මිනිසුන්ට වෙනත් ශාක හෝ සතුන් නොමැතිව ජීවත් විය හැකිද?

Posted by

මිනිසුන්ට වෙනත් ශාක හෝ සතුන් නොමැතිව ජීවත් විය හැකිද?

ඉන්දියාවේ, මධ්‍ය ප්‍රදේශ්, චින්ද්වාරා හී, 14 හැවිරීදි එස්.  අරුණිමා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ Curtin විශ්ව විද්‍යාලයේ, Telethon Kids ආයතනයේ කර්ණ සෞඛ්‍යය අංශයේ ප්‍රධානී Chris Brennan-Jones ය

අරුණිමා ඇසූ ප්‍රශ්නයයට කෙටි පිළිතුරවන්නේ, වෙනත් විශේෂ නොමැතිව මිනිසුන්ට අනිවාර්යයෙන්ම පැවතිය නොහැකිය යන්නයි..

පරිසර විද්‍යාඥයෙකු ලෙස – එනම් මිනිසුන් ඇතුළු ශාක, ක්ෂුද්‍ර ජීවීන්, දිලීර සහ සතුන්ගේ අන්තර්ක්‍රියා අධ්‍යයනය කරන විද්‍යාඥයෙකු හැටියට – මිනිසුන් වන අපට වෙනත් ජීවීන් අවශ්‍ය වීමට අවම වශයෙන් හේතු තුනක්වත් තිබෙන බව කියන්න පුළුවනි.

පළමුවැන්න: මිනිසුන්ට ආහාර නිපදවීමට වෙනත් විශේෂ අවශ්‍ය වේ

වෙනත් විශේෂ නොමැතිව මිනිසුන්ට කෑමට කිසිවක් ලැබෙන්නේ නැත. මිනිසුන්ට සහ අනෙකුත් සියලුම ජීවීන්ට ශක්තිය සඳහා ආහාරත්,  ඔවුන්ගේ ශරීර ගොඩනැගීමට සහ ප්‍රජනනය සඳහා ද්‍රව්‍ය අවශ්‍ය වේ. සිය ආහාරය සපයන මූලික අණු සෑදීම සඳහාසූර්යාලෝකය, ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වලින් ශක්තිය භාවිතයට ගැනීම පිණිස ක්‍රමයක් ඇත්තේ සමහර ක්ෂුද්‍ර ජීවීන් සහ ශාක වලට පමණි  එම  මෙම ක්රියාවලිය ප්රභාසංස්ලේෂණය(photosynthesis) ලෙස හැඳින්වේ.

මෙම ජීවීන් නොමැතිව කෑමට ආහාර සපයා ගැනීඉමට මිනිසුන්ට හැකිවන්නේ නැත. අප අනුභවයට ගන්නා සෑම දෙයක්ම පාහේ එක්කෝ ශාකයක් එහෙම නැතිනම් වෙනත් ප්‍රභාසංස්ලේෂණ්යී යෙදෙන ජීවියෙකු, ඒවා උලා හෝ ඇහිද කන සතෙකු හෝඋලා කන සතුන් ආහාරයට ගන්නා  සතෙකු වේ.

සැකසූ ආහාරවල ප්‍රභවය ක්ෂුද්‍ර ජීවීන්, ශාක, දිලීර හෝ සතුන්  බවක් එකවර පෙනී නොයන්න පුළුවනි; නමුත් ඒවා සියල්ලම පාහේ එසේ වේ. සමහර විටමින් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිනිසා විසින්ම නිපදවනු ලබනවා විය හැකි නමුත් ඒවා මිනිස් ආහාරයේ ඉතා කුඩා කොටසක් පමණි.

ආහාර සඳහා භාවිතා කළ හැකි අණු සෑදීම උදෙසා විවිධ ශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට හැකි ක්‍රම, රසායනඥයින් විසින් සොයාගනු ලැබ ඇත  මේ ආකාරයෙන් නිපදවන අණු “කෘතිම” යනුවෙන් හැඳින්වේ. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලීන් කොතරම් දුෂ්කර හා මිල අධිකද යත්, මෙම කෘතිම ආහාර පමණක් යොදාගෙන මිනිසුන්ටව පෝෂණය කිරීම දැනට කළ නොහැක්කකි.

