නිරාහාරව සිටීමෙන් බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිද?

Posted by

නිරාහාරව සිටීමෙන් බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිද?

ඔබ අන්තර්ජාලයේ බොහෝ කාල වේලාවක්ගත කරන්නේ නම්, අන්තර්ජාලයේ  තැන තැන පුන පුනා කියැවෙන  උණක් මෙන් සැමතැන පැතිරෙන ප්‍රකට කාර්ණාවක් ඇස ගැසිලා තිබෙන්නට පුළුවන: එනම්, ඔබේ ශරීර සෞඛ්‍යයට උපවාසය(fasting ඕනෑ කමෙන් නිරාහාරව ගත කිරීම) කෙතරම් වැඩදායක දැයි කියැවෙනවා ඔබ දැක ඇති. ඒ වගේම ඒකේ අනික් පත්තැත්: නිරාහාරව සිටීමේ අහිතකර බලපෑම ගැනත් ඔබට දැක බලා ගන්න පුළුවන් වෙන්න අති.

කඩින් කඩ නිරාහාරව සිටීම ප්‍රචලිත කිරීමට මෙම මාර්ගගත සාක්ෂි උපකාරී වී ඇතුවා සේම ඒවා බොහෝ විට සාමාන්‍ය බුද්ධියට ගැලපෙන තාර්කික කාරණා දෙකක් දක්වයි: ඉන් පළමුවැන්න තමයි, ආහාර හිඟ පරිසරවල මිනිසා පරිණාමය වූ බව සහ එම හේතුව නිසාවෙන් ආහාර ගන්නට ලැබුණේ වරින් වර සොයා ගැනීමට හැකි වූ විටක බව; ආදී මානවයන් පිළිබඳ අවබෝධය සහ මෑතක දත්ත අපට දක්වන්නේ අන්න ගවේශක-දඩකරූ(hunter-gatherer) සමාජවල මානවයා වරින්වර ආහාර හිඟයන්ට මුහුන පෑ පරිසරයන් තුළ බවයි. ඒ කියන්නේ.

දෙවැන්න මේකයි: සාපේක්ෂව මෑතක ඇබ්බැහියක් බවට පත්ව ඇති දවස පුරා ආහාර ගැනීම අපේ බඩවැල්(අන්තක) සහ පරිවෘත්තීය(intestinal and metabolic) සෞඛ්‍යයට බෙහෙවින් අහිතකරය යන්නයි.

නිරාහාරව සිටීමේ ගුණ අගුණ ගැන සොයා බැලෙන පර්යේෂණවල මහා නැම්මක් පසුගිය දශකය තුල පැහැදිලිව දැක ගත හැකිවිය.  (Google Scholarට අනුව, පසුගිය වසර පහ තුළ පමණක් නිරාහාරව සිටීම පරීක්ෂාවට ලක් කරන හෝ ඒ ගැන සඳහන්  කරනලද හෝ ලිපි 150,000 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වේ.)  කඩින් කඩ නිරාහාරව සිටීම සහ බර අඩු කර ගැනීම මෙන්ම අනෙකුත් ප්‍රතිලාභ අතර සම්බන්ධතා මතු කර ගැනීමට මෙකී පළකිරීම් උපකාරී වී ඇතත්,  නිරාහාරව සිටීමෙන් රෝගී අන්ත්‍රයක් සුවකිරීමට හැකිව්න දින වකාවානුවක් (හෝ එහෙම හැකියවක් ඇද්දම යන්න වුව) ගැන පැහැදිලි අදහසක් ඇති කර ගත නොහැක. “[නිරාහාරය] පරිවෘත්තීය සෞඛ්‍යය පවත්වා ගැනීමට හෝ පරිවෘත්තීය සෞඛ්‍යය නැවත ස්ථාපිත කිරීමට විචක්ෂණශීලී ක්‍රමයක් ලෙස පෙනෙන නමුත් එය ප්‍රාතිහාර්්‍යයක් බඳු සුවයක් නොවේ.”

inflammatory bowel diseas

කෙසේ වෙතත්, IBD(යන්නෙන් කෙටියෙන් දැක්වෙන inflammatory bowel disease ) යන රෝග තත්ත්වය සහිත පුද්ගලයින් අතර, රාමසාන් උපවාසය පිළිබඳ අධ්‍යයනයන් මගින් දැක්වෙන්නේ උපවාසකාලයේ ආහාර ගැනීමෙන් වැළකීසිටීම පුද්ගලයෙකුගේ බඩවැල් රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරිය හැකි බව සොයාගෙන ඇත.

