දේශපාලන මංමුළාවීම්වලින් අත්මිදීම

Posted by

‘දේශපාලනය  මුළුමනින්ම පාහේ බිඳවැටී ඇත’ යනුවෙන් සමාජය තුල කාලයක් තිස්සේ තහවුරු වෙමින් පවතින තරමටම අභාග්‍ය සම්පන්න ඉරණමකට එය පත්ව නැත; නො එසේ නම්, එලෙස (එවන් ඉරණමකට) පත්ව නැති බවක් අඩුතරමින් පෙණී යයි. ප්‍රජාතන්ත්‍රවාදය මුළු ලෝකය පුරාවටම වාගේ ව්‍යාප්තව තිබියදීත්, ඡන්දය ප්‍රකාහ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දීර්ඝතම කාලයක් පැවති රටවල පවා, එම අයිතිය  භාවිතා කිරීම පිණිස පොළඹවා ගැනීමට හැකිව ඇත්තේ ඡන්දදායකයින්ගෙන්  කුඩා ප්‍රතිශතයක් බව පෙණීයයි. තරුණයින් අතර මැතිවරණයන් සහභාගීවීඑමේ මට්ටම් විශේෂයෙන් අඩු මට්ටමක පවතින අතර, පෙනෙන පරිදි, කොටසක් කලින් පැවති සෑම  ඡන්දයකදීටම වඩා විශාල එක් එක් අනුප්‍රාප්තික නව ඡන්දදායක පිරිසක්  එන්ට එන්ටම අඩුවෙන් ඡන්දය භාවිත කිරීමේ ප්‍රවණතාවක් ඇත. එපමනක් නොව, නිදහස්, සාධාරණ සහ විවෘත මැතිවරනවල දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා කටුක, බොහෝ විට ලේ වැකි සහ සෑම විටම පාහේ දිග්ගැස්සුනු අරගල ඔස්සේ එම අයිතීන් දිනාගෙන ඇත්තේ වුව ද,  ප්‍රජාතන්ත්‍රවාද්ය අලුතින් ස්ථාපිත රටවල (මැතිවරණවලට) සහභාගීත්වයේ මට්ටම් එතරම් සතු‍ටුදායක නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට උද්‍යෝගිමත් සහභාගීවීම උදෙසා ඡන්දදායක පිරිස් නිරන්තරයෙන් සහ සමූහ වශයෙන් සප්‍රාණිකව උනන්දු කරවීමට  දේශපාලනය කොතැනකවත් සමත් වන බවක්  බව නොපෙනේ. එසේ නම්, දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබාගැනීම ආදී නිල දේශපාලනයට  සහභාගීවීම පිළිබඳ අනෙකුත් බොහෝ දර්ශක ද,  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපිත රටවල වුව,  පෙර නොවූ විරූ මට්ටම් දක්වා පහත වැටීම පුදුම විය යුත්තක් නොවේ.

මෙයම ගත්තත් බොහෝ විශේෂඥ විචාරකයන්ට මානසික අවපීඩනයක් ඇතිකරන්නකි. එහෙත්, විවාද සම්පන්න වුව ද, එවැනි ප්‍රවණතා හුදෙක් වඩාත් කනස්සල්ලට පත්වන සහ ගැඹුරින් ඇති තත්වයක රෝග ලක්ෂණ වේ. එක් එක් පුද්ගලයා ගතහොත්  ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම,  ‘දේශපාලනය’ සහ ‘දේශපාලනිකය’ අවඥාසහගත දෙයක් ලෙස වඩාත් පුළුල්  ආකාරයකින් සැලකීමේ සලකුණක් සේ දැකිය හැකිය.   සාමාන්‍යයෙන් මහජන සුපරීක්ෂාව සහ වගවීම දේශපාලනය සමගින් සම්බන්ද කෙරුණක් ලෙස ධනාත්මක අරුත් අප තුල කුලුගන්වන රසකතාවක් සේ දේශපාලනය වරෙක  අප දු‍ටු  ‘දේශපාලනය’ අපිරිසිදු වචනයක් බවට එන්ට එන්ටම පත්ව ඇත. ඇත්ත වශයෙන්ම, නළුවෙකුගේ හැසිරීම් වලට ‘දේශපාලන’ චේතනාවන් ආරෝපණය කිරීම, ඔහුගේ හෝ ඇයගේ ද්‍රව්‍යමය ආත්මාර්ථකාමිත්වය හැර වෙනත් ඕනෑම දෙයක් පිළිබිඹු කරන ප්‍රතිඵලයක් ලබා දීම සඬහා එම නළුවාගේ අවංකභාවය, සාධු ගුණය හෝ හැකියාව ප්‍රශ්න කිරීම, (බොහෝ විට, තුනම ගැන එකවරමත් ප්‍රශ්න කිරීම) දැන් නොවරදවාම සිදු වේ.

