උල්කාෂ්මවල(meteorites) එකලාව පවතින දුර්ලභ දියමන්ති ස්වරූපයක්හඳුනා ගැනේ

Posted by

උල්කාෂ්මවල(meteorites) එකලාව පවතින දුර්ලභ දියමන්ති ස්වරූපයක්

අභ්‍යවකාශයෙන් එන දියමන්ති: මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ඇන්ඩි ටොම්කින්ස් (වමේ) RMIT විශ්ව විද්‍යාලයේ ඇලන් සලෙක් සහ යූරිලයිට් උල්කාෂ්ම සාම්පලයක්.

දුර්ලභ උල්කාෂ්මපාත වර්ගයක,  සාමාන්‍ය දියමන්ති වලින් වෙන්ව  lonsdaleite නම් දියමන්ති විශේෂයක් හුදුකලාවපැවතිය හැකි බව ඔස්ට්‍රේලියාවේ පර්යේෂකයන්  විසින් සොයාගනු ලැබ ඇත. මොනෑෂ් විශවවිද්‍යාලයේ Andy Tomkins නායකත්වය දරන කණ්ඩායම සොයා ගැනීම සිදු කළේ ඉපැරණි උල්කාෂ්ම තුළ ඇති දියමන්තිවල  මෙම දෘඩ ස්වරූපය හඳුනා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතයෙනි. මෙම කණ්ඩායමට RMIT විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ද ඇතුළත් වන අතර ඔවුන්ගේ ප්‍රතිඵල මගින් මෙම දියමන්ති ස්වභාවිකව ඇති වන ආකාරය මෙන්ම කාර්මික යෙදුම් සඳහා පවා නිර්මාණශීලීව යොදා ගත හැකි ආකාරය පිළිබඳ ප්‍රබල සාක්ෂි සපයයි.

Ureilites යනු  සෞරග්‍රහ මණ්ඩලයේ  අභ්‍යන්තරයේ කලක් පැවති පැරණි වාමන ග්‍රහලෝකයක ප්‍රාවරණයෙන් හට ගත්තාවූ වූ දුර්ලභ උල්කාෂ්මෂ්ම වර්ගයකි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ග්‍රහලෝකය නිර්මාණය වූ විගසම වාගේ දැවැන්ත ග්‍රහකයක් කඩා වැටීමෙන් විනාශ වූ බවයි. Ureilites උල්කාෂ්මෂ්මවල දියමන්ති විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර lonsdaleite නම් දියමන්ති ආකාරයක් ද එහි අඩංගු වන බව කලක සිට දැන සිටි කරුණකි. එය සාමාන්‍ය දියමන්ති වලට වඩා දෘඩ විය හැක.

පෘථිවියේ ස්වර්ණාභරණ සහ කාර්මික මෙවලම්වල ඇති දියමන්ති ඝන දැලිස් වර්ගයක පෙළ ගස්වා  ඇති කාබන් පරමාණු වලින් සමන්විත වේ. කෙසේ වෙතත්, lonsdaleite හි, කාබන් පරමාණු ෂඩාස්රාකාර දැලිස් වර්ගයක පෙළ ගස්වා ඇත. lonsdaleite නම් මෙම ද්රව්යය, Kathleen Lonsdale නම් බ්රිතාන්ය ස්ඵටික විද්යාඥවරියගේ නමින් නම් කර ඇත. Kathleen Lonsdale  රාජකීය සංගමයේ සාමාජිකාවක් ලෙස තේරී පත් වූ පළමු කාන්තාව වූ අතර ස්ඵටික අධ්‍යයනය සඳහා X-කිරණ භාවිතයේ දී පුරෝගාමිව ක්‍රියා කළා වූ විද්යාඥවරියකි.

විවික්ත නැතිනම් ප්‍රභින්න ද්‍රව්‍ය

lonsdaleite අධික පීඩනයකදී සංස්ලේෂණය කළ හැකි වුවද, පර්යේෂකයන් කල්පනා කර ට්තිබුණේ එය(lonsdaleite) ස්වභාවධර්මයේ පැවතිය හැක්කේ සාමාන්‍ය දියමන්තිවල දෝෂයක් ලෙස මිස ස්වාධීන ද්‍රව්‍යයක් ලෙස එකලාව නොවන බවයි. මෙම සිද්ධාන්තය පරීක්ෂා කිරීම සඳහා, ටොම්කින්ස්ගේ කණ්ඩායම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතයෙන් යූරිලයිට් සාම්පලවල ස්ඵටික ව්‍යුහයන් විශ්ලේෂණය කළේය. ඔවුන්ගේ අරමුණ වූයේ ඒවායේ අඩංගු lonsdaleite, දියමන්ති සහ මිනිරන්වල සාපේක්ෂ ව්‍යාප්තිය සිතියම්ගතකර සටහන් සකස්කිරීමයි. ලොන්ස්ඩේලයිට් ස්ඵටික ඇත්ත වශයෙන්ම  සාමාන්‍යයෙන් — (මයික්‍රෝන ප්‍රමාණයේ ධාන්‍ය ස්වරූපයෙන්, දියමන්ති සහ මිනිරන් නහර සමඟ සම්බන්ධ වී) — විවික්ත ද්‍රව්‍යයක් ලෙස පැවතිය හැකි බව ප්‍රථම වතාවට, ඔවුන්ගේ ප්‍රතිඵල පෙන්නුම් කළේය.

දියමන්ති වලට වඩා දෘඩ ද?

යූරිලයිට් වල මෙම විවිධ කාබන් අවධීන් තුන සෑදුනේ කෙසේද යන්න සඳහා පළමු ප්‍රබල සාක්ෂි කණ්ඩායමේ නිරීක්ෂණ මගින් සැපයේ. ඔවුන්ගේ ප්‍රතිඵල මත පදනම්ව, ටොම්කින්ස් සහ සගයන් යෝජනා කරන්නේ යූරිලයිට් සාදන වාමන ග්‍රහලෝකයේ විනාශයෙන් පසු ද්‍රව්‍ය වේගයෙන් සිසිල් වී අවපීඩනය වීම නිසා රළු ස්ඵටිකරූපී මිනිරන් වලින් ලොන්ස්ඩේලයිට් සෑදී ඇති බවයි.

මෙම ප්‍රතික්‍රියාවට හැකීයාව ලැබුණේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර්වල විවිධ සංයෝග අඩංගු, (විවිධ ද්‍රව සහ වායු අවධීන් නොපවතින) සුපිරි අවධි තරලයක්(supercritical fluid)  තිබීමෙනි. මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙද්ද්දී, මෙම ලොන්ස්ඩලේටෙ බොහෝමයක් දියමන්ති බවටත්, පසුව මිනිරන් බවටත් පරිවර්තනය වනු ඇති බවයි පර්යේෂකයන් අදහස් කරන්නේ.

ටොම්කින්ස් කණ්ඩායම, මෙම ක්‍රියාවලිය සහ කාර්මික රසායනික වාෂ්ප අවසාධනය වීම අතර සමාන්තර ද දක්වයි – රසායනික වාෂ්ප අවසාධනය වීමේදී වාෂ්පීකරණය වූ පූර්වග(precursors), ඝන උපස්ථරවල පෘෂ්ඨ මත ප්‍රතික්‍රියා කර තුනී ඝන පටල නිපදවයි. විද්‍යාගාරය තුළ මෙම ක්‍රියාවලිය අනුකරණය කිරීමෙන්, ඔවුන්ගේ අන්තර්ඥානය මගින් lonsdaleite නිෂ්පාදනය පිණිස වන නව තාක්ෂණික ක්‍රම සඳහා මග පෑදිය හැකි බව ඔවුන්ගේ බලාපොරොත්තුවයි – පවතින දැඩිම ද්‍රව්‍ය අවශ්‍ය වන කාර්මික යෙදුම්වල දී සාමාන්‍ය දියමන්ති වෙනුවට lonsdaleite ප්‍රතිස්ථාපනය කළ හැකිය.

Proceedings of the National Academy of Sciences හී මෙම පර්යේෂණය ගැන විස්තරාත්මකව දැක්වේ

Physics World(04 Oct 2022) හී පළවී ඇති Rare form of diamond exists independently in meteorites යන ලිපිය ඇසුරෙනි  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.