නිරාහාරව ගත කිරීමේ සැලසුම් බඩවැල් ආශ්‍රිත ආබාධ සඳහා ‘කෝකටත් තෛලයක්’ ලෙස  හුවා දැක්වීමට තවම ඉක්මන් වැඩි නමුත්, ප්‍රවීණයන් පවසන්නේ මෙම ප්‍රවේශයන්, අනාගත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මතුවිය හැකි බවට බලාපොරොත්තු වීමට හේතු සාධක දැනටත් ඇති බවයි. ඔබ ආහාර ගැනීම අත්හි‍ටුවා  ඔබේ ශරීරයට විවේකයක් ලබා දෙන විට සමහර රැඩිකල් සහ සමහර විට රැඩිකල් ලෙස ප්‍රයෝජනවත්වන දේවල් පවා සිදු වන බව පැහැදිලිය.

මේ සම්බන්දයෙන් පැවසන්නේ නිරාහාර පාලන ක්‍රම මගින් “බඩවැල්වලට විවේකයක්” ලබා දිය හැකි අතර එය,බඩවැල ක්ෂුද්‍ර ජීවීන් විවිධත්වය, බඩවැල බාධක ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය ඇතුළු අර්ථවත් සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ලබා ගැනීමට මග පෑදිය හැකි බවයි.

මෑත අධ්‍යයන මාලාවක් සඳහා, නෙදර්ලන්තය සහ චීනය පාදක කරගත් පර්යේෂකයන් කණ්ඩායමක් රාමදාන් විලාසිතාවේ කඩින් කඩ නිරාහාරව සිටීම බඩවැල ජෛව දර්ශය හෙවත් බියෝමය එනම්, මිනිස් ආමාශ ආන්ත්රයිකයේ වාසය කරන බිලියන ගණනක් බැක්ටීරියා වලට කෙරෙන බලපෑම් පරීක්ෂා කළහ.

( ප්‍රකාශිත පර්යේෂණ වලදී බොහෝ අවස්ථාවල දී රාමදාන් උපවාසය ඉස්මතුවන්නේ එය විශේෂඥයින්ට පැය 12 හෝ 16 ක උපවාසවල ප්‍රතිවිපාක ප්‍රායෝගිකව පරීක්ෂා කිරීමට සැබෑ ලෝකයේ අවස්ථාවක් සලසන බැවිනි. එය,  කඩින් කඩ කෙරෙන උපවාස සඳහා බොහෝ ජනප්‍රිය කාල සීමාවන්ය.) “ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වූයේ කඩින් කඩ නිරාහාරව සිටීම ශරීරයට කරන්නේ කුමක් දැයි  දැන ගැනීමටයි” යනුවෙන් වෛද්‍ය මයිකල් පෙප්පලෙන්බොෂ්(Maikel Peppelenbosch) පවසයි. ඔහු  පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර නෙදර්ලන්තයේ Erasmus විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ආමාශ ආන්ත්‍ර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි.  “සාමාන්‍යයෙන්, කඩින් කඩ නිරාහාරව සිටීමෙන් ක්ෂුද්‍ර ජෛව දර්ශය ඉතා පැහැදිලිව වෙනස් වන බව අප දැක ඇති අතර, ඉන් සමහර වෙනස්කම් ප්‍රයෝජනවත් ලෙස අපි දකිමු.  රාමසාන් උපවාසය පමණක් නොව සාමාන්‍යයෙන් පොදුවේ නිරාහාරව ගත කිරීම දෙස බැලුවහොත්, ඇතැම් බැක්ටීරියා වර්ග වැඩිවෙමින් පවතින බව පෙනී යනු ඇත”.

නිදසුනක් වශයෙන්, ඔහු පවසන්නේ කඩින් කඩ නිරාහාරව සිටීම Lachnospiraceae නම් බැක්ටීරියා පවුලක බඩවැලේ ගහනය වැඩි කරන බවයි. “ඔවුන්ට බඩවැලේ සෑදෙන ‘සෙවල’ වලින් ජීවත් විය හැක, එබැවින් ඔවුන්ට නිරාහාරව සිටින විට අනෙකුත් බැක්ටීරියා අභිබවා යා හැකිවෙ.”  බියුටේට් නම් කෙටි දාම මේද අම්ලය ළච්නොස්පිරචේඑ විසින් නිපදවනු ලබන  අතර එය බඩවැල් සෞඛ්‍යයට ඉතා වැදගත් බව පෙනේ. කඩින් කඩ නිරාහාරව සිටීම මගින් දැවිල්ල නැතිනම් ප්‍රදාහය(inflammation) අඩු කළ හැකි අතර ආමාශ ආන්ත්රයිකයේ බිත්ති සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒඉමට  ද උපකාරී වේ.  එම වෙනස්කම්, ප්‍රතිකාරක හෙවත් සුව සාදන ප්‍රධාන පෙලේ වාසි ගෙන ආ හැකිය.

