සාගර පරිසරය කෙරෙහි මානව බලපෑම්
මේ මිහිතලය මත මනුෂ්‍ය අපගේ පැවැත්ම පුරාවටම අපි සාගර මත රඳා සිටින්නෙමු — ඒ රඳා පැවත්ම, ආහාර සඳහා, අපද්‍රව්‍ය බැහැර කිරීමට් ස්ථානයක් ලෙස, විනෝදාස්වාදය සඳහා, ආර්ථික අවශ්‍යත යනාදිය උදෙසා වේ. කෙසේ වෙතත්, සාගර පරිසරයේ අපගේ ක්‍රියාකාරකම් මුහුදු ජීවයට බලපානවා පමණක් නොව, – එය අප ගොඩබිම මත කරන දේවල් ද කෙරෙහි ද බලපායි.
ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා දැන් වෙරළ තීරයේ සිට කිලෝමීටර් 100 ක් ඇතුළත ජීවත්වන හෙයින්, අපගේ ක්‍රියාකාරකම් තුළින් සාගර පරිසරය හානියට පත් වීම පුදුමයක් නොවේ. ජනගහනය වේගයෙන් වර්ධනයවීම, තාක්ෂණයේ සැලකිය යුතු වර්ධනයන් සහ ඉඩම් පරිහරණයේ සැලකිය යුතු විපර්යාසයන් සමඟ මානව බලපෑම් වැඩි වී ඇත. ප්‍රමාණය ඉක්මවා අධික ලෙස මසුන් ඇල්ලීම, දූෂණය(pollution) සහ පරිසරය අළුතෙන් හඳුන්වා දෙන විශේෂ මුහුදේ ජීවිතයට බලපායි – සාගර අරිසරයක් සහිත ලොව සෑම රටමටම මේ කාරණා අදාලවේ.

සාගර වාසභූමිවලට එල්ලවන තර්ජන
මුහුදේ සහ ගොඩබිමේ මානව ක්‍රියාකාරකම් සාගරයට සහ එහි වෙසෙන විශේෂවලට වැඩි පීඩනයක් ඇති කරයි.
ධීවර කර්මාන්තය
වෙරළ ආසන්නයේ වෙසෙන ජනයා ඉතිහාසය පුරාවටම සාගරය ආහාර මූලයක් ලෙස භාවිත කරන්නට ඇති. අතීතයේ කෙසේ වෙතත්, ධීවර උපකරණ, විශාල නැව් සහ (මසුන් සිටින තැන් හඳුනාගැනීම පහසු කරවන) නව නිරික්සුම් ක්‍රමවල නැතිනම් තාක්ෂණයේ දියුණුවත් සමඟ ලොව පුරා බොහෝ මත්ස්‍ය සම්පත් සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මහාද්වීපික තටාක ප්‍රදේශවල මත්ස්‍ය සම්පත සාම්පූර්ණයෙන්ම නෙලාගෙන හෝ උවමනාවට වඩා නෙලාගෙන ඇතැයි වැඩිදෙනා අතර විශ්වාසයක් පවතී. මත්ස්‍ය සම්පත අඩු කර දමනවාට අමතරව, ඔරොත්තු නොවන අන්දමින් මසුන් ඇල්ලීමේ පුරුදු සාගර පරිසරයට වෙනත් අහිතකර බලපෑම් ඇති කළ හැකිය. නිදසුනක් ලෙස, හෑරීම සහ ට්‍රෝලර් යොදා මසුන් ඇල්ලිම වැනි සමහර ධීවර ශිල්පීය ක්‍රම මගින් සමුද්‍ර වාසභූමි සහ මුහුදු පත්ලේ ජීවත් වන ජීවීන්ට පුලුල් ලෙස හානි සිදු විය හැක. මෙම ශිල්පීය ක්‍රම යටතේ මසුන් අල්ලන විට බොහෝ විට ඉලක්ක නොනොකළ මත්ස්‍ය විශේෂ(bycatch) අල්ලා පසුව ඉවත දමනු ලැබේ.

වාණිජ ධීවර කර්මාන්තය
මිනිසුන් විසින් සාගරය ප්‍රථමයෙන්ම වරට ප්‍රයෝජනට ගන්නට ඇත්තේ මසුන් මැරීම පිණිස වන්නට පුළුවන. පසුගිය ශතවර්ෂයේ දී, වාණිජ මසුන් ඇල්ලීමේ සැලකිය යුතු වැඩි වීමක් ඇතිවීමෙන් බොහෝ මත්ස්‍ය සම්පත් බොහොමයක් අධිකව විනාශවීමට හේතු විය. මේ අවාසිදායක තත්ට්වය වළක්වා ගැනීම පිණිස ඇතැම් රටවල් විවිධ පියවර ගනියි.
නවසීලන්තයේ, ධීවර කර්මාන්තය කළමනාකරණය කරනු ලබන්නේ වාණිජමය වශයෙන් වැදගත් වන මත්ස්‍ය විශේෂ අල්ලා ගැනීමේදි යම් සීමාවන් පනැව්වීමෙනි. ඉන් අපෙක්ෂා කරෙන්නේ මත්ස්‍ය තොගවල තිරසාර කළමනාකරණයයි. එරට රාජකීය වනාන්තර සහ පක්ෂි ආරක්ෂණ සංගමය(Royal Forest and Bird Protection Society) පළකර ඇති Best Fish Guide මාර්ගෝපදේශය මුහුදු ආහාර මිල දී ගැනීමේදී වඩාත් තිරසාර තේරීම් කිරීමට අපව දිරිමත් කිරීමයි. මෙම ලැයිස්තුව මගින් මත්ස්‍ය තොග සහ ඉලක්ක නොනොකළ මත්ස්‍ය විශේෂ(bycatch) මට්ටම් සහ භාවිතා කරන්නාවු මසුන් ඇල්ලීමේ ක්‍රම ඇගයීමට ලක් කරනු ලැබේ.
දූෂණය(Pollution)
අපෙ සාගර, බොහෝ කාලයක් මුළුල්ලේ පල්ද්‍යෝරු කැලි කසළ, කාර්මික අතිරික්ත ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය ඇතුළු සියලු වර්ගවල අපද්‍රව්‍ය හිතාමතාම බැහැර කරන ස්ථානයක් ලෙස භාවිතා කර ඇත. වඩාත් මෑත කාලයේ, බොහෝ රටවල සිදුකෙරුණු ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබිඹු කරන්නේ අපගේ අපද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට සාගරයට අසීමිත හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, සමුද්‍ර දූෂණය ප්‍රධාන ගැටලුවක් ලෙස තවදුරටත් පවතින අතර සෑම තරාතිරමකම මුහුදු ජීවීන්ට එය තර්ජනයක් වේ.

මෙම රූපයේ දැක්වෙන්නේ 2009 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තය අවට ඇති වූ විශාල ශාක ප්ලවාංග පොකුරකි.
සමහරක් සමුද්‍ර දූෂක අහම්බයක් විය හැකිය, නිදසුනක් ලෙස, තෙල් ගෙනයන නැව් අනතුරු හේතුවෙන් සිදුවන තෙල් කාන්දු වීම දැවිය හැකිය. තද වැස්ස නිසා පොළවේ ඒක රාශී වූ ජලය සහ ගංගා හරහා අපගේ ප්‍රජාවන්ගෙන් දූෂක ද්‍රව්‍ය මුහුදට ගලා යන විට සමහරක් දූෂක වක්‍ර ඒවා විය හැකිය. සමහර බලපෑම් ක්ෂණිකව පැහැදිලි නොවන්නට පුළුවන. උදාහරණයක් ලෙස, ජෛවී සමාචායනය හෙවත් රාශිභූත වීම(bioaccumulation) දැක්විය හැකියි. ආහාර ජාලයේ ඒ ඒ අනුයාත පෝෂී මට්ටමේ දී සජිවීන් තුළ ධූලක රසායන මට්ටම වැඩි වන ක්‍රියාදාමයකි.
