මේ ලෝකයේ සංසේචනය ආරම්භ වූයේ සාගර වාසීන්ගෙන් ද?

Posted by

පරාගනය(pollination) හෙවත් ශාක පරාග මගින් බෝවීමේ ක්‍රියාවලියට බොහෝ අවස්ථාවල දි සතුන් සම්බන්ධවන බව උද්භීද විද්‍යාව උගෙනගන්නා අය පමනක් නොව අප බොහෝදෙනෙක්හට අවබෝධයක් ඇති බව රහසක් නොවේ. එහෙත්, සතුන් මගින් පරාගණය සිදුවීම ආරම්භ වූයේ ජීවය ගොඩ බිමට පැමිණායට පසුව බවයි සාමානය වස්ශයෙන් විශ්වාස කෙරුණේ. කෙසේවෙතත්, සතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන සංසේචනය ප්‍රථමයෙන් සාගරයේ පරිණාමය වන්නට ඇති බවක් නවතම පර්යේෂණවලින් පෙණී යයි. මුහුදේ වැවෙන පැළෑටි පරාගණය කුඩා සතුන්ගෙන සිදුවෙන බවට වන පර්යේෂණයක තොරතුරු මේ ලිපියෙන් දක්වේ.

ඉතා කුඩා කවචයන්ගෙන්(crustaceans)  මුහුදු පැලෑටි ‘පරාගණය’ සිදුවෙයි

ප්‍රජනනය සම්බන්ධයෙන් ගත් කල, රතු ඇල්ගී වර්ගයක් එවායේ ‘මිතුරන්ගෙන්’  සහායක්, උපකාරයක් ලබාගෙන එම කාර්යය ඉ‍ටු කර ගනී: හරියට, සිරුර පුරා මල් පරාග පුරවා ගත් ගොඩ බිම වසන මී මැස්සන් මල් අතරේ යමින් පරාගනය සිදු කරන්නා වාගේ, කුඩා මුහුදු කවචයන් අතර ලිංගික සෛල ප්‍රවාහනය කරන බව සොයා ගෙන තිබේ. එය ඇල්ගී අතරේ සතුන් මුල් වී සිදු කරනු  ලබන “පරාගණය” පිළිබඳ මෙතෙක් දන්නා පළමු උදාහරණය බව පර්යේෂකයන් ජූලි 29 Science සඟරාවෙහි වාර්තා කර ඇත. රතු ඇල්ගී සහ කබොල යන දෙකොට්ඨාසයම  ගොඩබිම් ශාක වලට වඩා බොහෝ ඉපැරණි ජීවකණ්ඩායම් වලට අයත් වන අතර, වර්තමානයේ අප දන්නා ආකාරයේ පරගණයක් නොවුනත්, පරාගණයේ  යම් ස්වරූපයක්, ආකාරයක් මුලින්ම සාගරයේ  හට ගන්නට ඇති බව මෙන්ම,  සිතුවාට වඩා වසර මිලියන සිය ගණනකට පෙර පරාගණ ස්වරූපය පරිණාමය වීමට පටන්ගන්නට ඇතැයි යන හැකියාව මතු කරයි.

පරාගණය සාමාන්‍යයෙන් විස්තර කරන්නේ පුරුෂ ලිංගික සෛල — එනම් පරාග(pollen) — ස්ත්‍රී පුෂ්පයකට පවරෙන ආකාරයෙන් මාරු කිරීමයි. 2016 දී, පර්යේෂකයන් නිර්ණය කළේ සාගර අපෘෂ්ඨවංශීන් ගොඩබිම ශාක වලින් පැවත එන මුහුදු තෘණ මල් “පරාගණය” කරන බවයි. එහෙත් ඇල්ගී සම්බන්ධයෙන් ඒ හා සමාන කිසිවක් ලේඛනගත කර නොතිබුණි.

විද්‍යාගාරයේදී, පර්යේෂකයෝ  පුරුෂ සහ ස්ත්‍රී ඇල්ගී එමිනෙමට සෙන්ටිමීටර 15 ක් දුරින්, ජල චලනයකින් තොරව ටැංකිවල තැබූහ. සමහර ටැංකිවලට, ඉසොපොඩාවා කවචයන් වන සෙන්ටිමීටර්වලින් කිව හැකි දිගින් යුත් Idotea balthica ද දමන ලද අතර අනෙක් ඒවා එසේ දමන ලත්තේ නොවීය. ස්ත්‍රී රතු ඇල්ගී ශරීරය තුළ සාර්ථක සංසේචනයක් සිදු වූ විට, එය සිස්ටෝකාප(cystocarps) නම් බුබුලු ආකාර ව්‍යුහයක් නිර්මාණය කරයි. සිස්ටෝකාප(cystocarps) ගණනය කිරීමෙන්, කණ්ඩායම ස්ත්‍රී ඇල්ගී වෙත පූමණු කොපමණ ප්‍රමාණයක් ළඟා වේද, ඉඑවා සංසේචනය කරන්නේද යන්න ගණනය කළහ. අයිසොපොඩ ඇති විට, සංසේචන සාර්ථකත්වය ඔවුන් නොමැති විට මෙන් 20 ගුණයක් පමණ විය. කණ්ඩායම මීට පෙර පුරුෂ ඇල්ගීවලට නිරාවරණය වූ  අයිසොපොඩ සහිත ස්ත්‍රී ඇල්ගී සහ ටැංකි ද පිහිටුවා ඇත. සමහර ස්ත්‍රී ඇල්ගීවල පසුව සිස්ටෝකාප ඇති විය:  කවචයන්, ඇල්ගී වෘන්ත හෙවත් න‍ටු අතරේ  ලිංගික සෛල එහා මෙහා ගෙන යන බවට තවත් සාක්ෂිය මේ.