දොස් පැවරිය යුත්තේ කාටද?

එසේ නම් මේ සඳහා දොස් පැවරිය යුත්තේ කාටද? දොස් පැවරීමට සුදුසුකම් ඇතැයි කල්පනා කළ හැකි, මේ ලිපියේ ගොඩනැගෙන තර්කයට අදාලව අපේක්ෂකයින් තිදෙනෙකු තර්කානුකූලව ඉදිරිපත් කළ හැකිය: ඡන්දදායකයින්, ඔවුන්ගේ ඡන්ද පතා තරඟ වදින අය(ඡන්ද අපේක්ෂකයෝ) සහ,  (සමහර විට මෙහි ඇතුල් කර්න්නට හැකිවෙතැයි කිසිසේත් විශ්වාස නොකරන), ශාස්ත්‍රීය දේශපාලන විචාරකයින් යන ත්‍රිත්වයයි. ඇත්ත වශයෙන්ම, මේ එක් එක් පාර්ශවය, දේශපාලනයට යක්ෂ වේශයක් ආරෝපණය කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට පටන් ගෙන ඇතත්,  වරදට වගකීම ඔවුන් අතරේ පහසුවෙන් බෙදා වෙන් කරදිය නොහැක. කෙසේවෙතත්, මේ ලිපියෙන් තර්කානුව සලකා බලමින් මෙම විභව සැකකරුවන්ගෙන් කිසිවෙකුත් වගකීමෙන් නිදහස් කරන(විශෝධනය කරන) තුරුද, (ඔවුන් බොහෝ විට දේශපාලන අතෘප්තිය සහ එපාවීම දක්වන ආසන්නතම නියෝජිතයා වුවද) වඩාත් පැහැදිලිව නිදොස් කර හැක්කේ ඡන්දදායකයින්ය.

දේශපාලන භූමිකාව රඟපාන්නන්ගේ අභිප්‍රේරණයන් සහ හැකියාවන් පිළිබඳ ඔවුන්(ඡන්දදායකයින්) සතුව අනිවාර්‍යයෙන්ම ඇති, නරුම, සෘණාත්මක සහ අශුභවාදී උපකල්පන සම්බන්ධයෙන්  විභව ඡන්දදායකයින්ට ‘දොස් පැවරිය’ නොහැක. එහෙත් මෙම් ලිපියෙන් තර්ක කරනු ලබන්නේ එවැනි උපකල්පන, නිසැකවම අනවශ්‍ය බව ය;  ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය කෙරෙහි සහ පොදු යහපත සැලසීමට දේශපාලන ප්‍රභූන් සතු  හැකියාව කෙරෙහි ඔවුන් විසින් (තැතිගන්වන සුළු) සමුච්චිත සහ විඛාදන බලපෑමක් ඇති කරනු ලැබ ඇති බවත්, දිගටමත් එය පවතින බවය; තවද, එවැනි උපකල්පන පවත්වාගෙන යාම සඳහා අප සතු හේතු දේශපාලනයේ ‘යථාර්ථය’ සමඟ එතරම් සම්බන්ධයක් නැති බවයි. ඇත්ත වශයෙන්ම,  වඩා හොඳ දේ කිරීමට සහ හොඳ කිරීමට ඔවුන් සතු  හැකියාව සම්බන්ධයෙන් දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසය තබන්නට, විශ්වාස තබන්නට  හැකි යැයි සිතීමට අපට හැකියාවක් ඇත් නම් එය සතුටක් වනු ඇත. එපමණක් නොව, ඔවුන් කෙරෙහි එවන් විශ්වාසයක් ඇති නම්,  යහපතක් කිරීමට දේශපාලනඥයන්ට ඇති හැකියාව නිසැකවම වැඩි දියුණු වනු ඇත. එහෙත් ඔවුන් එසේ වන්නේ නොවේ; ඔවුන් එසේ වන බවට වග බලාගැනීම ඡන්දදායකයාට කළ හැකි දෙයක් ද නොවේ.

එසේනම් දේශපාලකයන්ටම දොස් පැවරිය යුතුද?

