‘දේශගුණ හානි වෙනුවෙන්  වන්දි සහ යුක්තිය’ පතා  ගෝලීය වශයෙන් විරෝධතා

Posted by

ගෝලීය උණුසුමෙන් සිදුවන හානිය සඳහා ධනවත් රටවල් වන්දිම් ගෙවිය යුතු යයි “අනාගතය වෙනුවෙන් වෙන්වන සිකුරාදා” (Fridays For Future) ව්‍යාපාරයේ අරගලකරුවෝ ලොවපුර ස්ථාන 450ක විරෝධතා පවත්වති.

දේශගුණික බිඳවැටීමෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් සඳහා වන්දි ගෙවීය යුතු යයි  ඉල්ලා සිටිමින් ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා තරුණ පිරිස් දහස් ගණනින්  ඒකාබද්ධ “ගෝලීය දේශගුණ වැඩ වර්ජනයක්” පවත්වා ඇත. නවසීලන්තයේ සහ ජපානයේ සිට ජර්මනිය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය දක්වා ක්‍රියාකාරීන් පාසල්, විශ්ව විද්‍යාල සහ රැකියාවලින්  එළියට පිටව ගියේ  ගෝලීය උණුසුම් වීමෙන් දුප්පතුන්ට සිදු වන හානිය සඳහා ධනවත් රටවල් වන්දි ගෙවන ලෙස ඉල්ලා සිටිමිනි.

“අනාගතය වෙනුවෙන් වෙන්වන සිකුරාදා”  ව්‍යාපාරයේ නවතම ක්‍රියාකාරකම් පවති දිනයේ දී, ලොව පුරා ස්ථාන 450 ක පමණ “දේශගුණික වන්දි සහ යුක්තිය සඳහා” වැඩ වර්ජන සැලසුම් කර තිබුණි.

විරෝධතා පැවැත්වෙන්නේ  Cop27 ඉහළ පෙළේ දේශගුණ සමුළුව පවත්වන්නට සති හයකට පෙරය. නිවාස, යටිතල පහසුකම් සහ ජීවනෝපායන් සම්බන්ධයෙන් සිදුවෙන දේශගුණය ආශ්‍රිත විනාශයන් සඳහා වන්දි ගෙවන ලෙස බලකිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල්  සැලසුම් කරයි.

මෑත මාසවලදී,  පකිස්ථානයේ විශාල ප්‍රදේශ යටකරගෙන ගලාගිය භයානක ගංවතුර, උතුරු අප්‍රිකාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව විනාශ කරමින් පැතිර ගිය ලැව්ගිනි මෙන්ම, බ්රිතාන්යයේ සහ ඉන්දියාවේ වාර්තාගත මට්ටමක තාප තරංග අපට ඇසන්නට ලබුණු දරුණු දේශගුන තත්තවයන්ගෙන් කිහිපයකි.

“අපි ලොව පුරා වැඩ වර්ජන සංවිධාන කරන්නේ දේශගුණ හානි වෙනුවෙන් යුක්තිය ඉ‍ටුකිරීමෙහි ලා බලයේ සිටින රජයන් තවමත් දරන්නේ ඉතා අල්ප වගකීමක් පමණක් බැවිනි” යනුවෙන් මේ සංවිධානයේ ජර්මානු  කාරක සභා කණ්ඩායමේ ප්‍රකාශකයෙකු වන Darya Sotoodeh පැවසීය.

