අපේ මේ පෘථිවියේ කුහුඹුවන් කොපමණ නම් ජීවත් වෙනවා ද කියලා කියල ඔබ නිකමටවත් හිතල බලලා තියනවාද? සමහරවිට එසේ කල්පනා කරල නැතිවෙන්නත් පුළුවන්. ඒවුණාට ඒක පර්යේෂකයන් වශයෙන් අප, අපගෙන්ම අහගත්ත ප්‍රශ්නයක්. ඉතින් ප්ර්රශ්නය අහලා නිකන් ඉන්නේ නැතුව ඒ ගැන පර්යේෂණ කරල අපට දළ පිළිතුරක් සපයා ගන්න පුළුවන් වුණා: සැප්තැම්බර 19 දා ප්‍රකාශයට පත් කල එම පර්යේෂණ වාර්තාවේ ඒ ගැන සඳහන් වෙන අතර, මේ ලිපියෙන් ඒ පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ගෙන එමු.
අපගේ ග්‍රහලෝකයේ කුහුඹුවන් quadrillion 20ක් පමණ සිටින බව අපි මධ්‍යස්ථව ගණනය කර තක්සේරු කළෙමු. එය මිලියන 20,000 ක් හෝ සංඛ්‍යාත්මක ස්වරූපයෙන් කියනවා නම් 20,000,000,000,000,000 (20 න් පසුබින්දු15) වේ.

අපි තවදුරටත් ඇස්තමේන්තු කරන්නේ ලෝකයේ කුහුඹුවන් එකට එක්ව ගත් විට වියළි කාබන් මෙට්‍රික් ටොන් මිලියන 12 ක් පමණ වෙන බවයි. මෙය ලෝකයේ කැලෑ පක්ෂීන් සියල්ල සහ වල් ක්ෂීරපායීන් සියල්ලගේ ස්කන්ධය ඉක්මවා යන්නකි. එය මිහිතලය මත වසන මිනිසුන් සියළුදෙනාගේ මුළු බරෙන් පහෙන් එකකට පමණ සමාන වේ.
කීර්තිමත් ජීව විද්‍යාඥ එඩ්වඩ් ඕ. විල්සන් වරක් පැවසුවේ කෘමීන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් යනු “ලෝකය මෙහෙයවනු ලබන කුඩා කුඩා ස්ථිති” බවයි. ඇත්තටම, ඔහු කීවා නිවැරදියි. කුහුඹුවන්, විශේෂයෙන්ම් ස්වභාවධර්මයේ තීරණාත්මක කොටසක්ය. කුහුඹුවන් විසින් ඉටුකරනු ලබන අනෙකුත් භූමිකාවන් අතරට, පස වාතනය කිරීම, බීජ විසුරුවා හැරීම, කාබනික ද්රව්ය බිඳ දැමීම, අනෙකුත් සතුන් සඳහා වාසස්ථාන නිර්මාණය කිරීම අයත් වන අතර ඔවුහු ආහාර දාමය තුළ වැදගත් කාර්යභාරයක් උසුලති
සිත් කනස්සල්ලට පත්කරවන පාරිසරික විපට්යාසයන් මධ්‍යයේ කුහුඹු ගහනය නිරීක්ෂණය කිරීමේ දී කුහුඹුවන් සංඛ්‍යාව සහ ස්කන්ධය ඇස්තමේන්තු කිරීම වැදගත් පදනමක් සපයයි.

බොහෝ කුහුඹු විශේෂ, ප්‍රධන පෙළේ බීජ විසුරුවන්නන් වේ. ශ්‍රමික Meranoplus කුහුඹුවන් දෙදෙනෙක් බීජයක් තම කැදැල්ලට රැගෙන යන් ආකාරය මෙහි දැක්වේ.
