතයකින් දැක්වෙන්නේ සියලුම සංකීර්ණ සමාජ හැසිරීම් සාමූහික සහ යම් තාක් දුරට ගතික වන නිසාවෙන් සමස්තයක් වශයෙන් මුළු ක්ෂේත්‍රයම අහෝසි කළ යුතු බවයි. එහෙයින් “ක්ෂේත්‍රයට” අනන්‍ය විෂයභාරයක් නොමැත. සාමූහික හැසිරීම් ඉදිරිදර්ශනය සියලු හැසිරීම් වලට අදාළ වන බව කල්පනා කෙරෙන අතර එය තේරුම් ගැනීමට සාමාන්‍ය සමාජ විද්‍යාත්මක සංකල්ප හැර වෙනත් සුවිශේෂී සංකල්ප, න්‍යායන් හෝ ක්‍රම අවශ්‍ය නොවේ. සියල්ල අලුතින්ම පටන් ගත්තොත්, ස්ථිරවම ක්ෂේත්‍රයට වඩා හොඳ නමක් අත්පත් කරගැනීමට සහ සමහර විට එය විභේදනය කිරීනේ වඩා තාර්කික ක්‍රමයක් අපට සොයාගත හැකිය (බොහෝ බුද්ධිමය ක්ෂේත්‍ර ගැන මෙය පැවසිය හැකි බව ඇත්තකි).
“සාමූහික හැසිරීම” යන යෙදුමට පදගතාර්ථ හෙවත් වාච්‍යාර්ථ බොහොමයක් නොමැත; මන්ද තියුණු ලෙස සලකා බලන විට ඊට ඕනෑම කණ්ඩායම් හැසිරීමක් ඇතුළත් විය හැකි බැවිනි. එහෙත් ස්ථාපිත වූ පසු, බුද්ධිමය සම්ප්‍රදායන් වෙනස් කළ හැක්කේ සෙමිනි. මෙම ක්ෂේත්‍රයේ දැනුම සහ ප්‍රශ්න පිළිබඳ මූලික අර්ඨ්තකතනයන් තවමත් බලවත් ලෙස පිළිගනු ලැබේ. පාඨමාලා සහ පොත්වල සාමාන්යයෙන් “සාමූහික හැසිරීම” යන වචන අඩංගු වේ. මෙම ක්ෂේත්‍රය විවේචනය කරන්නන් වැදගත් ප්‍රශ්න ඉස්මතු කරන නමුත් කිප්ලිංගේ අන්ධයන් සහ අලියා පිළිබඳ ප්‍රබන්ධයේ දි මෙන් (එක් එක් පුද්ගලයා වෙන වෙනම කොටස් නිවැරදිව හඳුනා ගන්නා නමුත් සියල්ලෝම සම්පූර්ණ සත්වයා දැකීමට අපොහොසත්වෙති) ක්ෂේත්‍රය එක්සත් කිරීමේ පුළුල් තර්කයක් ඇතැයි අපි සිතමු. සංස්කෘතික මාර්ගෝපදේශ නිශ්චිත නොවන හෝ ඇත්තේම නැති, ප්‍රමාණවත් නොවන හෝ මතභේදයට තුඩුදී ඇති පරිස්ථිති තුළ මතුවන කණ්ඩායම් හැසිරීම තර්කයට ඇතුළත් වේ.
Collective behavior and social movements : process and structure / Gary T. Marx, Douglas McAdam ග්‍රන්ථයේ Collective Behavior and Social Movements යන ලිපිය ඇසුරෙනි