ඉන්දියාවේ බැංගලුරු(කලින් බැංගලෝර්) දේශගුණික වැඩ වර්ජනයට 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

දැනට දේවල් සිදුවී ගෙන යන අන්දමට “දවසක,  මගේ නිවසත් ගංවතුරට ලක් වෙන්න පුළුවන්,” දකුණු කොරියාවේ සෝල් අගනුවර විරෝධතාවයේ යෙදී සිටි 200 දෙනෙකුගෙන් පමණ කෙනෙකු වන 15 හැවිරිදි ඵර්ක් Chae-yun කියා සිටියි, “මම ජීවත් වන්නේ අර්බුදකාරී හැඟීමකින්.  ඉතින් එම හැඟීම නිහඬව දරාගෙන පාසල් යනවාට වඩා මගේ ගැටළුකාරී හැඟීම්, වැළැක්වීමේ පියවර ගැනීම උදෙසා රජයට  ඉදිරිපත් කිරීම වඩා වැදගත් යැයි මම සිතමි.”

තරුණ පිරිස්වල විරෝධතාවයේ විශාලතම වැඩ වර්ජනය පැවතියේ බර්ලින් අගනුවර දීය. දේශගුණික අර්බුදය විසඳීම සඳහා යුරෝ බිලියන 100 ක අරමුදලක් පිහිටුවීමට එරට ආන්ඩුවෙන් ඉල්ලා සිටි රැලියකට  20,000ක් පමණ සහභාඝී වන්නයි ජර්මානු අගනුවර පොලිසිය ඇස්තමේන්තු කරයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගනුවර වන කිංෂාසා වෙත ඇස්වූ තරුණ ක්‍රියාකාරීන් 400ක් පමණ හඬ නඟා සිටියේ “අප්‍රිකාව වෙනුවෙන් ක්‍රියාකාරී වෙන්න, අපේ ග්‍රහලෝකය ආරක්ෂා කරන්න” යනුවෙනි.  ඔවුහු “දේශගුණික යුක්තිය ඉ‍ටුකරණු” සහ “දේශගුණික අනතුර ගැන හදිසි ආයාචනයක්” යනුවෙන් සඳහන් කාඩ්බෝඩ් පුවරු රැගෙන කාර්යබහුල මංසන්ධියක ගමන් කළහ.

රෝමයේදී, කොලොස්සියම් අසලින් අවසන් වූ පාගමනක් සඳහා තරුණයින් 5,000 ක් පැමිණ සිටියහ. ඉන් එක් අයෙකු දරා සිටි සටන පුවරුවක  සටහන් වූයේ මෙලෙසය: “දේශගුණය වෙනස් වෙමින් පවතී. ඇයි අපි (වෙනස් වෙන්නේ) නැත්තේ?”

දේශගුණය ආශ්‍රිත ව්‍යසනයන් හේතුවෙන්  ඇතිවන “අලාභ හා හානි” පිළිබඳ ගැටලුව විසඳනු වස් අරමුදල් සැපයීම සඳහා මෙතෙක් පියවර ගෙන ඇති එකම ධනවත් රට ඩෙන්මාර්කයයි. මේ සතියේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී නිවේදනය කරමින් අර්බූදය විසඳීමට DKK 100m (£ 12m) ලබා දෙන බව ඩෙන්මාර්කය නිවේදනය කළේය.

ගැටළුව විසඳීමට අරමුදල් සැපයීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට අරගල කරුවන් අතර වෙනස් මත ද පළවෙයි:

Fridays For Future වෙබ් අඩවියේ ප්‍රකාශයක් මෙසේ පවසයි: “දේශගුණික අර්බුදයට හේතු වී ඇති සෑම පීඩාකාරී පද්ධතියකම මූලික වගකීම දරන්නේ  යටත් විජිතවාදීන් සහ ධනපතියන් වන අතර, දේශගුණික වන්දි ගෙවීමේ මෙවලම භාවිතා කරමින් යටත් විජිතවාදය ඉවත් කිරීම හොඳම ආකාරයේ දේශගුණික ක්‍රියාමාර්ගයකි.”

