දූරීකරණය( alienation) යනු මනසේ හෝ ජීවිත පැවැත්මේ තත්වයක් විස්තර කිරීමට භාවිතා කරන පදයක් වන අතර වර්තමානයේ ඊට ආරෝපනය වී ඇති වැදගත් කමට බලපාන්නේ අදාල අදහස් හෙවත් මත තුනකි. ඒවා සියල්ලම හඳුනාගත හැකි මධ්‍යකාලීන පෙර විත්තිය:

1.වර්තමාන දේශපාලන චින්තනය කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කළ බව සැලකෙන ජර්මානු චින්තකයෙකු වූ හේගල් (G.W.F. Hegel(1770 – 1831) දක්වන අන්දමට දූරීකරණය පද දෙකක් ලෙස පරිවර්තනය කිරීමට නැඹුරුවක් ඇත: Entäußerung ( Eng: divestment – අත්හැරීම), සහ Entfremdung (|Eng: alienation – දූරීකරණය|). මෙම පද දෙකටම විශේෂයෙන් සම්බන්ධ නොමති, (අප මෙහි කතාකරන) න්‍යාය හටගන්නේ ‘නිරපේක්ෂ අදහස’ පිළිබඳ දැනුම හා ඒ හා එකමුතුව සඳහා අධ්‍යාත්මයේ (Geist) ප්‍රගතිය පිළිබඳ සාමාන්‍ය වාර්තාවක කොටසක් ලෙස ය. අධ්‍යාත්මය(Spirit) නැතිනම් ආධ්‍යාත්මික ගුණය ආත්මීයතාව(subjectivity) තුළ ආරම්භ වන අතර, වෛෂයික පැවැත්ම කරා ගමන් කරයි; ආත්මය, එය පිළිබඳව දැනගැනීමේ ක්‍රියාවෙන්ම එහි ලෝකය නිර්මාණය කරන අතර, ඉතිහාසය සහ පුද්ගල සංවර්ධනය යන දෙකම අනුප්‍රාප්ති ‘වෛයිෂයීකරණය’ ගොඩනැගීම මෙන්ම මැඩපැවැත්වීම ලෙස දැකිය යුතුය. විඤ්ඤාණයේ යම්කිසි ‘මොහොතක’ අධ්‍යාත්මය විසින් ලෝකය යහපත් හා අයහපත්, පරමාදර්ශ සහ යථාර්තව, රැකගත් මෙන්ම ගිලිහුණු ලෙස බෙදයි. මෙම ‘වෙන්වීම’ අත්විඳින්නේ ස්වයම්භූ සහ ස්වයම්භූ නොවන ලෙස එය විසින්ම ‘පෙන්වා ඇති’ වෛයිෂයීකරණයන් අතර වෙන්වීමක් වශයෙනි. පරමාදර්ශී වාස්තවිකත්වය සහ ගිලිහුණු ආත්මය අතර ඇති භග්නය(බෙදීම) සමස්ත සවිඥානක ජීවිතය තුළ පරිපූර්ණ අසම්පූර්ණතාවයක් ලෙස අත්විඳිනු ලැබේ: හේගල් මෙම තත්වය හඳුන්වන්නේ ‘අතෘප්තිමත් විඥානය’ ලෙසයි. තමාගෙන් ඈත්වීම අන් අයගෙන් විසම්භන්දවීම හා බැඳී පවතී. පරමාදර්ශය සමඟ අනන්‍ය යයි සැලකීම ආත්මයේ හරය වන බැවින්, මනුෂ්‍යත්වය තුළ නොව මනුෂ්‍යත්වයටඔබ්බෙන් පවතින ලූකය, ආත්මයෙන් තොර ලෙස සලකනු ලැබේ. මිනිසුන් වස්තූන් ලෙස සලකනු ලබන අතර, ආත්මය සාක්ෂාත් කරගනු ලබන්නේ ලෝකෝත්තර දෙවියෙකුගේ පැවැත්ම තුළ පමණි. ආගමේ පිළිවෙත යනු මෙම භේදය මඟහරවා ගැනීමට උත්සාහ කිරීමය; මිනිසා තවදුරටත් ස්වභාවධර්මයේ සිරවී නොසිටින ලෙස දැකීම මිස් එය ජය ගැනීමට තවදුරටත් නිරපේක්ෂකව නොසිටීමයි.
