
ලිංගික සෞඛ්‍යය, පුළුල් පරාසයක මිථ්‍යා කථා සහ වැරදි අවබෝධයන් බොහොමයකට සම්බන්ධයි. මේ ලිපියෙන් එවැනි මිථ්‍යා කිහිපයක් හෙළිදරව් කරයි.
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන එක්සත් ජනපදයේ ඉහළ යමින් පවතී. එරට, රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථන(Centers for Disease Control and Prevention (CDC)) ලෙස හැඳින්වෙන ෆෙඩරල් ඒජන්සිය 2021 අප්‍රියෙල් මාසයේ දී නිවේදනය කළේ පිට පිට හයවැනි වතාවටත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන(Sexually transmitted infections (STIs) පෙර කවදාටත් වඩා ඉහළ ගොස් ඇති බවයි. සෑම දිනකම ලෝකය පුරා මිලියන එකක විශ්වාසවන්ත ප්‍රභවයක(Trusted Source) ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරයි.
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන එන්ට එන්ටම වැඩි වන නමුත්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලට සම්බන්ද අපකීර්තිය තවමත් සැළකිය යුතු මට්ටමක පවතී. පුද්ගලයින් ලිංගික සෞඛ්‍යයට අදාල ප්‍රශ්න හෝ වෛද්‍යවරයෙකුට ප්‍රශ්න යොමු කිරීමට නොපෙළඹෙන බවක් පෙණී යන්නේ යයි ඈතැමුන්ට මෙයි හැඟී යා හැකිය. මෙලෙස ලිංගික සෞඛ්‍යය පිළිබඳව විවෘතව කතා කිරීමට ඇති අකමැත්හ, දුෂ්ප්‍රවෘත්ති බිහිවීමට තුඩු දිය හැකිය. ලිංගික සෞඛ්‍යය පිළිබඳව කරුණු ගැන දැන ගැනීම පිණිස බොහොදෙනා දැන් ප්ර්ථමයෙන්ම යොමුවන්නේ අන්තර්ජාලය වෙත බව ඇත්තකි. එහෙත්, අවාසනාවකට මෙන් වෙබ් අඩවි වල පළවන තොරතුරු සියල්ල එක සා සමානවම විශ්වාසයට ගත නොහේ.
ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ උපදේශක සහ එංගලන්තයේ, මහජන සෞඛ්ය අංශයේ .ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය Sue Mann දක්වන අන්දමට ලිංගික සෞඛ්‍යය පිළිබඳ අවබෝධය වැඩි කිරීම, මිනිසුන්ට දැනුවත්, ආරක්ෂාසහගත තීරණ ගැනීමට උපකාරීවෙයි. ජනතාව අතර ගැඹුරින් මුල් බැස ඇති අසත්‍යයන් මෙවන් එක් ලිපියක් මගින් ඉවත් කළ නොහැකි වුවද, වඩාත් විශ්වාසදායක තොරතුරු, ලබා ගත හැකිවීම වඩා හොඳය.

1. ‘යමෙකු ‘පෙත්ත‘(එනම්, උපත් පාලන පෙත්ත) භාවිත කරන විට, ඔවුන්ට ලිංගාශ්‍රිත රෝග වැළඳිය නොහැක’
මෙය මිථ්‍යාවකි. ගිලින උපත් පාලන පෙති(මුඛ ප්‍රතිසංධිරෝධක – Oral contraception) මගින් ලිංගාශ්රිත රෝග ආසාදනය වීම වළක්වාලීමට සමත් ආරක්ෂාවක් ලබා දිය නොහැක. වෛද්‍ය මාන් පෙන්වා දෙන අන්දමට, “මුඛය මගින් ලබා දෙන උපත් පාලන ක්‍රියා කරන්නේ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා පමණි. මුඛ උපත් පාලන ක්‍රම භාවිතා කරන විට ලිංගාශ්‍රිත රෝග වැළඳීමෙන් ආරක්ෂා වීමට ඇති එකම ක්‍රමය කොන්ඩම් පැළඳීමයි. මෙයම් ප්‍රතිරාවය කරමින් CDC ප්‍රකාශ කරන්නේ “පෙති, පැච්, මුදු සහ අභ්‍යන්තර ගර්භාෂ උපකරණය (IUD ලූප) වැනි උපත් පාලන ක්‍රම ගැබ් ගැනීම වැලැක්වීමට ඉතා ඵලදායී වන නමුත් ඒවා [ලිංගාශ්‍රිත රෝග] සහ HIV වලින් ආරක්ෂාවක් සැපයෙන්නේ නැත” යන්නයි.