ලොව කුහුඹුවන් ගණනය කිරීම
නම් කළ කුහුඹු විශේෂ සහ උප විශේෂ 15,700 කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව ඇති අතර තවත් බොහෝ විශේෂයන් විද්‍යාවෙන් නම් කරනු ලැබ නොමැත. කුහුඹුවන් සතු ඉහළ මට්ටමේ සමාජ සංවිධාන ශක්තිය, ඔවුන්ට ලොව පුරා ඇති සියලුම පරිසර පද්ධති සහ ප්‍රදේශ පාහේ ජනපදකරණය කිරීමට හැකියාව සපයා දී තිබේ.
කුහුඹුවන්ගේ මේ විස්මිත සර්වව්‍යාප්තී ස්වභාවය, පෘථිවිය මත ඔවුන්ගේ නිශ්චිත සංඛ්යාව කල්පනා කොට බලන්නට බොහෝ ස්වභාව විද්‍යාඥයින්ව පොළඹවා ඇත. එහෙත්, එවැනි ‘ගණනයකිරීම්” ඇත්තටම හුදෙක් මූලික වශයෙන් දැනුවත් අනුමානයන් පමණක් විය. ක්‍රමානුකූල, සාක්ෂි මත පදනම් වූ පූර්න ඇස්තමේන්තු පැවතියේ නැති තරමි.
අපගේ පර්යේෂණයට ලොව පුරා සිටින සෙසු කුහුඹු විද්‍යාඥයින් විසින් සිදු කරන ලද කුහුඹු ගහන පිළිබඳ අධ්‍යයන 489 ක විශ්ලේෂණයක් ඇතුළත් විය. මෙයට ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන්, රුසියානු, මැන්ඩරින් සහ පෘතුගීසි වැනි ඉංග්‍රීසි නොවන භාෂාවලින් රචිත ලේඛන ඇතුළත් විය.
මෙම පර්යේෂණය, සියලුම මහාද්වීප සහ වනාන්තර, කාන්තාර, තෘණ බිම් සහ නගර ඇතුළු ප්‍රධාන වාසස්ථාන පුරා විහිදේ. කුහුඹුවන් එකතු කිරීම සහ ගණන් කිරීම සඳහා පර්යේෂකයෝ බොරුවලවල් උගුල් සහ පත්‍ර කසළ සාම්පල වැනි ප්‍රමිතිගත ක්‍රම භාවිතා කළහ, මේ අනුව ඔබට සිතාගත හැකි පරිදි, මෙම් කටයුත්ත බොහෝ විට වෙහෙසකර කාර්යයකි.

පර්යේෂකයෙක් බිම් මතුපිට හරහා බඩගා යන කුහුඹුවන් එකතු කිරීම සඳහා සම්මත ක්‍රමයක් වන බොරුවල උගුලක්ස්ථාපනය කරයි.
මේ සියල්ල ආශ්‍රයෙන්, අප ඇස්තමේන්තු කරන්නේ පෘථිවියේ කුහුඹුවන් quadrillion 20 ක් පමණ සිටින බවයි. මෙම අගය, මඪ්ද්‍යස්ථව ගණනය කළ එකක් වුවද, පෙර සිදු කර තිබූ ඇස්තමේන්තු වලට වඩා දෙගුණයකින් සිට 20 ගුණයකින් අතර වැඩි වීමකි.
ලෝක ඇස්තමේන්තුගත කෘමි ජනගහණයෙන් 1%ක් පමණ කුහුඹුවන්ගෙන් සමන්විත යැයි උපකල්පනය කිරීමෙන් කලින් සිදු කෙරුණු සංඛ්‍යාලේඛන “ඉහළ සිට පහළට”(“top-down” ) ප්‍රවේශයක් භාවිතා කළේය. ඊට ප්රතිවිරුද්ධව, අපගේ “පහළ සිටඉහළට” ප්‍රවශයේ ඇස්තමේන්තුව වඩාත් විශ්වාසදායක වන්නේ එය ක්ෂේත්රයේ සෘජුවම නිරීක්ෂණය කරන ලද කුහුඹුවන් පිළිබඳ දත්ත භාවිතා කරන අතර උපකල්පන අවමයෙන් සිදු කරන නිසයි.