ආගමේ සක්‍රමේන්තු සිරිත් විරිත් තුළින් දෙවියන්ගේ අන්තර්වර්තීබව(immanence) සහ මිනිසාගේ ස්වයං-ඉක්මවීම පිළිගැනීමෙන් දූරීකරණය ජය ගැනේ. හේගල් ක්‍රිස්තියානි ධර්මය විශේෂයෙන්ම, තම පුද්ගලබාවය තුළ මනුෂ්‍යයා හා දේවාරක්ෂාව සාමාධානය කරන ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ආත්මභාවය පිළිබඳ භාෂිතය, මනසේ තබාගෙන සිටියේය.
2. මාක්ස්ගේ මුල් කාලයේ ලේඛනවල, alienation (Entfremdung – දූරීකරණය) යනු සාමන්‍ය-ජීවින් ( Gattungswesen) ගෙන් දුරීකරනය වීමයි. Gattungswesen යන්න මානව සමාජ පැවැත්මේ සුවිශේෂී ස්වභාවය විස්තර කිරීමට ජර්මානු භෞතිකවාදී චින්තකයෙකු වූ Ludwig Feuerbach ගෙන් ණයට ගත් යෙදුමකි.

Feuerbach හේගල්ගේ සමහර දේවධර්මවාදී අදහස් ලෞකිකකරණය කර ඇති අතර, ඒ අනුව මාක්ස්ගේ දර්ශනයට මග පෑදුවේය, ඒ දර්ශනය අනුව, විශේෂිත ඓතිහාසික ලෝකයක මිනිසාගේ පැවැත්ම පමණක් මිස ‘ලෝකයෙහි මිනිසාගේ පැවැත්ම’ තුළ තවදුරටත් දූරීකරණය ආවේනික නොවේ, . මිනිසාගේ නියම තත්ත්වය පවතින්නේ ඔහුගේ විශේෂය තුළ වන අතර, එබැවින් සාමන්‍ය-ජීවින් ගෙන් දූරීකරණයවීම ‘මිනිසාගේ නියම තත්ත්වය’ වෙතින් එබැවින් අස්මිතාවයෙන් දුරස්ථවීමකි. මෙම ක්‍රියාවලිය සිදු වන්නේ මිනිසුන්ට තමාගේම යැයි හඳුනාගත හැකි තෘප්තිමත් භාවයක් නොමැතිව, අරමුණු ළඟාකරගැනීමේ ක්ර්නයක් ලෙස දැකීමට බල කෙරෙන විටය. එවිට ඔවුහු තමන්ටම යථාර්තයක් පැවතීම අහවර කරති; ඒ වෙනුවට, ඔවුහු ලුහුබැඳ යන වස්තූන් තුළට ඔවුන්ගේ නියම තත්ත්වය සහ වටිනාකම ප්රක්ෂේපණය කරති. මනුෂ්‍ය ජීවිතය උපක්‍රමයක් නැතිනම් ‘විධියක්’ ලෙස පමණක් දකින අතර. වස්තූන් දකින්නේ යථාර්ථයේ දී ඒවාට අයිති විය නොහැකි සහජ වටිනාකමක් සහිත අරමුණු ලෙසය. සාමන්‍ය-ජීවීන්ගේ පැවැත්මේ ප්‍රධාන ක්‍රියාකාරකම ශ්‍රමය වන බැවින්, දූරීකරණයේ ප්‍රධාන ප්‍රකාරය දූරීකෘත ශ්‍රමය වන අතර, ඒ හරහා මිනිසුන්ට දූරීකරණය වූ විඥානයේ ස්වරූපයන් ලෝකයට කාවැද්දීමට බල කෙරේ. මාක්ස් මෙම තත්වය දුටුවේ පුද්ගලික දේපළ සමඟ සම්බන්ධ වන්නක් ලැසිනි. එය *ශ්‍රම විභාජනයට(බෙදීමට) සහ * වැටුප් ගිවිසුමේ සංස්ථාපනයට බල කරයි. මිනිසුන්ට තමන්වම විකිණීමට (එනම්, වෙනත් නීත්‍යානුකූල අර්ථයකින් දක්වතොත්, සිය *ශ්‍රම බලය ‘දූරීකරණයට’ කිරීමට) බලකිරීමෙන්, එය ඔවුන්ට *පරියෝජන වටිනාකමක් නැති හුදෙක් හුවමාරු වටිනාමක් පමනක් ඇති භාණ්ඩ නිෂ්පාදනයට බලකරයි.
