ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැනිලා රසකාරක බවට පරිවර්තනය කෙරේ
ඔබ රසකරමින් කන වැනිලා අයිස්ක්‍රීම් එක අනාගතයේ දී ප්ලාස්ටික් බෝතල් වලින් සාඩනවා විය හැකියි.
අනාගතයේදී, ඔබේ වැනිලා අයිස්ක්‍රීම් ප්ලාස්ටික් බෝතල් සහ වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සාදා ගත හැකිවන්නට අවස්ථාව ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දැති. නව අධ්‍යයනයක් දක්වන අන්දමට ජානමය වශයෙන් සකස් කරන ලද බැක්ටීරියා යොදාගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැනිලා රසකාරක බවට පරිවර්තනය කිරීමේ ක්‍රමයක් විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ ඇත.


වැනිලා වල සුවඳ සහ රසය බොහෝ දුරට ගෙන එන සංයෝගය වන වැනිලින්(Vanillin) වැනිලා කරල් වලින් ස්වභාවිකව නිස්සාරණය කර හෝ කෘතිමව සාදා ගත හැකිය. The Guardian පුවත්පතට අනුව වැනිලින් වලින් 85%ක් පමණ දැනට නිපදවනු ලබන්නේ ෆොසිල ඉන්ධන වලින් ගන්නා රසායනික ද්‍රව්‍ය වලිනි.
විවිධාකාර ආහාර, රූපලාවන ද්‍රව්‍ය, ඖෂධ, පවිත්‍රණ ද්‍රව්‍ය සහ වල් නාශක නිෂ්පාදනවල වැනිලින් දක්නට ලැබෙන අතර ඉල්ලුම “ශීඝ්‍රයෙන් වර්ධනය වන” බව අධ්‍යයනයේ කතුවරු සඳහන් කරති. 2018 දී, වැනිලින් සඳහා ගෝලීය ඉල්ලුම ටොන් 40,800 (මෙට්‍රික් ටොන් 37,000) පමණ වූ අතර එය 2025 වන විට ටොන් 65,000 (මෙට්‍රික් ටොන් 59,000) දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජුනි 10 දින Green Chemistry සඟරවෙහි පළ වූ අධ්‍යයනයකින් දැක්වෙයි.
වැනිලින් සඳහා ඇති ඉල්ලුම, වැනිලා සැපයුම බොහෝ සේ ඉක්මවයි. විද්‍යාඥයින් කෘතිමව වැනිලින් නිෂ්පාදනය කිරීමට යොමු වී ඇත්තේ එබැවිනි. නව අධ්‍යයනය සඳහා, පර්යේෂකයන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැනිලින් බවට පරිවර්තනය කිරීමට නව ක්‍රමයක් භාවිතා කර ඇති අතර, මෙය වැනිලින් සැපයීම සහ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම යන දෙකටම මග පාදන්නක් ලෙස සෑලකිය හැකිය.

පෙර අධ්‍යයනවලින් පෙන්නුම් කළේ polyethylene terephthalateවලින් සාදන ලද ප්ලාස්ටික් බෝතල් එහි මූලික උප ඒකකය වන terephthalic acid ලෙස බිඳ හෙළන්නේ කෙසේද යන්නයි. එහෙත්, terephthalic අම්ලය වැනිලින් බවට පරිවර්තනය කිරීම පිණිස ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිදයාලයේ පර්යේෂකයන් දෙදෙනෙකු ජානමය වශයෙන් නිර්මාණය කර්රන ලද E. coli යොදා ගෙන ඇති බව නව අධයනයෙහි දැක්වේ. ටෙරෙෆ්තලික් අම්ලය සහ වැනලින් ඉතා සමාන රසායනික සංයුතියකින් යුක්ත වන අතර ඉන්ජිනේරුමය වශයෙන් වෙනස් කරන ලද බැක්ටීරියා වලට අවශ්‍ය වන්නේ එකම කාබන් ‘කොඳු නාරටිය’ වෙත බන්ධනය වී ඇති හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සංඛ්‍යාවේ සුළු වෙනස්කම් කිරීම පමණි.
ද ගාඩියන් පුවත්පත දක්වන අන්දමට පර්යේෂකයෝ ජානමය වශයෙන් නිර්මාණය කරන ලද බැක්ටීරියා ටෙරෙෆ්තලික් අම්ලය සමඟ මිශ්‍ර කර ෆැරන්හයිට් අංශක 98.6ක(සෙල්සියස් අංශක 37) එක් දිනක් තබා ගත්හ. පසුව පෙණී ගියේ, ටෙරෙෆ්තලික් අම්ලයෙන් 79% ක් පමණ වැනිලින් බවට පරිවර්තනය වී අති බවයි.

“ගෝලීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය අර්බුදය දැන් අපගේ ග්‍රහලෝකය මුහුණ දෙන වඩාත්ම දැවෙන පාරිසරික ගැටළු වලින් එකක් ලෙස පිළිගෙන ඇත,” කතුවරුන අධ්‍යයනයේ පැහැදිලිව සඳහන් කරති. ලොව පුරා සෑම විනාඩියකටම ප්ලාස්ටික් බෝතල් මිලියන 1 ක් පමණ අලෙවි වන අතර, ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ එයින් 14% ක් පමණක් බව ද ගාඩියන් පුවත්පත පවසයි. එසේ ප්රතිචක්රීකරණය කරන ලද ඒවායීන් සිදු කළ හැක්කේ හුදෙක් ඇඳුම් හෝ බුමුතුරුණු සෑදීමේ දී යොදා ගත හැකි තන්තු හෙවත් කෙඳි බවට පත් කිරීම පමනය.
“අප කරන කාර්යයන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ අවබෝධයට අභියෝග ඉදිරිපත් කෙරෙන කරන අතර ඒ වෙනුවට ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන සෑදිය හැකි නව කාබන් සම්පතක් ලෙස එය භාවිතා කිරීම පෙන්නුම් කරයි” යනුවෙන් එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්‍ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම අධයනයේ සම-කර්තෘ ස්ටීවන් වොලස්, ගාඩියන් පුවත්පතට පැවසීය.
දැන්, අධ්‍යයන කතුවරුන් බලාපොරොත්තු වන්නේ ටෙරෙෆ්තලික් අම්ලය දනටත් වඩා ප්‍රමානයකින් වැනිලින් බවට පරිවර්තනය කිරීමට හැකි වන පරිදි බැක්ටීරියාව සැකසීම තවදුරටත් වැඩිදියුණු කිරීමට ය.
Live Science හී පල වූ Scientists convert plastic waste into vanilla flavoring යන ලිපිය ඇසුරෙනි