අපගේ ඊළඟ පියවර වූයේ මෙම කුහුඹුවන් සියල්ලගේ බර කොපමණ දැයි සොයා බැලීමයි. ජීවීන්ගේ ස්කන්ධය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ ඒවායේ(ජීවීන්ගේ) කාබන් සංයුතිය අනුව ය. සාමාන්‍ය ප්‍රමාණයේ කුහුඹුවන් quadrillion 20 ක් කාබන් ටොන් මිලියන 12 ක වියළි බරකට හෝ “ජෛව ස්කන්ධයකට” අනුරූප වන බව අපි ඇස්තමේන්තු කළෙමු. මෙය වල් පක්ෂීන්ගේ සහ ක්ෂීරපායීන්ගේ ඒකාබද්ධ ජෛව ස්කන්ධයට වඩා වැඩිය; එමෙන්ම, මිහිපිට මුළු මිනිස් ජෛව ස්කන්ධයෙන් 20% ක් පමණ වේ. ඇත්තටම කාබන් වලින් සමන්විත වන්නේ කුහුඹුවෙකුගේ වියළි බරෙන් අඩක් පමණය. අනෙකුත් ශරීර මූලද්‍රව්‍යවල බර ද ඇතුළත් කළේ නම්, ලෝකයේ කුහුඹුවන්ගේ මුළු ස්කන්ධය තවත් වැඩි වනු ඇත.
කුහුඹුවන් පෘථිවි පෘෂ්ඨය මත අසමාන ලෙස ව්‍යාප්ත වී ඇති බව ද අපට පෙනී ගියේය. පැතිරීම, ඒ ඒ වාසස්ථාන අතර හය ගුණයකින් වෙනස් වන අතර සාමාන්‍යයෙන් නිවර්තන කලාපවල ව්‍යාප්තිය උච්ච වේ. යහපත් කුහුඹු ගහනයක් පවත්වාගෙන යාමේදී නිවර්තන කලාපවල වැදගත්කම මෙයින් අවධාරනය වෙයි.
කුහුඹුවන් විශේෂයෙන්ම වනාන්තරවල බහුලව සිටි අතර, පුදුමයට කරුණක් වූයේ ශුෂ්ක කලාපවල ද එලෙස වීම ය. එනමුත් මිනිසුන් විසින් සාදන ලද වාසස්ථානවල පැතිරීම අඩු වශයෙන් දක්නට ලැබේ.
අපගේ සොයාගැනීම්, විරුද්ධවාවක කිහිපයක් ද සහිතයි. උදාහරණයක් ලෙස, අපගේ දත්ත කට්ටලයේ නියැදි ස්ථාන භූගෝලීය කලාප හරහා අසමාන ලෙස බෙදී ගොස් ඇත. සාම්පල වලින් අතිමහත් බහුතරයක් බිම් ස්ථරයෙන් එකතු කර ඇත, එනම් ගස්වල කුහුඹුවන් සංඛ්‍යා ගැන අපට ඇත්තේ ඉතා අල්ප තොරතුරු ය. මෙයින් අදහස් කරන්නේ අපගේ සොයාගැනීම් තරමක් අසම්පූර්ණ බවයි.

කුහුඹුවන් පෘථිවි පෘෂ්ඨය මත අසමාන ලෙස පැතිරී ඇති බව නව පර්යේෂණයකින් සොයාගෙන ඇත.
අපි හැමෝටම කුහුඹුවන් අවශ්‍යයි
කුහුඹුවෝ මිනිසුන්වන අපට අත්‍යවශ්‍ය “පරිසර පද්ධති සේවා” සපයති. උදාහරණයක් ලෙස, මෑත අධ්යයනයක් මගින් සොයාගනු ලැබ ඇත්තේ, ආහාර නිෂ්පාදනය කිරීම පිණිස ගොවීන්ට උපකාර කිරීමේදී පළිබෝධනාශකවලට වඩා කුහුඹුවන් වඩාත් ඵලදායී වන බවයි.