Greta Thunber

Fridays For Future තරුණ ව්‍යාපාරය 2018 දී ආරම්භ වූ අතර, එය අනුප්‍රාණය ලැබුවේ Greta Thunber ස්වීඩන් පාර්ලිමේන්තුවෙන් පිටත හුදකලාව පටන් ගත් සිය විරෝධතාවලින් යයි සැලකේ. එය 2019 නොවැම්බරයේ උච්චම ස්ථානයකට ළඟා වූයේ එක් සිකුරාදා දිනයක ලොව පුරා ක්‍රියාකාරකම් 4,500 කට මිලියන 4 ක ජනතාවක් සහභාගී වූ අවස්ථාවේ දීය..

දේශගුණය හේතුවෙන් සිදුවන අලාභය සහ හානිය පියවීමට අනතුරට පාත්‍ර රටවල් ගෝලීය බද්දක් ඉල්ලා සිටියි

ෆොසිල ඉන්ධන විශාල වශයෙන් භාවිතා කරන්නන් සහ වැඩියෙන් ගුවන් ගමන් යෙදෙන්නන් සඳහා ‘දේශගුණය සම්බන්ධ සහ යුක්තිය පදනම් කරගත්’ බද්දක් අයකිරීම ගැන සලකා බලන ලෙස ලෝකයේ දුප්පත් රටවල් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි.

ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල්, දේශගුණික අර්බුදයෙන් ඔවුන් අත්විඳින්නා වූ ආපසු හැරවිය නොහැකි පාඩු සඳහා හදිසි මූල්‍ය ආධාර සලසන මෙන්  ධනවත්ම ආර්ථිකයන් සහිත රටවල්වලින් දැඩිව ඉල්ලා සිටීමට සූදානම්වෙන්නේ යයි ප්‍රසිද්ධියට පැමින ඇති රහස්‍ය ලේඛනයක දැක්වේ.

ආන්තික කාලගුණය දැනටමත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇති අතර තවත් ව්යසනයක් ඇති වන බවටයි පුරෝකථනය කරඇත්තේ.  දේශගුණික බිඳවැටීමේ වඩාත්ම ආන්තික බලපෑම්වලින් පෙළෙන ඒ කිව් ආකාරයේ රටවල් මුහුණ පාන අලාභය සහ හානිය වෙනුවෙන් එකී දුප්පත් ජාතීන්ට උදව් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය,  දේශගුණ සාකච්ඡා හා සංවාද වල වඩාත්ම මතභේදාත්මක ගැටළු වලින් එකකි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීම පිණිස සංවර්ධනය වෙමින් පවතින ලෝකයට සිදුවන අලාභය සහ හානි සඳහා අරමුදල් ගෙවීමේ මාර්ගයක් ලෙස, දුප්පත් රටවල් “දේශගුණය හා යුක්තිය මත පදනම් වූ” ගෝලීය බද්දක් ඉල්ලා සිටීමට අදාල ලේඛනයක් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් සමහරක්  මගින්සූදානම් කර තිබුණි.

ගෝලීය කාබන් බද්දක්, ගුවන් ගමන්සඳහා බද්දක්, නැව් සඳහා භාවිත කරන අධික ලෙස දූෂණය සහ කාබන් තීව්‍ර ‘බංකර්’ ඉන්ධන මත බද්දක්, පොසිල ඉන්ධන නිස්සාරණයට බදු එකතු කිරීම හෝ මූල්‍ය ගනුදෙනු සඳහා බද්දක් මගින් අරමුදල් රැස් කළ හැකියයි අදහස් කෙරේ.

සාකච්ඡාව සඳහ සකසන ලද පත්‍රිකාවේ මේ එක් එක් වාසි සහ අවාසි මෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පෞද්ගලික අංශය වැනි ලෝකයේ සංවර්ධන බැංකු හරහා ධනවත් රටවලින් අරමුදල් රැස් කිරීමේ විකල්ප ද සටහන් කර තිබේ.

The Guardian පුවත් පතෙහි Thousands call for ‘climate reparations and justice’ in global protests සහ Vulnerable countries demand global tax to pay for climate-led loss and damage යන ලිපි දෙක ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.