අර්ටෙමිස් I සඳ වෙත යන මෙහෙයුම අගෝස්තු අග නැවත කල් දැමිණ; දැන් අප නැවත වතාවක් යහපත් පෙළගැස්මක්(launch window) උදා වෙනතුරු බලා සිටීමට සිදුව අත. සැප්තැම්බර් 3 වන දින ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධති රොකට්ටුව ගුවන් ගත වීමට ඔන්න මෙන්න කියා තිබිය දී(මිනිත්තු 40 කට පෙර) ඉන්ධන මාර්ගයක හටගත් කාන්දු වීමක් නිසා දියත් කිරීම ඉංජිනේරුවන් විසින් අවලංගු කරන(scrub) ලදී. ඉතින් launch window යනු කුමක්ද සහ රොකට්ටුවකට ඕනෑම වේලාවක ගුවන් ගත කළ නොහැක්කේ ඇයි? එය(අවලංඟු කිරීම) “scrub” කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි තවදුරටත් කියවා බලමු.
නිසි පෙළගැස්ම එනතුරු බලාසිටීම.
දියත් කිරීමේ කවුළුවක් එනතුරු බලාසිටීම යන්න අහසේ තරු රාශී පෙළගැසෙන තෙක් බලා සිටීම වැනිය. අභ්‍යවකාශ ගතකිරීමේ දී රොකට්ටුව පෘථිවි පෘෂ්ඨයෙන් “විසි” කර දමනු ලැබේ. උඩට විසිකිරීමඅභ්‍යවකාශය හරහා යාත්‍රාවේ ගමන් මාර්ගය ඔස්සෙ යාත්‍රාව සහ එහි රැගෙන යන සියල්ල නියමිත ස්ථානයට ගෙන් යාමට නම් රොකට්ටුව පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට “විසි” කිරීම නියමිත වේලාවට සිදු කල යුතුයි.
ඔරියන් කැප්සියුලය සඳ වටා කක්ෂයට යැවීමේ මෙහෙයුමක් වන ආටෙමිස් I සඳහා “නියමිත වේලාව” යන්නෙන් අදහස් කරන්නේ චන්ද්‍රයා, දින 28 වන එහි ගමන් චක්රය තුළ පෘථිවියට හැකි තරම් සමීප වන තෙක් බලා සිටීමයි (මෙය චන්ද්‍රචාරයේ පෘථිවියට සමීපතම ස්ථානය හෙවත් “භූ සමීපකය” (“perigee” ලෙස හැඳින්වේ) . එබැවින් මීළඟ සඳ වෙත යන ගමනේ මී ළඟ ප්‍රයත්නය සඳහා අපට දැන් දළ වශයෙන් සති හතරක් බලා සිටින්නට සිදුවන්නේ ඒ නිසාවෙනි.

පියසැරි මග වැඩිපුරම රඳා පවතින්නේ පෘතුවිය සහ චන්ද්‍රයා යන වස්තු දෙකෙන්ම එනගුරුත්වාකර්ෂණ ආධාරක (විශාල අභ්‍යවකාශ වස්තුවක ප්‍රවර්තක ශක්තිය, එය පසුකරගෙන යන යාත්‍රාවක වේගය වැඩි කිරීමට හෝ අඩු කිරීමට භාවිතා කරන “පැද්දුමක්”) මතයි. එමෙන්ම, අපට ඔරියන් කැප්සියුලය ආරක්ෂිතව ආපසු ගෙන්වාගැනීමට අවශ්‍යවන නිසා කාලය හරිහැටි නිර්ණය කරගැනීම ඉතා වැදගත් වේ.ඔරියන් චන්ද්‍රයා පසුකර යා යුතුවා මිස චන්දරයා මතට කඩා වැටිය යුතු නැත. එබැවින් රොකට් විදිනය, පෘථිවිය, සඳ සහ චන්ද්‍ර කැප්සියුලයේ පිහිටීම සෑම විටම නිශ්චිතව දැන සිටිය යුතුය.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමට ද අදාල වන්නේ එවැනිම කතාවකි. එමම අවස්ථාවේ දී, මෙහෙයුම් පාලකයන් විසින් එය, පෘථිවිය සහ සූර්යයා අතර ගුරුත්වාකර්ෂණය සමතුලිත ස්ථානයක් වන Lagrange Point 2 ලෙස දැක්වෙන ස්ථානය ගමනේදී එය සඳේ නොගැටෙන්නට වග බලා ගන්නා ලදී. Lagrange Point 2 අයහපත් කාලගුණයට මුහුණ පෑම වළක්වා ගැනීම සඳහා ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීම දෙතුන් වතාවක්ම අවලංගු කෙරිණ; අවසානයේ එය 2021 නත්තල් දිනයේ Ariane 5 රොකට්ටුවකින් ප්‍රංශ ගයනාවේ සිට දියත් කරන ලදී.