2. ‘ශිෂ්නය කලින් ඉවත් කිරීමේ ක්‍රමය‘ (withdrawal method)ගැබ් ගැනීම වළක්වයි’
ශුක්‍රාණු පිටවීමට පෙර යෝනි මාර්ගයෙන් ශිෂේණය යෝනියෙන් ඉවතට ගැනීම ඊනියා “ඉවත් කර ගැනීමේ ක්‍රමය ” යි — මෙය සංසර්ගය අතරමැදදී නතර කිරීම( coitus interruptus) හෝ [ශිෂ්නය] ‘ඉවතට ගැනීමේ ක්‍රමය'(pull-out) ලෙසද හැඳින්වේ –. එය ගැබ්ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි වුවද, “පිටකිරීමේ ක්රමය ගැබ්ගැනීම් වැලැක්වීමට විශ්වාසදායක ක්රමයක් නොවේ” යනුවෙන් වෛද්ය Mann පවසයි. නිවැරදිව භාවිතා කරන විට, එය ගැබ්ගැනීමේ අවදානම අඩු කළ හැකි නමුත්, [සංසර්ගයේ යෙදී සිටින් මොහොතේ] උද්වේගය තුළ නිසියාකාරව, නිසි වේලාවටම සිදුකිරීම දුෂ්කර විය හැකිය.
මීට අමතරව, ශිෂේණය ඉවත් කර ගැනීමට පෙර ශුක්‍රාණු පිටවීමට පෙර ශුක්‍රාණු පිටවීමට හෝ සංසර්ග පෙර-සමය තුළ ශිස්නයෙන් පිටවන ස්‍රාවයෙහි(මෙම තරලඑහි) සමහර අවස්ථාවලදී ශුක්රාණු ගැබ්ව තිබිය හැක.
එක් අධ්‍යයනයක දී, උදාහරණයක් ලෙස, විද්‍යාඥයින් විසින්, අධ්‍යනයට සහභාගී වූවන් 27 දෙනෙකුගෙන් පූර්ව ශුක්‍රාණු පිටවීමේ සාම්පල පරීක්ෂා කරන ලදී. එහි දී සහභාගිවන්නාගේ පූර්ව ශුක්‍රාණු(pre-cum) සාම්පල 10 ක් තුළ ශක්‍ය ශුක්‍රාණු හඳුනා ගැනීමට ඔවුනට හැකිව ඇත.
සෑම ස්වේච්ඡා සේවකයෙක්ම උපරිම වශයෙන් සාම්පල පහක් ලබා දුන්නේය. අවධානය යොමු විය යුතු කරුණ නම්, පර්යේෂකයන් ඔවුන්ගේ සාම්පල සියල්ලෙහිම සොයා ගැනීම හෝ සමහර සාම්පලය තුළ කිසිසේත්ම ශුක්‍රාණු නොතිබීමයි. වෙනත් වචන වලින් කිවහොත්, සමහර පුද්ගලයින්ට ඔවුන්ගේ පූර්ව ශුක්‍රාණු තුළ ශුක්‍රාණු ඇති අතර අනෙක් අයට එසේ නොවේ. අධ්‍යනයේ කතුවරුන් නිගමනය කළේ: “කොන්ඩම් භාවිතා කළ යුත්තේ ලිංගේන්ද්‍ර සම්බන්ධ වීමේ පළමු මොහොතට පෙර සිටය. එහෙත් සමහර පිරිමින්ට, ඔවුන්ගේ පූර්ව ශුක්‍රාණු තරලයේ ශුක්‍රාණු කාන්දු වීමට ඇති ඉඩකඩ අඩුවන්නට හැකි වන්නට පුළුවන් අතර, ශුක්‍රාණු වැගිරීමට පෙර ශිංනය ඉවත කර ගැනීම, අනිත් අයට වඩා, වඩාත් සාර්ථකව පුහුණු කිරීමට හැකි වේ.”
3. ‘ඉවත් කිරීමේ ක්‍රමය‘(‘withdrawal method’) ලිංගාශ්‍රිත රෝග වළක්වයි‘
ශුක්‍රාණු පහවීමට පෙර ශිස්නය ඉවත් වීමේ ක්‍රමය භාවිතා කළ ද, “ඔබට තවමත් HIV, හර්පීස්, සිෆිලිස්, ගොනෝරියා හෝ ක්ලැමීඩියා වැනි ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැක” යනුවෙන් වෛද්‍ය Mann කියා සිටියි.
