සිත මිස කය නැති ලොවක්

Posted by

සිත මිස කය නැති ලොවක්

අපගේ මනස පරිගණකයට උඩුගත කිරීම(upload) අනාගතයේ සිදු විය හැක්කක් වන්නට පුළුවන. එහෙත්, අපගේ සත්ව මූලයන් සමඟ සබඳතා අත් හැර දැමීම සදාචාරාත්මක ප්‍රශ්න මතු කරයි, ඒ සඳහා විද්‍යාඥයන් සතුව තවමත් පිළිතුරු නොමැත.

මනස හටගන්නේ ශරීරයේ ප්‍රතිඵලයෙන්. එහෙම නමුත් එම සම්බන්ධය යම් ආකාරයක සමථයකට ලක් විය හැකියි. “මම මගේ සුෂුම්නාව බෙල්ලෙන් වෙන් කළහොත් මගේ සිරුරෙන් වැඩි ප්‍රමාණයකින් මට කිසිදු ආදානයන් ලැබෙන්නේ නැත” යයි පවසන්නේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකු වන මයිකල් ග්‍රාසියානෝය, “නමුත් (හිස නැතුවත්) මම තවමත් පුද්ගලයෙක්, මට තවමත් අත්දැකීම් විඳිනවා, මට තවමත් හිතන්න පුළුවන්.”

අපට මනස, ශරීරයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කළ හැකි නම්?

බොහෝ අය දැන් විශ්වාස කරන්නේ වැඩි කලක් නොගොසින්ම, බාගදා දශක කිහිපයක් ඇතුළත අපගේ මනස  පරිගණකයට පවරනු ඇතැයි යනුවෙනි.  “එය කළ හැකි දෙයක් පමණක් නොව නොවැළැක්විය හැකි දෙයක් බව මම කියමි” ග්‍රාසියානෝ කියා සිටියි.

උඩුගත කිරීමක්(upload) ලෙස ගත් කල ජීවිතය කෙබඳු වේවිද?

අපට තවමත් බාහිර උත්තේජනයක් අවශ්‍ය වේ. සම්පූර්නයෙන් කපා හැරියොත් නතිනම් වෙන්කර දමනු ලැබුවොත්, මොළයක් ඉන්ද්‍රිය ඌනතාවයකට ගොදුරු වනු ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇන්ඩර්ස් සැන්ඩ්බර්ග් පවසයි. “එය නින්දට වැටෙනු ඇත, පසුව භ්‍රාන්තියට පත්ව හා සෙමින් සෙමින්  පිස්සු වැටේන්නට ද ඉඩ ඇත. ලෝකය සමඟ — ඔව් එය සැබෑ ලෝකය විය යුතු නැතත් — අන්තර් ක්‍රියා කිරීමේ ක්‍රමයක් ඊට ලබා දිය යුතුය.

මනස පරිගණකයකට පැවරීමට හැකි වීම යන කාරණාව අප ජීවිතයක් අගය කරන ආකාරය වෙනස් කරයි. අපගේ උපස්ථ පිටපත් කිහිපයක් තිබීම ජීවිතයේ වටිනාකම අඩු තක්සේරුවකට පත් කළ හැකිය.

“ඉතින් එවන් ජීවිත්වලින් එකක් නැතිකර දැම්මත් ඉතින් මොකද? තවත් පොකුරක්ම ඔය ඉතුරුවෙලා ඉන්නේ” ග්‍රෂිඅනො පවසයි.

“මරණයට පත්වූවන්ට නැවත පණ දිය හැකි නම්, මිනීමැරුම තවදුරටත් දරුණු අපරාධයක් නොවන්නට පුළුවනි. විප්‍රකාර හදිසි අනතුරුවලට ගොදුරු වූවන් සම්බන්ධයෙන්ද එය එසේම වේයයි සෑන්ඩ්බර්ග් කියයි. අන්තිමට මතකයේ රඳවා ගත් දේ(last save ) ස්ථාපනය කළ විට නැතිවූ එකම දෙය මෑත මතකයන් කිහිපයක් පමණක්විය හැකිය.

