අපේ හීන මතක තියාගන්න අපිට බැරි ඇයි?

Posted by

අපේ හීන මතක තියාගන්න අපිට බැරි ඇයි?

අපේ ජීවිතයෙන් තුනෙන් එකක් අප ගත කරන්නේ නින්දේය: ඒ තුනෙන් එකෙන් සැලකිය යුතු කොටසක් වැයවන්නේ සිහින දැකීමටය. එනමුත් පසුව බොහෝ විට ඔබට ඔබේ සිහින කිසිවක් මතක නැත. ඒ වගේම ඔබේ මනසේ තවමත් දැවටෙමින් තිබෙන සිහිනයේ මතකයක් සමඟ ඔබ අවදි වන ඒ වාසනාවන්ත දින වල පවා , ඒමතකය මිනිත්තුවකින්  අතුරුදහන් වී නැවත සිහින දේශයටම ඒ මතකය යාමට හොඳ අවස්ථාවක් තිබේ.

අවදියෙන් සිටිනා අවස්ථාවල දී ඒ ආකාරයට මෑත අත්දැකීම් ඉක්මනින් අමතක වී යානම් ඔබේ පවුලේ අය වෛද්‍ය ප්‍රතිකාර නිසැකවම ඔබව වෛද්‍යවරයෙකු වෙත ‍රැගෙන යනු ඇත. කෙසේ වෙතත්, සිහින සම්බන්දයෙන් ගත් කල, අමතක වීම සාමාන්‍ය දෙයක්, කා අතරත් පාහේ තියෙන දෙයක්. ඒ මන්ද?

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ තෝමස් ඇන්ඩ්‍රිලන් කියන අන්දමට නම් ” සිහින වහාම අමතක කිරීමේ ප්‍රවණතාවක් අප හට ඇති අතර ඉඳ හිට සිහින වාර්තා කරන පුද්ගලයින්ට වුව, ඒවා පහසුවෙන් අමතක වී යාමට ඉඩ තිබෙන්නට” පුළුවනි. ඔබට කිසිවක් මතක නැතිනම් ඔබ සිහිනයක් දු‍ටු බව විශ්වාස කිරීම පවා අපහසු විය හැකිය; නමුත් අධ්‍යයනයන් නිරන්තරයෙන් පෙන්නුම් කරන්නේ දශක ගනනාවක් හෝ තමුන්ගේ මුළු ජීවිත කාලයම එක සිහිනයක්වත් සිහිපත් කළ නොහෙන පුද්ගලයින්ට පවා, ඇත්ත වශයෙන්ම,  ඔවුන් නියම මොහොතේ අවදි කරවන්නේ නම් ඒවා(ඔවුන් දු‍ටු සිහින) සිහිපත් කළ හැකිවන්නට ඉඩ ඇතැයි ඇන්ඩ්‍රිලන් පැවසීය නිශ්චිත හේතුව විද්‍යාඥයින් සම්පූර්ණයෙන් නොදන්නේ වී නමුත්,  නින්දේදී  මතක ක්‍රියාවලිය සිදුවෙන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ඔවුන් ලබාගෙන ඇති අතර, සිහින අමතකවීමේ අපගේ සුවිශේෂී තත්වය පැහැදිලි කළ හැකි අදහස් කිහිපයක් ඇති කර ගැනීමට මග පාදා ඇත.

ඔබ අවදියෙන් සිටිනා විය හැකියි, නමුත් ඔබේ හිපොකැම්පසයත්  අවදියෙන්ද?

නියුරෝන සඟරාවෙහි පළවී ඇති 2011 වසරේ කරන ලද අධ්‍යයනයකට අනුව, අප නින්දට වැටෙන විට, මොළයේ සියලුම කලාප එකවර සිය කාර්යභාරයෙන් ඉවත් නොවන්නේය. මොළයෙහි ඇති කලාප අතුරෙන්, අවසානයටම නින්දට යන  කලාපයන්ගෙන් එකක් ලෙස පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ  ඇත්තේ මොළයේ එක් එක් අර්ධගෝලය තුළ පිහිටා ඇති වක්‍ර ව්‍යුහයක් වන හිපොකැම්පස් වන අතර එය කෙටි කාලීන මතකයේ සිට දිගු කාලීන මතකයට තොරතුරු ගෙනයාම සඳහා ඉතා වැදගත් වේ.

