විද්‍යාවේ අමන්දානන්දය: හැඳින්වීමක්
විද්‍යාවට බියවන එමෙන්ම, විද්‍යාව දෙස සැකයෙන් සලකන අය අප අතරේ හැමදාමත් සිටියත්, ලෝක ජනගනයෙන් අති විශාල බහුතරයක් අතරේ විද්‍යාත්මක ක්‍රමය ගැන නව ඇගයීමක් සහ විශ්වාසයක් දකින්නට පුළුවන. ඊට හේතුව වී ඇත්තේ, මානව වර්ගයාගේ ඉරණම විද්‍යාව තුළින් ලෝකය ගැන අප ලබා ගන්නා දැනුම තුළ මිස දේශපාලකයින්, ආර්ථික විද්‍යාඥයන් හෝ ආගමික නායකයන් වැනි අය අතේ එතරම් රඳා නොපවතින බව වැඩි වැඩියෙන් මිනිසුන්හට වැටහෙන්නට පටන් ගෙන තිබීමයි; ඒ හා සමානවම, අපගේ පර්යේෂණවල සොයාගැනීම් අප අතරම තබා ගැනීම ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන් තේරුම් ගනිමින් සිටින බවයි. අප වැඩ කරන ආකාරය එලෙසම අප අසන ප්‍රශ්න සහ අප ඉගෙන ගත් දේ හැකිතාක් අවංකව සහ විනිවිදභාවයෙන් පැහැදිලි කිරීමට මෙන්ම අලුතින් සොයාගත් අපගේ දැනුම වඩාත් හොඳින් භාවිතා කළ හැකි ආකාරය ලොවට පෙන්වීමට ද අප උත්සාහ කළ යුතුය. එහෙත් විද්‍යාත්මක ව්‍යවසායයේ සාර්ථකත්වය රඳා පවතින්නේ, විද්යාඥයන් විසින් අත්පත් කරගන්නා ගනු ලබන දැනුම, සාමූහිකව වාගේම පුද්ගලයන් වශයෙන් ද, අප වෙනුවෙන් මෙන්ම අපගේ ආදරණීයයන් සහ අප ජීවත් වන පුළුල් සමාජයන් සඳහා දැනුවත් තීරණ ගැනීමට මහජනතාව දක්වන කැමැත්ත මත ය.

විද්‍යාවේ අඛණ්ඩ සාර්ථකත්වය — වසංගත, දේශගුණික විපර්යාස, රෝග සහ දරිද්‍රතාවය තුරන් කිරීම වැනි විසිඑක්වන සියවසේ මානව වර්ගයා මුහුණ දෙන විශාලතම අභියෝගවලට මුහුණ දීම හෝ ආශ්චර්යමත් තාක්ෂණයන් නිර්මාණය කිරීම, අඟහරු වෙත මෙහෙයුම් සිදුකිරීම සහ පරිගණක භාවිත බුද්ධිය හෙවත් කෘතිම බුද්ධිය(artificial intelligence) වර්ධනය කිරීම හෝ හුදෙක් අප ගැන වාගේම විශ්වයේ අපගේ ස්ථානය ගැන සරලව ඉගෙන ගැනීම වේවා මේ කුමක් හෝ වේවා – – සියල්ල රඳා පවතින්නේ විද්‍යාඥයින් සහ විද්‍යාඥයින් නොවන අය අතර විවෘත භාවය සහ සහයෝගීතාවය පදනම් කරගත් සම්බන්ධතාවය මත ය. මෙය සිදු විය හැක්කේ දේශපාලකයින් එකලනවාදය හෙවත් ඒක්චරිත්වය(isolationism – වෙනත් රටවල/කණ්ඩායම්වල කටයුතුවලින් ඈත්ව සිටීම) සහ ජාතිකවාදය යන වර්තමාන ආකල්පවලින් ඉවත් වුවහොත් පමණි. උදාහරණයක් ගමු: ජාතික දේශසීමා, සංස්කෘතීන්, වර්ගය හෝ ආගමට Covid-19 ගරු නොකරයි. තවදුරටත් කීවොත් විශේෂයක් ලෙස මිනිස් අප මුහුණ දෙන විශාලතම ගැටළු කිසිවක් එලෙස (ජාතික දේශසීමා, සංස්කෘතීන්, වර්ගය හෝ ආගමට) ගරුකිරීමක් සිදුකරන ඒවා නොවේ. එබැවින්, විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් සළකා බැලීමේ දී මෙන්ම, එවැනි ගැටළු විසඳීම ද සාමූහික, සහයෝගීතා ව්‍යවසායයක් බවට පත්විය යුතුය.