Artemis I මෙහෙයුමේ ‘අමුතු’ භාෂා යෙදුම්
Artemis I මෙහෙයුමට අදාලව විද්‍යාඥයන් භාවිත කරන අමුත් වචන දෙකක් ගැන ඔබට දැනටමත් කියවීමට ලැබී ඇත. ඒ ‘launch window'(යහපත් පෙළගැස්මක්) යන්න සහ ‘scrub'(අවලංගු කිරීම) යන පදයි.
මුලින්ම ‘launch window'(යහපත් පෙළගැස්මක්) යන්න ගෙන බලමු:
දියත් කිරීමේ කවුළුව ලෙස පරිවර්තනය කළ හැකි ‘launch window’ යනු කිසියම් මෙහෙයුමක් දියත් කළ යුතු කාල පරිච්ඡේදයක් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.
අභ්‍යවකාශ යානය වෙනත් අභ්‍යවකාශ යානයක්, ග්‍රහලෝකයක් හෝ අභ්‍යවකාශයේ වෙනත් ස්ථානයක් සමඟ එකට එක හමුවීමට(rendezvous) අදහස් කරන්නේ නම්, අනාගතයේ යම් අවස්ථාවක දී කක්ෂය අතිච්ඡාදනය වන පරිදි දියත් කිරීමට් ප්‍රවේශමෙන් කල් නැන ගත යුතුය. කාලගුණය අයහපත් නම් හෝ ‘දියත් කිරීමේ කවුළුවක්’ අතරතුර දෝෂයක් සිදුවුවහොත්, පියාසැරිය සඳහා සුදුසු ඊළඟ දියත් කිරීමේ කවුළුව තෙක් මෙහෙයුම කල් දැමිය යුතුය.
ඊළඟට ‘scrub’ යන්න.
එසේම, රොකට්‍ටුව දියත් කිරීම “scrub කිරීම”, ‘කල්දැමීම'(postpone) ලෙස නොව (අවලංගු ) කිරීම ලෙස හඳුන්වන්නේ ඇයි? අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා තරමක් දුරට ‘විශේෂිත’ භාෂාවක් ඇති බවක් පෙනේ. අතහැර දැමූ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද විවිධ වචන පහක් ඇත. “තදින් අතුල්ලා මකා දමන ලද (“Scrubbed”), “අවලංගු කරන ලද”(cancelled), “අහක දමන ලද”(scrapped), “විශ්‍රාම ගත කාන ලද” (retired)සහ “අවසන් කරන ලද” (terminated) යන සියල්ල එක හා සමාන ලෙසයි අප දකින්නේ. එනමුත් අභ්‍යවකාශ මෙහෙයුම් සැලසුම්කරුවන්ට ඒවා විවිධ අදහස් ගෙන එයි.