නින්දට යන මොළයේ අන්තිම කොටස හිපොකැම්පස් නම්,  අවසානයට අවදිවන්නේ ද එය විය හැකි බව ඇන්ඩ්‍රිලන් පවසයි. “ඉතින්, ඔබේ කෙටි කාලීන මතකයේ සිහිනයක් රඳවා ගෙනම අවදි වීම සඳහා මෙම කොටස උපකාරීවිය හැකිය.   නමුත් හිපොකැම්පස් තවමත් සම්පූර්ණයෙන් අවදි වී නොමැති නිසා, ඔබේ මොළයට  එම ඒවා (‍රැඳී තිබෙන සිහින) මතකයේ  තබා ගැනීමට නොහැකි වනු ඇත,” ඇන්ඩ්‍රිලන් පෙන්වා දෙයි.

සිහින මතකයන් නොදැනීම  පලා යන්නේ මන්දැයි එයින් පැහැදිලි කළ හැකි නමුත්,  ඔබේ හිපොකැම්පසය රාත්‍රිය පුරාවටම අක්‍රියව පැවති බවක් ඉන් අදහස් කරන්නේ නොවේ. ඇත්ත වශයෙන්ම, මෙම කලාපය නින්දේදී බෙහෙවින් ක්‍රියාශීලී වන අතර, ලැබෙන නව අත්දැකීම් වලට සවන් දීම වෙනුවට පවතින මතකයන් තහවුරු කර ගැනීම සඳහා ගබඩා කොට රැකබලා ගන්නා බව පෙනේ.

“සමහර දත්ත පෙන්නුම් කරන්නේ [නින්දේ සමහර අවස්ථා වලදී] හිපොකැම්පසය, වල්කයට තොරතුරු යවන නමුත් එයටකිසිවක් නොලැබෙන බවයි,” ඇන්ඩ්‍රිලන් කියා සිටියි. “හිපොකැම්පසයේ සිට මොලයේ වලකයට දිගු කාලීන ගබඩා කිරීම සඳහා මතකයන් යැවීමට මෙම ඒක දිශාවකට ගමන් කරන සන්නිවේදනය  ඉඩ සලසයි, එසේ වුවත් නව තොරතුරු හිපොකැම්පසය විසින් සටහන් කරගනු නොලැබේ.” 

පිබිදීමෙන්(නින්දෙන් අවදිවීමෙන්) පසු, මොළයට එහි මතකයන් කේතගත කිරීමේ  හැකියාවන් ක්ෂණිකව පණගන්වා ආරම්භ කිරීමට අවම වශයෙන් විනාඩි 2 ක් අවශ්‍ය විය හැකිය. Frontiers in Human Neuroscience නම් ජර්නලයේ 2017හි ප්‍රකාශයට පත් කරන ලද  අධ්‍යයනයක  ප්‍රංශයේ පර්යේෂකයෝ 36 දෙනෙකුගේ නින්දේ රටාවන් නිරීක්ෂණය කළහ. ඉන් පුද්ගලයින් 18 දෙනෙකු සෑම දිනකම පාහේ තම සිහින මතකයට නගා ගත් බව වාර්තා කළ අයයි;  අනෙක් 18 දෙනා ඔවුන්ගේ සිහින කලාතුරකින් මතක තබා ගත් පිරිසකි.  සිහින නැවත මතක් කර ගැනීමට එතරම් සමත් නොවූ පිරිස හා සසඳනය කරන විට, සිහින සිහිකැඳවීමට ඉහළ හැකියාවක් සහිත පුද්ගලයින් රාත්‍රියේදී  අවදි වන අවස්ථා වැඩි බව පර්යේෂක කණ්ඩායම සොයා ගත්හ.  නැවත සිහිපත් කිරීමේ හැකියාවන් ඉහළ මට්ට්මක තිබූ අය අතරේ මෙලෙස  රාත්‍රියේ අවදිවී ඩත කරන කාල පරාසය සාමාන්‍යයෙන් මිනිත්තු 2ක්ව පැවති අතර, එම හපන්කම අඩු අය අතරේ එහි සාමාන්‍යය විනාඩි 1ක් විය.

ස්නායුක රසායන සුපය

නින්දේ පසුවෙද්දී නව මතකයන් කේතනය කිරීමේ දී අපගේ දුර්වල හැකියාව, මතකයන් රඳවා තබා ගැනීම සඳහා විශේෂයෙන් වැදගත් වන ඇසිටිල්කොලීන්(acetylcholine) සහ නොරැඩ්‍රිනලින් (noradrenaline) යන ස්නායුක සම්ප්‍රේෂක දෙකක මට්ටම්වල වෙනස්වීම් සමඟ ද සම්බන්ධ වේ. අපි නින්දට වැටෙන විට, ඇසිටිල්කොලීන්(acetylcholine) සහ නොරැඩ්‍රිනලින්(noradrenaline) විශ්මය ඇති කරවන ආකාරයෙන් පහත වැටේ.