ජානමය වශයෙන් වෙනස් කරන ලද බැක්ටීරියා හෝ රෝපිත(cultured) සෛල රේඛා භාවිතයෙන්  කෘතිම ආහාර නිෂ්පාදනය වැදගත් වේ. අනාගතයේ දී, මිනිසාගේ ආහාරය සඳහා ශාක හා සතුන් පරිභෝජනය මත ‍රැඳීම ටිකක් අඩු විය හැක. කෙසේ වෙතත්, ජීවීන්  මෙම ආහාරවල මූලික අංගයක් ලෙස දිගටම පවතිනු ඇත.

හිතකර පසක් සහ හුස්ම ගත හැකි වාතය නිර්මාණය කිරීමට; අපද්‍රව්‍ය බිඳ් දමා ප්‍රතිචක්‍රීකරණය කිරීමට; ජලය පිරිසිදු කිරීම සහ ඛාදනය වැළැක්වීමට; ධූලක හෙවත් විෂ රසායන උපද්‍රව රහිත ස්වරූපයකට ගෙන ඒඉමට; සහ අනෙකුත් ජීවීන්ගේ වර්ධනයට හා ශක්තිමත් වීමට අවශ්‍ය පෝෂණ ප්‍රභවයන් බවට පරිවර්තනය කිරීමට විශාල, කුඩා සහ වෙනත් රසායන අන්වීක්ෂීය හෙවත් ඇසට නොපෙනෙන ආදී වශයෙන් ගණන් කළ නොහැකි විවිධ ජීවීන් අවශ්‍ය වේ.

තවද විශේෂ 1,200 කට වඩා වැඩි අපගේ බොහෝ ආහාරමය ශාක,  මිනිසුන් සහ අනෙකුත් සතුන් අනුභව කරන පලතුරු හෝ බීජ ලෙස නිපදවීම පරාගකාරකයන්(pollinators)  මත රඳා පවතී. පරාගණය(Pollination) යනුවෙන් දැක්වෙන ශාක ප්‍රජනනයට ඉඩ සලසන ක්‍රියාවලිය, සතුන් එක් ශාකයකින් තවත් ශාකයකට පරාග ගෙන යන විට සිදු වේ. මී මැස්සන් ප්‍රධාන පරාග කාරකයන් වන නමුත් තවත් බොහෝ කෘමීන්, කුරුල්ලන්, වවුලන් සහ වෙනත් සත්තු ද ශාක අතර පරාග ප්‍රවාහනය කරති.

කුඩා කුහුඹුවන්ගේ සිට දැවැන්ත අලි ඇතුන් දක්වා සෑම ප්‍රමාණයකම සත්තු ද බීජ එහා මෙහා ගෙන යමින් යහපත් සහ ඵලදායී පරිසර පද්ධති සඳහා වුවමනා කරන ශාක ව්‍යාප්ත කරති. කුඩා ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට විශාල උකුස්සන් සහ මෝරුන් දක්වා විවිධ විශේෂයන්,  වැඩි වැඩියෙන් ආහාර වගා කිරීමට භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය බවට පත් කරනු හැකිවනු ලෙස මියැදුනු ජීව විශේෂ බිඳ දමති.

සාමාන්‍ය ආහාර වේලෙහි එක් එක් ‘කටක්’ නිර්මාණය කිරීමට දායක වන විශේෂ ගණන සලකා බලන විට එය මනස අවුල් කරන්නක් බව පෙණී යයි.

නිරෝගීව පසුවීම පිණිස මිනිස් සිරුරට  වෙනත් විශේෂ අවශ්‍ය වේ

මිනිස් සිරුරේ බොහෝ ක්‍රියාකාරකම්, සම මත සහ ශ්වසන, ආහාර ජීර්ණ සහ ප්‍රජනක පද්ධතිවල ජීවත් වන ක්ෂුද්‍රජීවී විශේෂවල සංකීර්ණ හා බෙහෙවින් විවිධ වූ පරිසර පද්ධතියක් මත රඳා පවතී. මෙම බැක්ටීරියා, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් “ක්ෂුද්‍ර ජෛව ඩ්දර්ශයක් හෙවත් බිඕමයක්” ලෙස දැක්වේ..