Lachnospiraceae යනු පර්යේෂණ මගින් උපවාස සැලසුම්වලට සම්බන්ධ කර දක්වන්නාවූ,  ප්‍රයෝජනවත් බැක්ටීරියා වර්ග කිහිපයෙන් එකක් පමණි. Peppelenbosch පවසන ලෙසට,  බඩවැල් ආබාධ සහිත පුද්ගලයින්ගේ බඩවැල් , මේ ආකාර සෞඛ්‍ය ගැටළු නොමැති පුද්ගලයින්ගේ බඩවැල් ප්‍රතිචාර දක්වන ආකාරයටම නිරාහාරව සිටීමට ප්‍රතිචාර දක්වන බවක් නොපෙනේ. “ඉතින් අපි දැන් ඇත්තටම උත්සාහ කරන්නේ එහි(බඩවැල්වල) සිදුවන්නේ කුමක්ද යන්න සොයා ගැනීමටයි.”

පර්යේෂකයන් විසින් කඩින් කඩ නිරාහාරව සිටීම හා සම්බන්ධ කර දක්වනු ලැබ ඇති එකම ප්‍රතිලාභ සෞඛ්‍ය සම්පන්න ක්ෂුද්‍ර ජෛවදර්ශය තුළ ඇති කරනු ලබන හිතකාමී වෙනස්කම් පමණක්ම නොවේ. නිරාහාරය,  ආහාර වේල් අතර බඩවැල් පිරිසිදු කර පිරිසිදු කිරීම සහතික කරයි. එසේ කෙරෙන්නේ  මිනිත්තු 90 migrating motor complex(සංක්‍රමණ චාලක සංකීර්ණය) හෙවත් නැවත නැවත ඇතිවන පුනරාවර්තන චක්‍ර හරහාය.  නිරාහාරව සිටීම ඒ ආකාර පුනරාවර්තන චක්‍ර නිතර නිතර වීමට ඉඩ සලසයි. migrating motor complex(සංක්‍රමණ චාලක සංකීර්ණය) යන්නෙන් අදහස් කරන්නේ බඩවැලේ ඇති බැක්ටීරියා ඇතුළු බඩවැල්වල අන්තර්ගතය මහා බඩවැලේ පහළට පිසදා දමන ප්‍රබල හැකිලීම් වල පුනරාවර්තන චක්‍රයි. “බඩවැලේ පහළට ගලා යන්නේ මෙම මිනිත්තු 90ක පුනරාවර්තන සංකෝචන තරංගයි”, යනුවෙන් ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඝූඩ්මන් ළුස්කින් ක්ෂුද්‍ර ජෛවදර්ශ මධ්‍යස්ථානයේ වෛද්‍ය මහාචාර්ය සහ එහි ආරම්භක අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය Emeran Mayer පවසයි. (මෙම සංක්‍රමණ චාලක සංකීර්ණ ක්‍රියා කරන්නේ කොයි ආකාරයෙන් ද කීවොත හරියට ‍රැළියකට පසු පිට්ටනියක් අතුගා පිරිසුදු කරනු ලැබීම වාගේය.). Mayer කියා සිටින්නේ (මෝටර් සංකීර්ණය වැඩ කිරීමට සෑම දිනකම පැය 12 සිට 14 දක්වා අවශ්‍ය නමුත් බොහෝ දුරට) සම්පූර්ණ ආහාර ගැනීමේ කාල සටහනකට අනුගත විය හැකි බවයි.  කෙසේවෙතත්, නැවතත් කිව යුතුව ඇත්තේ මේ ආකාරයේ ආහාර කාල සටහනට බඩවැල් හානිය ඉවත් කළ හැකිද නැතහොත් පවතින අක්‍රියතාවයට ප්‍රතිකාර කළ හැකිද යන්න පැහැදිලි නැත.

