බොහෝ නිවෙස්වල ඇති හානිකර විය හැකි රසායනික ද්‍රව්‍ය අවදානම අඩුකිරීමේ විශාල ඉදිරි පියවරක් PFASවල ජලයට ඔරොත්තු දෙන ගුණාංග නිසා ඒවා රූපලාවන්‍ය සහ ඖෂධ නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන නමුත් ඒවා විෂ සහිතය. “සදා පවතින රසායන” යනුවෙන් දැක්වෙන මෙම PFAS විනාශ කිරීමේ අඩු වියදම් නව ක්‍රමයක් රසායන් විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ ඇතැයි නව පර්යේෂණ පෙන්වා දෙයි.
බොහෝ නිවෙස්වල ඇති හානිකර විය හැකි රසායනික ද්‍රව්‍ය අවදානම අඩුකිරීමේ විශාල ඉදිරි පියවරක්


PFAS ලෙස හඳුන්වන ද්‍රව්‍යවලට යම් යම් මට්ටම්වලදී නිරාවරණය වීම පිළිකාව සහ උපත් දෝෂ ඇතුළු බරපතල සෞඛ්‍ය අවදානම්වලට සම්බන්ධ බව විද්‍යාඥයෝ දක්වති.
ජලය, තෙල් සහ පැල්ලම් වලට ඒවායේ ඇති ප්රතිරෝධය නිසා PFAS ඉතා ප්රයෝජනවත් වේ. PFAS තාච්චිවල සිට වේශ නිරූපණ මෙවලම් දක්වා එදිනෙදා වස්තු සිය ගණනක භාවිතා වේ. එනමුත් ඒවා විනාශ කිරීමට එතරම් අපහසු කරවන්නේ ද මෙකී ගුණාගයි.
PFAS යන්නෙන් polyfluoroalkyl සහ perfluoroalkyl ද්‍රව්‍ය වේ. මෙකී ෆ්ලෝරීන් මත පදනම් වූ සංයෝග 4,500 ක් පමණ ඇති අතර ඒවා පෘථිවියේ සෑම වාසස්ථානයකම පාහේ ආහාර ඇසුරුම්, නොඇලෙන පිසින උපකරණ, වැසි ආම්පන්න, ඇලවුම් ද්‍රව්‍ය(ආසක්තිකාරක), කඩදාසි සහ තීන්ත ඇතුළුව නිෂ්පාදනවල දක්නට ලැබේ. ඒවා වැසි ජලයේ අඩු මට්ටම්වලින් ඇතැයි ද හඳුනාගෙන ලැබ ඇත. එහෙත් ඒවා ජලය හෝ පසට ඉහළ මට්ටමකින් ඇතුල් වුවහොත් එය බරපතල කාරණාවක්ක් බවට පත් විය හැකිය. PFAS විවිධ මට්ටමින් නිරාවරණයවීම් විවිධ සෞඛ්‍ය බලපෑම්වලට තුඩු දිය හැකි ආකාරය තීරණය කිරීම සඳහා පර්යේෂණ දිගටම පවතී
“නිරාවරණය සහ මිනිස් සිරුරේ සෑම ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතියකම අහිතකර ප්‍රතිඵල අතර සම්බන්ධයක් පවතී” යැයි හාවඩ් විශ්ව විද්‍යාලයේ පාරිසරික රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය එල්සි සන්ඩර්ලන්ඩ් බීබීසී පුවත් සේවයට පවසයි.
පුළුස්සා දැමීමෙන් විනාශ කිරීම වැනි PFAS විනාශ කිරීමට තිබෙන පවතින ක්‍රම එතරම් සාර්ථක වී නැත – ඒවා ඉතා මිල අධික විය හැකිය, නැතහොත් ප්‍රාදේශික අපවිත්‍රනය නතිනම් දූෂණය සමඟ සම්බන්ධ වී ඇත.
කෙසේවෙතත්, අඩු උෂ්ණත්වය සහ ලාභ නිෂ්පාදන භාවිතා කරමින් එක්සත් ජනපදයේ, නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් PFAS විනාශ කරනු ලැබීමෙන් ‘සිදුකළ නොහැකි දේ සිදු කර ඇතැ’ යි දැක්වේ
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු නොවන මහාචාර්ය සන්ඩර්ලන්ඩ් පවසන පරිදි, ඉහළ මට්ටමේ (PFAS) අපවිත්‍රනයෙන් පෙළෙන ප්‍රජාවන්ට සහාය වීමේ දී මෙය ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.
ඓතිහාසික වශයෙන් ගත් කළ PFAS විනාශ කිරීම එතරම් අපහසු වීමට හේතුව ඒවායේ බොහෝ කාබන් සහ ෆ්ලෝරීන් බන්ධන අඩංගු වීමයි — මේවා කාබනික රසායනයේ ශක්තිමත්ම බන්ධන වේ. එහෙත් මෙම බන්ධනවලට ද්‍රව විකර්ෂණය කළ හැකි නිසා (මේ හැකියාව සඳහා ඉංග්‍රීසි බසින් යෙදෙන ‘omni-phobic ‘ යන්නෙන් ‘සර්ව භීතිය’ වැන්නක් හැඟවෙතත්, එය සැබවින්ම යෙදෙන්නේ ඕනෑම ද්‍රවයක් විකර්ෂණය කරන විශේෂ පෘෂ්ඨ් වර්ගයකටයි), ඒවා ඖෂධ සහ ආහාර කර්මාන්ත සඳහා ඉතා ප්‍රයෝජනවත් වෙයි.
ඉතින් වැදගත් සොයා ගැනීමක් සළකුණු කරමින්, බ්‍රිටනි ට්‍රැන්ග්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් පොදු රසායන ද්‍රව්‍යයක් භාවිතා කරමින් PFAS බිඳ දැමීමේ නව යාන්ත්‍රණයක් හඳුනාගෙන ඇත – සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සබන් හෝ වේදනා නාශක වැනි ගෙදර් දොරේ භාවිතයට ගැනෙන නිෂ්පාදන සෑදීමට භාවිතා කරනු ලැබේ.
පර්යේෂකයින් ඉලක්ක කළේ කාබන්-ෆ්ලෝරීන් බන්ධනවල දිගු වලිගයේ කෙළවරේ පිහිටා ඇති දුර්වල ආරෝපිත ඔක්සිජන් පරමාණු සමූහයකි. මෙම ක්‍රියාවලිය, “වලිගයෙන් ප්‍රධාන කණ්ඩායමෙහි හිස ගසා දැමීමට” ඵලදායී ලෙස සමත් වූ අතර ඒ අනුව ඉන් PFAS බිඳ වැටීමට පටන් ගත්තේ හානිකර නිෂ්පාදන පමණක් ඉතිරි කරමිනි.
ට්‍රාන්ග් පවසන්නේ අපගේ විසඳුම “කෙතරම් සරල වුවත් මෙතෙක් හඳුනා ගත නොහුණි නිසා” මෙ ලැබූ ප්‍රතිඵල ‘ප්‍රබෝධජනක’ බවයි.
“මෙය අඩු මිල ක්‍රමයක්ක් නම් මෙය විශාල ඉදිරි ගමනකට මග පාදන්නක් විය හැකිය” යි රසායනික ප්‍රතිපත්ති ප්‍රධානියා සහ රසායන විද්‍යාව පිළිබඳ රාජකීය සංගමයේ සාමාජිකයෙකු වන කැමිලා ඇලෙක්සැන්ඩර්-වයිට් බීබීසී පුවත් සේවයට පවසයි.

ගෙදරදොරේ ද්‍රව්‍ය සිය ගණනක PFAS ඇත
වැඩිදුර පර්යේෂණ සිදුකිරීමත් සමගම PFAS පානීය ජලයෙන් පෙරා හැරීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයින් කණ්ඩායම බලාපොරොත්තු වන අතර දූෂක විනාශ කිරීම සඳහා මෙම නව ක්‍රමය යෙදිය හැකිය.
කෙසේ වෙතත්, PFAS හි ඉහළ සාන්ද්‍රණයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම විසඳුමේ එක් කොටසක් පමණි. PFAS නිෂ්පාදනය අඛණ්ඩව සිදුවෙද්දී එය ඉතා පහසුවෙන් ස්වභාවිකව බිඳ දැමිය නොහැකි බැවින් මත්ස්‍යයන් සහ අනෙකුත් වනජීවීන් තුළ අඩු මට්ටමකින් හෝ ගොඩනැගීමට පුළුවන.
ආචාර්ය ඇලෙක්සැන්ඩර්-වයිට් කියා සිටින්නේ PFAS යොදා ගත යුත්තේ සමාජයට අත්‍යවශ්‍ය නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා පමණක්ය, එය ද ඒ සඳහා වෙන්ත් විකල්පයක් නොමැති විට පමණක් බවයි.
මෙම නව ක්‍රමය, වඩාත් කැපී පෙනෙන PFAS වර්ග 10 සඳහා යොදන ලද නමුත් එක්සත් ජනපද පරිසර ආරක්ෂණ නියෝජිතායතනය විසින් ඒවා12,000කට වඩා හඳුනාගනු ලැබ ඇත.
වයඹදිග රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන්ම පර්යේෂණ වාර්තාවේ සම-කර්තෘවරයෙකු වන විලියම් ඩිච්ටෙල් තවදුරටත් බලාපොරොත්තු තබා ගෙන සිටියි: “එකම දුර්වලකම් නොමැති වෙනත් වර්ග ඇති නමුත් සෑම වර්ගයකටම ඒවාට ආවේණික දුර්වලතා ඇත.”
පර්යේෂණ වාර්තාව Science සඟරාවේ පළ කර ඇත
BBC News(Climate and Science) හී පළ වූ Chemists have identified how to destroy “forever chemicals” in a low-cost way for the first time, new research says ලිපිය ඇසුරෙනි