මේ අතර, පෘථිවියේ බිලියන අටකට ආසන්න මනුස්ස වැසියන්ට තවමත් ඔවුන්ගේ දෛනික ජීවිතය ගෙනයාමට, තීරණ ගැනීමට සහ එම තීරණ මත මත ක්‍රියා කිරීමට සිදු වේ; එසේ කිරීමට සිදුවන්නේ, බොහෝ විට ව්‍යාකූල තොරතුරු සහ අථත්‍ය තොරතුරු (misinformation) ධූමිකාවක් තුළය. එසේ නම්, පියවරක් පසුපසට ගෙන ලෝකය සහ අප අපමත් දෙස වඩාත් වෛෂයිකව දකින්නේ කෙසේද? අපි සියලු සංකීර්ණතා තෝර බේරා ගෙන අප වෙනුවෙන් සහ අපි එකිනෙකා වෙනුවෙන් වඩාත් යහපතක් සිදු කරන්නේ කෙසේද?

සත්‍යයය නම් සංකීර්ණත්වය, අලුත් දෙයක් නොවේය යන්නයි. අථත්‍ය තොරතුරු (misinformation) සහ ව්‍යාකූලත්වය ද අලුත් දෙයක් නොවේ. අපගේ දැනුමේ විශාල හිඩැස් තිබීම ද අලුත් දෙයක් නොවේ. අපහමුවේ ඇති ලෝකය භයංකරය, ව්‍යාකූලය, නොතකා සිටිය නොහැකි තරම් පවා සමහර අවස්ථාවලදී අතිමහත් සේ බලවත්ය. මේ කිසිවක් අප අළුතින් දැනගතයුතු ‘ප්‍රවෘත්ති’ නොවිය යුතුය. ඇත්ත වශයෙන්ම, විද්‍යාව ගොඩනඟා ඇත්තේ මෙම පදනම මත ය: මිනිසුන් විසින් විද්‍යාත්මක ක්‍රමය ඉදිරිපත් කරන ලද්දේ, ව්‍යාකූල හා සංකීර්ණ සක්වලක් පිළිබඳ හරි හැටි හැඟීමක් ඇති කර ගැනීමේ නැතිනම් තේරුම් ගැනීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් නිශ්චිතව වශයෙන් ක්‍රියා කිරීමටය. අපගේ එදිනෙදා ජීවිතයේදී අප සැවොම — විද්‍යාඥයන් සහ විද්‍යාඥයන් නොවන අප සෑම කෙනෙක්ම — අපගේ නොදැනුවත්කම නිරන්තරයෙන් අපට මතක් කර දෙන්නාවූ තොරතුරුවලින් උතුරා යන ලෝකයකට මුහුණ දෙති. ඒ ගැන අපට කුමක් කළ හැකිද? ඇත්ත වශයෙන්ම ගතහොත්, ඒ ගැන අප කුමක් හෝ කළ යුත්තේ ඇයි ?
මෙම ලිපි මාලාවේ දී උත්සාහයක් දැරෙන්නේ, විද්‍යාත්මකව සිතීමට සහ ජීවත් වීමට කෙටි, සර්ව කාර්‍යය(all-purpose) මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන්නටය. තවදුරටත් කියවාගෙන යාමට පෙර, මොහොතක් නැවතී ඔබ, ඔබෙන්ම ඇසීම සඳහා ප්‍රශ්නයක් මෙන්න : මට ලෝකයෙහි යථා ස්වභාවය වටහා ගැනීමට ඇත්ත වශයෙන්ම අවශ්‍යද? එම දැනුම මත පදනම්ව තීරණ ගැනීමට මට අවශ්‍යද? ප්‍රතිඥාවක්, විභවයක් සහ උද්දීපනයක් පවා වැනි හැඟීමක් මාරගයෙන්, අඥාතය(නොදන්නා දෙය) පිළිබඳ බිය අවම කර ගැනීමට මට අවශ්‍යද? ඉහත ප්‍රශ්නවලින් එකකට හෝ “ඔව්” කීමට ඔබ පෙළඹෙන්නේ නම් සහ හෝ විශේෂයෙන්ම, ඔබ තවමත් ඒවා ගැන ඔබට හැඟෙන්නේ කෙසේදැයි නොදන්නා බව කියන්නට තරම් එඩිතර නම්, සමහර විට මෙම ලිපි පෙළ ඔබට උපකාර විය හැක.