ඈතිවිය හැකි තවත් ප්‍රතිලාභ

උපවාසයේ තවත් ප්‍රතිලාභයක් ලෙස “ස්වයංභක්ෂිතාව” නම් ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය පෙන්වාදිය හැකිවේ. ස්වයංභක්ෂිතාවනම්  ක්‍රියාවලිය අතරතුර, වියපත් හෝ හානි වූ සෛල මිය යන අතර ශරීරයෙන් ඉවත් කරනු ලැබේ. “ආහාර වේල ගන්නා වේලාව වෙනස් කිරීමෙන්, මෙය ඇත්ත වශයෙන්ම ක්ෂුද්‍ර ජීවදැශයේ ක්‍රියාකාරිත්වය වෙනස් කරනු ඇති අතර, එය සෞඛ්‍යයට පහළට හෙළන බලපෑම් ඇති කළ හැකිය” යනුවෙන් ඊශ්‍රාලයේ, වයිස්මාන් විද්‍යා ආයතනයේ සත්කාරක-ක්ෂුද්‍ර ජීවී අන්තර්ක්‍රියා පර්යේෂණ කණ්ඩායමේ(Host-Microbiome Interaction Research Group) ප්‍රධාන විමර්ශක ආචාර්ය Eran Elinav පවසයි.

2016 Cell සඟරාවේ පළ වූ විශාල බලාපෑමක් එල්ල කිරීමට සමත් වූ පත්‍රිකාවක් ඇතුළුව එලිනාව්ගේ සමහර කෘතීන් පෙන්වා දී ඇත්තේ අන්ත්‍ර ක්ෂුද්‍ර-ජෛවදර්ශය හෙවත් බියෝමය  පුද්ගලයෙකුගේ ආහාර වට්ටෝරුවෙහි බලපෑම අනුව දිවා-රාත්‍රී විපර්යාසටන්ට භාජනය වන අතර එය පුද්ගලයෙකුගේ  පරිවෘත්තජය() නිෂ්පාදනය, ජාන ප්‍රකාශනය සහ වෙනත් බඩවැල් සෞඛ්යයේ වැදගත් අංග වල  රටා වෙනස් කිරීමට හේතු වන බවයි. කෙසේවෙතත්, මෙම අවස්ථාවේදී, බඩවැල් ආශ්‍රිත ආබාධ හෝ පරිවෘත්තීය රෝග ඇති පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා කඩින් කඩ නිරාහාරව සිටීම කෙසේ භාවිතා කළ හැකිද යන්න පැහැදිලි නැත.

“IBD වැනි රෝග තත්ත්වයක් සඳහා, ඔබ ප්‍රදාහ ඇවිස්සීමක් අතරතුර කරන දේ සහ ඊළඟ ප්‍රදාහදැවිල්ල වැළැක්වීම සඳහා ඔබ කරන දේ අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වේ,” යයි මේයර් පෙන්වා දෙයි. මේ සම්බන්දයෙන් රාමසාන් සමරන පුද්ගලයින් පිළිබඳ පර්යේෂණවලින් පෙනී යන්නේ, අවම වශයෙන් ප්‍රදාහ ඇවිස්සීමකදී, නිරාහාරව සිටීම පුද්ගලයෙකුගේ IBD රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරවීමට හැකි බවයි. නිරාහාරව සිටීම දිගුකාලීන, වශයෙන් යම් ආකාරයකින් යහපත් තත්ත්වයකට තුඩු දිය හැකිද යන්න සොයා බැලීම, පිළිතුරු සැපයීමට ඇති  බොහෝ ප්රශ්නවලින් එකක් පමණි.

නොදන්නා බොහෝ දේ ඉතිරිව තිබියදී වුව, විශේෂඥයන් පවසන්නේ නිරාහාරව සිටීම සම්බන්ධයෙන් පොදු ප්රවේශයන් බොහෝ මිනිසුන්ට ආරක්ෂිත බව පෙණී යයි. රුධිර ග්ලූකෝස් ඖෂධ ලබා නොගන්නේ නම්, Type 2 දියවැඩියාව වැනි පරිවෘත්තීය රෝග ඇති පුද්ගලයින්  අතර පවා,  මෙම උපවාසය ආරක්ෂිත බව පර්යේෂණවලින් පෙනී යන්නේය.

එලෙස ප්‍රකාශ කළේ වී නමුත්, බඩවැලේ ගැටළු සඳහා ප්‍රතිකාරයක් ලෙස කඩින් කඩ නිරාහාරව සිටීම ගැන ඇති පර්යේෂණාත්මක වෑයම තවමත් ප්‍රමාණවත් නැත්. එසේම, දින කිහිපයක් එක දිගට කැලරි නොමැතිවසිටීම සම්බන්ධ සැලසුම් වැනි වඩාත් ආන්තික උපවාස ක්‍රම පිළිබඳ පර්යේෂණ ඉතා අල්පය.

Time හී පලව ඇති How Fasting Can—and Can’t—Improve Gut Health යන ලිපිය ඇසුරෙනි (මුල් ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියවන්න)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.