අන්වීක්ෂයකින් බලන විට, කවචයන් පූමණු වලින් වසී තිබුණේ පරාග වලින් වැසී ගිය බමර මැස්සන්ට සමාන විය. වර්තමානය ගත් විට,  පාසි වැනි සමහර ප්‍රාථමික ශාක සංසේචනය කරනු ලබන්නේ කුඩා ආත්‍රපෝඩාවන් විසිනි, එබැවින් සතුන් විසින් ගොඩබිමෙහි සසේචනය වසර මිලියන 470 කට පමණ පෙර ගොඩබිම් ශාකවල මූලාරම්භය ඇති වූ අවස්ථාව වෙත ආපසු යා හැකි ය. එහෙත්  රතු ඇල්ගී වසර මිලියන 800කට වඩා පැරණි විය හැකි අතර සංකීර්ණ සත්ව ජීවිතය වසර බිලියන භාගයකට වඩා පැරණිය.

වොෂිංටන් හි ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පැලියෝ ජීව විද්‍යාඥ කොන්රාඩ් ලැබන්ඩෙයිරා පවසන්නේ “ ඒ ආකාරයේ [පරාගණ] පද්ධතියක් රතු ඇල්ගී පැවති ප්‍රාකේම්බ්‍රියන් දක්වා දුරකට යා හැකි බවයි. පරාගණකයින් අයිසොපොඩයන් විය නොහැකි අතර මුල්ම් කාලීන  සන්ධිපාදිකයන් විය යුතුයි..

ජල චලනය තවමත් ඝ්. ග්‍රචිලිස් වලට ඒවායේ  පූමණු  පැතිරීමට උපකාර විය හැක. නමුත් ඇල්ගී වල සංසේචනයෙන් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ජලය සන්සුන් වන විට, වඩදිය බාදිය ඇති පාෂාණ තටාකවල බව Vඅලෙරො පවසයි. “එම තත්වයන් තුළ Iඩොටේ හි බලපෑම ඉතා වැදගත් විය හැකි බව අපි සිතමු.” ඔවුන්ගේ සේවයට හිලව් වශයෙන්, අයිසොපොඩ් පඳුරු සහිත ඇල්ගී වලින් නවාතැන් ලබා ගත හැකි අතර ඇල්ගී වලට ඇලී ඇති ආහාර සඳහා ප්‍රවේශ විය හැකිය. කණ්ඩායමට දැන් අවශ්‍යව ඇත්තේ අනෙකුත් රතු ඇල්ගී “පරාගකාරක” භාවිතා කරන්නේද සහ අනෙකුත් සතුන් ඇල්ගී ප්‍රජනනයට සම්බන්ධ වේද යන්න දැනගැනීමටය.

වොෂිංටන් හි ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පැලියෝ ජීව විද්‍යාඥ කොන්රාඩ් ලැබන්ඩෙයිරා පවසන්නේ “ ඒ ආකාරයේ [පරාගණ] පද්ධතියක් රතු ඇල්ගී පැවති ප්‍රාකේම්බ්‍රියන් දක්වා දුරකට යා හැකි බවයි. පරාගණකයින් අයිසොපොඩයන් විය නොහැකි අතර මුල්ම් කාලීන  සන්ධිපාදිකයන් විය යුතුයි..

ජල චලනය  G. gracilis වලට ඒවායේ  පූමණු  පැතිරීමට තවදුරටත් උපකාර විය හැක. නමුත් ඇල්ගී වල සංසේචනයෙන් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ජලය සන්සුන් වන විට, වඩදිය බාදිය ඇති පාෂාණ තටාකවල බව Valero පවසයි. “එම තත්වයන් තුළ Idotea balthica හි බලපෑම ඉතා වැදගත් විය හැකි බව අපි සිතමු.” ඔවුන්ගේ සේවයට හිලව් වශයෙන්,  අයිසොපොඩයන්ට  පඳුරු සහිත ඇල්ගී අතරේ නවාතැන් ලබා ගත හැකි අතර ඇල්ගී වලට ඇලී ඇති ආහාර වෙත ප්‍රවේශවන්නට ද පුළුවන් විය හැකිය. කණ්ඩායමට දැන් අවශ්‍යව ඇත්තේ අනෙකුත් රතු ඇල්ගී “පරාගකාරක” භාවිතා කරන්නේද? සහ අනෙකුත් සතුන් ඇල්ගී ප්‍රජනනයට සම්බන්ධ වේද? යන්න දැනගැනීමටය.

SCIENCE NEWS( August 27) හී පළ වී ඇති Tiny crustaceans ‘pollinate’ seaweed යන ලිපිය ඇසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.