සෑම පුද්ගලයෙකුටම ආසාදනයන්ගෙන් ආරක්ෂා වීමට, ආහාර දිරවීමට සහ පෝෂ්‍ය පදාර්ථ නිස්සාරණය කිරීමට මෙන්ම විටමින් සංස්ලේෂණය කිරීමට ඒ ඒ අයට අනන්‍ය පුද්ගලික ක්ෂුද්‍රජෛව දර්ශයක ඇත.

නිදසුනක් වශයෙන්, භාවිත කළ හැකි ශක්තිය සහ පෝෂ්‍ය පදාර්ථ බවට  ආහාර බිඳ දැමීමට සහ අනෙකුත් දිරවිය නොහැකි හෝ විෂ සහිත ද්‍රව්‍ය බැහැර කළ හැකි ආකාර බවට පරිවර්තනය කිරීම සඳහා බඩවැල් ක්ෂුද්‍රජෛව දර්ශයකය වැදගත් වේ.

එම ක්ෂුද්‍රජෛව දර්ශයකය  මිනිසුන්ගේ ජීවිත කාලය පුරා වෙනස් වන්නේ ඔවුන් කන දේ, අවට ඇති දේ, ඔවුන් ජීවත් වන ස්ථානය සහ ඔවුන් කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න මතය. මිනිස් සිරුර, ඇත්ත වශයෙන්ම මිනිස් සෛල වලට වඩා බැක්ටීරියා සෛල වලින් සෑදී ඇත.

සෞඛ්‍ය සම්පන්න බඩවැල් පරිසර පද්ධතියක හරය වන,  300 සිට 500 දක්වා වන බැක්ටීරියා විශේෂ කෙරෙහි දැඩි ලෙස බලපායි .

ආසාදනය වැලැක්වීම සඳහා ද ක්ෂුද්‍රජෛව දර්ශයකය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. විශේෂ කිහිපයක් පමණක් ආධිපත්‍යය දරන ක්ෂුද්‍රජීවී ප්‍රජාවන් සමඟ බොහෝ රෝග සම්බන්ධය. සමහර වෛද්‍යවරුන්, සෞඛ්‍ය සම්පන්න   පුද්ගලයින්ගෙන්, රෝගී පුද්ගලයින්ට මල බද්ධකරන්නේ,  ක්ෂුද්‍ර ජීවීන්ගෙන් යුත් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීමට සහ රෝගය සුව කිරීමට බලාපොරොත්තු වෙනි.

මිනිසුන් වෙනත් විශේෂයන් වටකරගෙන වඩාත් සතුටින් සිටිති.

අවසාන වශයෙන්, පර්යේෂණ මගින් පෙන්නුම් කෙරෙන්නේ මිනිසුන් වෙනත් ශාක හා සත්ත්ව විශේෂ වටා සිටින විට වඩාත් සෞඛ්‍යසම්පන්නව සහ තෘප්තිමත්ව සිටින බවය්. මානසික සහ කායික සෞඛ්‍යය පත ඔවුනට දසුන්, ශබ්ද, සුවඳ, හැඟීම සහ රසය අත්විඳිය යුතුවෙයි. මෙම එලවුම(drive) ඔවුන් අනෙකුත් ජීවීන්ගේ මෙම ධාවකය ‘ජෛව හිතකාමිත්වය'( biophilia) ලෙස හැඳින්වේ, එනම් සකල ජීවීන් කෙරෙහි ඇති ආදරයයි.