4. ‘කොන්ඩම් දෙකක් භාවිතා කිරීම ආරක්ෂාව දෙගුණ කරයි‘,
කොන්ඩම් දෙකක් එකවර භාවිත කිරීමෙන දෙගුණයක ආරක්ෂාවක් සැපයෙනු ඇතැයි මිනිසුන් උපකල්පනය කරන්නේ මන්දැයි තේරුම් ගත හැකි කාරණාවක් වන නමුත් මෙම් මතය මිථ්‍යාවකි. සත්‍යය, මීට ඉඳුරා වෙනස් විය හැකිය.
“ලිංගිකව හැසිරෙන විට කොන්ඩම් දෙකක් හෝ වැඩි ගණනක් භාවිතා කිරීම ඇත්තෙන්ම අවදානම් සහගතයි” වෛද්‍ය මාන් පැවසීය. “කොන්ඩමයකට දරා ගත හැකි පවතින ඝර්ෂණ ප්‍රමාණය සීමිත නිසා (දෙකක් පාවිච්චි කරන විට ඝර්ෂණය වැඩිවී ) කොන්ඩමය කැඩී යාමේ සම්භාවිතාව වැඩි වන්නට පුළුවන්. තනි කොන්ඩමයක් තමයි හොඳම විකල්පය.”

5. ‘වැසිකිළි ආසනයක් මාර්ගයෙන් කෙනෙකුට ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැක‘.
මෙය සමහර විට ලිංගාශ්‍රිතව බෝවන රෝග හා සම්බන්ධ වඩාත්ම දිගටම පවතින මිථ්‍යාවන්ගෙන් එකකි. එහෙත්, නැවත නැවතත් නිෂ්ප්‍රභ කළද, එය දිගටම මිථ්‍යාවක් ලෙස ජනයා අතර පවතින්නේය් යයි වෛද්‍ය මාන් Mann කියයි.
“ලිංගාශ්‍රිත රෝග බෝ වන්නේ අනාරක්ෂිතව යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ මුඛ සංසර්ගය හරහා සිදුකෙරෙනහ ලිංගික සම්බන්ධතා සහ ලිංගික කෙළි බඩු එකිනෙකා අතර බෙදා හදා ගැනීමෙනි.”
“ලිංගාශ්‍රිතව බෝවන රෝග ඇති කරන වෛරස් වලට මිනිස් සිරුරෙන් පිටත දිගු කලක් පැවතිය නොහැකි නිසා ඒවා සාමාන්‍යයෙන් වැසිකිලි ආසන වැනි පෘෂ්ඨ මත ඉක්මනින් මිය යන බව” ඇය පැහැදිලි කරයි.
ඒ හා සමානව, ක්ලැමීඩියා(chlamydia), ගොනෝරියා(gonorrhea) සහ සිෆිලිස්(syphilis) වැනි ලිංගාශ්‍රිත රෝග සඳහා වගකිව යුතු බැක්ටීරියා වලට ශරීරයේ ශ්ලේෂ්මල පටලයෙන් පිටත සැලකිය යුතු කාලයක් පැවතිය නොහැක. එම හේතුව නිසා ඒවා වැසිකිලි ආසනයක් මත ජීවත් නොවනු ඇත.

6. ‘ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර නොමැත‘
මෙය සත්‍යයක් නොවේ. කෙසේ වෙතත්, එම රෝග සඳහා ප්රතිකාර කළ හැකි වුවද, සියල්ල සුව කළ නොහැකිය. එම WHO විශ්වාඅසවන්ත මූලාශ්‍ර පැහැදිලි කරන්නේ ලිංගාශ්‍රිත රෝගවලින් අතිමහත් බහුතරයක් සඳහා බලපාන්නේ රෝග කාරක අටක් බව ය.
අටෙන් හතරක් සුව කළ හැකිය: බැක්ටීරියා ආසාදන සිෆිලිස්, ගොනෝරියා සහ ක්ලැමීඩියා සහ පරපෝෂිත ආසාදනයක් වන ට්‍රයිකොමෝනියාසිස්(trichomoniasis).
ඉතිරි හතර වෛරස් වේ: හෙපටයිටිස් බී(hepatitis B), හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය (HSV), HIV සහ මානව පැපිලෝමා වයිරසය (human papilloma virus – HPV). මේවා තවම වැටෙන්නේ සුව කරන්නට නොහැකි ගනයටය. කෙසේ වෙතත්, Hඵ්V ආසාදන ශරීරය මගින් ස්වභාවිකව ඉවත් කිරීමට හැකි බව බව සඳහන් කිරීම වටී.