ඒවා ලුහුබැඳීමේ දී සහ නිෂ්පාදනය කිරීමේදී, පුද්ගලයෙකු තමාගේ නොවන අරමුණක් ඉටු කර ගැනීම සඳහා මාර්ගයක් ලෙස සලකයි. එබැවින් හෙතෙම, තමාටම වස්තුවක් බවට පත්වන අතර අන් අය දකින්නේ ද එලෙසමය. මිනිසා නැවත යථා තත්ත්වයට පත් වන්නට සහ ඔහුගේ තෘප්තියට අනුකූල ‘සමාන්‍ය-ජීවීන්’ බවට පත්වන්නට හැක්කේ පෞද්ගලික දේපල අහෝසි කිරීමෙන් පමණකි.
3. ෆ්‍රොයිඩ් සහ පශ්චාත්-ෆ්‍රොයිඩියානු මනෝවිද්‍යාව තුළ, දූරීකරනය යනු , ස්වකීය ක්‍රියාකලාපයන් සහ අපේක්ෂාවන්ට අනුකූල වීමේ අවශ්‍යතාවය හරහා සහ *ඉතා වැදගත් සහජ බුද්ධිය සහ ආවේගයන් මර්දනය කිරීම සහ පරිවර්තනය කිරීම තුළින් අන් අයට පිළිගත හැකි එහෙත් තමන්තමන්ටම ආගන්තුකයන් බවට පත්වීම හරහා ශිෂ්ටාචාරය විසින් මිනිසුන් ස්ථානගත කර ඇති තත්වය ලෙස සලකනු ලැබේ.

බොහෝ නූතන චින්තකයින් (උදා: Marcuse සහ Erich Fromm (1900-80) මාක්ස්වාදී සහ ප්‍රොයිඩියානු(Freudian)) අදහස් සංශ්ලේෂණය කිරීමට උත්සාහ කරති. ඔවුන් ‘ධනවාදී මිනිසා’ දකින්නේ කැමැත්තේ චින්තනයේ බලවත් පරිහානිය හරහා ආබාධිත වූවෙකු ලෙසය; තමා සැමවිටම වස්තුවක් ලෙස දැකීමට පෙලඹෙන්නෙකු මිස කිසි විටෙකත් තම ක්‍රියාවන්හි ආරම්භකයා ලෙස දැකීමට නොපෙලඹෙන්නෙකු ලෙසය; තමන්ට ඇට්ට්ත්තටම තමන් වීමට නෝහැකි හෙයින් තවදුරටත් සැබෑ පුද්ගලයෙකු නොවන්නෙකු ලෙසටය. තමන් ගත කරන්නේ තමගේම ජීවිතය නොවන හෙයින් ඔහුට ජීවිතය කෙරෙහි ඇති උනන්දුව නැති වී යන්නේය. මෙම සමපේක්ෂණ සමාජ විවේචනය තුළ දූරීකරණය බොහෝ විට *යථාභූතාව”(authenticity) හෝ *ස්වයං-සාක්ෂාත්කරණය”(self-realization) යන පරමාදර්ශයක් සමඟ සංසන්දනය වේ. ස්ථාපිත භාවිතයන් කිසිවක් තුළ සංකල්පය එතරම් පැහැදිලි නැත; නමුත් ඒ සියල්ලෙන් එය ප්‍රකාශ කරන්නේ නූතන ආත්මයේ(modern self) තත්වය විස්තර කරන මෙන්ම සැබෑ මානව ස්වභාවයකින් ‘විසංයුක්තවීම’ පිළිබඳ එහි අර්ථය ද පැහැදිලි කරන න්‍යායක් සෙවීමයි.
The Palgrave Macmillan Dictionary of Political Thought(Third Edition 2007) නම් ග්‍රන්ථය ඇසුරෙනි