නිදසුනක් වශයෙන්, කුරුල්ලන් දැකීම සහ ඔවුන්ගේ හඳට සවන් දීම ධනාත්මක හැඟීම් ඇති කරයි. කැනඩාවේ සහ ජර්මනියේ මෑත කාලීනව සිදු කළ අධ්‍යයනයන් දෙකකින් සොයාගෙන ඇත්තේ කුරුල්ලන් විශේෂ වැඩි වන තරමට ඒ අවට ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන් සතුටින් සිටින බවයි. මෙය අහල පහල කුරුල්ලන් ගැවසීමෙ මිහිරි අත්දැකීම් නිසාවෙන්ම සිදුවන්නක්  හෝ කුරුල්ලන් සිටීමෙන් පෙන්නුම් කරන්නේ සෞඛ්ය සම්පන්න පරිසරයක් පවතින්නේය යන්න නිසාවෙන් සිදුවන්නක් විය හැකිය.

කඳු නැගීමේ මංපෙත් දිගේ පර්යේෂකයන් සැඟවුණු ශබ්ද විකාශන යොදා ගෙන කුරුළු ගී වාදනය කරමින් සීදු කල වෙනස් කැනේඩියානු අත්හදා බැලීමකදී එම පා ගමන් වල යෙදුනු මිනිසුන් වාර්තා කළේ , තමන්ට යාම්තම් හඬක් ඇසීමට හෝ කිසිවක්ම ඇසීමට නොහැකි අවස්ථාවන් වලදීට වඩා විවිධ පක්ෂි විශේෂවල හඬක් ඇසූණු විට වෙහෙස නිවාලන බවක් සහ වැඩි තෘප්තිමත් හඟීමක් ඇති වූ බවයි

අද ලෝක ජනගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ ගම්බද ප්‍රදේශවල වෙනුවට නගරවල ය. එබැවින් නාගරික සැලසුම්කරුවන් සහ භූ දර්ශන නිර්මාණ ශිල්පීන් නාගරික පරෛසරයන් තුළ වැඩි හරිත අවකාශයන් සහ හරිත යටිතල පහසුකම් ඇතුළත් කිරීමට මාර්ග සොයාබලති.

නගරයක, විවිධ (ගෘහාශ්‍රිත නොවන) නිදැල්ලේ සරන සතුන්, විශාල විවෘත හරිත අවකාශ සහ වීදිවල මෙන්ම ගොඩනැගිලිවල වෘක්ෂලතා ඇති විට, මිනිසුන් වඩාත් ක්‍රියාශීලීව, ආතතියෙන් අඩුව, සෞඛ්‍ය සම්පන්නව සහ සතුටින් සිටින බව පර්යේෂණවලින් පෙනී යයි. මෙම තත්වයන් මිනිසුන්ට වෙනත් ජීවීන් සමඟ අත්දැකීම් ඇතිකර ගැනීමට සහ අන්තර් ක්‍රියාකිරීමට මෙන්ම පරිසරය සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රසන්න කිරීමට ශාක, සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන් ගෙන් ඇතිවන වෙනත් දේවලින් ප්‍රතිලාභ ලබා දෙයි.

මිනිසාගේ ජීවිතයට උපකාර කිරීමට ජීවී විශේෂ දහස් ගණනක් අවශ්‍ය බව විද්‍යාඥයෝ දැන් දනිති. එහෙත්, නාගරික  පරිසර පද්ධති ද ඇතුළුව පරිසර පද්ධති තුළ, විවිධ විශේෂ ඉටු කරන වැදගත් භූමිකා තේරුම් ගැනීමට අප තවම පටන් ගත්තා පමණකි. මිනිසාගේ පැවැත්ම සඳහා වෙනත් විශේෂ අවශ්‍ය වන්නේ ඇයි ද සහ අවශ්‍ය වන්නේ කෙසේද යන්න පිළිබඳව අප තවත් බොහෝ දේ ඉගෙන ගත යුතුව ඇත. මිනිසුන් සාර්ථකව, දිගු කාලයක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කිරීමට හෝ අභ්‍යවකාශ ජනපද පිහිටුවීමට නම්, ජීවත් වීමට සහ වඩ වඩාත් හොඳින් ජීවත් වීම පිණිස අප සමඟ අභ්‍යවකාශයට ගෙන යායුතු යුතු විශේෂ මොනවාදැයි අප තේරුම් ගත යුතුය.

(The Conversation) Curious Kids(published September 8, 2022) හී පළ වී ඇති   Can humans live without any other species of plants or animals? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.