එසේනම්  දොස් පැවරිය යුත්තේ දේශපාලකයන්ටම ද? තර්කයක් ලෙස ගෙන ආ හැකි පරිදි ප්‍රජාතන්ත්‍රවාදී පලනතන්ත්‍රයන්ට හිමිවිය යුතු යුතු (විධිමත්) දේශපාලන සහභාගීත්වයේ මට්ටම් එලෙසම ලැබේ නම් සහ කලින් පෙන්වා දී ඇති පරිදි ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වයේ මට්ටම් භයානක ලෙස පහත් තලයක පවතී නම්, නියත වශයෙන්ම කවුරුන් හෝ දොස් ලැබිය යුතුවන්නේය: ඒ, ඇත්තටම උසස් නිලතල දැරීම සඳහා නියොජිතයන් ලෙස ඉදිරිපත්වන්නන් හැර වෙන කවරහු ද? මෙය, මෙහි සඳහන්  පූර්ව ප්‍රකාශයන්ගෙන් උකහා ගත හැකි තාර්කික නිගමනයක් සේ පැහැදිලිව පෙනී යා හැකිය. එහෙත් මෙහිදී පැන නගින තර්කය එය නොවේ. ඔවුන්ගේ අභිප්‍රේරණ සහ දේශපාලන භූමිකාවේ නිරතවන්නන් සහ රාජ්‍ය සේවකයන්ට බලපෑමට ඇති හැකියාව යන දෙකම පිළිබඳ අඳුරු බවින් නොඅඩු , උපකාරණීය බවින් නොඅඩු සහ  අශුභවාදී බවින් නොඅඩු උපකල්පනයන් ප්‍රක්ෂේපණය කිරීමේදී, ඔවුන් දේශපාලනය තුච්ඡ බවට පත් කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇත. එපමනක් නොව, එවැනි උපකල්පන මගින් දැනුවත් වී, ඔවුන් දෙශපාලනය තව දුරටත් නිරුවත් කරන්නේ සිය තීරණ වෙනුවෙන් සෘජුවම හා ප්‍රසිද්ධියේම වගකීමෙන් අඩු අය වෙත  වගකීම් ඉටු කිරීම සහ බර ඉ‍ටුකිරීමේ බර (අන් අයට) පැටවීම තුළිනි.

එසේ කිරීමෙන් ඔවුන් සාමූහිකව පොදුජන යහපත සැලසීම පිණිස පිහිට වන්නා වූ ඔවුන්ගේම හැකියාව පමණක් නොව, මහජන සංවිචාරණය සඳහා වන සාමූහික සමාජ ධාරිතාව ද සැලකිය යුතු ලෙස හෑල්ලූවට ලක් කර ඇත. කෙසේ වෙතත් එසේ කිරීම සඳහා ඔවුන්ගේ අභිප්‍රේරණයන්,  කොපමණ තරම් වැරදි ල්ලෙස වටහා ගත්තේ වුව ද, බොහෝ දුරට අව්‍යාජ ය. ඇත්ත වශයෙන්ම,  එවැනි උපකල්පන දැරීමේ ප්‍රතිවිපාකයක් ලෙස ඔවුන් නියැලී ඇති නිර්-දේශපාලනීකරණ ක්‍රියාවලියම පෙන්නුම් කරන්නේ එවැනි පටු උපකාරක අභිප්‍රේරණයන් ඔවුන් වෙත ප්‍රක්ෂේපණය කිරීම කෙතරම් වැරදිද යන්නයි.

අප අතෘප්තිය සහ විසංයෝජනය යන සමකාලීන තත්ත්වය පැහැදිලි කිරීමට සහ ඒ වෙනුවෙන් වගකීම ආරෝපණය කිරීමට නම්, අප ඡන්දදායකයින් සහ ඔවුන් තෝරා පත් කර ගන්නා අය අතර සම්බන්ධතාවයෙන් ඔබ්බට —  එනම්, දේශපාලනයෙහි නිරතවන්නන් වෙත ප්‍රක්ෂේපණය කරන අදහස් සහ උපකල්පන යන දෙකෙහිම මූලාරම්භය හෙවත් සම්භවය දෙස බැලිය යුතුය.  අපට තර්ක කළ හැකි පරිදි, දේශපාලන ප්‍රභූන් වෙත උපකරණීය ස්වාර්ථය ප්‍රක්ෂේපණය කිරීම සම්බන්ධයෙන් සංස්කෘතිකමය වශයෙන් අපූර්ව යමක් නොමැත. එවැනි උපකල්පනවලට ඉතා දිගු හා කැපීපෙණෙන ඉතිහාසයක් ඇත. ඒවා ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද ව්‍යවස්ථාවට පාදක කරගෙන ඇති මැකියාවෙලිහි සහ  මැඩිසෝනියානු සහ ජෙෆර්සෝනියානු සම්ප්‍රදායන්හි දැකිය හැකිය.

Why We Hate Politics (Copyright © Colin Hay 2007) නම් ග්‍රන්ථයේ  යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.