එවිට, අපි වඩාත් විචිත්‍රවත් සිහින දකින නින්දේ සීග්‍ර අක්ෂි චලනය (rapid eye movement  – REM) අවධියට ඇතුළු වන විට අමුතු දෙයක් සිදු වේ. මෙම අවස්ථාවෙහිදී, ඇසිටිල්කොලීන් අවදිව සිටිනවිට මට්ටමට නැවත පැමිණෙන නමුත් නොරඩ්‍රිනලින් අඩු මට්ටමක පවතී.

විද්‍යාඥයින් තවමත් මෙම ප්‍රහේලිකාව විසඳාගෙන නැති නමුත් සමහරු යෝජනා කරන්නේ මෙම විශේෂිත ස්නායු සම්ප්‍රේෂක සංයෝගය අපගේ සිහින අපට අමතක වීමට හේතුව විය හැකි බවයි. Behavioral and Brain Sciences ජර්නල්යෙහි පළවී ඇති, 2017 අධ්‍යයනයකට අනුව, අවදිවසිටින විට හා සමාන මට්ටමකට ඇසිටිල්කොලීන්, වල්කය ප්‍රබෝධමත් කරන අතරම අඩු නෝරඩ්‍රිනලින් මට්ටම මෙම කාලය තුළ අපගේ මනසේ ඇතිවන සටහන් සිහිපත් කිරීමේ හැකියාව අඩු කරයි.

සමහර අවස්ථාඅවල දකින ඔබේ සිහින, සිහිකටයුතු ඒවා නොවෙන්නට පුළුවනි.

ඔබ අද උදෑසන, දත් මදින විට ඔබ සිතමින් සිටි දේවල් දේ ඔබට මතකද? අපගේ මනස නිරන්තරයෙන්ම එහෙ මෙහෙ යන නමුත් අපි එම සිතුවිලි බොහොමයක් අත්‍යවශ්‍ය නොවන තොරතුරු ලෙස ඉවත දමන්නෙමු. සිහින, විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයට සම්බන්ධ සිහින, දවල් සිහිනවලට අදාල සිතුවිලි මෙන් විය හැකි අතර මතක තබා ගැනීමට නොහැකි තරම් නිෂ්ඵල යැයි මොළය විසින් සලකනු ලැබේ. Tufts විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ  සිහින පර්යේෂක අභාවප්‍රාප්ත අර්නස්ට් හාර්ට්මන්, Scientific American හි සඳහන් කර තිබේ.

එය එසේ නමුත් වඩාත් විචිත්‍රවත්, චිත්තවේගීය සහ සංගත සිහින හොඳින් මතක තබා ගත හැකි බව පෙනේ – සමහර විට ඒවා වැඩි පිබිදීමක් ඇති කරන නිසා සහ ඒවායේ සංවිධානාත්මක ආඛ්‍යානය ඒවා ගබඩා කිරීම පහසු කරන නිසා විය හැකිය යි ඇන්ඩ්‍රිලන් පෙන්වාදෙයි.

ඔබ ඔබේ සිහින මතකය වැඩි දියුණු කිරීමට අදහස් කරන්නේ නම්, උත්සාහ කර බැලීමට උපක්‍රම කිහිපයක්ම තිබේ. හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය රොබට් ස්ටික්ගෝල්ඩ් යෝජනා කරන්නේ නින්දට පෙර ජලය පානය කරන ලෙසයි, මන්ද එය රාත්‍රියේදී ඔබට නාන කාමරය භාවිතා කිරීමට අවදි වන බැවිනි. මෙම “රෑ මදියමේ අවදිවීම්”  බොහෝ විට සිහින යළි සිහිකැඳවීම් සමඟ එකට සිදු වේ” යැයි ස්ටික්ගෝල්ඩ් කියයි.

නිදාගැනීම පිණිස ඇඳට ගිය පසු,  ඔබේ සිහින මතක තබා ගැනීමට ඔබට අවශ්‍ය බව නැවත නැවතත්  මතක් කර දීම (ඒවා මතකයට යළි නගා ගැනීමේ) අවස්ථා වැඩි කළ හැකි අතර, සිහින සටහන් පොතක් තබා ගැනීමද උපකාරීවෙතයි සමහරක් අධ්යයන යෝජනා කරයි. ඒ වාගේම, නින්දෙන් නැගිටි වහාම ඇතැම්විට අසම්පූර්න එම  සිහින මතකයේ රඳවා තබා ගැනීමට උත්සුකවන්න: ඔබේ හිපොකැම්පසය මගින් එය නිසියාකාරව අල්ලාගෙන මතකයෙහි නිසි ලෙස ගබඩා කරන තෙක් ඔබේ ඇස් වසාගෙන, නිශ්චලව සිටිමින් සිහින මතකය නැවත සිහියට නගාගන්න.

Live Science හී පළ වී ඇති Why Can’t We Remember Our Dreams? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.