තවද, අද අප ජීවත් වන්නේ අධිසම්බන්ධිත(hyperconnected) ලෝකයක යැයි ඔබ සිතන්නේ නම් නැවත වරක් සිතා බලන්න. කෘතිම මොළය සම්බන්ධතාවයන්ට සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයක් ලබා දෙනු ඇත. “තවත් අයෙකුට text පණිවිඩ යැවීම අමතක කරන්න,  ඒ හා සමානව හොඳින් ඔබගේ හිසට USB පෝට් එකක් හෙවත් කවුළුවක් සවිකොට  වෙනත් කෙනෙකු සමඟ කෙලින්ම සන්නිවේදනයෙහි යෙදිය හැකිය” යනුවෙන් ග්‍රාසියානෝ පවසයි, “දැන්, අපි දන්නා කිසිම දෙයකට සමාන නොවන සම්පූර්ණයෙන්ම වෙනස් මනස් ජාලයකට අපි සම්බන්ධ වන්නෙමු”.

වෙනත් කෙනෙකුගේ ඔළුවේ සිදුවන්නේ කුමක්ද යන්න අනුමාන කිරීම වෙනුවට, අප  ඩිජිටල් ගොනු හුවමාරු කරගන්නා අයුරින් සිතුවිලි ද බෙදාහදා ගත හැකිය. එහෙත්, පරිගණක මොළ විඩම්බන(brain simulations) ධාවනය කරන්නාවූ පරිගණක පාලනය කරවන්නේ කවුරුන්ද යන්න දැඩි සැලකිල්ලක් යොමුවිය යුතු කාරණාවක් වනු ඇත.

ප්‍රතිපත්තිමය වශයෙන් ගත් කල, යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නන් විසින් ඔබේ පිටපත් සෑදිය හැකි බව සැන්ඩ්බර්ග් පවසයි: “ඔවුන්ට, අන්තර්ජාලයට සම්බන්ධයක් නැති රහස් පද්ධතියක් මත ඔබව ධාවනය කළ හැකි අතර  ඔබට කිරීමට අවශ්‍ය නොවන බොහෝ දේ කිරීමට ඔබ ලවා බලහත්කාරයෙන් කරවිය හැකි වනු ඇත”. මේ නිසාවෙන්, පොදුවේ ගත් කල අපගේ මෘදුකාංග ආරක්ෂාව දැඩි ලෙස වැඩිදියුණු කිරීමට අපට වනු ඇතැයි  ඔහු පවසයි. “ඔය අන්දමට අපට ජීවත්වන්නට සිදුවන්නේ ඕනෑම අයෙකු  අපහරණය(hack) කිරීමට හෝ පිටපත් කිරීමට හැකි ලෝකයක නම්, එවන් ලෝකයක් ඇත්තටම ජීවත් වීමට  තරමක් බියජනකවන එකක් වනු ඇත.”

තාක්ෂණික ගැටළු බහුල වනු ඇත. උඩුගත කිරීමේ ක්‍රියාදාමයේ ඩ්ජී අප අතින් වැරදි සිදු විය හැකිය; පරිගණක තුළ  රඳවා තිබෙන මොළ විකෘති වූ ඒවා වන්නට පුළුවන.  කිසියම් අමුතු වගකීමක් දැරීමට සිදුවන  නරක පිටපත් සහිත පුස්තකාලයක් ඔබට අවශ්‍යද?” Sandberg ප්‍රශ්නකර සිටියි. මුල් මොළය සහ ශරීරය අවශ්‍යන්ම ප්‍රයෝජනයට ගත හැකිව තිබේ යයි උපකල්පනය කළහොත්, සදාචාරාත්මක ප්‍රහේලිකා නැතිනම් තුන් තේරවෛලි තවත් සංකීර්ණ වනු ඇත.  අතථ්‍ය මොළවලට සමාන සදාචාරාත්මක සහ නීතිමය තත්වයක් තිබෙනු ඇත්ද?

ඒ අන්දමේ ප්‍රශ්න කඩිමුඩියේ විසඳිය හැකි යයි සිතිය නොහැක. “බොහෝ ආකාරවලින්, අපි පශ්චාත්-මනුෂ්‍යයන්(post-human) බවට පත් වනු ඇත,” යයි සැන්ඩ්බර්ග් පවසයි. “අපි සත්ව රාජධානියේ කොටසක් වීමේ සිට සම්පූර්ණයෙන්ම නව රාජධානියකට යාම දක්වා පිම්මක් පැන ඇති අතර, එය(එම රාජධානිය) හැඳින්විය යුත්තේ කුමකින් දැයි අපි තවමත් නොදනිමු.”

NewScientist හී What if … We don’t need bodies? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.