සමහරක් සමුද්‍ර දූෂක අහම්බයක් විය හැකිය, නිදසුනක් ලෙස, තෙල් ගෙනයන නැව් අනතුරු හේතුවෙන් සිදුවන තෙල් කාන්දු වීම දැවිය හැකිය. තද වැස්ස නිසා පොළවේ ඒක රාශී වූ ජලය සහ ගංගා හරහා අපගේ ප්‍රජාවන්ගෙන් දූෂක ද්‍රව්‍ය මුහුදට ගලා යන විට සමහරක් දූෂක වක්‍ර ඒවා විය හැකිය. සමහර බලපෑම් ක්ෂණිකව පැහැදිලි නොවන්නට පුළුවන. උදාහරණයක් ලෙස, ජෛවී සමාචායනය හෙවත් රාශිභූත වීම(bioaccumulation) දැක්විය හැකියි. මේ ක්ර්යාදමය අතරතුර ආහාර ජාලයේ ඒ ඒ අනුයාත පෝෂී මට්ටමේ දී සජිවීන්, එකිනෙකා අනුභව කරන විට ඔවුන් තුළ ධූලක රසායන මට්ටම වැඩි වෙයි.
සියලුම ආකාරයේ සාගර දූෂණවලට සාගර වාසභූමි සහ මුහුදු ජීවය බරපතල ලෙස හානි කිරීමේ හැකියාව ඇත. දැනටමත් තර්ජනයට ලක්ව ඇති හෝ වඳවීමේ තර්ජනය අභියස සිටින ජීවීන් මත සාගර දූෂණය නිසාවෙන් අතිරේක පීඩනයක් ඇතිවීම ගැන විද්යාඥයෝ දැඩිව සැලකිලිමත් වන්නාහ.
සුපෝෂණය (Eutrophication)
සුපෝෂණය යනු විශේෂිත, එහෙම නැතිනම් අමුතු ආකාරයක සමුද්‍ර දූෂණයක ප්‍රතිඵලයකි. එයට හේතුව වන්නේ ඇළ දොළ සහ ගංගා හරහා වෙරළබඩ ප්‍රදේශ කරා පෝෂක ද්‍රව්‍ය වැඩිමනන් ප්‍රමාණ අධික වශයෙන් ඒක රාශීවීමයි. මේ පෝෂක ද්‍රව්‍ය එහි එන්නේ ගොඩබිමේ තීව්‍ර කෘෂිකාර්මික ක්‍රම වලදී භාවිතා කරන පොහොර කොටස් ජල මාර්ගවලට එක්වීමෙනි. මුහුදේ ඇති අතිරේක පෝෂක ද්‍රව්‍ය එක්‍රැස්වීම අධික ශාකප්ලවාංග(phytoplankton) වර්ධනයට හේතු විය හැකි අතර එය ‘අධික ශශ්‍රීකත්වයන්’ හට ගන්වයි. මෙලෙස විශාල ජීවීන් සංඛ්‍යාව මිය ගිය විට, එම මළ ජීවීන් අතරේ බැක්ටීරියා යොදා ගනිමින් ඇතිවන වියෝජනයේ(decomposition) තියුණු වැඩිවීම, ඔක්සිජන් මට්ටම අඩු කරයි. සමහර අවස්ථාවලදී, මෙය මාළු වැනි අනෙකුත් ජීවීන් විශාල සංඛ්යාවක් ඔක්සිජන් සාගින්නෙන් මරණයට පත්වීමට හේතු විය හැක.
මෙම ලිපියේ ඉතිරි කොටස සඳහා හෙටත් thathu කියවන්න
Science Learning Hub(New Zealand) හී පළව ඇති Human impacts on marine environments fishing යන ලිපිය ඇසුරෙනි