7. ‘(ශිස්නය ඇතුල් කර කරනPenetrative) ලිංගික සංසර්ගයකින් මිස කෙනෙකුට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳිය නොහැක‘
“යමෙකුට ලිංගාශ්‍රිතව බෝවන රෝග වැළඳිය හැකි එකම ක්‍රමය ප්‍රවෙශික(Penetrative) ලිංගික සංසර්ගය නොවේ. මුඛ සංසර්ගය, ලිංගික සම්බන්ධතා සහ ලිංගික කෙළි බඩු බෙදාහදා ගෙන පාවිච්චියට ගැනීම ලිංගාශ්‍රිත රෝග පැතිරිය හැකි වෙනත් ක්‍රම වේ, ” යයි වෛද්‍ය මාන් පහැදිලිව ප්‍රකාශ කරයි.
ලිංගික සම්බන්ධතා වලින් ඔබ්බට සලකතොත්, එය ද සිදුවිය හැක්කකි. ලිංගාශ්‍රිත රෝග වැළඳීම නික්ෂේපණ කටු කිහිප්දෙනෙකු භාවිතයට ගැනීම ඇතුළුව බෝවන රෝග කාරකය අඩංගු රුධිරයට නිරාවරණය වීමෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳිය හැකිය.
8. ‘සමරිසි පිරිමින්ට පමණක් HIV වැළඳේ‘
මෙය තවත් දිගුකාලයක් තිස්සේ පවතින එමෙන්ම, සම්පූර්ණයෙන්ම වැරදි උපකල්පනයකි. වෛද්‍ය Maan ට මෙලෙස පැහැදිලිකරයි:
“ලිංගික නැඹුරුව, ජාතිය, වාර්ගිකත්වය, වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම කෙනෙකුට HIV වැළඳීමට පුළුවන. ඔබට HIV වැළඳී ඇත්නම් සහ ඒ බ්වක් නොදන්නේ නම්, ඔබගෙන් එය සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් ඔබ ඔබේ තත්ත්වය ගැන හරි අවබෝධයක් අත්නම්, ඔබ සහ ඔබේ සහකරු (සහකරුවන්) නිරෝගීව සිටීමට පියවර ගන්නා බවට ඔබට සහතික විය හැක. පරීක්ෂාවට ලක්වීමේ වැදගත්කම ආචාර්ය මාන් අවධාරණය කරන්නේ, බොහෝ රටවල, “පරීක්ෂණ නොමිලේ, පහසුවෙන්ම සහ රහසිගතව සිදුකරගත හැකි ‘ බවයි. ඔබේ නිවසේ සුවපහසුව තුළ පවා ඔබට පරීක්ෂණ සිදු කරවා ගත හැකිය.
9. ‘ඔබට ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය කළ හැක්කේ ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පමණි‘
“බොහෝ අය නොදැනුවත්වම වෙනත් අයට ලිංගාශ්‍රිත රෝග බෝ කරන්නේය” යයි වෛද්‍ය Mann කියා සිටියි, “ලිංගාශ්‍රිත රෝග, රෝග ලක්ෂණ සහිතව මෙන්ම රෝග ලක්ෂණ නැතිව පැතිර යා හැක.” ඇත්ත වශයෙන්ම, “ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති හෝ ලිංගාශ්‍රිතව බෝවන රෝග ලෙස හඳුනා නොගත හැකි මෘදු රෝග ලක්ෂණ පමණක්” ඇති බව WHO පෙන්වා දෙයි. “එබැවින් ලිංගාශ්‍රිතව බෝවන රෝග වැළැක්වීම සඳහා නිතිපතා පදනමක් මත පරීක්‍ෂාවන් සිදු කිරීම සහ උපත් පාලන කොපුවක් භාවිත කිරීම වැදගත්” බව වෛද්‍ය Mann පැහැදිලි කරයි. කෙටියෙන් කීවොත්, ලිංගාශ්රිත රෝග සුලබ නමුත් වළක්වා ගත හැකිය. ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් තොරව සිටීමට ප්‍රමුඛ වන්නේ ඔබ ආරක්ෂාකාරීව සිටින්නේ කෙසේද යන්න සහ නිතිපතා පරීක්ෂා කිරීම වැදගත්ය යන්න අවබෝධ කර ගැනීමයි.
Medical News Today(Healthline Media, UK) හි පලවී ඇති Medical Myths: Sexual health යන ලිපිය ඇසුරෙනි