“අවලංගු කරන ලද” මෙහෙයුමක් (නැවත) දියත් නොකෙරේ. උදාහරණයක් ලෙස, ද ජාත්‍යන්තර එක්ස් කිරණ රසායනාගාරය(the International X-ray Laboratory), NASA, European Space Agency (ESA) සහ Japan Aerospace Exploration Agency (JAXA) විසින් ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස 2021 දී දියත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් අයවැය කප්පාදුව හේතුවෙන් එය අවලංගු කරන ලදී. ඊට සියල්ලසැලසුම් කරතිබුණ ද, පර්යේෂණ කර තිබුණ ද ඒත් කිසිම දෙයක් තැනුණේ නැහැ. මෙය මෙහෙයුම අවලංගු කිරීමකි, එය සාමාන්‍යයෙන් ‘ගොඩනැගෙන’ අවධීන්හිදී සිදුවේ.
මෙහෙයුම අක්‍රීය කරන ලද වැඩසටහනක කොටසක් නම්, මෙය “අවසන් කිරීම” වේ. එබැවින් රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වැඩසටහනෙන් ඉවත් වුවහොත්, ISS මෙහෙයුම දිගටම පැවතුනද, එහි සහභාගීත්වය අවසන් වනු ඇත. මෙය නාසා ආයතනයේ සහභාගීත්වය අවසන් කළ විට හා සමාන වේ. ESA ExoMars මෙහෙයුමෙන් නාසා ආයතනය ඉවත් වූ විට සිදු වූයේ ද මෙයමයි. අනෙක් අතට, අවසාන ඇපලෝ මෙහෙයුම් තුන “අවලංගු” කරන විට අවසාන සැටර්න් V රොකට් “ඉවත් කරන ලදී”. සැටර්න් V රොකට් දෙකක් ජොන්සන් සහ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ප්‍රදර්ශනයට තබා ඇති අතර, පැරණි රොකට් සහ මෙහෙයුම් කිහිපයක “අබලි ක්ලොටස්” වලින් සෑදී ඇත.
අවසාන වශයෙන්, ගගනගාමීන් විශ්‍රාම යෑම දැකීමට අප හුරුපුරුදු වී සිටින, නමුත් පෙන්වා දිය යුතු කාරණාව වන්නේ අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධයෙන්ද එයම සිදුවන බවයි. Mercury, Gemini, Apollo and STS (space shuttle අභ්‍යවකාශ ෂටල) වැඩසටහන් සියල්ලම “විශ්‍රාමගත” කර ඇත. මෙයින් අදහස් කරන්නේ එවැනි මෙහෙයුම් තවදුරටත් සිදු නොවන බවයි.
අතුල්ලා මකා දමන ලද (“Scrubbed”)
එසේනම්, ආටෙමිස් I දියත් කිරීම ‘මකා දමන’ ලද්දේ ඇයි? මෙහයුම් විස්තර හුණු පුවරුවක අතින් ලියූ කලයේ “මකා දමන ලදී(Scrubbed)” යනුවෙන් කළ සඳහන අනුව යමින් තවමත් කෙරෙන යෙදුමකි, මෙය. අයහපත් කාලගුණය හෝ උපකරණ අසාර්ථක වීමක් හෝ දෝෂයක් සිදුවුවහොත්, මෙහෙයුමේ ආරම්භක වේලාවේ තොරතුරු තෙත් රෙදි කඩකින් හුණු පුවරුවෙන් පිස දම මකා දමන ලදී.

මෙහෙයුම සිදුවනු ඇතැයි තවමත් උපකල්පනය කරමින් එය වෙනත් වේලාවකට නැවත කාලසටහන්ගත කරනු ඇත. වසර 50කට පසු ප්‍රථම වතාවට සඳ මෙහෙයුම් නැවත සිදුවනු දැකීමට නොඉවසිල්ලෙන් බලා සිටින සියලු දෙනාටම මෙය සුබ ආරංචියකි. නැත,ආටෙමිස් I දියත් කිරීම අවලංගුකර හෝ අහක දමා හෝ නැත! හුදෙක් ඊළඟ “දියත් කිරීමේ කවුළුව” වෙත කල් දැමීම පමණක් සිදු කර ඇත.

THE CONVERSATION (07th September, 2022) හී පළව ඇති Why do we always need to wait for ‘launch windows’ to get a rocket to space? යන ලිපිය ඇසුරෙනි