මෙම ලිපි මාලාවේ අරමුණ හුදෙක් විද්‍යාත්මකව සිතීම මඟින් ලෝකය ඔබ වෙත යොමු කරන සංකීර්ණ හා පරස්පර තොරතුරු මත යම් පාලනයක් ලබා දිය හැකි ආකාරය, උසස් බවක හෝ සහනශීලි බවක හෝ ඉඟියක් නොමැති ස්වරයෙන් පැහැදිලි කිරීමයි. මේවායේ සදාචාර දර්ශනය පිළිබඳ පාඩම් හෝ ජීවන කුසලතා ලැයිස්තුවක් හෝ ඔබේ ජීවිතය පාලනය කිරීමට වඩා සතුටක් දැනීමට උපකාර වන චිකිත්සක ක්‍රම අඩංගු නොවේ. ඒවායින් කීමට උත්සාහ දරන කාරණා මතුවන්නේ විද්‍යාව යනු කුමක්ද යන්න සහ එය ප්‍රායෝගික වන ආකාරය පිළිබඳ හරයෙනි: ලෝකය අවබෝධ කර ගැනීම පිණිස ශත වර්ෂ ගණනාවක් පුරාවට මානව වර්ගයාට හොඳින් පිහිට වූ, අත්හදා බැලීම් සහ පරීක්‍ෂා මගින් සාර්ථක බව ස්ඵුට කරන ලද ප්‍රවේශයකි. එහෙත්, ගැඹුරු මට්ටමකින් සලකා බලන විට, විද්‍යාව අපට මෙතරම් බෙහෙවින් ප්‍රයෝජනවත් වීමට හේතුව නම්, එය ගොඩනඟා ඇත්තේ ඔබ සහ මා වැනි පුද්ගලයින්ට අපගේ දැනුමේ සංකීර්ණත්වය හෝ හිඩැස් පිළිබඳ හැඟීමක් ඇති කිරීමට සහ අඥාතය(අප නොදන්නා දේ} හමු වූ විට ඊට මුහුණදෙනු වස් සාමාන්‍යයෙන් අපව විශ්වාසයකින් සහ වඩා හොඳ හැඟීමකින් සන්නද්ධ කිරීම සඳහා වීමය. අප විද්‍යාව යොදාගන්නා ආකාරය මනුෂ්‍ය වර්ගයාට මෙතරම් හොඳින්, මෙතරම් කාලයක් සහ මෙතරම්සාර්ථක ලෙස සේවය කර ඇති නිසා, මෙම සිතීමේ ආකාරය(විද්‍යාඅත්මක චින්තනය) ඔබ සමඟ බෙදාහදා ගැනීම වටී.
අප සියල්ලන්ම, වඩා විද්‍යාත්මකව සිතිය යුත්තේ ඇයිද යන්න ගැන කතාකිරීමට පෙර, විද්‍යාඥයින් සිතන ආකාරය ගැන යමක් පැවසිය මනාය. විද්‍යාඥයන් ද, අප අන් සියල්ලන්ම මෙන්, සැබෑ ලෝකය තුළ ස්ථාපිතව ඇති අතර, එදිනෙදා ජීවිතයේදී නොදන්නා දේ හමු වන විට තීරණ ගැනීමේදී අප සැමට අනුගමනය කළ හැකි චින්තන ක්‍රම සියලු විද්‍යාඥයන් ඔවුනොවුන් අතරේ බෙදා ගනු ලැබ තිබේ. මෙම සිතීමේ ක්‍රම සෑම කෙනෙකු සමඟම බෙදා ගැනීම මෙම ලිපි මාලාවෙහි අභිප්‍රායයි. ඇත්තවශයෙන්ම ඒවා සෑම විටම සෑම කෙනෙකුටම පොදුවේ උරුම විය යුතු නමුත් කාලයේ රේඛාවේ කොතැනක හෝ දී එම කාරණය ගිලිහී ගොස් ඇති බව පෙනේ.
පළමුව, බොහෝ අය පොදුවේ සිතන දෙයට පටහැනිව, විද්‍යාව යනු හුදෙක් ලෝකය පිළිබඳ කරුණු එකතුවක් නොවේ. ඒකට කියනන්නේ ‘දැනුම’(‘knowledge’) කියලාය. ඒ වෙනුවට, විද්‍යාව යනු ලෝකය ගැන සිතීමේ සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය ගැන් පෙර නොතිබූ අවබෝධයක්, අර්ථයක් ඇති කර ගැනීමේ ක්‍රමයක් වන අතර එමඟින් නව දැනුමට මඟ පෑදිය හැකිය. ඇත්ත වශයෙන්ම, කලාව, කවි සහ සාහිත්‍යය, ආගමික ග්‍රන්ථ, දාර්ශනික විවාදය හෝ මෙනෙහි කිරීම සහ ආවර්ජනය කිරීම වේවා, දැනුම හා අවබෝධය ලබා ගැනීමට බොහෝ මාර්ග තිබේ. කෙසේ වෙතත්, ලෝකය සැබවින්ම කෙසේද යන්න ගැන ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් (– විද්‍යාඥයින් විස්න් සමහර විට ‘යථාර්ථයේ සැබෑ ස්වභාවය’ ලෙස හඳුන්වනු ලබන්නේ එයයි –} එවිට විද්‍යාව මාර්ගයෙන් විශාල වාසි අත්පත් කරගත හැකිව තිබේ. මන්ද, එය(විද්‍යාව) ‘විද්‍යාත්මක ක්‍රමය’ මත රඳා පවතින නිසාවෙනි. ‘විද්‍යාත්මක ක්‍රමය'(‘scientific method’) යන්න බහුලව භාවිතා වන වාක්‍ය ඛණ්ඩයකි; එහෙත් එයින් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද? ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් අපි මෙය විස්තරාත්මකව සලකා බලමු.
The Joy of Science by Jim Al-Khalili(Princeton University Press, 2022) ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකි