සතුන්ට වලිග ඇත්තේ ඇයි?

Posted by

සතුන්ට වලිග ඇත්තේ ඇයි?

බල්ලෝ සන්නිවේදනය සඳහා ඔවුන්ගේ වලිගය භාවිතා කරති.  වෙනත් සතුන්ට එලෙසම විවිධ අයුරින් සිය වලිග උපකාරීවේ.

වසර මිලියන සිය ගණනක් පෙර ජීවත්වූ, වලිග සහිත සතුන්ගේ පොසිල විද්යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. ඒ අවධියේ නැතිනම්  එදා සිටි මුල් කාලයේ මත්ස්‍යයෝ විලෝපිකයන්ගෙන් බේරී පලායාම පිණිස, අවානක් බඳු ඔවුන්ගේ වලිග සාගරය හරහා පිහිනා යන්නට වරල් මෙන්  භාවිත කළහ.

මෙම මසුන් ගොඩබිම ජීවත් වූ ජීවීන් බවට පරිණාමය වෙද්දී  ඔවුන්ගේ වලිගය ද වෙනස් වීමට පටන් ගත්තේය. ඔවුන් උරගයින්, කෘමීන්, පක්ෂීන් හෝ ක්ෂීරපායින් වශයෙන් කුමණ අර්ගයකට අයත් වුවද, ඔවුන්ගේ වලිග විවිධ අරමුණු ඉ‍ටු කර ගැනීම සඳහා ප්ර්යෝජනවත්වෙයි. නූතන සත්තු, සමබරතාවය ‍රැකගැනීමෙන් පටන්ගෙන සන්නිවේදනය සහ සහකරුවන් සොයා ගැනීම දක්වා සෑම දෙයක් සඳහාම ඔවුන්ගේ වලිගය භාවිතා කරති.

සමතුලිතතාවය සහ චලන සහය

විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මාංශ භක්ෂක ද්විපාදික ඩයිනසෝරයකු වන ටිරැනසෝරයා(Tyrannosaurus rex) ඇතුළු ඩයිනෝසෝරයන් පාද දෙකෙන් ඇවිදින විට ඔවුන්ගේ බර අධික හිස් සහ සිරුරු සමතුලිත කිරීම පිණිස  ඔවුන්ගේ වලිග පැත්තෙන් පැත්තට පද්දන්නට ඇති බවයි.  මෙම චලනය ඔවුන්ගේ ගොදුර අල්ලා ගැනීමට තරම් වේගයකින් දුව යාමට  කිරීමට ඔවුන්ට හැකියාව ලබ දෙන්නට ඇත. ඒ හා සමානව, වර්තමානයේ කැන්ගරුවෝ විවෘත භූමිය හරහා පනින විට සමබරතාවය සඳහා ඔවුන්ගේ වලිගය භාවිතා කරති. එහෙත් ඔවුන් එය හුදෙක් ඔවුන්ගේ බර  ප්‍රතිතෝලනය සඳහා  භාවිතා කරන්නේ නැත.  කැන්ගරුවාගේ වලිගය ප්‍රබල තෙවැනි පාදයක් ලෙසද ක්‍රියා කරන අතර එය, ඔවුන් අවකාශය හරහා වේගයෙන් ඉදිරියට පැනීමට උපකාරී වේ.

දිගු රිටක් නැතිනම් දණ්ඩක් හරහට අල්ලාගෙන සිටින තද කඹයක්  දිගේ පුද්ගලයෙකු සමබරතාව ‍රැක ගනිමින් ගමන් කරන සර්කස් ක්‍රීඩාව ඔබ සමහර විට දැක ඇතුවාට සැක නැත. එලෙසම, බළලුන් සහ උඩ නගින අනෙකුත් සතුන්ට  බොහෝ විට ලොම් අධික් හෝ දිගු වලිග ඇත්තේ, ඔවුන්ට සියසමබරතාව ‍රැකගැනීම පිණිස උදව් කරන්නටයි. වනාන්තරයේ ගස් අතුපතර හරහා පැද්දෙමින් ගමන් කරමින් සිටියදී සමබර බව පවත්වා ගෙන යාම සඳහා වඳුරෝ ඔවුන්ගේ දිගු භාවිතා කරති. ඉන් බොහෝ දෙනෙකුට ගස් අතු අල්ලා ගැනීමට ඉඩ සලසන  ප්‍රාග් ග්‍රහණීය(prehensile) හෝ අල්ලාගැනීම සඳහා වූ අත් මෙන් ක්‍රියා කරන වලිග ඇත.

එමෙන්ම  මෙම වලිග කොතරම් ශක්තිමත්ද යත් සතා(වඳුරා) පළතුරු සහ කොළ පත්‍ර කන අතරතුරම නොවැටී අල්ලාගෙන සිටින්නට ඔවුන්ගේ වලිග උපකාරීවේ. පළතුරු සහ කොළ Tyrannosaurus රෙක්ස් හට ඇවිදීමේදී සමබර ‍රැකගැනීම සඳහා තම  වලිගය එහෙ මෙහෙ පැද්දීමට හැකි විය.

ආරක්ෂක යාන්ත්රණයක්

තවත් සමහර සතුන්ගේ වලිග ආයුධ ලෙසට භාවිත කළ හැකි පරිදි පරිණාමයවී ඇති බවක් ද පෙණී යයි. උදාහරණයක් ලෙස, මරු මඩුවන්(stingrays) සතුව සුවිශේෂී  ‘පහරදෙන’  වලිගයක් තිබේ. විලෝපිකයෙකු ඔවුන්ට පහර දෙන විට ඔවුන්ට ආරක්ෂාවක් සලසා ගැනීම පිණිස මෙම වලිගය යොදා ගත හැකිවේ.

දරුණු විෂ සහිත ‘ඝෝෂ සර්පයා’ ලෙස නම් ලත් සර්පයන්ගේ වලිගයේ වියළි සමින් සෑදුණු බොත්තම් වැනි පිහිටීමක් ඇති අතර ඒවා(එම බොත්තම්) සොලවන විට හඬක් නැගේ.  මෙම සර්පයාට තර්ජනයක් විය හැකි ඕනෑම සතෙකුට ඉන් සැපයෙන පණිවුඩය නැතිනම් අනතුරු  හැඟවීම තමයි ඝෝෂ සර්පයා පහර දීමට සූදානම් බව.

stingrays

බොහෝ කෘමීන්ට ද වලිග ඇත, එසේ වුවත්, ඔවුහු මාළු සහ ක්ෂීරපායින් වැනි කොඳු ඇටය සහිත අනෙකුත් සතුන්ගෙන් වෙන්ව පරිණාමය වූහ. වලිග සහිත බොහෝ කෘමීහු බිත්තර දැමීමට නැතහොත් ධාරකයයෙකුට හෝ ගොදුරකටට දෂ්ට කොට සහ පණ නැති කිරීමට තම වලිග භාවිතා කරති. බඹරුන්, දබෘන් වැනි සමහර සතුන් සතු වලිගයට මේ දෙකම කළ හැකිය: සමහර පරපෝෂිත බඹරුන් ධාරකයෙකු තුළ බිත්තර දමන්නට උපයෝගී කරගන්නේ වලිගයයි.

උතුරු ඇමරිකානු බයිසන් කුළුවර්ගය මෙන්ම  අප්‍රිකාවේ wildebeest(දකුණු අප්‍රිකාවේ ගව වර්ගයක්) සහ ජිරාෆ් වැනි තෘණ උලාකන සතුන් සතුව, දිගු කෙස්  සහිත වලිග ඇත.  ඔවුන්ට කරදර කරන්නට හැකි මදුරුවන් සහ අනෙකුත් කෘමීන් පලවා හැරීමට එම වලිග උපකාරීවේ. නිවෙස් ආශ්‍රිත ගවයන් සහ අශ්වයන්ට ද  ඒ ආකාරයේ වලිග ඇත.

ඝෝෂ සර්පයන හට ආරක්ෂක අරමුණු සඳහා පරිණාමය වූ වලිග තිබේ.

සන්නිවේදනය සඳහා ආධාරකයක්

 ගසක වාඩිවී සිටින විට සමබරව සිටීමටත්, පියාසර කරන විට ගමන හසුරුවීමට සහ රෝධය අඩුකිරීමටත් පක්ෂීහු තම පිහාටු සහිත වලිගය උපයෝගී කර ගනිති. සමහර පක්ෂීහු තම වලිගය සංසර්ග  සංදර්ශනයක් ලෙසද භාවිතා කරති.

මෙම දෘෂ්‍යමය සංදර්ශනය වඩාත් කැපී පෙනෙන්නේ වැනි කළුකුම් සහ මොනර වැනු විශේෂ අතරෙයි.  පිරිමි කළුකුම් සහ පිරිමි මොනරු විසින් ස්ත්‍රී සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන්ගේ වර්ණවත් වලිග පිහාටු දිගහරිනු ලබති.

වෘකයන් වැනි කණ්ඩායම් වශයෙන් හෝ රංචු ලෙස ජීවත් වන සහ දඩයම් කරන සතුන්,  කණ්ඩායම හෝ රංචුව තුළ ඔවුන්ගේ තරාතිරම දැක්වීම පිණිස සිය වලිග පිහිටීම් විවිධ අන්දමින් යොදා ගනිති. වෘකයන්ගෙන් පැවත එන සුනඛයෝද සන්නිවේදනය සඳහා ඔවුන්ගේ වලිගය යොදා ගනිති: ඔවුන් කලබල වූ විට වලිගය වනනවා ඔබ අනන්තවත් දැක ඇති.

ඔබටත් මටත් ‘එහෙම එකක්’ නැත්තේ ඇයි?

වඳුරන්ට වගේ දිගට එල්ලෙන වලිගයක්වත් මොනරුන්ට වගේ පිහාටු වලිගයක්වත් මිනිස්සුන්ට නොතිබුණත් අපේ මුතුන් මිත්තන්ට නම් වලිග තිබුණ බව අප කවුරුත් දන්නා කරුනක්. මානව අපගේ මුතුන් මිත්තන්ගෙන් වලීගය අතුරුදන් වූයේ  මීට වසර මිලියන 20 කට පමණ පෙරබවයි, විද්‍යාඥයන් විශ්වාස කර්න්නේ. ඔවුන් දෙපයින් කෙළින් ඇවිදීමට පටන් ගත් පසු සමබරතාව පවත්වාගෙන යාමට උපකාර පිණිස තවදුරටත් වලිග අවශ්‍ය නොවුනු තැන, වලිගය හැලෙන්න ඇති.

Curious Kids(The Conversation) හී පළවී ඇති  Why do animals have tails? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.