කුහුඹුවන් වෙනත් ජීවීන් සමඟ දැඩි අන්තර්ක්‍රියා ද වර්ධනය කරගෙන ඇත – සමහර විශේෂවලට කුහුඹුවන් නොමැතිව පැවතිය නොහැක. නිදසුනක් වශයෙන්, සමහර පක්ෂීන් හට, ඔවුන්ගේ ඔවුන්ගේ ගොදුර (සැඟව සිටින තැනින්) ‘ඉවතට ගැනීමට’ කුහුඹුවන්ගේ සහාය අවශයවේ.. ශාක විශේෂ දහස් ගණනක් එක්කෝ කුහුඹුවන්ට පෝෂණය හෝ ආරක්ෂා සපයන්නේ සිය ආරක්ෂාව සලසාගැනීමෙ අභුලාෂයෙන් හෝ සිය(ශාකයෙහි) බීජ විසුරුවා හැරීමට හිලව් වශයෙනි. තවද බොහෝ කුහුඹුවන් විලෝපිකයන් වන අතර, ඒ අනුවඅනෙකුත් කෘමී ගහන පාලනය කිරීමට උපකාරී වේ.

දම් පාට Rhytidoponera කුහුඹුවෙක් සිය ගොදුර හකු අතරේ තබාගෙන රැගෙන ගෙන යයි. බොහෝ කුහුඹුවෝ වෙනත් කෘමීන්ගේ ගහන පාලනය කිරීමට උපකාර වන විලෝපිකයන් ලෙස සේවය කරති.
ගෝලීය කෘමීන් සංඛ්යාව භයානක ලෙස පහත වැටෙමින් පවතී: ඒ, වාසස්ථාන විනාශ වී යාම සහ ඛණ්ඩනය වීම(කඩ කඩ වීම), රසායනික භාවිතය, ආක්‍රමණශීලී විශේෂ සහ දේශගුණික විපර්යාස වැනි තර්ජන හේතුවෙනි. එසේ වුවද, කෘමි ජෛව විවිධත්වය පිළිබඳ දත්ත සිත් මවිතකරවන සුලු අන්දමට හිඟය. මෙම හිඩැස පිරවීම සඳහා වැඩිදුර පර්යේෂණ වෙනුවෙන් මූලික පදනමක් අපගේ අධ්‍යයනය මගින් සපයනු ලබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
කුහුඹුවන්ගේ ගහනය නිරීක්ෂණය කිරීම මනුෂ්‍යයන්ගේ යහපත පිණිසමවේ. කුහුඹුවන් ගණන් කිරීම, (අපහසු යයි කෙනෙකුට හිතෙන්නට පුළුවන් නමුත්) අපහසු නැත; තවද, විශාල පාරිසරික විපර්යාසයක් ඇතිවෙමි තිබෙන අවස්ථාවක මෙම වැදගත් සතුන් කල දවස ගතකර්න්නේ කරන්නේ කෙසේදැයි සොයා බැලීමට, ලොව පුරා සිටින පුරවැසි විද්‍යාඥයින්ට(citizen scientists) උපකාර කළ හැකිය.
Authors:
Mark Wong Forrest Fellow, The University of Western Australia
Benoit Guénard Associate professor, University of Hong Kong
François Brassard hD candidate, Charles Darwin University
Patrick Schultheiss Temporary Principal Investigator, Julius Maximilian University of Würzburg
Runxi Wang PhD candidate, University of Hong Kong
Sabine Nooten Temporary Principal Investigator, Julius Maximilian University of Würzburg
Earth harbours 20,000,000,000,000,000 ants – and they weigh more than wild birds and mammals combined යන මැයෙන් 2022 සැප්තැම්බර් 19 දා The Conversation හී පලවූ ලිපිය ඇසුරෙනි.